මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.2K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

6

537 98 86
By zara-N1111


වර්තමානය.

ඊලග මාසේ නිකුත් වෙන්න නියමිත GQ Magazine එක අපි ඉදිරියේ තිබුනා..
Cover page එක Xiao Zhan ගේ ලස්සන පින්තූරයකින් සැරසිලා තිබුනු අතර , ඇතුලේ වර්ණවත් glossy පිටු හතරක් පුරා තිබුනේ ඔහුගේ interview එක.

Front page එකේ ලොකු අකුරු වලින් zhan ගේ හිනාවෙන ෆොටෝ එක ලගින් දාලා තිබුන caption එකට නිරායාසයෙන්ම ඇස් යොමුවුනා. ඒ..

" Yes, I'm Single !!! "

දෙයියනේ... ඇයි එහෙම caption එකක්!
Yibo අප්සෙට් යන එකත් හරි.

.................... ❤️💚......

ඊලගට ඇතුල් පිටුවල තිබුන interview එක මම පෙරලුවා.
Interview එකක් කිව්වට ඒක ලියලා තිබ්බේ ප්‍රශ්න හා පිලිතුරු විදිහට නෙවෙයි.
Xiao Zhan කියන ප්‍රකාශයක් විදිහටයි.

" weibo වල සමහර supertopics කියන්නෙ රසිකයන්ගෙ fantasies , හිතලු විතරයි.
ඒවා මොකුත් ඇත්ත නෙවෙයි.
මම නිලියක් සම්බන්ධයෙන් වූ කටකතා හැරෙන තැපෑලෙන්ම ප්‍රතික්ෂේප කලාට , අවුරුදු ගානක් තිස්සේ වූ මේ weibo වල supertopic එක ප්‍රතික්ෂේප කරන්නවත් යොමුවුනේ නැත්තේ ඒකට එහෙම අවධානයක්වත් දෙන්නට අවශ්‍ය නැති නිසයි."

" මම දැනට තනිකඩයි තමයි. ඒත් ගැලපෙන කෙනා හමුවුනු දවසට මාත් කවදහරි විවාහ වේවි."

පිටු හතරක් පිරෙන්න ඔහුගේ drama , චිත්‍රපට ආදිය ගැනත් තිබුනට ඔවුන්ට highlight කරන්න ඕන වෙලා තිබුනේ interview එකේ ඒ කෑල්ල කියලා පැහැදිලිව පෙනුනා. ඒ ඇතුල් පිටු වල zhan ගේ පින්තූර එක්ක වර්ණවත් ලොකු අකුරෙන් දාලා තිබුන උප මාතෘකා උනේ

" සමහර ඒවා රසිකයන්ගෙ හිතලු විතරයි"

"ගැලපෙන කෙනා තාම හම්බ වුනේ නෑ.."

" weibo supertopics ඇත්ත නෙවෙයි"

................❤️💚.......

WTF... මොන වගේ interview එකක්ද මේක.
මේක ලියපු එක්කෙනාට විශේෂයෙන් මතුකරලා පෙන්වන්න ඕන මොකක්ද කියලා නම් පැහැදිලියි.

Weibo වල මේ කියන supertopic එක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
2018 ඉදන් අද වෙනකල් මිලියන 4.8 සාමාජිකයන් ගාණක් වෙනකල් වර්ධනය වෙලා තියෙන supertopic එක BJYX කියලා හැමෝම දන්නවනේ . ඒ කියන්නෙ කැස්බෑවන්ගේ xiao zhan , wang yibo CP group එක.
Weibo එකේ එහෙම supertopics කැන්සල් කරන්න පුළුවන් ඒකෙ tag කරලා තියෙන අයට විතරයි, ඒ කියන්නෙ bjyx එක කැන්සල් කරන්න පුළුවන් yibo සහ zhan ට විතරයි
එදා ඉදන් අද වෙනකල් මේ දෙන්නම තමන් සම්බන්ධ කරලා කව්රු හරි නිලියක් එක්ක එහෙම rumor එකක් තිබුනොත් හැරෙන තැපෑලෙන්ම ඒවා reject කලා..
හැබැයි මේ අවුරුදු ගානක් තිස්සේ තිබුනු bjyx එක නම් zhan , yibo දෙන්නම එහෙම reject කලේ නෑ.

ඉතින් එකපාරටම ඇයි මෙහෙම interview එකක් දුන්නෙ zhan ? මට ඒක නම් හිතාගන්න අමාරුයි.

" ohh.. God !! ".
zhan අත් දෙකින් නලල අල්ලගෙන පුටුවට වැටුනා.

" zhan ge මතකද, මගේ ඒජන්සි එකෙන් කොච්චර කිව්වද මගේ weibo account එකේ relevant works වලට මගේ movies තුනක් දාන්න කියලා....ඒත් එතකොට description එකෙන් the untamed නම අයින් කරන්න වෙන නිසා මුලින් මම කැමති වුනේ නෑ.
අන්තිමට ඔයා එක්කත් කතාකරලයි මම ඒක කලෙත් . එච්චර පොඩි දෙයක් කරන්නත් මම කොච්චර හිතුවද? කොච්චර ඔයා එක්ක කතා කලාද? "

Yibo කිව්වෙ හිත් වේදනාවෙන් .

මටත් මතකයි ඒ දවස . එයාගේ Weibo account එකේ description එකෙන් the untamed එකේ නම අයින් කරන්න වුනේ , ඒ දවස් වල yibo ගෙ movies awards වලට එහෙමත් නිර්දේශ වෙලා, එයාගෙ agency එකට එයාගෙ movie actor part එක highlight කරන්න ඕන වුනු නිසා.
ඒක එයාලා දෙන්නගෙම රසිකයො වැරදි විදිහට දකියිද කියලා yibo වදවුනා.

ඉතින් , ඊලග දවසෙම yibo කලේ තිබුනු event එකකට 32-33 කියලා ගහපු monclear limited edition jacket එකක් අදින එක. ඒ limited edition jackets 33 යි company එකෙන් ගැහුවේ. එකම නම්බර්ස් ගහපු එක වගේ ජැකට් එකමයි තියෙන්නෙ. ඉතින් yibo තෝරගත්ත නම්බර් එක 32. !! ඒකෙ තේරුම ඉතින් කැස්බෑවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දි ඇත්තටම ඇයි zhan මේ වගේ දේවල් කියන්නෙ සගරාවකට? මට හිතාගන්න නෑ.

" zhan ge , ඔයා මේ වගේ බරපතල interview එකක් දීපු එකේ තේරුම මොකක්ද? "
අදුරු වෙලා ගිය මූණෙන් යුතු වුනු yibo ආයෙත් ඇහුවා.

නලලත් අල්ලගෙන shock වෙලා වගේ හිටිය zhan එක පාරටම නැගිට්ටා.

" bobo.. මම ඔයාට ඔක්කොම විස්තර කරන්නම්. ඒත් දැන් මම ආයෙත් Hengdian වලට යන්න කලින් මේ magazine එක ලබන මාසෙ issue කරන එක නවත්වන්න ඕන'

Overcoat එකයි , cap එකයි අතට ගත්ත zhan , පිලිමයක් වගේ හිටගෙන ඉන්න yibo ලගට ගිහින් ඔහුව සිපගත්තා. Yibo මුකුත් ප්‍රතිචාරක් පෙන්නුවෙ නම් නෑ.

" රයන් ඉක්මනට යමු. වාහනේට එන්න කියන්න entrance එකට"

.........❤️💚.......

අපි හිටියෙ Beijin වල luxury high profile pub එකක වෙනම room එකක. අපි කිව්වේ zhan සහ මම . Table එකේ අපි ඉස්සරහ ඉදගෙන හිටියේ Hao Feiyu. ඒ කිව්වේ අර මැගසින් එකේ zhan ගෙ article එක ලියපු එකා.
විශේෂ දෙයක් කියන්න කියලා zhan ඒකාව ගෙන්න ගත්තා pub එකට. හැබැයි room එකට එන්න කලින් pub එකේ security එකට කියලා ඒකගෙ ෆෝන් ඇතුලු ඔක්කොම electronic devices අයින් කලා. විශ්වාස කරන්න බෑ මේ එකෙක්වත්.

" Hao Feiyu. , එදා මම කිව්වා නේද ඔය interview එක දාන්න එපා . අපි ඒක වෙනස් කරමු කියලා. ඔයා එදා ඒකට එකග උනා. මැගසින් එක issue කරන්න තව කල් තියෙනවනෙ කිව්වා නේද?? "
Zhan ඔහුගෙන් තදින් විමසා සිටියා.

" ඔව් sir, මම ඇත්තටමයි ඒක අදහස් කලේ. වෙනදා නම් මේ වෙනකොට ඒවා print එකට ගිහිල්ලා නෑ . ඒත් කොහොම හරි මේ මාසේ ඒක වෙනස් වෙලා"
ඔහු කියා සිටියේ සමාව ඉල්ලුන මුහුණෙන්.

" ඒත් ඇයි ඔයා ඒ article එක ලිව්වේ?? ඔයාට තිබුනා මට කතා කරන්න . මම කිව්වා ඒ interview එක ආපහු කරමු කියලා!! "
Zhan ගෙ කටහඩේ දැන් කෝපයක් ගැබ් වෙලා තිබුනා.

" සමාවෙන්න සර්. ඒත් මට ඉහලින් උපදෙස් ලැබුනේ පුළුවන් ඉක්මනින් ඒ article එක ලියල දෙන්න . ආයෙත් මම ඔබට කතාකරන්න හදනකොට ඔවුන් ඒක වැලැක්වුවා"

එයින් මගේ බොස්ට තවත් තරහ ගියා.
" ඒවා මට වැඩක් නෑ. කොහොම හරි ඔය ප්‍රින්ට් වෙලා තියෙන එක මැගසින් එකක් වත් issue වෙන්න දෙන්න බෑ ..හරිද? "

Writer ගෙ මුහුණෙ තිබුනෙ අසරණ පාටක්.
" ඇත්තටම සර් මටත් ඕන වුනේ ආයෙත් හොදට සර්ව interview කරලා වෙන article එකක් ලියන්න. ඒත් මම මේකේ writer කෙනෙක් විතරයි. කිසිම decision එකක් ගන්න මට බලයක් නෑ.ගොඩක් වෙලාවට ඉහලට ඕන දේවල් තමයි අපේ අතින් ලියවෙන්නෙ."

...........................

2020 දෙසැම්බර්

එදා ආවට පස්සේ තාම yibo හරි වෙන ඒ වගේ special guest කෙනෙක් හරි ආවෙ නෑ zhan ව හමු වෙන්න.
තාම Ace troops රූගත කිරීම් තමයි වෙන්නෙ Shenyang වල. තව සති දෙකකින් විතර මේක ඉවරවෙයිලු හැබැයි .
Xiao zhan අවුරුදු 18 ඉදන් මැදිවයසට වෙනකල් යන හමුදානිලධාරියෙක්ගේ චරිතයක් ඒකේ රගපාන්නේ.
ඇත්තටම බොස්ගෙ කැපවීමයි , දක්ශතාවයි දැක්කම මට පුදුමයි.

හැමදාම වෙහෙස වන නිසා ඔහුගේ කකුලත් සම්පූර්ණයෙන් සුව වෙන්න වෙලාවක් වුනේ නෑ.
හැමදාම රෑට ඔහුගේ වැඩ ඉවර වුනාම මම treatment session එකට යනවා.

එක දවසක් මට මගේ රූම් එකේ නින්ද ගිහින් treatment session එකක් මිස් වුනා. කරුමෙට ෆෝන් එකත් සයිලන්ට් වැටිලා නිසා මට මැනේජර්, Wu chang කෝල් කරපු එක ඇහුනෙත් නෑ.
ඊලග දවසේ උදේ ඇහැරුනාම තමයි මට තරු පෙනුනේ..

මම දුවගෙන ගිහින් zhan ගෙන් සමාව ඉල්ලා හිටියා.
Zhan ගෙ ankle එකත් ටිකක් ඉදිමිලා තිබුනෙ. මට මාර guilty feeling එකක් දැනුනේ.

" අයියෝ කමක් නෑ රයන්. ඒක ගනන් ගන්න එපා. අතපසුවීම් වෙනවනෙ මිනිස්සුන්ට"
Zhan කීවේ ඔහුගේ සුන්දර සිනහව එක්ක .

"අද මට වැඩ පටන්ගන්නෙ උදේ 10.30ට . ඔයාට පුළුවන් නම් දැන් අපි physiotherapy session එක කරමු"
ඔහු යෝජනා කලා.

" බොස් ඔබ ගොඩක් කරුණාවන්තයි. මම දැකලා තියෙනවා තමයි ඔබ බොහොම generous විදිහට ඔබට වැරදි කල අයට සමාව දීලා ආයෙත් මිතුරු වුනා කියලා .
ඒත් මම ඔබට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ගොඩක් guilty feeling එකකින් හිටියේ "
Ankle massage කරන ගමන් මම කිව්වා.

" ඕක වැරැද්දක් නෙවෙයි. අතපසුවීමක්නෙ රයන්. ඒක හිතන්න එපා" zhan කිව්වාེ
" ඒත් මොකක්ද අර මම වැරදිකල අයට සමාව දීලා මිතුරු වුනා කිව්වේ ? මම එහෙම අයට සමාව දුන්නත් ආයෙ ලන්කරගන්නේ නම් නෑ"

" ඔහ්" මට හිතාගන්න බැරි වුනා මොකක්ද ඊලගට කියන්නෙ කියලා.

Zhan බලන් ඉන්නවා මම මොකක්ද කියන්නෙ කියලා. මෝඩ සිතුවිලි වචනයට නගන්න හරි අමාරුයි. විශේෂයෙන් chinese වලට..

" මේ..මම හිතුවෙ wang yibo ගැන. බොස් ආයෙත් එයා එක්ක ගොඩක් හිතවත් කියලා මට පෙනුනා"

ඒ වචන එක්ක බොස්ගේ ඇස් දෙක dramatically ලොකු වුනා පුදුමයෙන් වගේ..

" wang yibo ?? ඔයා මොකක්ද අදහස් කලේ රයන්?? Yibo මට කල වරද මොකක්ද ?? "

.......❤️💚........

වර්තමානය.

" තව බියර් එකක් ගේන්න "
Zhan වේටර්ට කිව්වා.

" බොස් දැන් ඇති නේද?? "

" don't worry Ryan , I'm alright .."
බොස් ඉන්ග්‍රීසියෙන්ම කිව්ව තාලෙන් මට හිතුනා දැන් තවත් ඕඩර් කරන එක නවත්වන්න කාලෙ හරි කියලා.
ලන්කාවෙ අයට වෙරි උනාම සින්හල අමතක වෙලා ඉන්ග්‍රීසි කතාකරනව වගේද දන්නෙ නෑනෙ චීන මිනිස්සුන්ටත්.

අර writer , Hao Feiyu ගිහින් දැන් පැය දෙකක් විතර. ඒ යකාට කරන්න පුලුවන් දෙයක් නෑ කියලා මටත් හිතුනා.
Zhan මෙතන ඉදන් එයාගෙ මැනේජර්ට, GQ එකේ editorial එකේ yibo ගෙ යාලුවට, එහෙම කෝල් කරල සාකච්ඡා කලා මේ අවුලෙන් ගොඩ එන විදිහක් .
තාම එහෙම මාර්ගයක් පේන්න නෑ. කවදාවත් නැති විදිහට magazine ටිකත් කලින්ම print කරලා ඉවරයි.
මේක කාගෙ හරි සූක්ෂම plan එකක්ද මට හිතුනා.

හිත් වේදනාවටම තමයි zhan ඉන්න අතරේ බියර් එකක් ඕඩර් කලේ. ඒක දෙකක්, තුනක් වුනා දැන්.

දැන් වෙලාව පාන්දර 2.30යි . Beijin වලින් flight එක තියෙන්නෙ උදේ 9.30 .
ආපු වෙලාවෙ ඉදන් තාම මුකුත් කෑවෙ වත් නෑ බොස්, ඇදුම්වත් මාරු කරගන්න වුනේ නෑ.
දැන් ඉක්මනින් ගෙදර ගිහින් පොඩ්ඩක් refresh වෙලා airport එකට යනව ඇර දැන් වෙන වැඩකට වෙලාවක් නෑ. ඒත් බොස් මම කියන එක අහන පාටකුත් නෑ.

මම ඉතින් wang yibo ට කෝල් එකක් දුන්නා.

" ඔහොම ඉන්න . මම එන්නම්".
ඔහු අපි ඉන්නෙ මේ පබ් එකේ කියලා කියපු ගමන් එහෙම කිව්වා.

....... ...............

" zhan ge , ඔයා දන්නවනෙ ඔයාගෙ alcohol tolerance එකේ හැටි.
රයන්, ඔයා මොකටද zhan ට මෙච්චර බොන්න ඉඩ දුන්නෙ?"

Zhan විතරක් නෙවෙයි. අහක ඉන්න මාත් බැනුම් අහනවා yibo බොස්ගෙන්.

" මම අරහෙ රෑ කෑමත් හදාගෙන බලා ඉන්නවා ගෙදර. මොනව කරනවද මන්දා මෙහෙට වෙලා" yibo බැන බැන zhan ට උදව් කලා නැගිටින්න .

" bobo.. මගේ bobo.. ඒ කියන්නෙ ඔයා මට තාම ආදරෙයි නේද?? "

Zhan yiboගෙ කම්මුල් හිමිහිට මිරිකන ගමන් ඇහුවා.
Zhan බීලා හිටියේ නැත්නම් ඔච්චර cheesy වෙන්නෙ නැතුව ඇති සමහරවිට .

" ඔයා මොන මෝඩයෙක්ද zhan ge. මට ඔයා එක්ක ගොඩක් තරහයි. දුකයි. ඒත් ඒකෙ තේරුම ඔයාට ආදරේ නෑ කියන එක නෙවෙයි. "

To be continued....

.... .........❤️💚

බොහෝම ස්තූතියි ඔයාලට.🥰🥰
ඔන්න ඉතින් නපුරු නෑ හොදේ . ..මේ plot එකේ මේ හරිය මෙහෙම තමයි🤗😊

Love you all ...❤️💚❤️

Continue Reading

You'll Also Like

273K 51.7K 130
අවසරද නිල් කටරොලු මලකට.... බොරලු පොලොවක සෙනෙහෙ පතන්නට...........
694 94 7
මතකයන්ට පුළුවන් මිනිස්සු හරි ලස්සනට ජීවත් කරවන්න....... ඒ වගේම මතකයන්ට පුළුවන් මිනිස්සු නොමරා මරන්න..... ජීවිතය කියන්නේම අම්බලමක්..... විවිධාකාර මිනි...
1.7M 63.5K 43
" Wtf is wrong with you, can't you sleep peacefully " " I-Its pain..ning d-down there, I can't...s-sleep " " JUST SLEEP QUIETLY & LET ME ALSO SLEEP...
71.2K 947 14
"Its not as simple as that is it?, Being with someone" Draco fanfic. Smut Warning.