"අහිමි වීමට පෙර"(Before It Becomes Loss)
සනුලි කියන්නේ ආදරය ගැන විශ්වාසය අඩු, තමන්ගේ ලෝකය පොත් අතරම හංගගෙන ජීවත් වෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.
ඇයගේ ජීවිතය නිහඬයි... සැහැල්ලුයි... කිසිම බලාපොරොත්තුවක් නැතිව ගලා යන එකක් වගේ.
ඒ නිහඬ ලෝකය එකපාරටම වෙනස් වෙන්නේ මිනෙත් රණසිංහ හමුවෙනකොට.
අතීත වේදනාවන් හංගගෙන ඉන්න, කතා අඩු, නමුත් ඇස් වලින්ම ගැඹුරු දේවල් කියන ඔහු, සනුලිගේ ජීවිතයට නොදැනිම ඇතුල් වෙනවා.
යෙනුකිගේ විහිළු සහ සහයෝගයත්, කවීන්ගේ සරල නමුත් සත්‍ය පිරුණු කතාත් අතරේ
සනුලිට සහ මිනෙත්ට තමන්ටම නොදැනී "ආදරයක්" ඉපදෙන්න පටන් ගන්නවා.
ඒත් ආදරය හැමවිටම ලැබීමක් නෙවෙයි...
සමහර වෙලාවට ඒක අහිමි වීමට පෙර තේරුම් ගන්න ඕන දෙයක්.
තමන්ගේ අතීතය, බය, සහ නිහඬ වේදනාවන් අතරින්
ඔවුන් දෙන්නාට තේරෙයිද...
ආදරය කියන්නේ අල්ලාගෙන ඉන්න එකද, නැත්තම් අහිමි නොවෙන්න ජීවත් වෙන එකද කියලා?