එකොළොස්වන දිගහැරුම

60 8 4
                                    

මල්ලී බෑන්ඩ් එකේ ලමයි ඇරෙන්න ඉතුරු අය තව පැයකින් ස්කූල් එකට එක්කන් යන්න කියලා හවුස් කැප්ටන්ලට කියන්න..

හරි අයියේ..

HP අයියා ඇවිත් කියද්දී මාත් බෑන්ඩ් එකේ ලමයි අතේ හැම හවුස් එක්කටම පණිවිඩ යවලා පැවිලියන් එකෙන් වාඩි උනා.. බුදාම්මෝ ග්‍රවුන්ඩ් එකට ආවත් හරි වාඩි උනාමද කොහෙද.. දැන් එකොළහට විතර ඇති.. ස්කොඩ් එක ග්‍රවුන්ඩ් දාන්න කියනකන් මං track and field events වල සිලෙක්ශන් කරා.. හෙල්ල ඇරෙන්න ඉතුරුවා ශේප්..

This announcement is for the students who are participate for the march past.. please report to the ground to final rehearsal for the day..

අනේ මට ටිකක් වාඩිවෙලා ඉන්න දීපියව්..

අයියේ යමුද..

යමු යමු.. කෝ යසා..

එයාගේ ඉන්ස්ටෘමන්ට් එක අරන් එන්න කිව්වා ප්ලැටූන් එකට එන්නම් කිව්වා..

Okay hurry up boys..

මම බෑන්ඩ් එකත් අරන් ලයිනප් වෙලා බලන් ඉන්නවා අපේ හවුස් එකයි යසාලයි කැඩෙට් ප්ලැටූන් එකයි විතරයි.. දැන් විනාඩි පහලවක් විතර.. මේක හරියන්නෑ..

සාජන්..

මං කතා කරේ කැඩෙට් සාජන්ට.. පොර අපේ වයසේ මැත්ස් කරන්නේ..

යෙප්..

මේ මුන් එන පාටක් නෑ.. ඔයා ගිහින් රිපෝර්ට් කරලා වැඩේ පටන් ගන්න.. ආවොත් එහෙමයි නාවොත් ඒත් එහෙමයි කියලා මං ලීඩ් කරන්නම් ඉන්න ටික..

මාත් මේ කියන්න හැදුවේ.. එහෙනම් බොසා මං ගියා..

මටත් සැලියුට් එක්ක දාලා පොර ඉස්සරහට ගිහින් රිපෝර්ට් කරන්න ගත්තා.. මොන තාම අනික් හවුසස් වලින් වත් හෙඩ් බෝඩ් එකවත් නෙවෙයි ලයිනප් වෙන්න ආවේ.. යාලුවො උනාට කරන්න දෙයක් නෑ..

ආචාර පෙලපාලිය... මැදින් පෙල දකුණ බලා දකුණට... හැරෙන්..

1 2 3 1...

මමයි හවුස් කැප්ටන්ලා දෙන්නයි සාජනුයි අපිට අදාල තැන්වලට ගිහින් හිටගත්තා.. ඔන්න දැන් තමයි අනික් උන්ගේ පුප ගිනි අරන් තියෙන්නේ.. අනික් හවුසස් දෙකේ කැප්ටන්ලා ලමයිව පැවිලියන් වලින් එලවනවා.. HP අයියයි GC අයියයි ස්කූල් ෆ්ලෑග් එකයි ස්පෝර්ට් ෆ්ලෑග් එකයි අරන් මේන් පැවිලියන් එකේ ඉදලා හුරේ රන් එකක් දුවන් එනවා දැක දැක සාජන් කමාන්ඩ් කරා..

නෙත්සර||(non-fic bl) [ONHOLD]Where stories live. Discover now