පස්වන දිගහැරුම

68 19 8
                                    

ඔය විස්තර අහන ටිකට වෙබ් එක ලෝඩ් වෙලා.. මම නම්බර් එක ගැහුවම... දෙයියනේ මට අදහගන්න බැරි උනා.. කොච්චරද කියනවා නම්,

අම්මා ඔයා ඊයේ හදල ගෙනත් දුන්න ස්පෙක්ක් දෙක අරන් දෙන්නකෝ..

මොනාද මේ කියවන විකාර.. කෝ අයින් වෙන්න.. අම්මා මාවත් එහාට කරන් ස්ක්‍රීන් එකට එබුනා..

දෙයියනේ මගේ කොල්ලා.. එහෙම කියාගෙන අම්මා මාව බදාගත්තා..

මොකද මොකද මේ උදේම සද්දේ.. අප්පච්චිත් කාමරේට එබුනේ අම්මාගේ සද්දෙට..

බලන්නකෝ අප්පච්චි අපේ කොල්ලා..

අම්මා පෙන්නුවේ ලැප් එක.. අප්පච්චි ඒක දිහා බලලා මගේ දිහාත් බලලා ආයෙත් ලැප් එකට එබුනා..

සැක් මං හිතුවේ ෆේල් කියලා.. ඇයි ඉතින් අම්මා ඔයාට හොරෙන් ගිය පාර ලකුණු අඩුයි කියලා මට කිය කිය ඇඩුවා නේ.. අප්පච්චි මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා..

අයියෝ අප්පච්චි.. අම්මෝ අම්මෝ අපේ අම්මා රතු වෙලා.. මෙයාලගේ ලව් එක..
ස්ක්‍රීන් එකේ තිබ්බේ,

Name: Nethusha Reyan Samaradiwakara
NIC No: 2004********
Ad. No: *******
Year: G.C.E (O/L) 2020 (2021)

Sinhala : A
Buddhist : A
History : A
Mathematics : A
English : A
Science : A
Geography : A
Western music: A
ICT : A

ඇත්තටම මට හිතාගන්න බෑ මොකද මගේ ගිය පාර ලකුණු හුගක් s එකක් නැත්තන් c එකක් තිබ්බේ..

මූණ කට හෝදගෙන ඉස්සරහට එන්න.. අපි යමු අම්මා.. අප්පච්චි අම්මාගේ කරටත් අතක් දාගෙන කාමරෙන් එලියට ගියා..

මමත් වොෂ් දාගෙන ඇද උඩින් වාඩිවෙලා වට්සැප් පැත්තට ඔලුව දැම්මේ මගේ අර යාලුවෝ කියන උන්ගේ රිසාල්ට් දැනගන්න..

ඒ බං කොහොමද රිසාල්ට්..

මට A8 history B.. තරු

මටත් ඔය සෙතේම තමා.. හැබැයි B western music.. මහී

උබට කොහොමද නෙතුවා.. තරු

ඒ ඔහොම හිටපල්ලා.. මගේ රිසාල්ට් එපාද.. යසා

තෝ කොහොමත් ෆේල් නේ.. මහී

ඇත්තදූ.. යකෝ මට A9.. යසා

අඩෝ සිරාවටම.. කන්ග්‍රෑට්ස් මචං.. මහී

නෙත්සර||(non-fic bl) [ONHOLD]Where stories live. Discover now