01කොටස...

290 26 42
                                    

ත්‍රීශා ඉන්ධීවරි විගෞර්යා ඒකනායක

එහෙම නැත්තන් අම්මගෙයි තාත්තගෙයි එකම චන්ඩි කොලුකෙල්ල....අම්මයි තාත්තයි මට කොයි වෙලෙත් කිව්වෙ එහෙම...එයාල ඉස්සරහ ඉන්න මමයි, සමාජෙ ඉස්සරහ ඉන්න මමයි ,මම තුල ඉන්න මමයි අහස පොළව තරම්  වෙද්දි මම අදත් අපායට යන්න ලේස්ති වෙන ගමන් උන්නා..

අපාය කියනවට වඩා මිහිපිට අපාය කිව්ව නම් හරි...

"පුතේ මෙන්න කෑම එක...හත්දෙයියනෙ තාම කොන්ඩෙ පීරනවද...ආ ආ ඉක්මන් කරපන්කො වෑන් එක ගියොත් ගිහිල්ලත් ඉවරයි උබ හිතුවද උබලයි අප්ප සල්ලි ගස් වලින් කඩනවා කියලා..ආ යකෝ"

අයියෝ අම්මා හරි හරි දෙයියනේ පරක්කු වෙන්නෑ...මුලිම්ම ඔයා කට වහගන්න කෝ උදේ පාන්දර කේන්ති අරන් පත්මො ඔයා නාකි වෙයි බන්...

"ඔන්න ඔන්න කිව්වා කට කැඩිච්ච කතාවක්...ත්‍රීශා මං ආයෙ එනකොට ලේස්ති වෙලා හිටපන් මාත් අද එනවා හන්දියට..."

ආශ්හ්හ්...හා

මම කම්මැලි...ඔව් ස්කෝලෙ යන්න තමා මට ස්කෝලෙ කියන්නෙ අපායක් වගේ...වෙන මොකක් වත් නිසා නෙවේ ඒකෙ ඉන්න උන්මයි මට ඉස්කෝලෙ එපා කරේ...

පොඩි කාලෙ ඉදන් අද වෙනකම්ම අවුරුදු දහයක් තිස්සෙම මම මේ කරුමේ විදිනවා..මං දන්නැ ඇයි මාව මේ තරම් එයාලට වහ කදුරු කියලා...වැඩක් නෑ..මට අදාලත් නෑ...

හිනාවෙලා හුරුතල් වෙවී ගොන්වැඩ කර කර ගෙදර කනපිට ගහපු කෙල්ලව මරලා දාපු මිනීමරුවො එයාල උනා...දරාගන්න බැරිම තැන කලුවරෙන් උපන් හුදකලා කිසිකතාවක් නැති අම්මා තාත්තා ඉස්සරහ වෙනමම චරිතයක් උන  එයාලගෙ හිත රිදෙයි කියල රගපාන මම නොවන මාව බිහිකරපු එවුනුත් උන්ම උනා....

කොටිම්ම මට මාව නැති උනා....

ඒ වෙනුවට නාදුනන මහ අමුත්තෙක් මං තුල මං වෙලා ගෙන...මං ආසයි ඔව් ආසයි මට දැන් කිසිම දුකක් නැ....කවුරු කොහොම කරත්...

"අම්මේ....එනවද '''''

"ඉදපන්...ආ යමු..."

මං අම්මා දිහා බැලුවා...අම්මට අමතක වෙලාවත්ද...අනෙ අම්මෙ මට සැනසීමෙන් ඒකෙ ඉන්ඩ  පුලුවන් එකම දේත් නොදී ඉන්න එපා..මගෙ ඇස් රත් උනා...කදුලු පොදක් එලියට එන්නැති මගෙ ඇස් රතු ගහලා ගියා....

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now