Enchanter ♡ [ "Ala Adawwa" Si...

By whisperwisp001

8.5K 1.5K 932

Slow update * Fiction# " There are enchanted moments, between the you and me, with every moments l find mysel... More

2#
3#
#4
#5.
6#
7#
8#
9#
10#
11#
12#
13#
14#
15#
16#
17#
18#
19#
20#
21#
22#
23#
24#
25#
26#
27#
28#
29#
30#
31#
32#
33#
34#
35#
36#
A/N
37#
38#
39#
40#
41#
42#
43#
44#
45#
46#
47#

1#

656 37 31
By whisperwisp001

" ඒ....වයිඩ්....වයිඩ්...."

" කොහෙද ඕයි වයිඩ් ගියේ....උඹට ගහන්න බැරි වුණාට....."

" අනේ පල....බෝලෙ දාපන් හරියට...."

යසිරුවා බැට් එක වන වන බෝල් කරපු එකාට කෑගහන්න ගත්තා...හැබැයි අනිකා
ඌගෙ මූණටම කිව්වා...ඕකට හරියට ගහගන්න බැරි වුණාම මුරලිදරන් එව්ව බෝලෙත් ඕකට වයිඩ්....හැබැයි ඕකා තමයි ටීම් එකේ හොඳම දඟ පන්දුවා...
ඌ දාන බෝලයක් වැදුනොත් එහෙම දෙයියොත් හිසි වෙනවා.....

මන් පිට්ටනිය මැද්දෙන් අරුන්ගෙ වලියත් අහගෙන ෆැමිලියන් එකෙන් ඇවිත් ඉඳගත්තා....ඉස්කෝලෙ පරණ ෆැමිලියන් එක කියන්නෙ ඉතින් ඉන්ටවල් එකට අපේ ජීවන රජදහන ....කෙල්ලො නම් මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ....එන්න දෙන්නෙත් නෑ.....

" ඒ මිහින් උඹ බැට් කරහන්...." උන්ගෙ ඕවරේ ඉවර වුණාට පස්සෙ යසිරුවා ඇවිත් මට බැට් එක දික් කලා....ඌ බෝලින්....ඒ අස්සෙ ෆැමිලියන් එකේ උන්න ජීවනයා කොහෙන්ද අහුල ගත්ත කෝටු කෑල්ලක් මයික් එක කරගෙන ගිරිය පලාගෙන එනවුසින්.....

" ක්‍රීඩා ලෝලී හිතවතුනි.....මේ වැහිබර දිනයේ හිටෙව්ව පොලු තුනෙන් මැද පොල්ල යන්නතම් කෙලින් බව අපට පෙනී යනවා...උදාරයි.....වැසිකිලි අන්තයේ සිට අපයේ දඟ පන්දු ක්‍රීඩක යසිරු පන්දුව එල්ල කරනවා...
පිටියේ අනෙක් අන්තයේ අපේ තුන්ඉරියව් ක්‍රීඩක මිහින් බැට් පිත්ත අමෝරාගෙන..."
ජීවනයා තමා බිග් මැච් කාලෙටත් එනවුසින් දෙන්නෙ....ඌට අහන් ඉන්නෙ මොකාද කියන්න අදාලම නෑ...පිට්ටනිය මැද්දෙ අපෙ කලිසමක් ගැලවිලා වැටුණත් කමක් නෑ ඌ ඒකත් එනවුස් කරනවා...

හයේ හතරේ පාරවල් ටිකකට පස්සෙ ඕවරේ ඉවර වෙන්නත් කලින් මන් ගහපු හයේ පාරක් අරකා කැච් කරා.....

" අවූ......ට්......! "

යසිරුවා බෝලෙත් උඩ දාලා කෑගහන් මගෙ ඇඟට පැන්නා...කමක් නෑ මු මගෙ එකා...උඹට දෙන්නැති චාන්ස් කාට දෙන්නද සුදු මහත්තයා....

" තමුසෙ මන් නිසානේ ඕයි කැච් එකක් එව්වෙ....."

" අර පොඩි උන් ඉස්සරහ උඹව පරද්දන්න බෑනෙ සුද්දා...."

" අනෙ උඹේ බොරු...." යසිරු මගෙ කොන්දටත් එකක් දීගෙන මඩේ හිටවලා තිබුණ විකට් පොලු තුන ගලවන්න දිව්වා..
දැන් ඉන්ටවල් ඉවර වෙන්නත් ළඟයි...උදේ වැහැලා මඩ චප්පෙ...කිරි කොකා වගේ ආපු උන් දැන් කුඹුරු හාපු හරක් ටික වගේ...මගෙ සුදු සපත්තු දෙක දුඹුරු සපත්තු වෙලා...අද නම් පුතේ තාත්තාට මලම පනී....

" ඒ මල්ලි ඉවරද ගහලා...." මන් මගෙ බැට් එකත් කරේ තියාගෙන ආපස්සට හැරුණා..අම්මෝ....අම්මෝ.....පාසලේ කුමාරෝත්තමයො ටික වඩිනවා....උන් දහතුනේ කියලා උඩින් යන්නෙ....ඉතින් අපිට අහවල් එකද....අපිත් ලබන අවුරුද්දෙ දහතුනෙ තමයි...

ලොකු අයියලා ටික ඇවිල්ලා යසිරුව අතේ තිබ්බ පොලු ටිකයි බෝලෙයි ගත්තා.....
වරෙන්කො මල්ලි බැට්එක ගාගෙන දෙන්නෙ..පුකට.... මේ තාත්තා අරන් දීපු මගෙ ලකී බැට් එක...

" මල්ලි එනවද.....ඔයා බැට් කරන්න...."

බැට් එක හම්බෙන්නෙ නැති බව දැනගෙන මගෙ දිහාවට ආවෙ උස කොකටුවෙක්...උගෙ යාලුවා බෝලෙ අත් දෙකේ දෙපැත්තට මාරු කර කර මන් දිහා කන්න වගේ වගේ බලන් ඉන්නවා.... පේන්න බෑ ගොබ්බ උගුඩුවා...
හැටි විතරක්....චිම්පන්සියා....

ඌ මන් දිහා බලලා ඇයි ගේමද අහන්න වගේ ඇහිබැමි උස්සලා හිනාවක් දැම්මා...
මන් හිතන්නෙ මූත් එක්ක මට ඇත්ත ආත්මගානක තරහක්.....මුගෙයි මගෙයි වලි අපෙ මුලු ඉස්කෝලෙම ප්‍රසිද්ධයි....

ඌගෙ තාත්තා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් නිසා ඒකා අපේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කමත් උට ගියා.....මම වයිස්....
මැච් එකක් තියන කාලෙට ඇරෙන්න අපි නයි මුගටින්ට එහා....

උස කොකටුවා තාමත් මන් දිහා බලාගෙන
යසිරුවත් ඇවිත් මන් ළඟින් රවාගෙන හිට ගත්තා....බැට් එක නම් දෙන්නෑ නෑ....නෑ නෑමයි....ඕනි එකකින් ගහගන්න එකයි ඇත්තෙ.....

" හරි උඹලා එක පිලක්....අපි අනික් පිල
ඕවරෙට පහයි....."

මූ යකො...කැපා කියලා ඕවරෙත් වෙනස් කරන්න එනවා....

" ඕවරෙට බෝල හයයි....ඕවර හතරයි...."
අපේ පැත්තෙ උන් ටික කෑගහන්න ගත්තා..
ඔය කිව්වට දහයක ඉදන් දහතුනට යනකම් හිටියෙ ක්‍රිකට් ටීම් එකේ එකට සෙල්ලම් කරන උන්....දැන් මරාගත්තට

" එහෙම බෑ......" උස කොකටුවා උගේ යාලුවා දිහා බලලා කෙකර ගාන්න ගද්දි යසිරුවා මාවත් ඇදන් එන්න හැරුණා.

" නෑ....එහෙම හොඳයි....ටොස් එක දාපන්.."

කැපා අපිව නවත්තගෙන ටොස් එක දැම්මා....ඉස්සෙල්ලම බැටින් ආවෙ අපෙ පැත්තට....ඒකත් මම බැටින් කැපා බෝලින්....
ජීවනයා උගෙ කෝටු මයික් එකත් අරන් පිට්ටනියට පැන්නා...යසිරුවා ෆීල්ඩින්....

බෝල තුනක්ම වයිඩ් ගියා....අරූ මහ කිණ්ඩි හිනාවක් දානවා මට එකක්වත් ගහගන්න බැරි එකට...ගොබ්බ උගුඩුවා..හරියට දාපන්කො ගහලා පෙන්නන්න...

ඊළඟ බෝලෙත් අරූ හිතලම නෝ බෝල් යැව්වා..ඌට ඕනි සෙල්ලම් කරන්න නෙවෙයි.....මාත් එක්ක වෙන පෞද්ගලික තරහක්....

" තමුසෙ කැප්ටන් නේද හරියට දාපන්කෝ.."

යසිරුවා උගෙ පිටිපස්සෙ ඉදන් කෑගහද්දි අරකා කුලප්පු වෙච්ච කුලුහරකා වගේ දුවගෙන ඇවිත් බෝලෙ දැම්මා.... මූණ දිහාවටම හෙන වේගෙන් ආව බෝලෙට මාත් උපරිම වේගෙන් දීලා ඇරියා....

" ඔව්...ආකර්ෂණීය දැවැන්ත...පහරක්..
හත්තිලව්වයි..!!.."

ජීවනයා උඩින් බෝලෙ යන දිහා බලන් එනවුස්කරන අස්සෙ...සලං බලාං ගාලා සද්දයක් ආවා.....පිට්ටනියෙයි ෆැමිලියන් එකෙයි හිටපු උන් සීසීකඩ....මායි අරකයි විතරයි පිට්ටනියෙ....

" ඒ.....ඒ.....පිනා එනවා...." මොකෙක් හරි කෑගහන් ක්ලාස් වලට දුවද්දි වුණ දේ හිතා ගන්න පුලුවන් වුණ අපිත් කඩාගෙන ක්ලාස් වලට දිව්වා....

ඒ ලෙවල් ක්ලාස් පැත්තට දුවා ගන්න වෙලාව මදි අනිවාරෙන් පිනාට මාට්ටු වෙනවා...මන් එහෙම්මම අඳුරන මල්ලිලා ටිකක් ඉන්න ඕලෙවල් ක්ලාස් එකකට පැන ගත්තා....

" ඒ දැන් මොනවද උඹලට...."

මන් මල්ලි කෙනෙක්ගෙන් අහද්දි ඌ කාලසටහන දිහාවට ඔලුව දික් කලා....

" ම්....විද්‍යාව ඩබල්......අයියා මොකෝ මෙහෙ..."

" අනේ සුදු මල්ලා පොඩි උදව්වක් රත්තරනේ....මන් ඊළඟ පීරියඩ් එකේ යනවා හොඳේ....."

" ආ....හරි හරි ඉන්න... අපිට අලුත් මිස් කෙනෙක් ඉන්නෙ මිස්ට එච්චර අපෙ මූණූ නෝට් නෑ...."
ආන්න...ආන්න...මුන් මල්ලිලා නෙමේ දෙවිවරු....

දැන් ඉන්ටවල් ඉවර වෙලා නිසා මන් ළමයි අඩු පේලියක ඉඳ ගත්තා...අපෙ ඉස්කෝලෙ මික්ස් වුණාට කෙල්ලෝ අඩු නිසා හොඳයි සමහර පංති වල නැතිම තරම්....අපෙ ඒ ලෙවල් ක්ලාස් එකෙත් ඉන්නෙ පස් දෙනයි ඉතුරු තිහම කොල්ලො...

" එහාට පලයන්...."

" උඹ මොනවද හු@තො කරන්නෙ...."

ළඟ උන්න මල්ලිත් එක්ක කතා කර කර ඉන්න අස්සෙ ඒ පන්තියටම දාඩිය නාගෙන කඩාගෙන ආවෙ අර ගොබ්බ උගුඩුවා.....ඌත් යන්න තැන් නෑ වගේ ඇවිත් මන් අස්සෙම රිංගලා එක පුටුවෙම ඉඳගත්තා...
මුලු පන්තියම අපි දිහා බලන්....බලන් නැද්ද ඉතින්...ක්‍රිකට් ටීම් එකේ කැපයි වයිසයි උංගෙ ක්ලාස් එකට රිංගගෙන එක පුටුවට මරාගනිද්දි....

" පලයංකො හු@තො එහාට....තමුසෙගෙ අක්කරෙ ඇරගෙන...."

" මමයි මෙතෙන්ට ඉස්සෙල්ලා ආවෙ...උඹ පලයන්...වද නොදී... උගුඩුවා...."

මරාගන්න අස්සෙ පොඩි උන්ගෙ විද්‍යා මිස් පන්තියට ආවා...අපි දෙන්නත් ඕ ලෙවල් කරන උන් වගේ ආයුබෝවන් ගුරුමෑණියනි ගාගෙන...එක පුටුවෙ බැලන්ස් එකේ ඉඳගත්තා...

" අපි ඊයෙ නතර කලේ ආහාර ජීර්ණ පද්ධතියෙන් නේද....කෝ ඒකෙ රූප සටහන ඇදන් ආවද කට්ටියම...."

මලා....අපි දෙන්න ලොකර් එකක් අස්සට අත දාලා අහුවුණ පොත් දෙකක් දඩිබිඩි ගලා පෙරලගත්තා...මිස් එයිද දන්නෙ රූප සටහන් බලන්න...එහෙම වුණොත් මට පෙන්නන්න වෙන්නෙ සෞක්‍ය පොතක්...
අරූ ගාව සිංහල සාහිත්‍ය පොතක්.....
සිවිලින් ෆෑන් එක ඔලුවට කෙලින් කැරකුණත් අපි හිටියෙ දාඩිය නාගෙන....
මිස් දැන් අපි ගාවට එයි කියලා පණ බයේ..
ආවොත් නම් මේ අයි ගෝටු වොෂ්රූම් කියලා දුවන්න තියෙන්නෙ....

මිස් ලොකු විස්තරයක් ආහාර ජීර්ණ පද්ධතිය ගැන කියවන් යනවා මගෙත් ආහාර ජීර්ණෙ ඇන හිටියද කොහෙද ඒක අහලා...
කොමස් කරන අපිට මොන පද්ධතිද....
ඕනිනම් පද්ධති ටික විකුණලා ඒක දළ දේශීය නිෂ්පාදනේට එකතු කරලා ඒක පුග්ගල ආදායම ඉහළ යවලා දෙන්නම්...
අන්න බිස්නස්....
සිරාවටම ආහාර ජීර්ණ පද්ධතියක් විකිණුවොත් කොච්චර ගානක් හම්බවෙයිද......

" ඔය මැද ඉන්න පුතා කියන්නකො බලන්න...මන් කියපුවට අමතරව මළ බද්දය අපි විසින්ම වළක්වා ගන්න පුලුවන්ද ක්‍රම...."

නයිස්....වෙරි නයිස්.....මිස්ට අමාරුවෙන් පුටුවෙ පස්ස තියාගෙන ඉන්න අසරණ මාවමයි පෙනුනෙ....මේ ගොබ්බ උගුඩුවව පෙනුන් නෑනෙ....

මන් නැගිටිනවද නැද්ද කියල හිත හිත ඉද්දි අරකා මගෙ පස්ස කෙනිත්තුව පාර එහෙම්මම කෙලින් වුණා....

" කියන්න බලන්න...."
මිස් ආයෙත් අහනවා මල බද්දෙට නේද......මොනවා අහනවද මන්දා අප්පා.....මන් ඉතින් කල්පනා කරලා
ළඟින් යන්න කියලා උත්තරයක් දුන්නා....

" අදාල ස්ථානය වැලි කඩදාසියකින් මැද...ඇන්ටිකොරෝසන් වැනි තීන්ත වර්ගයක් ආලේප කරනවා....."

උත්තරේ දීලා දත්ටිකත් විරිත්තලා වාඩිවෙනවත් එක්ක මුලු පන්තියම නරි ටික වගේ හිනා වෙන්න ගත්තා.....
ඇයි මන් වැරැද්දක් ද කිව්වෙ....මිසුත් මා දිහා මරන් කන්න වගේ බලන් ඉන්නෙ....
ඉතින් අනේ මල බැදුනම වළක්වා ගන්න හැටිනෙ මේ ළමයා කිව්වෙ....

To be continued........

Continue Reading

You'll Also Like

270K 7K 32
(Y/n) is the daughter of coach ukai, and one day dropped by Karasuno to see her dad. Little did she know, the volleyball team were a lot more dangero...
71.9K 3.6K 38
**TW*** Child loss. SA On a full moon night, a wolf pack discovers an abandoned pup they take to raise, and name her Amaris. Though her wolf never m...
218K 6.7K 102
A villainess known by all as a wicked woman who has done all sorts of evil deeds-Ducal Lady Violet. She regained her memories of her previous life af...
779 54 7
චූටි පාතාලයයි...එයාගෙ සුදු අයියයි (Chad )...❤️