තෙවන දිගහැරුම

83 15 6
                                    

One year later

නොදැනිම අවුරුද්දක් ගෙවිලා ගිහින්.. අලුත් අවුරුද්ට ඉස්කෝල පටන් ගෙන මාස කීපයක් ගෙවිලා යද්දී බෝම්බ ප්‍රහාරය නිසා රටේ ඇති උන කලබල එක්ක ස්කූල් යන එක නිකන් ගැමුණු කුමාරයා උණු බත් කෑවා වගේ වැඩක් උනා.. ගියත් ට්‍රාන්ස් පේරන්ට් බෑග්ස් අරන් යන්න ඕන.. ටවුන් එක මැද තියෙන ස්කූල් එකක් නිසා අවදානම වැඩි කියලා අපි වැඩි හරියක් ඉගෙන ගත්තේ ඔන්ලයින්.. ඒ දේවල් නිසා ඇනුවලි අපි කරන එක ප්‍රෝග්‍රෑම් එකක්වත් උනේ නෑ.. හැබැයි සමහර ඒවා පුළුවන් විදියට ඔන්ලයින් තියන්න අදාල ක්ලබ්ස් වැඩ කරා..

මම හිටියේ අප්පච්චිලා එක්ක කාර් එකේ අපිට ලැබුන ඉන්විටේෂන් එක්කට දුනුවිල ඉස්කෝලෙට යන ගමන්.. මහ දුරක් නෑ ගෙදර ඉදලා විනාඩි දහයයි නැත්තන් පහයි.. අද එයාලගේ කලා උලෙල.. ගමේම ලමයි නිසා එයාලා කිසි ප්‍රශ්නයක් නැතුව ස්කූල් යනවා.. වෙනදට ඉන්වයිට් කරන්නේ ලොකු ලොකු ඈයොන්ට.. ඒ උනාට මේ පාර එහෙම අය නෑ.. ඉතින් අපේ අප්පච්චි තමා චීෆ් ගෙස්ට්.. කොහොමත් මේක අපේ ගෙදරට හැම අවුරුද්දෙම හම්බෙන ඉන්විටේෂන් එකක්.. මොකද අපේ ලොකු අත්තා අප්පච්චිගේ අප්පච්චි දුනුවිල ඉස්කෝලේ හිටපු ප්‍රින්සිපල්.. එයා නැති උනා කියලා වෙනසක් නෑ අපි තාමත් යනවා..

අපි ස්කොලේ ග්‍රවුන්ඩ් එකෙන් කාර් එක පාක් කරලා කෙලින්ම ගියේ ප්‍රින්සිපල් ඔෆිස් එකට.. යන අතර මග මගේ වස්තුව කෑ ගහන්න ගත්ත නිසා අම්මිලාට යන්න මම එන්නම් කියලා පැත්තකට ගියේ මේක මට නුහුරු තැනක් නෙවෙයි නිසායි.. සාක්කුවේ තිබ්බ මයේ වස්තුව අතට අරන් බැලුවම මං දැක්කේ අපේ සැට් එක ග්රූප් වීඩියෝ කෝල් එකක් අරන්.. ඉතින් මාත් ජොයින් උනා...

මයේ වස්තුවෑ.. ඒ යසා

කෑ ගහන්න එපා ඕයි මම මේ වැදගත් වැඩකට ඇවිත් ඉන්නේ..

තොට මොනාද තියෙන වැදගත් වැඩ.. ක. බො. නි ඇරෙන්න.. නොදකින් මහියා

අනේ පලයන් මං මේ ගෙස්ට් කෙනෙක් හැටියට කලා උළෙලකට ඇවිත් ඉන්නේ.. එහෙම කියන ගමන් මං කැම් එක ස්විච් කරලා සෙට් එකට වටපිටාව පෙන්නුවා..

අඩෝ.. ස්කූල් යුනිෆෝම් එකෙන් ලමයි දැක්කම දුක හිතෙනවා බං.. ඒ තරුවා

නෙත්සර||(non-fic bl) [ONHOLD]Where stories live. Discover now