නවවන දිගහැරුම

64 18 10
                                    

ප්‍රයිස් ගිවින් තියෙන දවස වෙනකන් ඊලඟ දවස් ටික එකම විදියට ගෙවිලා ගියේ හරිම ඒකාකාරී විදියට.. අද සිකුරාදා.. ආෆ්ටර් ස්කූල් තමයි ඉවෙන්ට් එක තියෙන්නේ.. එහෙමයි කියලා නෑ ටීචර්ස්ල ඩියුටි මාරුවෙන් මාරුවට බෙදාන ඒලෙවල් ක්ලාසස් වලට ඇරෙන්න ගිහින් උගන්නනවා.. කොහොමත් ලොකු පන්තිවල ලමයි වැඩිය නෑනේ..

උදේම හෝල් එකේ ඩෙකෝ ටික පටන් ගත්ත නිසා ප්‍රිෆෙක්ට් බෝඩ් එකම එතන.. මාත් එතනට පොඩ්ඩක් ඔලුව දාලා ෆයිනල් රිහසල් එකටත් ඉදලා HP අයියටත් යනවා කියාන යසා එක්ක මියුසික් රූම් එකට ආවා.. ඒ ඔක්කොම ඉවර වෙද්දී එකයි.. ඉවෙන්ට් එක පටන්ගන්නේ තුනට.. අපි යද්දී පොඩි අය කොස්ටියුම් එකේ ට්‍රවුසර් එක දාගෙන ඉන්ස්ටෘමන්ට් රෙඩි කරනවා.. එදා කිව්වා වගේම අකීල් යාලුවොත් එක්ක ඇවිත් හිටියා.. මං එයාට කට පුරවලා හිනාවක් දෙද්දී යසා මට තට්ටුවකුත් දාන ට්‍රවුසර් එක දාගන්න ගියා..

ලමයි.. කෝ බියුගල් ප්ලේ කරන පස්දෙනා..

හිරුෂ මල්ලී එක්ක තව මල්ලිලා හතරක් මං ලගට ආවා..

ඔක්කොම හරිද.. ට්‍රම්පට් හරියට පිච් වෙනවද.. ස්ලෑෂස් ටික හරිද..

ඔව් අයියේ..

එහෙනම් ස්ලෑෂස් ටික දාගන්න.. බියුගල් එකෙයි වෙල්කම් එකෙයි ෆයිනල් රිහසල් එක ගමු.. අනික් අයත් ඉන්ස්ටෘමන්ට් අරන් රෙඩි වෙන්න..

ෆයිනල් රිහසල් එකත් අරන් ඉවරවෙලා කට්ටියම චේන්ජ් කරගන්න යවලා මං බෑන්ඩ් එකේ රෙජිස්ටර් එකත් අරන් මේසෙකින් වාඩි උනා.. මේසේ ලගට ආව අකීල් පුටුවකුත් ඇදන් මං ලගින් වාඩි වුනා..

මොකද කරන්නේ..

ගිය දවස් ටිකේ රෙජිස්ටර් එක මාක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ.. හැමෝම හැමදාම ආව නිසා කට්ටිය ලෑස්ති වෙනකන් මේක ඉවර කරනවා..

නෙත්සර||(non-fic bl) [ONHOLD]Where stories live. Discover now