මගේ අණට හිස නමන අනන්ත මිනිසුන් අතර, ඇය පමණක් කිසිදා මා දෙස නොබලා නිහඬවම තම කාර්යය කළාය. මම ඇයව දැක්කේ තවත් එක් සේවිකාවක් ලෙසයි- නිහඬ, විනීත, කිසිවක් නොඉල්ලන අමුතු තරම් සන්සුන් ගැහැණු ළමයෙක්. නමුත් ඇගේ නිහඬ බව තුළ මට නොතේරෙන කතාවක් තිබුණි. ඇගේ නෙත් තුළ සඟවාගත් වේදනාවක් තිබුණි. ඇගේ සිනහව තුළ නොකියූ රහසක් තිබුණි. මම ඇයව තේරුම්ගන්නට උත්සාහ කළ සෑම මොහොතකම, ඇය ත වත් දුර ගියාය. ඇය මගේ අණ යටතේ සිටියත්, ඇගේ හදවත කිසිදා මගේ අණට යටත් නොවීය. ඒත් මට නොදැනීම... මගේ සිතුවිලිවල ඇය වෙනුවෙන් ඉඩක් ඇතිවිය. මගේ ලෝකයේ කිසිවෙකුට හිමි නොවූ තැනක්. ඒ නිසා අද මම මගෙන්ම එක ප්‍රශ්නයක් අසමි- **"රයිලි රෙන්... ඔබ ඇත්තටම කවුද?"**
More details