හයවැනි දිගහැරුම

120 22 12
                                    


කලර්ස් නයිට් එකෙන් පස්සේ සතියක් ගිහින්.. නයිට් එක තිබ්බේ සිකුරාදා.. සති අන්තේ හිටු කියලා ක්ලාස්.. සෙනසුරාදා උදේ මියුසික් ක්ලාස් එක හවස ලිට්.. ඉරිදා උදේ ෆ්රෙන්ච් හවසට ඉස්කෝලෙන් දුන්න හෝම්වර්ක් පාස්ට් පේපර්ස් ටිකක් කරල ඉවර වෙද්දී සති අන්තේ ඉගිල්ලිලා ගිහින්..

පුරුදු විදියට උදේ ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහින් සයින් කරලා ඩියුටි ඉවර කරලා පන්තියට ඇවිත් වාඩි උනේ ඉගෙන ගන්න.. අපේ පන්තියේ ලමයි විස්සයි.. ලැන්ග්වේජස් සෙට් එක නේ.. හැබැයි ඉතින් මං ඇරෙන්න ඔක්කොලාම අලුතෙන් ඉස්කෝලෙට ආපු අය.. මං විතරයි ඉස්කෝලේ හිටපු එකෙක්ට ඉන්නේ.. ඉතින් ගොනා පස්සේ එන කරත්ත රෝදේ වගේ අන්තිම අවුරුදු දෙකෙත් ක්ලාස් කැප්ටන් කම මගේ කරේ.. මුන්ගේ හෙන අලි ඔලුව.. මාත් එක්ක වචන දහයකට වැඩිය කතා කරලා නැ.. මට පාන්ද..

ඉගෙන ගන්න කියලා වාඩි උනා විතරයි මොකෙද්ද හෝහපුට්ටෙක් ක්ලාස් එකේ දොරට තට්ටු කරා.. ඔව් ඔව් අපි දොරවල් වහන් අධි ආරක්ෂිත කලාපයක් වගේ ජීවත් වෙන ස්මාට් ක්ලාස් එකක්..

Come in..

ඒ අපේ ලිට් උගන්නන්න මිස්..

Excuse me ma'am..

Yes putha.. how can I help you..

Can I talk to Nethusha ayya..

Go ahead..

Yes malli..

Yatawara sir said that come and meet him now..

Okay.. ma'am may I..

I can't say no.. so come to clz soon as possible that you can..

Thank you ma'am..

මිස් ගෙන් ලැබුණු අවසරෙත් එක්ක මං ක්ලාස් එකෙන් එලියට ආවේ මීඩියා රූම් එකට යන්න.. මොකද යටවර සර් කියන්නේ මීඩියා ස'කල් එක භාර සර්..
ඒ ලෙවල් වලට ඉස්කෝලේ පටන් අරන් දෙවෙනි සතිය වෙද්දී ඇයි මං මේක කරන්නේ කියලා හිතිලා ඉන්නේ.. මොක නිසාවත් නෙවෙයි, කලින් කියපු මීඩියා ස'කල් එක නිසා.. ඇයි යකඩෝ පන්තියේ ඉන්නවට වඩා මං ඉන්නේ මීඩියා රූම් එකේ.. මං ඉන්න කල්බ් වලින් මං ආසම එකක් තමා මේක.. රට වහලා තිබ්බ කාලේ තියන්න බැරි උන මීඩීයා ඩේස් දිගට හරහට පටන් අරන්.. ඉතින් අදාල කැටගරි වලට හොදම ලමයි තෝරන්න තමා මේ එන්න කියන්නේ..ඒත් යුනිට් එකේ සබ් ප්‍රසිඩන්ට් නැත්තන් ඉංගිල්ෂ් මීඩියම් ප්‍රසිඩන්ට් උන පලියට හැම ලබ්බකටම මං ඕනද..

නෙත්සර||(non-fic) [ONHOLD]Where stories live. Discover now