50 කොටස

559 100 25
                                    

මහත්තයා ගෙදර එන්නෙ නැතුව කතා බහ නැතුව දවස් ඔහේ ගෙවිලා යනවා....එයා කතා නොකරනවම නෙවේ කතා කරනවා හැබැයි තත්පරයයි දෙකයි....මොනවත් කියන්නෑ අපි හොඳින් ඉන්නවද අහල තියනවා.... රකිත් අයියා දන්නෙත් නෑ මොනවා වෙලාද කියල.....මහත්තයා වෙනදා වගේ ඔෆිස් එහෙමත් යනවලු ... මෙහෙ තමා එන්නෙ නැත්තෙ....

මට ගෙදර මහ පාලුයි....පුදුමාකාර හිස් කමක් දැනෙනවා....උයන්නවත් කන්නවත් නොහිතෙද්දි පුතාට විතරක් කිරි හදල මම ඔහේ පොඩි දෙයක් කාලා හිටිය දවස් තිබ්බා....මහත්තයා ඉන්නවා නම් මගෙ අතින් හදන කෑම වේලක් බැරිම උනොත් මිසක මේ ගෙදර වරදින්නෑ....දැන් මහත්තයාත් නැති කොට මට ඒකට ආසාවක් නැතුව ගිහින් ....උයමන වදයක් වගේ දැනෙන්න අරන්....

පුතා ඇහැරල ඉන්නවනම් ටිකක් හරි මගෙ පාලුව මැකෙනවා....ඒත් එයත් නිදාගත්තම මට දැනෙන්නෙ මම තනි වෙලාවගේ....කෑගහල අඬන්න හිතෙනවා....හැම දේම එපා වෙලා වගේ දැනෙනවා ....රෑට යන්තම් ඇස් පියවෙද්දි එක එක බය හිතෙන හීන පේනවා....මං තනිකමට හරි බයයි....ඒ උනත් මට දැන් තනිකමට හුරුවෙන්න වෙලා...

මං දන්නවා මහත්තයා මොකක් හරි ලොකු දැලකට අහුවෙලා ඉන්නෙ ....ගැලවෙන්න පුලුවන්කමක් තිබ්බනම් එයා නෑවිත් ඉන්නෙ නෑ....කොයි තාත්තත් කැමති නෑ තමයි තමන්ගෙ දරුවා කාත් කවුරුත් නැති දුප්පත් එකෙක්ට දෙන්න....ඒ උනත් ඒකට විසඳුම මහත්තයාගෙ කැමැත්ත අකමැත්ත නොබලා තාත්තා කැමති කෙනෙක්ට බන්දලා දෙන එකද.....ඒක හොඳ දෙයක් නෙවෙයි....

මට නොලැබුණත්....මං දන්නෑ මොනවයින් මොනවා වෙයිද කියල....ඒ උනත් මම ප්‍රාර්තනා කරන්නෙ මට නොලැබුනත් මහත්තයාට ආදරේ නොකරන කෙනෙක් එක්ක මුලු ජීවිත කාලෙම විඳවන්නනම් වෙන්න එපා කියල....එයා වගේ ලස්සන හිතක් තියෙන ආදරණීය මනුස්සයෙක් එහෙම හිර වෙන්න ඕනි නෑ....මගෙ මහත්තයාට කවදාවත් වරදින්න එපා....ඉන්න තැනක කොහෙ හිටියත් හොඳින් සතුටෙන් ඉන්න ඕනි....මාව බලන්න ආවෙ නෑ කියල....කතා නොකරා කියල මගෙ තරහක් නෑ....

පුතාටත් නින්ද ගිහින් තියෙද්දි....මුලු ගේම මහ මූසල නිහඬතාවයක ගිලිලා තියෙද්දි මට සුද්දිව මතක් උනා....අනේ ඒකි මාව දාල නොයා හිටියනම්....එහෙනම් අද රණ්ඩු වෙන්න හරි මේ ගෙදර ඉන්නවනෙ....මා එක්ක ඉන්නවනෙ....පුතා එක්ක ඉන්නවනෙ...

සියපත්Tahanan ng mga kuwento. Tumuklas ngayon