ජීවීතේ මේ වගේ දවස් තමයි මට තිත්ත ම දවස්. වෙන්නෙ මොනවද වෙන්න යන්නෙ මොනවද කියල හීනෙකින්වත් නොතේරෙන දවස් තමයි මහ සවුත්තුම දවස්..
මම උදේ දෙනුවන් අයියට අමතර පන්තියක් දාලා කියල කියපු බොරුවට වඩා මගේ හිත වද දුන්නේ මුණසිංහ මට එන්න කියපු කාරණාව මොකක් වෙන්න ඇතිද කියල..
එදා වගේ මුරකාරයා මට කිසිම රැවිල්ලක් ගෙරවිල්ලක් දැම්මෙ නෑ .දැක්ක ගමන් ම ගේට්ටුව ඇරල ඇතුලට එක්කන් ගිහින් බලෙන්ම සාලේ සෝපා එකේම වාඩි කරවපු එකම මට අමුත්තක් දැනුනා...
ටිකකින් කලු බතික් සරමට සුදු කමිසයක් ඇදන් ඉදපු මුණසිංහ මවා ගත්ත හිනාවකින් මගේ ඉස්සරහ වාඩි ගත්තා..
" රංගම්මා කෝ මේ ලමයට බොන්න මොනවහරි හදන් එන්න ඉක්මනට.."
" එපා මහත්තයා ඕන නෑ ස්තූතියි.."
" නෑ නෑ මොනවහරි බීලා කතා කරමු .."
මුණසිංහ ඔච්චර සෙනෙහෙවන්ත වෙන එක නම් මට ටිකක්වත් ඇගට අල්ලන්නෑ. හිරුක නම් ගෙදර ඉන්නවද නැද්ද කියලවත් හොයන්න බෑ . කියන පමාවට දුඹුරු සාරියක් ඇදගත්ත වයසක ගෑනු කෙනෙක් බීම දෙකක් හදාගෙන ආවා ..
බොන්නම කියල බල කරන හන්දා උගුරක් දෙකක් බිව්ව මිසක් මට නිකම් ඒක වහ දාලා ගෙනත් දුන්නා වගේ හැගීමක් දැනුනා...
" ඉතින් පුතා කොහොමද ඉගෙන ගන්න වැඩ කටයුතු...? "
" වරදක් නෑ කරගෙන යනව මහත්තයා.."
" අපේ එක්කෙනා මොකො මේ ටිකෙ කරනව කිව්වේ.."
" කෝස් වගයක් ගැන විස්තර කිව්වා. සමහර විට එයින් එකකට යයි.."
" ම් ...පුතාට සල්ලි අඩුපාඩු එහෙම තීනවද ඉගෙන ගන්න වැඩ කටයුතු වලට හරි වෙන මොනවටම හරි. තීනවනම් මට බය නැතුව කියන්න ලැජ්ජ වෙන්න ඕන නෑ..."
ඒ ගමන මූ එන්නෙ මොන පොටක් පාදගෙනද..කමක් නෑ පුතෝ කන්න නැත්නම් බඩගින්නේ ඉදහන් ඒක ලාබයි . වැඩි සෙනේ දබරේටයි කියනවනෙ...
" නෑ මහත්තයා එහෙම මොකුත් නෑ .."
" මම මේ එන්න කිව්වේ වැදගත් කාරණයක් ගැන ඔය ලමයා එක්ක කතා කරන්න..."
" ඔව් මහත්තයා..."
" ඊයේ මායි අපේ ලොකු ලමයයි නුවර ගියා . මගේ පරණ ම හොද යාලුවෙක් ඉන්නවා එහෙ ..අපි ගියේ මගුල් තුලාවක් බලන්න දෙනුවන් ට .."
මගේ හුස්ම හිර වෙන්න වගේ ආවා. එතකොට දෙනුවන් අයියා ඊයේ රෑ වෙන බිස්නස් වැඩකට ගියා කියල කිව්වේ බොරු ද ..? මගෙ උගුර කට පවා වේලිලා ගියා ඒ ටික ඇහු නම. මගුල් තුලාවක් දෙනුවන් අයියට. මම වෙනසක් නොපෙන්වලා හීනී හිනාවක් දාගෙන ඉදියා ...
" ඕක බොහොම පරණ යාලුකම. අපි ඉස්සර ඉදන් කතිකා කරන් තිබුනේ ඔය මගුල් තුලාව ගැන ..කෙල්ලත් බොහෝම සිරියාවන්ත හොද යහපත් දැරිවියක්. පවුලත් ඒ පලාතේ මේ මම වගේම බලවත් උදවිය..."
" මහත්තයට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද ..? "
මට ඒ වර්ණනාව අහගෙන ඉන්න බැරි වුනා .දුකකට හරි කේන්තියකට හරි මම එහෙම කිව්වේ ඔය වගේ දේවල් මගේ හිතට බර වැඩි හන්දා. මුණසිංහ මම දිහා බලල නලල රැලි කරන් පුටුවෙන් නැගිටලා අත් දෙකත් පිටිපස්සට බැදගෙන මට පිටුපාලා හිටගත්තා ...
" ඔව් ඔය ලමයගෙන් කෙරෙන්න ඕන වැදගත් වැඩක් තියෙනවා..
ඊට කලින් මේ විස්තරේ අහගෙන ඉදින්කෝ කොලුවෝ..."
" කියන්න මහත්තයා.."
" අච්චර පොහොසත් හොද යහපත් දැරිවි අපේ එකා උන් ගෙ සනුහුරේම ඉස්සරහ සහේට ගන්න බෑ කියල දමල ගහල ආවා ..මූට ඒකීව එපා වෙන්න තරම් අඩුවක් පාඩුවක් මට පෙනුනේ නෑ . රූප සම්පත්තියනුත් කිසි අඩුවක් නැති එකී .
ඒත් පස්සෙ කරුනු කාරණා හොයල බලද්දි තමයි දැනගන්න ලැබුනේ මේකා ඒ ලමයට අකැමැති අඩුවක් පාඩුවක් තීන හන්දා නෙවෙයි කියලා...
උබ මට මේ කසාදය කරන්න උදව් කරන්න ඕන ..."
" මේ මං ...මහත්තයා..."
ඊයේ ම නේද මම යුරේශගෙ දරා ගැනීම ගැන හිතුවේ. ඉතින් ඉරණම ඔච්චර විහිලු කරනව කියලා දැනගත්තේ මේ දැන්. දෙවියනෙ මටත් වෙන්නෙ දැන් සුවද දෙන මල් කොහේ පිපුනා ම මොකද කියලා හිත හදා ගන්න කියල මතක් වෙනකොට මුණසිංහ ට නොදැනෙන්න දිග හුස්මක් පපුව හෝදපාලු කරන් පහලට හෙලුවා ...
" ඔය ලමයා මට මේකට උදව් කරයි කියල මම හිතනවා..."
" ම..ම් ...මොනවද..කරන්න ඕන මහ..ත්තයා..."
" ඔක්කෝටම කලින් උගෙ හිතේ උබට තීන ආලවන්තකම දලු දාන්න නොදී උදුරලා දාපන්.."
මම නැගිට්ටා නෙවෙයි නැගිට්ටුනා..
මගේ අතේ තිබුන වීදුරුව මගේ පාමුල ම කුඩු වෙලා ගිය බවක් වත් මට දැනෙන්න හුග වෙලාවක් ගියා .ඒ වචන අකුණක් වගේ මගේ කන් වලට වැටෙද්දි පපුව හත් කඩකට ම පැලෙන්න හෙණ වැදුනද කොහෙද...
" ම..මහත්තය...."
" ඔව් මං සේරම දැනගෙනයි ඔය ලමයට එන්න කිව්වෙ .මට ඔක්කොම නයනා ඊයේ රෑම ඇවිත් කිව්වා..
ඔය ලමයට ටිකක් හරි කරුණු කාරණා තේරෙනවා නම් මේ දේවල් වෙන්න ඕන කොහොමද කියල දන්නව ඇතිනෙ ..
මේක මං ඔය ලමයම ගෙනල්ලා කිව්වේ අපේ එකා මගෙ වචනෙ කුණු කූඩෙට දාන හන්දා. මේ දේවල් දුර දිග නොගිහින් ගොඩින් බේර ගන්න එක අපි කාටත් ඇගට ගුණයි නෙ ..මූ මගෙන් පස්සෙ මේ දේවල් අරන් යන්න ඉන්න ටිකක් හරි මොලයක් තීන එකා හන්දා ඉවසනවා මිසක් මෙලහකට මම මූව පණ පිටින් වලලලා..
දේවල් මට ඕන විදිහට කෙරෙන පාටක් නැත්නම් ඒ වෙනුවෙන් මගේ ලේ ම වුනත් මරන ජාතියේ මිනිහෙක් මම.."
මගේ ඇස්වලින් කදුලු කැට දෙක තුනක් අනවසරයෙන් ම කම්මුල් දිගේ පල්ලම් බැස්සා. මුණසිංහ කතා කරේ හිමින් වුනත් විධානයක් දෙන විදිහට. ඔක්කොමත් හරි අන්තිම වචන කන් වලට ඇහෙද්දි වීදුරු කටුවකින් කනට අනිනව සමාන වේදනාවක් දැනුනා..
" ම..ම මො..න..ව
.ද. කරන්න...ඕ...න ..."
" මොන ක්‍රමයකින් හරි මගේ එකාට උබව එපා වෙන තැනට ආවා නම් ඇති .බොරු වට හරි යාලු වෙන්න කෙල්ලෙක් එහෙම ඕන නම් ඒකත් ලකලෑස්ති කරල දෙන්නම්. කොහොමහරි වැඩේ වෙන්නයි ඕන ..
සතියක් කල් දෙන්නම්..."
මම හා කිව්වෙවත් බෑ කිව්වෙවත් නෑ .මොකද මම දන්නවා මගේ උත්තරය මොකක් වුනත් ඒක මේ මනුස්සයට වැඩක් නෑ .ඌට ඕන දේ ඌ කොහොම හරි ම කරගන්නවා කියන එක සිකුරු යි ..
" බය වෙන්න එපා මම නිකම් යකෙක්ගෙන්වත් වැඩ ගන්න එකෙක් නෙවෙයි. මේ කරන දේට දැනටමත් ගෙවීමක් විදිහට යලහිටියාව හංදියේ පාර අයිනෙම මට අයිති ගෙදර නයනගෙ නමට ලිව්වා .තව අම්මා ඉල්ලපු ගානකුත් මම දැනටමත් දීලා තියෙන්නෙ..
දෙනුවන් මෙහෙ එන්නෙ නැත්නම් ඔය ලමයා යලහිටියාව ගෙදරින් යන්න ඕන.අද හෙටම වුනත් කමක් නෑ. එතනින් පස්සෙ හරිය මම බලා ගන්නම්. හැබැයි මේ වා මෙහෙම වුනා කියල කෙල බිදක් වත් හලනවා එහෙම නෙවැ..."
" ඒ ගැන බය වෙන්න එපා මම ඒ ඔක්කොම බලා ගන්නම්. අදින් පස්සෙ මේ හැමදේම විසදුනා කීයල හිතා ගන්න .."
පුරුදු ගෑනු කටහඩක් ඇහෙනකොට මම හැරිලා ගේ ඇතුල දිහා බලද්දි අම්මා මූණ පසලොස්වක කරගෙන කොට ගවුමකුත් ඇදගෙන කාමරයකින් ආවා.
" අ..ම්..මේ...ඔ..යා .."
" එහෙනම් අපි යන්නම් ආයෙත් දවසක හම්බ වෙන්න බැරියැ..."
" පියල් මේ ලමයවයි නෝනවයි ගෙදරට ඇරලුවා නම්..."
" නෑ නෑ ඕන නෑ කරදර වෙන්න දැන් අත ලග දුරනෙ අලුත් ගෙදරට ...
අපි යන්නම් එහෙනම්..."
මට වචනයක් කියා ගන්නවත් ඉඩ නොතියා අම්මා මාවත් ඇදගෙන ගෙයින් එලියට ආවා. එයා ඉදී යේ පුදුමාකාර සතුටකින්. ඇවිද්දෙත් කිරිල්ලියක් පියාබනවා වගේ සැහැල්ලුවකින්. එතකොට මම...
දෙවියනෙ ගෙදරකටයි අත මිට මොලවපු මොණර කොල ගානකටයි ජීවිතේ පාවල දුන්න මං වගේ කොන්ද පණ නැති පිරිමියෙක්.
ඇයි අම්මේ ඔයා මට මෙහෙම කරේ.
මීට වඩා හොදයි මට වහ ටිකක් දාලා බත් කටක් කැව්වා නම්.
මාව විකුණගෙන කාලද ඔයා ඔයාගේ ජීවිතේ හදා ගන්නෙ.
මට දෙනෝ දාහක් ඉන්න ටවුන් එකෙ කෑ ගහල අහන්න ඕන වුනත් මගෙ උගුරෙන් එකම එක වචනයක්වත් සද්ද වුනේ නෑ ..
කිව්වා වගේම ඒක අලුත් ගෙයක්. හැම සැපපහසුකමක් ම තියෙන අංග සම්පූර්ණ ගෙයක්. අම්මා නම් ගෙදරට ආවේ හෙන සතුටින් පිරිලා ඉතිරිලා ..
" දැන්වත් මෝඩයා නොවී අර මනුස්සයා කීයපු දේ කරල ඔය තීන බඩු මුට්ටු ටිකත් අස් කරගෙන මෙහාට වරෙන්. එතකොට බැරියැ ඔය ඔක්කෝම අමතක කරල සැපේ ජීවත් වෙන්න.
දෙවියන්ගේ නාමෙට මෙහෙම ගෙයක් හීනෙකින්වත් හම්බ වෙන්නෑ ආයෙත් නම්..."
දෙවියනෙ මම එහෙම කරන්නෙ කොහොමද.
අද උදේ එද්දිත් බඩගින්නෙ යනවා කියල එයාගෙ පිටි එකත් බලෙන් ම පොවල ඉක්මනට ගෙදර එන්න බලන්න කියලා ඔලුව අතගාලා මාව ගෙදරින් යැව්වේ ..
ඒකත් මං එපා කියද්දී මම යනකන් ම ගුරු පාර ලග තුංමං හංදිය ලගට වෙලා බලන් උන්නු හැටි ..
මම කොහොමද එහෙම මනුස්සයෙක් ට ඒ වගේ නපුරක් කරන්නෙ.
ඇත්ත ..මම මහ කාලකන්නි මුසලයෙක්. මගේ ජීවිතේ කිසිදවසක සැනසීමක් නිවීමක් ලගපාතකවත් ලැබෙන්න ඉඩ තියලා ඉරණම ලියවිලා නෑ .ගෙදර යන්දෝ නොයන්දෝ හිත හිත මම එහා මෙහා යන වාහන දිහා බලාගෙන ඉදියේ බස් එකක් එනකන්.
පාරේ එහාට මෙහාට යන ලොරියක් දැක්ක ගමන් මට හිතුනේ දෙපාරක් නොහිතා පනින්න .චප්ප වෙලා පොඩි වෙලා හරි ලේ විලක් මැද මැරිල යන්න. නෑ මගේ පව්කාරකමටද කොහෙද මගේ කකුල් වලට දුවා ගන්නවත් පණ නෑ ..
ආපු බස් එකක එල්ලිලා මම ගෙදර ආවා.
වෙනදා වගේ නෙවෙයි. කොල පාට ගස් වැල් නිල් පාට අහස රහස් කියවන හුලග නෑ මට උන්ව දැනුනෙ නෑ .
උන් ඉන්නවද කියලවත් නොදැනෙන තරමට මම මහා ගැඹුරු කලු කුහර ආගාධයක හිර වෙලා ඉදියේ...
මම ගෙදර එද්දි ඉස්තෝප්පුවෙ දෙනුවන් අයියා ඉදියේ නෑ .ගෙදරත් මහ මූසල පාටට පෙනුනේ . උදේ මිදුල අතු ගාපු ලකුණක්වත් මිදුලේ තිබුනේ නෑ .තනිකරම මලගෙයක සේයාවක් තරමට ගේ මූසල පාට වෙලා ..
මම ගේ ඇතුලට ගියා. උදේ යනකොට තිබුන විදිහටම කෑම මේසේ පවා හිස්ව තිබුනා . මම කුස්සියට ගියා වලදක් ලිපේ රත් වෙන්න තියපු ලකුණක් වත් නෑ .ගෙදර මනුස්සයෙක් ඉන්නවද නැද්ද කියල හාවක් හූවක් නෑ .
අද වුන දේවල් එක්ක මට ඒක මහා ලොකු පුදුමයක් නෑ .මොකද මම හොද මානසිකත්වයකින් නැති හන්දා මේ දේවල් මෙච්චර මූසල විදිහට මට පේනවද කියල දන්නෙ නෑනේ ..
මම බොරු වට උස්සන් ගිය බෑග් එකත් විසික් කරල වහල තිබුන දෙනුවන් අයියගෙ කාමරය ලග හිටගත්තා.
මේ වෙලාවේ මගේ හිතට ආවේ එකම එක සිතුවිල්ලයි.
" උබව දන් දෙන්න කලින් එකපාරක් මං උබට ආදරෙයි කියල කියා ගන්න බැරි තරමට මම පව්කාරයෙක් ද ...?"
මම දිග හුස්මක් ගත්තා.
දොරට දෙපාරක් තට්ටු කරලත් කිසිම සද්දයක් බද්දයක් නැති හන්දා මමම දොර අගුල ඇරන් ඇතුලට ගියා ..
දෙනුවන් අයියා ඉන්නවා ඇද මිට්ටමට හේත්තු වෙලා. පැත්තකින් එයාගේ ඇගට හේත්තු කරන් ගිටාර් එකත් තියාගෙන ..
එයාගේ ඇස් ඉදිමිලා රතු වෙලා තිබුනා.
ඒ කියන්නෙ එයා අඩලා ...
සුදු මටත් ඕන අඩන්න. ඒත් මම කදුලු ඉතිරි කර ගත්තා ඉතුරු ජීවීත කාලයටම උබ වෙනුවෙන් අඩන්න.
මං ආවා කියලවත් එයා ඔලුව උස්සල බැලුවේ නෑ .ඒ වෙනුවට ඒ ඇගිලි අතරට හිර වෙලා සුදු කොලයක් තිබුනා .ඒ කොලය මගේ පාමුලට වැටෙන්න එයා විසික් කරහම මම බිමට නෑවිලා වෙව්ලන අත් වලින් ඒක ඇහිද ගත්තා.
ඔව් ඒ යුරේශා මට ලියපු පලවෙනි වගේම අවසාන ආදර ලියුම ..
වෙන වෙලාවක මේක අහු වුනා නම් මම මෙහෙම කියන්න තිබුනා..
" අයියෝ ඕකට අඩන්න දෙයක් ද .පොඩි බබා වගේ නෙ .මේ ඔයා දන්නවද මම එයාට කිව්වා මම ඔයාට ආදරෙයි කියලා. ඒකී ටිකක් ගැස්සුනා. ඊටපස්සේ අඩ අඩ කෑ ගැහුව ඕක වෙන්න බෑ කියලා. ඊටපස්සේ කතා කරෙත් නෑ .ඒ වුනාට ඊයේ ඇවිත් අපි දෙන්නට විශ් කරා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියලා..ඔයා බය වුනාද මම කැමති වෙයි කියල. පිස්සු ද සුදු මේ නිදුක ලේසියෙන් එහෙම ඔයාව අතාරිනවද...
ඔහොම හොටු පෙරන් අඩන්නෙපා ඒයි .මූණ බෙරි කරන් ඉද්දි මටත් දූකයීනෙ. බලන්න ඔයා බොරු වට කලබල වෙලා ..."
මට එහෙම කියන්න තිබුනා. නෑ මම එහෙම කියන්න පෙරුම් පිරුවා..
ඒත් මට අන්තිමට මේ ලියුම ගැන කතා කරන්න වුනේ වෙනම විදිහට.
" මේ දේවල් වල තේරුම මොකක්ද නිදූ..?"
මම ලියුම ඇගිලි වලට තද කරගෙන එතන තිබුන පුටුවක් ඇදන් වාඩි වුනා .
" මම ඔයාට කියන්න ඉදියේ .යුරේශා මගේ girlfriend. මේ එයාගෙන් හම්බ වුන 1st letter එක ..."
දෙනුවන් අයියා තුෂ්නිම්භූත වෙලා ඇදෙන් නැගිටලා මම දිහා එක එල්ලේ බලන් ඉදියා .මම දැක්කා ඒ ඇස්වලට කදුලු උනනවා. බලන් ඉන්න බැරි හන්දම මම අහක බලා ගත්තා.
" සොරි මම කියන්න ඉදියේ. ඔයා කලබල වෙයි කියල හිමීට කියන්න ඉදී යේ.."
" මේක හීනයක් නේද බන්
උබ ඔය කියවන්නෙ හොද සිහියෙන් නේද ..?
මට ඇහුනෙ වැරදියටවත් ද "
දෙනුවන් අයියා මාව පුටුවෙන් නැගිට්ටවලා උරහිස් වලින් අල්ලල හොල්ල හොල්ල එහෙම අහද්දි මට දෙන්න උත්තර තිබුනේ නෑ ..
ඒත් මම අමාරුවෙන් වචන එක්කහු කරන් උත්තර දුන්නා ..
" මාව අතාරින්න..."
මම දෙනුවන් අයියගෙ අත් ගසල දාද්දි එයාගේ ඇස් හීනී වුනා .ඒවයේ කදුලු උල්පත් පෑදිලා. එයාව තොල් පවා වෙව්ලනවා ...
" සුදූ මොකද ඔයාට වෙලා තියෙන්නෙ..?"
" මට මුකුත් වෙලා නෑ මම ඉන්නෙ හොද සිහියෙන්. තමුසෙට තමයි මානසික ලෙඩක් තියෙන්නෙ .දෙවියන්ගේ නාමෙන් ගිහින් තියෙන සේසත ඔක්කොම වියදම් කරල හරි ඕවට බෙහෙත් ගන්නව පැත්තක ඉන්න අපිට පිස්සු හදවන්නෙ නැතුව .."
" ඉස්සර උබ මං ලග වෙලුනු හැටි ඒ දේවල් උබට මතක නැත්ද නිදුක.."
" ඔව් ඉදියා තමයි කවුද දන්නෙ තමුසෙ කොලුකාරයෙක් කියලා..එහෙම දන්නවා නම් මම උබගෙ ඇහැ මානෙකට පේන්න එන්නෑ ..."
" උබ මේ දේවල් කියන්නේ හොද සිහියෙන් ද බන්...පින් සිද්ධ වෙයි තවත් එක වචනයක්වත් එපා..මගේ පපුව රිදෙනවා තවත් නම් මට ඕවා අහන්න බෑ නිදුක . උබ දැන් කියන්නේ එක දවසක් වත් උබ මට ආදරේ කරේ නෑ කියලද...."
" තමුසෙ හිතුවද මට අමු කැවිල කියල කොල්ලෙක් ට ලව් කරන්න..
මං මන්ද මානසිකයෙක් කියල හිතුවද.."
දෙනුවන් අයියා හොදටම අඩනවා. මගේ ඇස්වල කදුලු උනන්නැති එකට මම දෙවියන් ට පින් දෙනවා. හිත ඇතුලෙන් මට ඒකව බදා ගෙන අඩන්නෙපා කියන්න ඕන .මට ඒකට කියන්න ඕන මම උබට පණ වගේ ආදරෙයි කියලා..
ඒත් උන් මාව පණපිටින් වලලලා දාන තැනට වැඩ සිද්ධ කරා ..
" හරි බන් මම ආයෙත් උබගෙ ඇස් මානෙකට පේන්න එන්නෑ මේ ජීවීතය තියෙන තාක් කල් ....ඒත් යන්න කලින් මම අන්තිම වතාවට එකම එක ප්‍රශ්නයක් අහන්නම්...
ඔය හිතේ කොනකවත් මට පොඩි හරි ආදරයක් කවදාවත් තිබුනේ නැත්ද නිදුක...."
" නෑ දෙයියනෙ නෑ දැන් මම කී පාරක් කියන්නද ..මට එච්චර මොලේ අමාරුවක් නෑ ..."
දෙනුවන් අයියා හෙන වෙලාවකට පස්සෙ එයාගේ කදුලු පිරිලා ඉතිරිලා ගිය ඇස් පිහදගත්තා. දාහක් දුක් ගින්දර ඇවිලෙද්දි පිණි පොදක් වැටුනා සමානව එයා හිනා වුනා ..ආපිට පෙරලා හිනාවක් දෙන්න තියා මුලු ජීවීත කාලයටම මට හිනා වෙන්න බැරි තරමට මම දුප්පත් වෙලා ඉදියා .
" ම් කමක් නෑ යුරේශා නංගි එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. මගෙන් සුබ පැතුම් ..."
දෙනුවන් අයියගෙ හිමින් මුමුණන කටහඩින් ඒ වචන ඇහෙද්දි නෑහෙන ගානට මම කාමරයෙන් එලියට ආවා .තවත් මට දරා ගන්න අමාරුයි.
තව ටිකක් කතා කරොත් මට වෙන්නෙත් කන්ථකට වුන දේ තමයි.
මම මගේ කාමරයට ඇවිත් ඇදේ පෙරලිලා ඔහෙ උඩු බැලි අතට ඉදියා ..
කදුලු උනනවා ඇස් කොන් වලින් ගලනවා. කොට්ට උරය නිහඬව ඒ කදුලු උරා ගන්නව වගේ කාටහරි මගේ දුක උරා ගන්න පුලුවන් වුනා නම්...
දෙනුවන් අයියගෙ කාමරෙන් බඩු අස් කරනවා වගේ කියල හිතෙන සද්ද බද්ද ටිකක් ඇහුනා .එයා යන්න හදන්නෙ ..
මට එයාව නවත්තගන්න පුලුවන් කමක් වුනා නම්.
සුදූ අපි කොහාට හරි යමු .මම ඔයාට තුන්වේලම උයල කන්න දෙන්නම්. මහලොකු සැප සම්පත් ඕන නෑ නේද මම ඉන්දැද්දි. අපි ඈතකට යමුද අපිට අපි වෙන්න පුලුවන් තැනකට ...
මට එහෙම කියන්න තිබුනා.
ඔයාට කතා කරල තියෙන්නෙ සීදේවී ගෑනු ලමයෙක් ලු .මම වගේ නෙවෙයි ලු මුලු නුවරම හොල්ලන් ඉන්න සල්ලිකාර පවුලක රාජ කුමාරියක් ලු .එයා හරි ලස්සනයි ලු .සිරියාවන්තයීලු..
ඉතින් රාජ කුමාරයා අනිවාර්යෙන් ම රාජ කුමාරිව සහේට ගනීවි.
දුප්පත් පැලක ඉපදුනු මේ හිගන කොල්ලට තව එක පාරක් සමා වෙලා රාජ කුමාරයට තුරැල් වෙන්න ඇත්නම්...
මේ බවක් දන්නවා නම් මම ඊයේ රෑ නිදා ගන්නෙ නෑ මගේ අයියේ. එහෙනම් මුලු රෑම ඇහරිලා මම උබ දිහා බලන් ඉන්නවා. උබේ පපුවේ ගැස්මට ඇහුම්කන් දෙනවා . උබ නිදිද කියල බලනවා..නිදි වගේ නම් හොරෙන් ම ඔය තොල් ඉබිනවා..
මම මුලු රෑම උබ ලගම ඉන්නව.
මේ බවක් දන්නවා නම්..
ඔව් මම ඊයේ රෑ හිතුව හරි. ඒ උබෙයි මගෙයි අපි කියල කතා කරන්න පුලුවන් වුන අන්තිම රැය ...
" මල්ලි කාමරේට එන්නද ..?"
මීට කලින් කවදාවත් කාමරේට එන්නද අහපු නැති දෙනුවන් අයියා අද මගෙ කාමරයට එන්න අවසර ගන්නවා.
මගේ ඇස්වල කදුලු පිහදගෙන මම නැගිට්ටා .එයා ඉන්නවා කලු බෑග් එකකුත් පිටේ එල්ලගෙන. හරියටම මෙහෙට ආපු මුල්ම දවසෙ විදිහට..
මං දිහා බලල එයා හීනීයට හිනා වුනා .
ඒක තමයි මට දරන්නම අමාරු. මෙච්චර නරක විදිහට කතා කරලත් ඒකට තාමත් මට දෙන්න හිනාවක් තියෙනවා.
" මං යනවා..."
" ම් ..."
" කියල යන්න ආවේ ..."
" ම් ..."
" අපි හම්බ වුන දා ඉදන් අද වෙනකන් ගොඩ ගහල දුන්න මතක ටිකට ගොඩක් ස්තූතියි. මාව සතුටින් තිබ්බට ගොඩක් පින්. ආයෙත් හමු වෙන එකක් නැති හන්දා කියල යන්නම්. පරිස්සමින් ඉන්න නිදුක.
මම යනවා එහෙනම්..."
" සුබ ගමන්..."
ඉර සේවේ හමාර වෙලා ගොම්මන් කලුවර ආවඩන්න ඔන්න මෙන්න තිබුනු හවස් යාමේ දෙනුවන් අයියා මේ ගෙදරින් දොට්ට බැස්සා .ඉස්තෝප්පුවටවත් නාපු මම එයාට හොරාවට බිත්ති පිලිකන්නට වෙලා එයා යන දිහා අඩ අඩ බලන් ඉදියා .එයා අඩි තිබ්බෙ හෙමින්. මගෙයි එයාගෙයි සාත්තුවට සරු සාරේට හැදුන මල් පාත්ති මලානික වෙලා තිබුනා.
ඒත් හෙන්දිරික්කා වල විතරක් මල් පිපීගෙන ආවේ මොකටද කියල මං දන්නෑ...
එයා ඒ හැම මල් ගහක් දිහාවට අන්තිම පාරට ආයෙමත් බැලුවා ..
පල්ලම් බහින පඩිපෙල ලගට ගිහින් එයා එකම එක පාරක් ගේ දිහාවට හැරිලා බැලුවා .
දෙවියනෙ ඒකා අඩනවා . හිනා වෙවී අඩනවා...
එයා ගියා ....
ආයෙත් නොයෙන්නම ගියා ...
මම එතනම බිත්තියට වාරු වුනා .
මගේ පපුව ඉදන් මුලු සරුවාංගයම පණ නැතිව ගියා..
ඔයාට නොතේරෙනවා
වුනාට සුබ කියන්නෙ
හරි අකාරුණික යෙදුමක්
ඒ වගේ කලුවර වෙලාවක ...
සුබ කියන්නෙම අසුබ යෙදුමක්...
මට දැන් මේ ගෙදර තවත් එක පාලු බංගලාවක් විතරයි. ඒත් එයාගේ මගෙයි මතක වල සුවද මේ වත්තෙ ඉදන් ගේ අහු මුලු හතර කොණක ම තියෙනවා.
ගිටාරය අඩවපු ඉස්තෝප්පුවෙ බිත්ති වල අදටත් අපි කියපු සින්දු යම්තමට දෝංකාර දෙනවා ..
මම එයාගේ කාමරයට ගියා .දෙවියනෙ ඒක තනිකරම පාලු සොහොන් පිට්ටනියක් වගේ..
එයා එකම එක දෙයක් මට ඉතුරු කරලා ගිහින්...
එයාගෙයි මගෙයි ගිටාර් එක ..
ඒක එයා මට තියලා ගිහින්...
නිකම්ම නෙවෙයි හිත් පපු කැවුතු ගිනි ගන්න භූමිතෙල් වගේ වචන ලියපු කඩදහියක් අලවලා ...
"සුවද දෙන මල් කොහෙ පිපුනා ම මොකද ..."
මට කෑ ගැස්සුනා. දවස් දෙකක් ඇතුලත ආදරයක් හන්දා තුන්දෙනෙකුට ම මේ වචන ටික කියන්න සිද්ධ වුනා .
ඇත්තටම අපි කාටද අයිති වෙන්නද මෙහෙම වෙන් වුනේ ...
ඉරණම උබට වැහි නැති හෙණ වැදියන්..
॰ මම ආවා සත්තරන් යාලුවනෙ.
කමෙන්ටුවක් තරුවක් හිගා කමි .
॰ පව් නේ ඒ ඩබල..
॰ කතාව ඉවර කරන්නත් කාලේ හරි
॰ ඉක්මනට එන්නම්