අස්ථාවර-❕

بواسطة Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... المزيد

1 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

2 වන පරිච්ඡේදය

583 68 27
بواسطة Celeste_Lilou

අද පාසල් වේලාව ඒ විදිහට ඉවර උනේ විනාඩි දෙකෙන් වොශෘම් ගිහින් එන්නම් කියලා විනාඩි විස්සකටත් පන්තියට ආපු නැති මන් චන්ද්‍රිකා මැඩම්ගෙන් පස්ස රත් වෙන්න වේවැල් පාරකුත් කද්දි.ගියේ මොන ලොකේද කියලා තිශේන් ගිරිය පුප්පගෙන කෑගහද්දි මන් නෙමෙයි වචනයක් කිව්වේ..කියන්න පුලුවන්ද 'මන් ආද්විනු බලන්න ගියා' කියලා.උස්සලා ගහයි පොලවේ මේකා මාව.

අපි හිටියේ බස් හෝල්ට් එක පැත්තට යනගමන්.කඩි ගුළ ඇවිස්සිලා වගේ යන උන් ට යන්න දීලා පැය භාගයක් එතනත් කාලා තමයි අපි ඉස්කොලෙන් එලියට ආවේ.ඉස්කොලේ ලග පොඩි කඩේකට ගොඩ වෙලා ටිපිටිප් එකක් අරගෙන තිශේන් රටේ නැති ඕප මාත් එක්ක කියෝ කියෝ ඇවිදිනවා.

"මේ යමන් බාලිකාව පැත්තේ..."

"ඒ මොකටද..උබ මට නොකියා කෑල්ලක් ටෝක් කරා නේත..සැහ්ක්..එක වඩේ එක දෙකට බෙදාගෙන කාපු මට නේද උබ මෙහෙම කරන්නේ.."

"අනේ මොන කෑලිද බල්ලෝ..එක්සෑම් කට උඩන් තියන් කෙල්ලෝ නලවන්න බෑ අයිසේ..අනික උබට නොකියා ඉන්නවද..යමන් තෙහංස බලන්න..වෙන මගුලකට නෙමෙයි.."

"ඉතින් බාලිකාවට යන්නේ ලබ්බටද.."

"නෑ දෙල් වලට..ඌ නන්ගි ගන්න එනවා බල්ලෝ.."

"අනේ රෙද්ද උබ පලයන්..ඕකා දෙන ලයින් අල්ලන්නෑ මට..උන්ගේ නන්ගි නම් හොදයි ආන්න..."

"ආ මේ..මන් කියන්න හිටියේ..තෙහංස ඉස්සරහ ආග්‍ර ටිකක් සයිලන්ට් නේද...ආ බලපන්කෝ..හැබැයි තෙහංස ලයින් දෙන්නේ උබටනේ.."

"හ්ම්ම්..ආග්‍රගේ සීන් එක නම් මාත් දැක්කා..කථානායක සයිලන්ට් වෙද්දි අනිත් උන්ට වැදෙන්නේ නැද්ද ඒක..උබ දන්නවා නේද අපේ ස්කූල් ටීම් එකෙ ඩැනියෙල් ව.."

"අර පාට දෙකෙ ඇස් කෙල්ලගේ අයියානෙ.."

"ඔව් ඔව් බන්..අන්න ඌත් උබට දෙන ලයින් මට අල්ලන්නෑ.."

"අනේ මේ...පාට දෙකෙ ඇස් උන්ගේ බල්ලෙක්වත් එපා මට.."

"ඒ උනාට උබ තෙහංසගේ නන්ගිට කැමතී.."

"එහෙම මගුලක් නෑ බල්ලෝ...මන් හූනා කිව්වා වගේ කියන්නම්..ඕක ඉවරවෙන්නේ ඔය පාට දෙකෙ ඇස් කෙල්ලයි තෙහංසලගෙ නන්ගියි එක්කො ලව් කරලා නැත්තන් ඉලව් කරල.."

"ඇයි එහෙමත් නැත්තන් රිලව් හදලද.."

"වෙන්නත් පුලුවන්.."

තෙහංසලගෙ නන්ගිටයි පාට දෙකෙ ඇස් කෙල්ලටයි රිලා පැටියා ගාණේ ගෙනත් දෙන්න තීන්දු වෙලා මායි තිශේනුයි ටිපිටිප් පැකට් එක ඉවර කරා.සැහ්ක් දැන් මේවාගේ මෙලෝ රහක් නෑනේ.ඉස්සර තමා පට්ට.ගොන් ටෝක් එක දීගෙන හිටියට මොකද මූත් පිට උන් ඉස්සරහ හෙන ඩීසන් පිට ඉන්නේ..ඒකනේ අර ඔස්ට්‍රේලියන් කොල්ලත් මුට ලයින් දාන්නේ..යමන්කෝ යමන්කෝ ඔහොම..

"මේ අතන කඩේ තියෙනවා සෙන්ටිමීටර් තිස් එකක් දිග මාස්මෙලෝස් කූරක්...කමුද.."

"උබ එකේ දිගත් මැන්නද.."

"ඔව් ඔව්..ගෙදර ගෙනිහිම් මැන්නා.."

"අමුතුවට බලන්න එපා බල්ලෝ..තොපිලගේ වල් හිත්..පාරේ යන ගමන් කන්න බැහැ තමා..බෑග් එකෙ දාන් යමන්..ඔය අපෙ ඉස්කොලේ පොඩි එකෙක්ව කඩෙට යවමු..නැත්තන් සෙන්ටිමීටර් තිස් එකෙ මාස්මෙලොස් කන්න ගිහින් රෙදි නැති වෙනවා.."

"උබ ගිහින් අරන් වරෙන්...මන් මෙතන ඉන්නම්...මට බැහැ ආපහු ඉස්කොලේ පැත්තටම ඇවිදින්න.."

"අප්පෝ ආරු...මෙහෙ වරෙන් බල්ලෝ..කකුල් ගෙවෙන්නේ නැහැ උබගේ...උබ ආවොත් මාත් එක්ක මන් උබට උබ ලැබ් එකෙන් ගියාට පස්සෙ උනු සීන් එක කියනවා.."

"ඈහ්..එහෙම සීන් එකකුත් උනාද...පටන්ගැනීම කියපන්කෝ.."

"තුහාන් ලැබ් එකට ආවා..."

හේතුවක් නැතුව හාට් රේස් වෙන්න ගත්තේ ඒ නම ඇහුනම.අත මිට මෙළවුනෙ මටත් නොදැනිම.ආයෙ ඕකා ගැන අහන්න උවමනාවක් නැති උනාට ආට් එකෙක් ෆිසික්ස් ලැබ් අස්සෙ රින්ගන්නේ මගුලටද කියන ප්‍රශ්නේ මගෙ ඔලුවෙ තිබුනු නිසා මන් තීශේන්වත් ඇදගෙන කඩේ පැත්තට යන්න ආවා..

"මේකයි උනේ හරිද..උබ ගිහින් විනාඩි දෙක තුනකින් තුහාන් ආවා.ආර්යන් කෝ කියලා ඇහුවේ..මැඩම් එවෙලෙ එහාපැත්තේ හිටියේ.ඉතින් මැඩම් තුහාන්ව දැක්කේ නැහැ.අපි කිව්වා ඉතින් දන්නේ නැහැ කියලා..මූ ඒ එක්කම එලියට දිව්වා.මමත් මැඩම් ආපු ගමන් බොරුවක් දාලා එළියට ආවේ තුහාන් පස්සේ.ඌ කරාටේ හෝල් එක ලග නැවතිලා බලන් හිටියා.."

"උබ කොහෙද හිටියේ.."

"මන් පදුරක් අස්සෙ හිටියේ..උගෙ හැසිරීම මට අල්ලන්නේ නෑ බන්..හැබැයි පුතෝ ඕකා උබට ආපහු වචනයක් හරි කිව්වොත් අම්මපා කියන්නේ දෙහි ගෙඩි දෙක ගලවනවා.."

තිශේන් අති සාර්ථක ලෙස ආපහු දෙහි ගෙඩි වන්නම නටන්න ලෑස්ති වෙන්නේ.කොහොමත් තුහාන්ගේ දෙහි ගෙඩි දෙකට නම් හොද ගේමක් සෙට් වෙනවා මේ යන විදිහට.මේ බල්ලා ආපහු මොකාටද එන්න හදන්නේ.ඕකාට මන් කියලා තියෙනවා ආයෙ මන් ගැන හොයන්න එපා කියලා.බැරිවේලාවත් මේකා මන් බැල්කනියේ හිටපු එක දැක්කවත්ද..ඒත් ඉතින් මූ ආද්විනුව නොදකින්න ඇතිනේ.
ආශ් දැක්කත් මොකද.ආපහු ඕකාට බයවෙන්න මන් තවත් ඌ හිතන තරම් පොඩි එකෙක් නෙමෙයිනේ.අර තිශේන් කිව්වත් වගේ දෙහි ගෙඩි දෙක විතරක් නෙමේ ඇගේ පාට් එකෙන් පාට් එක ගලවනවා මන්..දන්නේ නැහැ මේ වෙන්ඩ ඩොකාගේ හැටි.

"හිතන්න එපා බන්..මොකද බල්ලෙක් කෑගැහුවා කියලා කන්දක් පාත් වෙනවද..කොහොමත් ඔය බැල්ලි බිරුවා කියලා මන් පාත් වෙනවද.."

"අමො අමෝ ආරු..මොකද කියන්නේ ඕකාව අල්ලලා ඕපරේශන් කරලා යවමුද බාලිකාවට.."

"ඕයි ඕයි...හොද ප්ලෑන් එක..බැරිම උනොත් ඕක කවදහරි ක්‍රියාවට නංවමු.."

"උබ මගේකා බොසා.."

මම පේමන්ට් එකෙ ඉද්දි මටත් විසිල් කරගෙන තිශේන් කඩයක් පැත්තට දිව්වා.ඔව් මට පේනවා ඒ කකුල් දෙකෙ බල්ලාගේ බයික් එක රේස් කරනවා.දූවිලි අවුස්සගෙන ගියහම මුන් හිතන් ඉන්නේ හෙන වැඩ්ඩෝ කියලා.අනෙ කාළකණ්ණි.
ඔලේවල් කාලෙ ඕකා නේචර් ක්ලබ් එකෙත් හිටියා.හෙල්ත් සර් දවසක් දූවිලි අවුස්සන්නේ නැතුව ඇවිදින විදිහ ඕකාට කියලා දුන්නු හැටි මට අද වගේ මතකයි.

අන්තිමේ කොහොමහරි තිශේන් අරන් දුන්නු සෙන්ටිමීටර් තිස් එකෙ මාස්මෙලොස් කූරත් බෑග් එකෙ ගහන් මන් ගෙදර එන්න ආවේ ඔය තෙහංස එක්ක වැඩි ඇයි හොදයිකම් මට රුස්සන්නේ නැතිනිසා.හේතුවක් නැහැ මට වැඩිය ඕකාව අල්ලන්නේ නැහැ.උන්ගෙ ක්‍රිකට් ටීම් එකෙ උන් නේ.මට ඔය මිස්ටර් අතපත්තු වුනු ආද්විනුගෙ තාත්තාගෙ අහලින් යන එකෙක් එක්කවත් තිබුනෙ ඒ තරම් හොද කනෙක්ශන්ස් නෙමෙයි.පේනවනේ දැන් මන් ආද්විනුගෙත් හරියට මූණවත් බලන්නේ නැති හැටි.

ගෙදර ගිහින් පාඩම් කරලා බ්‍රේක් එකක් අරගත්තු වෙලෙ ආපු මැසෙජ් එකක ටෝන් එකක් නිසා මන් බැලුවේ මොකාගෙන්ද කියලා.මැසෙජ් එක ආග්‍රගෙන්..

"ෆයිනල් මිස් උනා බන්.අන්තිමේ බෝල් කරේ ආද්විනු..කරන්න කිව්වෙ මම.දුකක් නැ ඒත්.ඌ මැච් එකෙ හිටියෙම මොනා හරි අවුලක.රෙද්දක් ඇදන් සර්ට මුහුණදෙන්න බැරුව ඉන්නේ බන්.ජිවීතේ කවදාවත් දැකලා නැහැ ආද්විනු අඩනවා.හැබැයි අද ඌට ග්‍රවුන්ඩ් එක මැද ඇඩුනා..ඌ හිටියේ මොකක් හරි වෙන අවුලක.බස් එකෙ යනකනුත් අනූපගේ උරහිසට ඔලුව ගහන්.."

මැච් එක පැරදුනු එකට කැප්ටන් විදිහට ආග්‍රට අවුල් ඇති.ඒ උනාට කවදාවත් ඕවාට ආග්‍ර ආද්විනු එක්ක තරහා ගන්නේ නැහැ.ඌට පර්සනලි මොන තරම් තරහ උනත් ටීම් එකෙ උන්ට පට්ට ආදරෙයි ආග්‍ර.ආද්විනු අන්තිම බෝලර් වෙලත් පැරදුනු මැච් එකක් ඇහුවේ මම අද.ටීම් එකෙ හිටපු වෙන ඕල් රවුන්ඩර් කෙනෙක්ගෙ අතින් අවුලක් ගියත් මොකද,ආද්විනු ප්ලේ කරන මැච් එකක් ලේසියෙන් පැරදුනේ නැහැ.ඒකත් දිසාපාමොක්ලට.ජිවීතේට නෑ යකෝ..

අනූපගේ උරහිසට ආද්විනු ඔලුව ගහන් හිටියා කිව්වම මට අවුල් ගියා.ඔහ් ශිට්..ඕවා ගැන කල්පනා කරන්න එපා ආර්යන්.ඒ දේවල් සිද්ද වෙලා අවුරුදු දෙකක් විතරත් ගිහින් ඉවරයි.මම දන්න ආද්විනුට අඩන්න තරම් දෙයක් ලේසියෙන් වෙන්නේ නැහැ.ආද්විනු අඩනවා කියන්නේ කෑස්බෑවා විය සිදුරෙන් අහස බලනවටත් වඩා අඩුවෙන් වෙන දෙයක්.අහස පොළව ගැටගහන්න මන් කල්පනා කරලා වැඩක් නැති නිසා මන් ඇදට පැන්නේ කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා.

දැන් නවයයි තිහයි.ආග්‍ර මැසෙජ් කරා කියන්නේ කට්ටිය ගෙදර ගිහින් ඇත්තේ.අම්මා හිරු එකෙ ටෙලි පෙරහැර බලනවා.මන් වැට අයිනේ සේපාලිකා ගහ ලගට ගියේ නහය කඩාගෙන යන්න සුවදක් එන්න තරම් සේපාලිකා පිපුනේ කවද්ද බලන්න.ඇදේ ඉන්න බෑනේ..ටහුඩු යකෝ අවුරුදු තුනකට කලින් මන් හිටවපු පැළේ නේද මේ මල් පිපිලා තියෙන්නේ.වත්තේ තියෙන ගස් දෙකෙම මල් පිපිලා දෙයියනේ.

සේපාලිකා රෑට පිපෙන්නේ මන් වගේ නිශාචරයන්ට බලන්නමද කොහෙද.සේපාලිකා මල් විස්සක් කඩාගෙන ආපහු ගේට ගිහින් බුදු කුටියෙන් තියලා ආපහු ඇවිත් වැටේ එල්ලිලා ගහ අස්සෙ මූණ ඔබාගද්දි මන් දැක්කේ එතන නවත්තලා තියෙන බයික් එක.බයික් එක වගේම බයික් එකෙ අයිතිකාරයත් එතන හිටියා.හුග කාලෙකට පස්සේ...එයා එතන...

ඒ අළු පාට ඇස් දෙක වෙනදාවගේම මන් දිහා බලන් හිටියා.ඒත්.....වෙනදා වගේ දාහක් කතා ඒ ඇස් වලින් අද කියවුනේ නැහැ.තනිකර ගොලුවුනු ඇස් දෙකකින් තමා එයා මන් දිහා බලන් හිටියේ..ඉස්සර මන් දැක්කම දිලිසුනු,තවත් සමහරක් වේලාවට මන් තිශේන් ලා එක්ක ඉන්නවා දැක්කම ඉරිසියාව දෝරේ ගලන ඇස් අද සම්පූර්ණයෙන් ගොළුවෙලා.ඒත් අදටත් මොන විදිහකින් මන් ඒ අළු පාට ඇස් දැක්කත් අගාධෙකට වැටෙනවා වගේ දැනුනා.

මට සමාවෙන්න..
මට බැහැ ඔයාව පණපිටින් පුච්චන මේ ඇස් බැල්ම නොදී ඉන්න....
මෙහෙම කරන්නේ උවමනාවකින් නෙමෙයි..
මටත් රිදෙනවා ආද්විනු.
මමත් අවයව කොල්ලකෑමකට ලක්වෙලා ඉන්නේ..ඒකත් නිකන් නෙමෙයි හදවතක්...!
උබත් එක්තරා විදිහකට නපුරු හොරෙක්.කාලෙකට කලින් මගේ හදවත අරගෙන ගිහින් මම දාපු චෝදනාවට හදවත් උසාවි ගානෙත් නැගලා අදටත් ඒ නඩු භාණ්ඩේ නොදී ඉන්න තරම්.

සේපාලිකා මල් වල සුවද හැමතැනම ගසාගෙන යද්දි ඒ එන සීතල සුළගත් එක්ක මට තවත් ඒ ඇස් වල අතරමං වෙලා ඉද්දි මහ අමුතු දුකක් ආවා.ඒ අස්සේ කොහෙන්ද යන කැස්සක්.

කැස්ස නවතින්නෙත් නැතිම තැන මන් වැටට හේත්තු උනේ අර රූපේ අයිතිකාරයා මගේ පැත්තට එන්න අඩියක් ඉස්සරහට තියෙද්දි.පපුවට අත තියාගෙන මම ගේ ඇතුලට දිව්වේ ආපහු පිටිපස්ස නොබලා.අන්තිමේ වතුර උගුරුත් දෙක තුනක් බීලා ජනේල් පියන් දෙක ඇරලා ග්‍රීල් එකෙ එල්ලුනේ ඒ රූපේ තවමත් එතනම තියෙද්දි.

මන් කියලා මොනවා කරන්නද ආද්විනු.අද මැච් එක පැරදුනු දුකටත් එක්කද කොහෙද තවත් ටික වේලාවක් බයික් එකෙ ඉදගෙන බිම බලන් හිටපු එයා බයික් එකෙන් බැහැලා ඇවිත් වැට අස්සෙන් අත දාලා සේපාලිකා ගහෙන් මලක් කඩාගෙන ජනේලෙන් බලන් ඉන්න මන් දිහා එකවතාවක් බලලා යන්න ගියා.එයා හිටියේ කණුවේ ලයිට් එක යට නිසා ඒ කහ පාට එලියට මට එයාව හොදට පෙනුනා.

බයික් එකෙ සද්දේ ඇහෙන්නෙ නැති වෙද්දි මන් මේසේ උඩ දිග ඇරලා තිබුනු පොතුත් වහලා කාමරේ දොරත් ලොක් කරලා ලයිට්ස් ඔෆ් කරලා ඇදට පැන්නේ කොට්ටෙකුත් තුරුල් කරගෙන.

ආද්විනු දිව්‍යදර Pov

ආර්යන් මට ආපහු එයාගෙ නම කියන්න එපා කිව්වා.කමක් නෑ ඒකට මන් මොකක් හරි කරන්නම්කෝ.අරලිය ගහෙන් කඩාගත්තු මලත් එක්ක මන් පන්තියට ආවේ මගේ ඩෙස්ක් එක අස්සෙ තියෙන අලු පාට A4 කොළෙන් වැඩක් ගන්න.මන් ඉතින් ඔය කවි නිසදැස්කාරයෙක් නෙමෙයි.බැට්ස්මන් කෙනෙක්.ඉතින් හිතුනු වචන ටික ලියලා කොළේ නමලා හිමින්සීරුවේ ආරුගේ බෑග් එක අස්සට එබුවේ අරලිය මලත් පරිස්සමින් තියන ගමන්.

නවයයි විස්සේ ඉදන් මන් ඔරලෝසුවේ කටු කැරකෙන දිහා බලාගෙන හිටියේ අන්තිම තත්පරේවත් එයා එවී කියලා.මාරුවෙන් මාරුවට ඔරලෝසුව දිහායි ඇතුල් පාර දිහායි බලන මන් දිහා නොබලා හිටපු එකම කෙනා අනූප.ඌට බලන් ඉන්න බෑයිලුනෙ යාලුවා මෙහෙම ඉද්දි.අනේ රෙද්ද තමා.මන් කොච්චර බලන් හිටියත් එයා ආවේ නැහැ..ඒ කියන්නේ එයා තාම තරහද.දෙයියනේ ආරු මේ ප්‍රශ්න මෙහෙම ගලායාවී කියල කලින් හිතුනා නම් අම්මපා මන් මේවා මීට කලින් හරිගස්සනවා...

මම දන්නේ ඒ උනු දේවල් වලට මගේ වැරැද්දක් නෑ කියලා විතරයි ආරු...

මටත් තියෙන්නේ හිතක්...අඩුම එක තප්පරේකට ඇවිත් යයි කියලා පුංචි බලාපොරොත්තුවක් තියාගත්තම එක කැඩුනම මට දුක හිතුනා.මන් දන්නවා අද මගේ අතින් වෙන්න යන්නේ හොද දෙයක් නෙමේ.මන් නිසා මැච් එක පැරදුනොත්..ඉදලා වැඩක් නැ..බස් එකෙ යනකම් අනූපගේ උරහිසට ඔලුව ගහන් ගියේ ඌ වචනයක් නොකියා ඉද්දි..ඒ අනූපගේ හැටි..හිත හදන්න දන්නේ නෑ කියලා සද්ද නොකර ඉන්නවා.

මැච් එක නෝමලි ගියා.අන්තිමට ආග්‍ර මට බෝල් කරන්න කිව්වේ මගේ ඔලුව ඇතුලෙ තියෙන ප්‍රෙශර් එක තවත් නග්ගලා..

"මේ වේලාවේ මේ අන්තිම ඕවර් එකෙ ප්‍රේශර් එක දරාගන්න පුලුවන් එවුන් අපෙ ඉස්කොලෙ ඉන්නෙ දෙන්නයි..එකෙක් උබ..එකෙක් මගෙ එකෙක් උනු ආර්යන්.හැබැයි මෙතන ඉන්නේ උබ..ඒ නිසා අන්තිම බෝලේ උබ දාපන්..මන් දන්නවා උබ ඉන්නෙ අවුලක..දිනන්න ඕන නෑ..දිනන්න ඕනේම නැහැ.මැදදි ස්ලෝ බෝලයක් දාපන් බැට්ස්මන් ඉන්නේ ඒකක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.."

බෝලේ මගේ අතට දීලා ආග්‍ර කියපු වචන මට දැනටමත් ඇහෙනවා ඇහෙනවා වගේ.මට මතක් උනේ මමයි ආරුයි අන්ඩර් සික්ස්ටීන් ප්ලේ කරපු කාලේ.ඔය වචන ටික එයාත් කිව්වා.ඒත් එදා අපි දින්නා.එදා මැච් එකෙ මෑන් ඔෆ් ද සිරීයස් උනෙත් මම..ඒත් අද....අද තත්වේ වෙනස්...සමහරවිට ලාස්ට් ඕවරේට වෙන කෙනෙක් බෝල් කරා නම් දිනන්න තිබ්බා..මන් කරපු නිසාමද කොහෙද පැරදුනා..මේක අපේ උන් බලාපොරොත්තුවක් තියන් ආපු ගමනක්..දිසාපාමොක්ලා දින්නා කියලා අනවුන්ස් කරද්දි ආග්‍රගේ මූණ අවුල් උන හැටි නොදැක්කා නෙමෙයි.කෝච් සර්ගේ බැල්ම නොදැක්කා නෙමෙයි.ළගට ඇවිත් ඩෝන්ට් වොරි කොල්ලෝ කියලා තට්ටු දාපු උන්ගේ ඇස් වල තිබුනු දුක නොදැක්කා නෙමෙයි.

ඒත් මම හිටියේ මේ ලෝකේ සිහියෙන් නෙමෙයි.එක්ස්ට්‍රා කෙනෙක් දාලා රිප්ලේස් කරා නම් මොකද.හිතේ තිබ්බ දුකටයි මැච් එක පැරදුනු එකටයි දෙකටම මට ඇඩුනා.ටීම් එකම වටේට එකතුවෙද්දි මන් අනූපට හේත්තුවෙලා ඇඩුවා.ආග්‍ර මාත් එක්ක තරහයි.ඉස්සර උනු ඒවාටත් එක්ක ආග්‍ර මාත් එක්ක තරහා බව මන් දන්නවා..ඒත් උටත් අවුල් ගිහින් වගෙ හිටියේ.ලගට ඇවිත් 'හිතන්න එපා බන්..වරෙන් දුක් නොවී ගෙදර යන්න..' කියලා කිව්වට මාව මරන තරහක් හිතේ තියෙන්න ඇති.

ගෙදර ගියත් පැනඩෝල් පෙත්තක් ගහලා ආපහු ආරුලෑ ගේ ලගට ආවේ ජනෙලෙන් හරි මූණ බලලා යන්න.එයාලගේ ගේ වටේට තාප්ප ගහලා නැහැ.එයාගේ කාමරේ ජනේලේ ඇතුලෙන් එයා මේසේ පාඩම් කරනවා වැට අයිනට ආවාම පේනවා.මම බයික් එක ලයිට් කණුව යට නවත්තලා බලන් හිටියේ කාමරේ ඇතුලේ කැරකෙන ආරු දිහා.සේපාලිකා ගහ බලන්නද කොහෙද එයා එළියට ආවා.මට අද වගේ මතකයි ඔය පැළේ හිටවපු දවස.

"ඒ දෙව්..ඊයේ අම්මා සේපාලිකා පැළයක් ගේනාවා.මන් අද ඒක හිටවනවා.ඔයා ඒ පැත්තෙන් එනවද ඒක බලන්න.."

ග්‍රවුන්ඩ් එකෙ ඉදගෙන බ්‍රේක් එකක් වෙලෙ මට සේපාලිකා පැලෙ ගැන කියපු හැටි තාම මතකයි.කොහොම අමතක වෙන්නද ඒවා..එයාට ඒ මතක පරණ දේවල් උනාට මට අදටත් ඒවා මාව ජීවත් කරන දේවල්..

මලක් නටුවෙන් ගැලෙව්වම ලගම තියෙන බුදු පිළිමේ ලගින් තියලා එන එක එයාගෙ පුරුද්ද.ඉස්කොලෙදිත් වතුසුද්ද මලක් හරි උස්සගෙන ගිහින් අහු වෙන පන්තියේ බුදු කුටියෙන් තියනවා..සේපාලිකා මලුත් ගණන් කර කර අරගෙන ගේ ඇතුලට ගිහින් ආයෙ ඇවිත් ගහ අස්සෙ මූණ ඔබාගෙන.එයා දන්නෑ ඔය මල් ගහ පිදීලා සති දෙකක් කියලා.හැමදාම වගෙ මේ වේලාවට මෙතන ඉන්න මම නම් ඒක දන්නවා ආරු..

එයා මාව දැක්කා.ඒ දුඹුරු පාට ඇස් දෙක බයවෙලාද මන්දා.බයවෙන්න මන් යකෙක්ද...කමක් නෑ ඔයා ඔහොම හරි මන් දිහා බලනවා නම්..ටිකක් වෙලා බලන් ඉද්දි එයාට කැස්සක් ආවා.මේ ටිකේම හෙම්බිරිස්සාව කියලා හිටියේ...කොයි වෙලේ උණක් අල්ලගනීද දන්නෑ..

අදටත් උඹව මතක් වෙද්දි පපුව ගැහෙන්නේ හිතාගන්න බැරි විදියට.
සරලවම කිව්වොත්,
පපු කැනුතු කකියනවා උඹේ නම ඇහෙද්දිත්!

බලාපොරොත්තු නැති හැගීම් මේවා!
අදටත් උඹ මගේ කවුද කියා බැදීමක් දෙන්න බැරුව මන් අන්ත අසරණ වෙලා

සමහර විට මාව නොතෝරා ඉන්න,
උඹටත් හේතු තියෙන්න ඇති,
නිසැකවම තැනක උබත් අසරණ වෙන්න ඇති.

ඒත් එහෙමයි කියලා මනුස්සයෙක් වුනු මාව මේ තරම් රිදවලා හරියනවද?

අනේ පුලුවන් නම් මූණට බැනලා යන්න සමහරවිට මන් නුඹෙන් ඈත් වේවී..

මැරීගෙන ආදරේ කරන එකාගෙන් හේතු නැතුව ඈත් වෙන්න තරම් හයියක් මට නැහැ.

අන්තිම වතාවට කියන්නේ,
පණපිටින් පුච්චන උබේ ඔය ඇස් බැල්ම නොදී අනේ මගේ ජිවීතෙන් නොපෙනෙන දුරකට අහකට යන්න!

--------

ඕතර්'ස් ටයිම්

මහ රෑ එළිවෙන ජාමෙට අප්ඩේට් දීගෙන නටාගෙන ඉන්න ඇපල් මලක් වගේ මන්..

අනෙව් කතාව දාපු ගමන් මේ ඇපල් මලගේ මූණට හිනාවක් දුන්නු කස්ටියට ආදරෙයි අර අහසෙ කලුවරටත් වැඩියෙන්.

මන් ඔන්න අනිද්දාටත් එන්න බලනවා හරිත....(සෙනසුරාදා වර්ක් ඩේ අප්පා)
ආලේ රේඛා එකෙ චරිත මේකේත් ඇස ගැටෙනවා වගේ නේත...
ඔව් ඔව් කස්ටියව එකට දාලා මන් ක්‍රොස් ඕවර් එකක් කරනවා හිතුනොත්..එළ නේත?..

බායිම් හොදට නිදාගන්ඩෝ..
01:39 am
2023.08.25

واصل القراءة

ستعجبك أيضاً

34.9K 799 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
7.8K 800 83
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
43.9K 1.6K 30
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
9.5K 1.6K 16
ආදරේ කියන්නෙ හුත්තක්. එච්චරයි __සිතුම් ආකාෂ් ෆ්‍රනෑන්ඩෝ