"අපි ආදරේ කරන හැම කෙනාම අපිට ආදරේ නෑ දෙවර්ශි... අපේ තියෙන පෙනුම, සල්ලි, සමාජෙ තියෙන පිළිගැනීම වගේ දේවල් හේතුවක් කරගෙන අපිට ළං වෙන අය මේ ලෝකෙ හුඟක් ඉන්නෙ.... ඒ වගේම ඒ එක දෙයක්වත් ගණන් ගන්නෙ නැතුව අපිට ආදරේ අයත් ඉන්නවා..... ඒත් ඔයාගෙ හරි එයාගෙ හරි තියෙන කරුමෙකට එයා ඔයාට කොච්චර ආදරේ උනත් ඔයාට ඒක හුළඟක් වගේවත් දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන්. හිතෙන් නෙවෙයි මොළෙන් හිතලා වැඩ කරන්න " "ආදරේ කියන දේ මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට ලැබෙන විදිහ වෙනස්, ඔයා කාගෙ කවුරු උනත් ඔයාට දෙයක් නැති වෙන්න තියෙනවා නම් ඒක අනිවාරෙන් නැති වෙනවා" ජීවිතේදි වෙන්නෙ අපි හීනෙකින්වත් වෙයි කියලා හිතන්නෙ නැති දේවල්. මේකෙදිත් එහෙම වෙයි ද.? 🤍🤍🤍
31 parts