හත්වන දිගහැරුම

82 19 4
                                    

සතියකට පස්සේ ටර්ම් ටෙස්ට් පටන් ගද්දී කොල්ලෝ නිකන් පිස්සුවෙන් වගේ පුලුවන් හැම වෙලාවකම පොතක් බදාගෙන පාඩම් කරනවා.. මුන් මෙහෙම පාඩම් කරන්නේ මොකටවත් නෙවෙයි මේ තමයි මෙතන සමහරුන්ගේ ඒලෙවල් වලට කලින් දෙන ප්‍රොවින්ෂියල් පේපර් එකට කලින් ලියන එකම එක්සෑම් එක.. ඉතින් ටිකක් හොද රිසාල්ට් එකක් තියෙන්න එපෑ අනික් ඒවාට එන්නැතුව ඉන්න.. මට නම් ඒ කිසි කරදරයක් නෑ.. මොකද අපේ ගෙදරින් එක්සෑම් කාලෙට පයින් ගහලා හරි ස්කූල් එවනවා..

ඉස්සෙල්ලාම තිබ්බේ වෙස්ටන් මියුසික්.. දෙයියනේ කියලා A එක්කට ලිව්වා.. ප්‍රැක්ටිකල් තමයි ගොඩදාගන්න ඕන.. ඊලඟට ෆ්‍රෙන්ච්.. එසේ එකයි ලෙටර් එකයි ඇරෙන්න ඉතුරු ටික ශේප් කරගත්තා.. ලිට් පේපර් එකට නම් 33kdp තමයි.. උදේ නවයට පටන්ගෙන පැය තුන ගානේ පේපර් දෙක යන්තන් තුනට ඉවර කරගත්තා.. ජෙනරල් ඉංග්ලිශ් එකයි කොමන් එකයි නම් කොහොමත් ශේප්.. සති දෙකක් එක්සෑම් තිබ්බා.. යසාරට නම් මීඩියා අමාරුයි කියලා කිව්වා.. අනික් දෙන්නට කොහොමද දන්නෑ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. දෙන්නෙක් නෙවෙයි දැන් තව අලුතෙන් තුනකුත් ඉන්නවා නේ.. අකීල්ට එහෙම කොහොමද දන්නෑ..

මතක් කරද්දිම යසා ඇවිත් බෙල්ලට පැන්නා..

කුඩු මාත්තයා...

බෙල්ලේ එල්ලෙන්න එපා ඕයි..

ඔයාගෙ නැත්තන් මං වෙන කාගේ එල්ලෙන්නද..

එකෙක් හොයගනින්කෝ යසා..

ඒවා මං බලාගන්නම්.. ඒක නෙවෙයි මේ කොයි යන්නේ..

රයිගම..

අනේ පලයන්.. සිරාවටම කොහෙද යන්නේ..

අඩෝ බොක්කලා කොහෙ යන්නේ.. ආර්ට් එකට යන පඩිපෙළ ලග කතා කර කර හිටපු අපි ලගට ආවේ මහීෂයි තරුෂයි එක්ක අකීල්ලා..

මියුසික් රූම් එකට බං.. ලකුණු දෙන්න එන්න කිව්වා..

නෙත්සර||(non-fic bl) [ONHOLD]Where stories live. Discover now