JK or JJ || Birthday Special

ุจูˆุงุณุทุฉ dilkigomez

304 50 89

JK Birthday Special๐ŸŽŠ๏ธ๐ŸŽ‰๏ธ๐Ÿ’œ๏ธ Happy Birthday Jungkook ๐Ÿ’œ๏ธ ุงู„ู…ุฒูŠุฏ

Introduction
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 06 - 1
Episode 06 - 2
Episode 07
Episode 08
Episode 09

Episode 05

24 7 4
ุจูˆุงุณุทุฉ dilkigomez

ජන්ග්කුක් university එක ලගට එනකන්ම පාර දිගේ ඔහේ කල්පනා කර කර ආවා. ඒ එද්දි එයා දැක්කෙ gate එක ඉස්සරහ හිටන් ඉන්න රිශිව... දුරට වුණාත් රිශිව දකිද්දි ජන්ග්කුක්ට අමුතුම හැගීමක් හිතට දැනුණා. වේගෙන් හදවත ගැහෙන්න ගත්තෙ කෙල්ලට නොදැනිම...

හුළගට කෙල්ලගේ කෙහෙරැලි මූණ පුරා දගකරද්දි කෙල්ල අතින් ඒවා හදනවා... හිමි හිමින් රිශි ළගට ජන්ග්කුක් ලං වුණා. එතකොට තමයි රිශි ජන්ග්කුක්ව දැක්කෙ...

🖤 ඕ... JJ... ඔයා ආවාද☺️

රිශි අහද්දි කොල්ලා මුකුත් නොකියාම බලාගෙන හිටියේ රිශිගේ ඇස් දිහා... කෙල්ලත් තමන් දිහා එක එල්ලෙ කණ්නාඩි දෙක අස්සෙන් බලන් ඉන්න ඒ බෝල ඇස් දිහා බලන් හිටියා...

තාමත් මූණ පුරා දගකරන රිශිගේ කෙහෙරැලි ජන්ග්කුක්ට බාධාවක් වුණ නිසාම ජන්ග්කුක් තමන්ගේ ඇගිලි තුඩු වලින් කෙල්ලගේ මූණට වැටිලා තියෙන කෙස් මූණෙන් අයින් කරලා කන පිටිපස්සෙ රැදෙව්වෙ රිශිව සීතල වෙලා යද්දි. මීට කලින් හිතට නොදැනුණ අමුතු හැගීමක් කෙල්ලට ඉබේටම වගේ දැනුණා.

මේ දිහා බලාගෙන හිටපු නලීටත් එයාගේ යාලුවන්ටත් වැඩි වෙලාවක් යන්න කලින් තේරුණා මේ ඉන්නෙ රිශිගේ JJ කියන්න. හැබැයි JJ ගැන නලීගෙ යාලුවන්ගෙන් නම් හොද ප්‍රතිචාරයක් ලැබුණේ නෑ...

"ඉයූ... කවුද බන් මේ😕"
"මේ නම් ඔන්නිගේ boyfriend වෙන්න බෑ😖"
"නලී උඹට හොදටම sure ද මේ ඉන්නෙ ඔන්නිගේ boyfriend කියලා🙄"

💜️ හ්ම්... පේන විදියට නම් මෙයා වෙන්න ඕනේ🙂 වේ...

"පිස්සුද බන් උඹට... ඊයා... හැටි බලපන්කෝ උගේ..."
"මං නම් හිතුවේ ඔන්නි කෙලින්ම ජන්ග්කුක් එක්කම set වෙයි කියලා... මේ මොකෙක්ද බන් මේ..."

💜️ වේ... මොකද්ද එයාගේ වැරැද්ද🙄

රිශි කියන්නෙ අමුතුම ලස්සනක් තියෙන කෙල්ලෙක්. මේ අවුරුදු ගානට රිශි පස්සෙන් ඕනිතරම් කඩවසම් කොල්ලො ඇවිත් තියෙනවා... සමහර කොල්ලො රිශිගේ boyfriend ඔට්ටුත් ඇල්ලුවා. ඒත් රිශිට ලං වෙන්න ඒ කාටවත් පුලුවන් වුණේ නෑ... මොකද රිශි කාවවත් එහෙම ලේසියෙන් ලං කරගන්න කෙනෙක් නෙමෙයි... JJ තමයි මේ විදියට එයාට ලං වුණ එකම කොල්ලා... ඒ නිසා හැමෝටම පුදුමයි JJ වගේ කැත කොල්ලෙක් රිශිගේ boyfriend වුණ එක ගැන...

ඒත් නලී එයාගේ ඔන්නි ගැන හොදටම දන්නවා. මොකද එයාගේ රිශි ඔන්නි කියන්නෙ රූපෙට වඩා හිත ලස්සන, අවංක මිනිස්සුන්ට කැමති කෙනෙක්. ඉතිං රිශි JJ වගේ කෙනෙක්ට ලං වුණ එක ගැන නලීට පුදුමයක් නෑ. අනිත් එක මේ අක්කලා නංගිලා හතරදෙනා රූපෙන්, තත්වෙන්, සල්ලි වලින් මිනිස්සු මනින කෙල්ලො හතරදෙනෙක් නෙමෙයි.

"හරි හරි පස්සෙ බලමුකෝ ඒ ගැන... දැන් යන් hall එකට..."

නලීගේ ප්‍රශ්නේට උත්තර නොදීම එතනින් කට්ටියවත් එක්කගෙන නලීගෙ එක යාලුවෙක් යන්න හැදුවේ assembly එකට පරක්කු වෙන නිසා.

💜️ හරි ඔයාලා යන්න... මං ඔන්නිට කියලා එන්නම්🙂එයාත් අපිත් එක්ක එනවා කිව්වා අද...

කියලා නලී රිශි JJ දෙන්නා ඉන්න තැනට ආවා... තමන් ලගින් හිටන් ඉන්න නලීව නොපෙනෙන තරමට රිශි JJ දෙන්නා එකිනෙකාගේ ඇස් අතර පැටලිලා...

තප්පර කිහිපයක් දෙන්නා දිහා බලන් හිටපු නලී...

💜️ පොඩි...

කියන ගමන් රිශිගේ උරහිසට තට්ටු කරේ රිශි JJ දෙන්නා හිටපු මනෝ ලෝක වලින් ගැස්සිලා පියවි ලෝකෙට එද්දි... රිශිගේ මූණ ලැජ්ජාවටම රතුවෙලා... JJ කණ්නාඩිය හදන ගමන් cap එක හදනවා මූණ හංගන්න වගේ.

💜️ ඔන්නි ඔයා හොදින් නේ😕

🖤 වේ...

💜️ අනී... ඔයාගේ මූණ...

🖤 මෝ... වේ😕

මූණ පුරා අත් යවන ගමන් රිශි අහද්දි

💜️ ඔයාගේ මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා නේ අනේ😁 හරිම කියුට්😄

🖤 යා... චූටි😠

රිශිට ඉබේටම කෑ ගැහුණේ එතන JJ ඉන්නවා කියලාවත් මතක නැතුව... කටත් වහගෙන හිනාවක් දාපු නලී JJ පැත්තට හැරුණාමයි රිශිට මතක් වුණේ JJ ඉන්නවා කියලා. ඒ වෙලාවෙ නම් රිශිට වස නොන්ඩිය.

💜️ හායි... ඔයාද මෙයාගේ JJ☺️

🖤 මගේ🙄 මොනාද කියවන්නෙ...

මේ දෙන්නා දිහා බලන් හිටපු JJ පුංචි හිනාවක් දාන ගමන් නලී පැත්තට හැරුණා...

🐰 දේ... මං තමයි☺️ඔයා...

💜️ මං නලී... මෙයාගේ චූටි😁
ඔප්පාත් ඕනේ නම් මට චූටි කියන්න...

🖤 යා... ඒ මොකටද එයා එහෙම කියන්නෙ😒

💜️ අපෝ ඔච්චර ඉරිසියා වෙන්න එපා හලෝ😉

🖤 මෝ... මං...

💜️ දේ... ඔයාගේ තමයි😏
පේනවා නේද ඔප්පා මෙයාගේ හැටි...

නලී JJගෙන් අහද්දි හිනා වුණ JJ...

🐰 හරි හරි අපි යමු නේද දැන්😁 නැත්නම් පරක්කු වෙයි...

කියලා කෙල්ලො දෙන්නාවත් අරන් University එක ඇතුළට ගියා.

Assembly hall එක ළගින් නතර වුණ නලී...

💜️ පොඩී🙂
ඔයා එනවා නේ අපිත් එක්ක යන්න...

🖤 ඔව් නැතුව😒

💜️ හරි එහෙනම් එකොළහ වෙද්දී ගේට් එක ළගට එන්න😁

🖤 හරි මං එන්නම්☺️

💜️ හරි☺️ බායි පොඩී... බායි ඔප්පා...

🖤🐰 බායි☺️☺️

ඒ විදියට කතාවෙලා නලී assembly hall එකටත් රිශි JJ දෙන්නා lectures වලට ගියා...

---------------------------------------------------------------------

Vmin දෙන්නා Hybe එකට ගිහින් කට්ටියත් එක්ක කතාකරලා ගියපු වැඩෙත් ඉවර කරන් ගෙදර යන්න හදද්දි RMගෙන් ආපු msg එකක් නිසා ආපහු Meeting room එකට යන ගමන් හිටියේ. නිකමට සද්දයක් නැති නිසා ජිමින් දිහා බලපු ටේහියුන් දැක්කෙ phone එක දිහා බල බල මූණත් එල්ලන් ඉන්න ජිමින්ව.

🐯 මොකද බන්😒

🐥 ආ...

🐯 මොකෝ උඹ ඔය phone එක ඇතුළට රිංගන්න බැරුව වගේ මූණත් එල්ලන් කල්පනා කරන්නෙ🙄

🐥 අනී... උදේ ඉදන් ෆේත් කෝල් එකක් වත් මැසෙජ් එකක්වත් නෑනේ බන්😕

🐯 ඒකද මේ...

🐥 වෙනදාට එයා එහෙම නෑ බන්😞

🐯 ඒ මොකෝ ඒ... උඹලා දෙන්නා මොකක් හරි කොක්කක්වත් දාගත්තාද🙄

🐥 මොන කොකුද... ඊයේ රෑත් හොදට හිටියා😒

🐯 එහෙනම් මොකෝ...

"ඒ ළමයාට වැඩ ඇති බන්..."

එකවරම Vmin දෙන්නා හැරිලා බැලුවේ හුරුපුරුදු කටහඩක් ඇහුණ නිසා. ඒ වෙන කවුරුත් නෙමෙයි යුංගි. යුංගි, හොබිත් විතරයි Hyun line එකෙන් ෆේත් ජිමින් දෙන්නා ගැන දන්නේ.

🐯🐥 හියුන්...

🐱 දේ... මං තමයි😌

🐯 ඔයා කොයි වෙලේද ආවේ🙄

🐱 උඹ අර reception එකේ කෙල්ලො දෙන්නා එක්ක මුකුලු කරන වෙලාවේ තමයි ආවේ😌

🐯 අපෝ හියුන් ඔයා හොර පූසා වගේ ඒවත් බලන් හිටියාද😒

🐱 ඔව් ඔව්...මට වෙන වැඩ නෑනේ🙄

🐯 වැඩක් නැති නිසා නේ ඔය ඇවිත් තියෙන්නෙ😒

🐱 මං කියන්නෙ නෑ ඉතිං තොට😠

ටේහියුන්ට එහෙම කියන ගමන් ජිමින් පැත්තට හැරුණ යුංගි

🐱 දැන් මොකද්ද ප්‍රශ්නේ...

කියලා ජිමින්ගෙන් ඇහුවේ කරට අතකුත් දාන ගමන්... එතකොටම එයාලා ඉස්සරහට ආවේ Jhope. කට්ටිය පරක්කු නිසා RM එයාව එවලා.

🦄 ආ මේ ඉන්නෙ කට්ට්යම...

කියලා sunshine හිනාවත් දාන් එද්දි දැක්කෙ ජිමිනාගේ ඇද වුණ මූණ...

🦄 මේ මොකෝ මේ... මගේ චිමියෝ... ඔයාට මොකෝ මේ වුණේ...

Jhope කටත් උල් කරන් අහද්දි ටේහියුන් , යුංගි දෙන්නා පස්සට වුණේ කටත් ඇද කරන්...

🐱🐯 ඊඊඊඊ...

🦄 මොකෝ උඹලා දෙන්නා...

🐱 මොකෝ අහන්නෙ... උඹ ඒක අහපු කැත...

🦄 එහෙම තමයි මේ මගේ චිමි බෝලේ නේ...

🐯🐱 මොන බෝලේ...

🦄 චිමි බෝලේ... උඹලාගේ තියෙන්නෙ ඉරිසියාව... වෙන මුකුත් නෙමෙයි...

🐱🐯 වැඩේමයි...

🦄 හරි ඒවා වැඩක් නෑ... ඔයා කියන්නකෝ මොකෝ උනේ...

🐱 එහාට වෙයන්... ආවා මෙතන නලවන්න...

කියලා ජිමින්ගෙන් හුරතලේට වගේ ප්‍රශ්න අහන Jhopeව එහාට තල්ලු කරපු යුංගි ජිමින් ළගට ඇවිත් ආපහු කරට අත දාගත්තා.

🐱 දැන් කියපන්...

🐥 ෆේත් උදේ ඉදන් කෝල් එකක්වත් මැසෙජ් එකක්වත් නෑ හියුන්... මට බයයි කෙල්ලට කරදරයක් ද දන්නෙත් නෑ...

🐯 පුහ්... අනෙ බන් ඒ කෙල්ලට මෙච්චර කාලෙකට තෝ හිටියාද... ඔය ශෝක් එකට පරිස්සමෙන් හිටියේ... උඹ හම්බුණාට පස්සෙනේ යකෝ ඒ කෙල්ලට ලොකුම කරදරේ උනේ...

🐥 අනේ මේ තෝ ඔය පෙට්ටිය වහන් හිටපන් මගෙන් මුකුත් අහගන්නෙ නැතුව...

🐯 පෙට්ටිය... තෝ පෙට්ටිය කිව්වෙ මගේ කටට ද...

🐱 හරි හරි ඇති... නවත්තගනින් දෙන්නම...

🦄 ඒ ළමයා බිසි ඇති ජිමිනෝ... ළගදී MAMA එකත් එනවා නේ... අනිත් එක පොඩි උන් තුන් දෙනෙකුත් ඉන්නවානේ බලාගන්න...

🐯🐥 පොඩි උන්...

🐱 ෆේත්ගේ නංගිලා ගැන ඔයා කියන්නෙ...

🐥 හොද පොඩි...

ඒත් එක්කම වගේ ජිමින්ගේ phone එක රින්ග් වුණේ කොල්ලාට උන් හිටි තැන් අමතක වෙලා ඉගිලෙන්න හිතෙද්දි. ඒ කෝල් එක ෆේත්ගෙන්. කොල්ලාට phone answer කරන්නත් සිහියක් නෑ...

🐥 හියුන් මේ... ෆේත්...

🐱 ගනින් යකෝ...

🐯 හා හා... ඔය කට් කරන පැත්ත... අනිත් පැත්තට...

🐥 අඩෝ තෑන්ක්ස් බන්...

කියලා කෝල් එක answer කරපු ජිමින් phone එක කනෙන් තියාගත්තා...

🐯 අඩෝ ඔය කන කටේ...

🐥 මොකක්...

🦄 ඔය phone එක අනිත් පැත්ත හරෝ ගනින්...

කලබලේට ජිමින් phone එක අනිත් පැත්තට කනෙන් තියන් තියෙන්නෙ...

🐥 ඕ... කුමාවෝයෝ...

කියලා කොල්ලා ෆේත් එක්ක කතාවට වැටුණා.

🐥 යොබුසෙයෝ...

💙 මියානේයෝ චිම්... අද උදේ ඉදන් මං බිසි... ඒකයි කෝල් ගන්න බැරි උනේ...

🐥 ආ... ක්වෙන්චනායෝ...

කියන ගමන් ජිමින් තමන් දිහා බලන් ඉන්න ටේහියුන්, යුංගි, jhope පැත්තට හැරුණේ එහාට ගිහින් කතාකරලා එන්නද අහන්න වගේ... එයාලාත් ජිමින්ට ඔලුව වනලා යන්න අවසර දුන්නා විතරයි finger heart එකක් පෙන්නපු ජිමින් එතනින් එහාට ගියා...

🦄 ඔයා හිමින් මල් කඩලා එන්න චිමියෝ... අපි meeting එකට යන්නම්...

🐱 පරිස්සමෙන් කඩන මලක් කඩපන් පෙති තලාගන්නෙ නැතුව...

🐯 මේ බන්... මල් කැඩුවාට කමක් නෑ ගස් පෙරලන්නෙ එහෙම නෑ...

🐱 අනේ ඌට පුලුවන් එච්චර දෙයක්... මෙහෙ වරෙන් යන්න...

කියලා යුංගි ටේහියුන් Jhope දෙන්නාවත් ඇදන් meeting room එකට ගියා... මොනා උනාත් මහ වල් කටවල් ටිකක් තියෙන්නෙ මේ කොල්ලන්ට නම්...

---------------------------------------------------------------------

හරියටම එකොළහ වෙද්දි main gate එක ලගට රිශි ආවාත් නලීවත් එයාගේ යාලුවෝ වත් පෙන්න හිටියේ නෑ... රිශිත් එක්ක ඉතිං එයාගේ JJත් ආවා...

🐰 කෝ ඔයාගේ නංගි🙂

🖤 ඒක තමයි මාත් බැලුවේ😕 ඉන්න කෝල් එකක් අරන් බලන්න...

කියලා රිශි නලීට කෝල් එකක් ගත්තා... නලී කෝල් එක answer කරන්නෙ නෑ...

🐰 වේ...

🖤 ගන්නෙ නෑනේ😒

රිශි ආපහු නලීට කෝල් කරා... ඒත් එක්කම වගේ අර fake jungkook ඉන්න වාහනේ එතනින් main gate එක පැත්තට වේගෙන් එද්දි gate එක ලග නලීට කෝල් කර කර හිටපු රිශිව JJ ඇදලාගත්තේ වාහනේ හැප්පෙන්න යද්දි...

🐰 ක්වෙන්චනා😐

🖤 ද්.. දේ... කුමාවෝ🙂

වටේ පිටේ අයට නම් ගානක් නෑ... සමහරු වාහනේ පස්සෙ ගියා... තවත් සමහරු "කුකී කුකී" ගගා ඇඹරි ඇඹරි ඉන්නවා...

🖤 අනේ මේක කවදා ඉවර වෙයිද මන්දා😏

🐰 මොකද්ද...

🖤 මේ degree එක😣

🐰 වේ...

🖤 ඇයි අනේ... කුකී කුකී කුකී... uni ආවත් කුකී... ගෙදර ගියත් කුකී... මට දැන් මේ නම ඇහිලාම ඇති වෙලා😣 ඒ අස්සෙ අර සූටි මාව මෙයාට සෙට් කරන්න හදනවා...

🐰 හි හි😁 ඉතිං හොදයි නේ...

🖤 හොදයි... පහුවදාට news වල යයි "ජන්ග්කුක්ගේ පෙම්වතිය පෙම් කිරීමටත් පෙර තරුණියන්ගේ ගල් මුල් ප්‍රහාරයකට ලක් වී මරුට" කියලා😒

🐰 අම්මෝ😂😂

JJට නම් හිනා... ඒත් රිශි ඇත්තටම දන්නවා නම් මේ එයා එක්ක ඉන්නේ ඔය හැමෝම කියන කුකී කියලා...

💜️ පොඩී...

රිශි ළගට දුවගෙන ආපු නලී කෙලින්ම ඇවිත් රිශිව තදින් බදාගෙන වටයක් කැරකුනා... රිශිට තේරුණා නලී ඉන්නෙ හුගාක් සතුටින් කියලා. ඒ වගේම නලීගේ යාලුවොත් හරි සතුටින් උඩ පැන පැන තමයි ආවේ... ඒත් රිශිට හේතුව නම් හිතාගන්න අමාරුයි.

JJත් රිශිගෙන් ඔලුවෙන් ඉගි කරලා ඇහුවේ "ඇයි මේ" කියලා වුණාත් රිශිත් උරහිස් හකුලන ගමන් ඉගියෙන්ම පිළිතුරු දුන්නෙ "දන්නෙ නෑ" කියලා.

💜️ පොඩී... මට අද මාරම සතුටුයි😁එයාව දැක්කා නේ කොහොම හරි... මේක සූටියාට කියනකන් ඉවසිල්ලක් නෑ😁 ඉරිසියාවේ පැලෙයි...

🖤 මොකක්... ඇයි එයා ඉරිසියා වෙන්නෙ🙄කාවද දැක්කෙ...

💜️ කුකීව අනේ... හරි කියුට් නේ එයා😁 අනේ එයාගේ ලස්සන...

නලී මූණත් රතු කරන් ඇඹරි ඇඹරි කියද්දි රිශිට වලක් කපාගෙන වැළලෙන්න හිතුනා... නලී දිහා බලන් ඉන්න රිශිගේ ඇද වුණ මූණ දකිද්දි JJට නම් හිනා.

🖤 මේ JJ ඔයාට උදව්වක් කරන්න බැරිද😑

🐰 ආ🙂 මොකද්ද...

හිනා වෙවි හිටපු කොල්ලා එකවරම රිශිගෙන් ඇහුවා.

🖤 පොල්ලක් අරන් ඇවිත් මට ගහන්න පුලුවන්ද... නැත්නම් මුන් ටිකගේ මේ පොල් ගෙඩි වගේ තියෙන ඔලු ටිකට ගහන්න පුලුවන්ද😑

කියලා රිශි අහද්දි

💜️ වේ...

"ඔන්නි... ඔයා දකින්න තිබ්බෙ... එයා හරි ශෝයි අනේ..."
"ඔව් flying kissත් දුන්නා"
"අනේ ඒ වෙලාවෙ නම් මට කලන්තෙත් හැදුණා."

🐰 (යකෝ මූ... ඌ කොහොමද එහෙම මගේ ARMYලාට flying kiss දෙන්නෙ😠 මං අල්ලගන්නම්කෝ...)

JJ එහෙම හිත හිත තනියම පුපුරනවා...

අනේ ඇත්තමයි මේ කොල්ලා නම්... එයා ජන්ග්කුක් කියලා කියන්නත් බෑ... අර මනුස්සයා තාත්වික රංගනයක යෙදෙන්න යද්දි ඒක බලන් ඉන්නත් බෑ... මාර ඉරිසියාවක් නේ යකෝ මේක...

ඒ අස්සෙ රිශි නලී ඇතුලු නලීගේ මිත්‍ර කැල ලෙසටම අමතනවා...

කට්ටිය ඉතිං කතා වුණ විදියට පයින්ම කියො කියෝ ගමන යන්න පිටත් වුණා. කට්ටිය කතා වෙලා හිටියේ බස් එකෙන් එතනට යන්න.

ඒ නිසා JJත් රිශි එක්කම බස් හොල්ට් එක ලගට වෙනකන් එයාලා එක්කම ආවා. කොල්ලාගේ guardsලාත් ඉතිං එයාලා පස්සෙන් ආවේ ගරිල්ලා මිශන් එකකට යනවා වගේ හැංගි හැංගි.

🖤 අනේ ඇත්තමයි... මගේ රතු කට්ට පන්නන්නෙ නැතුව ඔය කතාව නවත්තනවාද😠 මල වදයක් උනා නේ මේක...

💜️ අනේ යන්න ඔන්නි ඔයා... එයා හරි ශෝයි අනේ☺️ ලොකුට කියන්න ඕනේ දවසක කතාකරන්න සෙට් කරන්න කියලා...

"අනේ මාවත් එක්ක යන්න හොදේ..."
"මාවත්.."
"අනේ මාත් එනවා හොදේ..."

💜️ හරි හරි බන්😑 හැබැයි අපේ සූටිට නම් තියෙන්නෙ වෙනම ප්ලැනක්..

"ඒ මොකද්ද..."

💜️ අපේ මේ පොඩීව කුකීට සෙට් කරන්න තමයි එයාට ඕනේ😁 එතකොට නිකන්ම කුකී අපේ මස්සිනා නේ...

"අඩෝ ඒක නම් සුපිරි ආ..."

🖤 අනේ මේ චූටී😑විකාර කියවන්නෙ නැතුව ඉන්නවද...

"වේ ඔන්නි... කුකී කියන්නෙ කොච්චර හොද කොල්ලෙක් ද... කොච්චර හැන්ඩ්සම්ද... මොනවායින් අඩුවක්ද... ඔන්නිට නම් හොදටම match වෙනවා..."
"ඒක තමයි... එච්චර හොද කොල්ලෙක් ඉද්දි ඔන්නිත් අහු උනානේ මේ වගේ..."

කියලා නලීගේ යාලුවෝ ටික JJ දිහා අප්‍රසන්න බැල්මකින් බලද්දි කොල්ලාට දුක හිතුණේ නෑ කිව්වොත් බොරු... රිශි එයාලාට උත්තර දෙන්න යද්දි JJ රිශිව නැවැත්තුවා.

ඒ වෙනකොටත් බස් හෝල්ට් එක පේන මානේ තිබුණු නිසා එතනින් JJ නැවතුනා.

🐰 එහෙනම් මං යන්නම්🙂 ඔයාලා ගිහින් හොදට Enjoy කරන්න...

කියන ගමන් අනිත් පැත්ත හැරුණ JJ යන්න ගියේ රිශි දිහාවත් නොබලා... රිශිට කොල්ලා ගැන ලොකු දුකක් දැනුණා... එයාට JJ එක්ක යන්න ඕනේ වුණා...

"අනේ ගිය එකමයි හොද"
"ඇත්තටම ඔන්නි ඔයාට වෙන කෙනෙක් හිටියෙම නැද්ද මෙයා එක්ක යාලු වුණේ..."
"ඒක නේ... ලව් කරන්න තියා... එයාගේ ලගින් හිටන් ඉන්නෙවත් කොහොමද මන්දා..."

🖤 මෝ😐 ලව් කරනවා? කවුද එහෙම කිව්වෙ?

"මේ නලී..."

🖤 චූටි මේ ඇත්තද🤨

💜️ හ්ම්... ද්...දේ ඔන්නි... මියානේයෝ මං🥺

🖤 ඇති😠 අපි මේ ගැන ගෙදර ගිහින් කතාකරමු...

ඒ විදියට රිශි නලීට කිව්වෙ දවා අලු කරන බැල්මක්ද නලිට දාන ගමන්... ඊටපස්සෙ රිශි නලීගේ යාලුවෝ පැත්තට හැරුණා.

🖤 අහන්න😑 මුලින්ම කියන්න ඕනේ... මං බොරු කියන්න කැමති නෑ... ඒ නිසයි මේක ඔයාලාට කියන්නෙ...
JJ කියන්නෙ මගේ boyfriend නෙමෙයි😑 එයා මගේ හොදම යාලුවා...

එතකොට හැමෝම වගේ හිනා වෙලා ඔලුව වනන්න ගත්තෙ "ඒක තමයි" කියන්න වගේ.

🖤 ඒත් ඒකේ තේරුම එයාට මගේ boyfriend වෙන්න බෑ කියන එක නෙමෙයි🤨 එයාට මං කොල්ලෙක්ගෙන් බලන හැම ගුණාංගයක්ම වගේ තියෙනවා. ඇත්තම කිව්වොත් ඔයාලා කියන ලෝක ප්‍රසිද්ධ, හැමෝම කැමති JK ගෙනුයි කවුරුත් දන්නෙ නැති හැම කෙනෙක්ම පිළිකුල් කරන JJ ගෙනුයි කෙනෙක් තෝරගන්න කියලා කිව්වොත් මං අනිවාර්යයෙන්ම තෝරගන්නේ JJ ව😌

කියලා රිශි කියද්දි නලී වගේම අනිත් හැමෝම රිශිගෙන් දැක්කෙ JJ ගැන එයාට තියෙන තමන්ගේකම. නලී මීට කලින් රිශිගෙන් එහෙම දැක්කෙ එයාලා තුන් දෙනා ගැන විතරයි.

🖤 Anyway.. ඔයාලා යන්න ගිය ගමන යන්න😑 මං යනවා...

කියලා රිශි හැරිලා යන්න හදද්දි නලී රිශිගේ අතින් අල්ලගත්තා.

💜️ ඔයා එන්නෙ නැද්ද😕

🖤 අනී... මං හිතන්නෙ මං මෙතනට ගැලපෙන්නෙ නෑ😒 ඒ නිසා ඔයාලා යන්න...

💜️ එතකොට ඔන්නි කොහෙද යන්නෙ🥺

🖤 JJ ගාවට... මේ වෙලාවේ මාව හුගාක්ම ඕනේ එයාට😑 ඔයා පරිස්සමෙන් ගෙදර යන්න චූටි... ආ තව live location එකත් share කර්න්න.

කියලා කිව්ව රිශිට නලී හිනාවකින් සංග්‍රහ කරලා යන්න දුන්නා.

--------------------------------------------------------------------

ජන්ග්කුක්ගේ හිත හුගාක් රිදිලා තිබ්බෙ... ඇස් වලින් කදුලුත් ගලාගෙන වැටෙනවා... එයාට ඕනේ වුණාත් ලෝකෙන්ම හැංගිලා ඉගෙනගන්න හැමොගෙම පිළිකුලට ලක් වෙන කෙනෙක් වෙන්න ඕනේ වුණේ නෑ...

JKට ඒ තරම් ආදරේ කරන එයාගේ ARMYලාම JJව පිළිකුල් කරද්දි කොල්ලාට අනන්තවත් හිතුනා මං තමයි JK කියලා කෑ ගහලා කියන්න... ඒත් එයා තමන්ව පාලනය කරගත්තා...

🐰 තව ටික කාලයයි නේ... මේ කාලේ ඉක්මනටම ගෙවිලා යයි🥲

කදුලු නිසා කණ්නාඩි දෙකත් බොද වෙලා නිසා JJ ඒ දෙක ගලවලා පිහිදුවා. ඒ පිහදාද්දි එතනට ආවේ රිශි. කෙල්ල කිසිම දෙයක් නොකියා කොල්ලා දිහා බලන් හිටියා. JJගේ පිටිපස්සට වෙන්න රිශි හිටපු නිසා කොල්ලා කෙල්ලව දැක්කෙ නෑ...

කදුලු පිහදගෙන කණ්නාඩි දෙකත් දාගත්ත JJ දිගු සුසුමක් හෙලුවා. එහෙම්ම phone එක සක්කුවෙන් අතට ගන්න යද්දිම කෙල්ල JJගේ අතින් අල්ලගත්තා. ඒ ක්ෂණිකවම අත දිගේ තමන්ගේ අතින් අල්ලපු කෙනා දිහා බලපු කොල්ලා පුදුම වුණේ ඒ ඉන්නෙ රිශි නිසා. කෙල්ලගේ ඇස් වල කදුලු...

🐰 රිශියා😐

කෙල්ලගේ ඇස් වල කදුලු දැක්ක JJ හුගාක් කලබල වුණා...

🐰 ඇයි මේ ඇස් වල කදුලු😕 ඔයාට කවුරු හරි මොනා හරි කිව්වාද... මොකද වුණේ...

රිශි මුකුත්ම නොකියා කොල්ලාගේ අත එයාගේ අත්දෙකෙන්ම අල්ලන්න ඇස් වලින් වැටෙන්න ඉඩ දුන්නා.

🐰 අනේ රිශි ඔයා මාව බය කරනවා🥺 ඇයි ම්...

JJ කියද්දිම රිශි කරේ කොල්ලාව තදින් බදාගත්ත එක... මිනිත්තු කිහිපයක් එහෙම රිශි JJගේ පපුවට තුරුලු වෙද්දි කොල්ලාට දැනුණේ තමන්ගේ පපුව රිශිගේ උණුසුම් කදුලු වලින් තෙමෙන බව. JJත් තමන්ගේ එක අතක් කෙල්ලගේ හිසෙන් තියන ගමන් හිස අතගාන්න ගත්තෙ කෙල්ල අඩන බව දැනුණ නිසායි.

🖤 ම්..මියානේයෝ🥺

🐰 වේ...

කෙල්ල හිමි හිමින් හිස ඔසවන ගමන් JJ දිහා බැලුවා...

🖤 මේ හැමදේම මං නිසායි🥺 මියානේයෝ...

🐰 මොනාද මේ කියන්නෙ😕

🖤 එයාලා ඔයාට එහෙම කිව්වෙ මං නිසා නේ🥺

🐰 එහෙම වෙන්නෙ කොහොමද කෙල්ලෙ😑 ඔයාගේ වැරැද්දක් නෑ...

🖤 අනී... මං තමයි වැරදි... මං එයාලා එක්ක ගිය නිසා නේ ඔයාත් අපි එක්ක ආවේ🥺 ඒ නිසා නේ ඔයාගේ හිත රිදුනෙත්...

🐰 එහෙම නෑ😐 ඔයාගෙවත් එයාලාගෙවත් කිසිම වැරැද්දක් නෑ... මේ ඔක්කොම මගේ වැරැද්ද😑 මං මෙච්චර කැතට පේන්නෙ නැත්තනම් එයාලාත් එහෙම කියන්නෙ නෑනේ...

🖤 මෝ🙄 කැත... කවුද කියන්නෙ ඔයා කැතයි කියලා😒 මට නම් ඔයා තමයි මේ මුලු uni එකෙන්ම Handsomeම කොල්ලා...

🐰 මෝ😄 ජින්චා...

🖤 දේ😌 වේ

🐰 එතකොට ජන්ග්කුක්😃

🖤 හ්ම්🤔 එයා...

🐰 වේ...

🖤 අනී... මට ඔයා තමයි ලස්සනම🥲

කෙල්ල කදුලු අතරින් හිනා වෙද්දි කෙල්ලගේ අමුතුම ලස්සනක් තිබ්බෙ... කොල්ලාටත් හිනා...

🐰 හරි හරි😄 දැන් ඔයා යන්න කට්ටිය බලන් ඇති...

🖤 මොන කට්ටියද😐

🐰 ඇයි ඔයාගේ චූටි... එයාගේ යාලුවොයි🙂

🖤 ආ... අනී... එයාලාව මං යැව්වා😁

🐰 ඒ මොකද ඒ😕

🖤 මොකද අහන්නෙ😑 මං මේ හා පැටියෙක් පස්සෙන් ආවා නේ...

🐰 හා පැටියෙක්😕

🖤 දේ...

🐰 කෝ😐

🖤 ඉන්න පෙන්නන්න...

කියලා රිශි phone එක අතට අරන්

🖤 මේ ඉන්නෙ😁

කියලා කොල්ලාගේ පැත්තට phone එක දික් කරා. Front cam එක on කරලා තමයි JJට phone එක පෙන්නලා තියෙන්නෙ. ඔව් ඔව් එයා පෙන්නලා තියෙන්නෙ JJවම තමයි...

කොල්ලාටත් හිනා. මූණ එහා මෙහා හරව හරව cam එකෙන් තමන්වම බලපු JJ

🐰 හ්ම්... මෙයාද ඒ හා පැටියා🤨 හැබැයි මෙයාගේ නම් ඇස් විතරයි පේන්නෙ... ඉතිං කොහොමද හා පැටියෙක් කියලා කියන්නෙ...

ඇහුවේ කණ්නාඩියත් පාත් කරන ගමන්... රිශි ආපහු phone එක සාක්කුවෙන් දාගත්තා...

🖤 ඒ හොදටම ඇති... මොකද මට ඒ හාවෙක්ගේ වගේ තියෙන බෝල ඇස් කියවන්න පුලුවන්😌 ඒ වගේම...

🐰 ඔව්...

රිශි ටික ටික JJ ගාවට ඇවිත් එයාගේ අත කොල්ලාගේ පපුවෙන් තිබ්බා...

🖤 මං මෙතනටත් ඇහුම්කන් දුන්නා☺️

🐰 ජින්චා😄මොනාද ඉතිං දැන් ඇහුණේ...

🖤 මතක නෑනේ🙄 ඉන්න බලන්න...

කියලා කෙල්ල ආපහු කොල්ලාගේ පපුවෙන් කන තිබ්බා... කොල්ලාට නම් හිනා... තප්පර කිහිපයක් එහෙම හිටපු කෙල්ල කොල්ලාගෙන් ඈත් වුණා...

🐰 මොකෝ... මොනාද කිව්වෙ🙂

🖤 එයා කිව්වා...

🐰 ඔව්...

🖤 එන්නකෝ...

කියලා රිශි JJට ලගට එන්න කියලා කොල්ලාගෙ කනට ලං වුණා...

🖤 එයා කිව්වා...මම තමයි ඔයාගේ හා පැටියා... කියලා😄

කනට කිව්වා...

🐰 ආ ඇත්තද😁

🖤 ඔව් නේ...

🐰 හා හා

🖤 හි හි😁

දෙන්නාම ඒ විදියට හිනා වෙවි පාර දිගේ ඇවිදන් ගියා... මේ දිහා තව කෙනෙක් ඈත ඉදන් බලාගෙන හිටියේ...

ඒ කවුරු වෙන්න පුලුවන්ද...

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කතාව දෙන්න පරක්කු වුණාට Sorry...

ඒක නෙමෙයි ඔයාලා මොකද හිතන්නේ කුකීට වඩා JJ handsome ද...
එතකොට කතාව කොහොමද...
ඔයාලාගේ අදහස් කියාගෙන යන්න...
ඊළඟ කොටසින් ඉක්මනටම හම්බවෙමු....

#HappyBirthdayJungkook

ูˆุงุตู„ ุงู„ู‚ุฑุงุกุฉ

ุณุชุนุฌุจูƒ ุฃูŠุถุงู‹

1M 33.7K 60
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
205K 2.5K 32
"You ain't leaving until you suck my cock Y/n." he said with deep voice holding her hair tightly... ~๐’”๐’†๐’™ ๐’”๐’„๐’†๐’๐’†๐’” ~๐’”๐’Ž๐’–๐’• ๐’˜๐’‚๐’“๐’๐’Š๐’๐’ˆ ~๐’†...
336K 19.4K 73
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
Mine? || Lando Norris ุจูˆุงุณุทุฉ Juria131199

ู‚ุตุต ุงู„ู‡ูˆุงุฉ

620K 14K 41
In wich a one night stand turns out to be a lot more than that.