Yeux bleus - ⁶ -

890 161 170
                                    













මං හිතන්නේ මට මේ පාරනම් පපුවෙ අමාරුව දරුණුවටම ආවා....

නිල් ඇස් කරදරකාරයගෙ කම්මුල් වල තිබුණ කදුළු පිහ දාලා ඈත් වෙන්න හදපු මට ඈත් වෙන්න බැරි උනා...

එයා චූටි අත් දෙක මගේ වටේ එතිලා මාව හරි තදට වැලදගත්තා...

මං නෙවෙයි හෙලවුනේ... මට නෙවෙයි අතක් පයක් හොලවන්න කල්පනා උනේ... මං උන්නෙ තනිකරම ගල් පිළිමයක් වගේ...

එකපාරටම මෙහෙම උනාම මට ඒකට ආපිට මොකක්ද කරන්න ඕන කියලවත් ඔලුවට ආවෙ නෑ...

කොටින්ම මගේ මොලෙන් සංඥා එන එක නැවතිලා ගියා !

ඊටත් මට හිතුනෙම මං ඇගිල්ලක්වත් හෙලෙව්වොත් මේ මොහොත මට නැති වෙයි වගේ හැඟීමක් වෙද්දී මම එහෙමම තත්පර ගානක් ඉදියා...

පස්සෙ එක අතකින් මං ඒ ඔලුව අතගෑවා...

ඒ කොන්ඩෙ අතරින් මගේ ඇගිලි එහා මෙහා යද්දි මට දැනුනා නිල් ඇස් අයිතිකාරයා බරට හුස්මක් පාත දානවා...

මං හිතන්නේ මට ඒ නිල් ඇස් වලට තත්පරයකට හරි සැනසීමක් දෙන්න ලැබුනා...

මට ඒකට සතුටු හිතුණා...

එයා පාත දාපු බර හුස්මෙ තිබුනෙම සැනසීම කියලා මගේ හදවත කියනවා...

ඒක එහෙමද?

ඇත්ත වෙන්නැති!

කවදත් මොලේ කියන දේ අහන මට අදත් හදවත ගැන සැක හිතුනා...

කල්පනා කරන්න ගියොත් කොහෙන් නතර කෙලවර වෙයිද කියලා හිතා ගන්නත් බැරි නිසා කල්පනාව ටිකකට පැත්තකට කරපු මම ආපහු මගේ අත් අස්සෙ ඉන්න නිල් ඇස් පැංචට අවදානය දුන්නා...

ඒ කොණ්ඩෙ හරි සිනිදුයි... මගේ වගේ ගොරෝසු කොන්ඩයක් නෙවෙයි ඒක...කඩාහැලෙන සිනිදු කොන්ඩයක්...

තත්පර ගානක් මං එක අතකින් ඒ කොන්ඩ අතරින් ඇගිලි යනව ගමන් ඒ ඔලුව අත ගෑවා වගේම අනිත් අතෙන් ඒ චුට්ටන් පිටට තට්ටු කෙරුවත්,

මං නෙවෙ වැරදිලාවත් කොල්ලව බදාගත්තෙ.... මං නෙවෙ කොල්ලව මට තුරුල් කර ගත්තෙ...

කරපු එකම දෙ ඒ ඔලුව අතගාන ගමන් පිටට හිමීට තට්ටූ කරපු එක වෙද්දී විනාඩියකින් විතර කොල්ලා මගේ ලගින් ඈත් උනා...

𖥕 පහන් ටැඹ 𖥕 Yᗴᑌ᙭ ᗷᒪᗴᑌՏ┆ᗷᒪ┆  ✔Where stories live. Discover now