"මට මගේ මුළු ජීවිත කාලෙටම තියෙන ආදරේ නැති කරගන්න බෑ. ඔයා දන්නවා ෆීනික්ස් කෙනෙක් ආදරේ කරන්නෙ එකම කෙනෙක්ට විතරයි වගේම ඒ කෙනා නැති වුනොත් ඒ ශෝකයෙන් එයා මැරෙනවා කියලත් ජිමින්. මොකද ඔයාටත් අත්දැකීම් තියෙනවා."
"ඒත් හ්යොන්ග් මගේ එකම ආදරේ එයා නෙවෙයි කියලා ඔයා දන්නවා."
"ඒ වුණාට එයාට ඒක එහෙමයිනෙ."
යුංගි කියද්දි ජිමින් බිම බලාගත්තෙ දුකින්. ඔව්, ඔහුටත් යුංගිට වගේම ආත්මගත ආදරයක් තිබුණා. ඒ ආදරවන්තිය කවදාවත් ඔහු ලඟට ආවෙ නැහැ වගේම ජිමින්ට ඒ කෙනාව ඒ ආත්මයෙන් පස්සෙ තවමත් හොයාගන්න බැරි වුනා. ඒත් මේ වෙනකොට යුංගි නායුන්ව ඔහුට ළං කරන්න උත්සාහ කලත් ජිමින් කැමති වුණේ නැහැ තමන්ගෙ එකම ආදරේ අමතක කරන්න. අඩුම ඒ ආදරවන්තිය තමන්ව දැකලාවත් නැති වුනත්.
"ඇයි හ්යොන්ග් එයා මාව වෙනස් කරන්න හදන්නෙ?"
"එයා නායුන්ට ගොඩක් ආදරෙයි කියලා ඔයා දන්නවා ජිමින්. ඉතින් එයා කැමති නෑ ඔයා ජීවිතේට ආදරේ ප්‍රකාශ කරපුවත් නැති කෙනෙක් වෙනුවෙන් නායුන්ව ඈත් කරනවට."
"ඒත් හ්යොන්ග් ආදරෙයි කියලා කියන්න බැරි වුණත් මට තාමත් එයාව ඕනෙ නම්."
"නවත්තගන්න ජිමින්.... ඒ කෙල්ල දැන් වෙන කොල්ලෙක්ව හොයාගෙනත් ඇති."
යුංගි ටිකක් තදින් කියද්දි ජිමින් නිශ්ශබ්ද වුනේ මේ වෙලාවෙ කෑගහන එකවත් ඒ දේවල් වලට විරුද්ධ වෙන එකවත් තේරුමක් නැහැ කියලා දැනුන නිසා. විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවය බිඳ දමමින් නැවතත් කතා කලේ ජිමින්.
"හ්යොන්ග්.... මං නායුන්ව යුනිවර්සිටි යවන්න කියලා හිතුවෙ. ඒ දේවල් ලෑස්ති කරන්න පුළුවන් ද?"
"ඒත් ජිමින් එතකොට ඔයාව බලාගන්නෙ කවුද?"
"හ්ම්.... මට ඕන එයාව ටිකක් ඈත් කරලා තියන්න හ්යොන්ග්. අරයා නිසා වෙලාවකට මට මාව පාලනය කරගන්න අමාරුයි. එයා නිසා මට හැමවෙලේම නායුන් ගැන ආදරේ හිතෙනවා."
ජිමින් කියද්දි යුංගි ඔහුගෙ ඔලුව අතගෑවෙ ජිමින්ගෙ තත්වය හොඳටම තේරුණ නිසා. මොන දේ වුණත් ජිමින් තමන්ගෙ ආදරේ අමතක කරන්න ලෑස්ති නැති එක ඕනම ෆීනික්ස් කෙනෙක්ට පොදු දෙයක්. හැබැයි ජිමින් ඕනවට වඩා තමන්ගෙ හදවතට නීති දාගන්නවා කියලත් ඔහු දැනගෙන හිටියා.
"හරි ජිමින්.... ඔයා කැමති ඒ විදිහට නම් නායුන්ව යුනිවර්සිටි යවමු. හෙට ඉඳන්ම යන්න පුළුවන් කියලා එයාට කියන්න."
යුංගි අවසානයේ ජිමින්ට එකඟ වුණේ ඔහුගේ ජීවිතයට වුනත් ඕනවට වඩා ඇතුල් වෙන්න යුංගිට අවශ්‍යතාවයක් නොතිබුණ නිසා. යුංගි ජිමින්ගෙන් නායුන්ව ඈත් කරන්න එකඟ නොවුනත් ජිමින්ගෙ කැමැත්තට එහෙම කරන්න ඔහු හිතාගත්තා. හැබැයි එතනයි ඔහුට වැරදුනු තැන.
********************
"මින්යූ..... මට බෑ වගේ අනේ.... මං මෙලෝ දෙයක් දන්නෑ ෆැෂන් ඩිසයිනින් ගැන. අනික දැනටත් මේකෙ බාගයක් විතර ඉවරයි නේද?"
පසුදින උදෑසනම නායුන් මින්යූ සහ යුංගි තුන් දෙනාම හිටියෙ විශ්ව විද්‍යාලය ඉස්සරහ. මින්යූ කොයිතරම් කිව්වත් නායුන් නම් නොදන්න දේවල් වලට අත ගහන්න එච්චර කැමති වුණේ නැහැ. අන්තිමට ඉතින් බොහොම අමාරුවෙන් ඇයව ඇදගෙන එන්න මින්යූට සිද්ධ වුණා.
"බයවෙන්න එපා අනේ.... ඕක එච්චර අමාරු නෑ. ඔයාට ඉක්මනට අල්ලගන්න පුළුවන් වෙයි. අනික අලුතෙන් එන අයට මුල ඉඳන් වෙනම උගන්නනවා එයාලා."
"ඒ කියන්නෙ මාව වැටෙන්නෙ ඔයා එක්ක නෙවෙයි නේද? ආආආ.... දැන් නම් කොහොමත් බෑ වගේ."
"යාආආආ.... නායුනාආආ.... මට කියලා ගිනි තියාගන්නෙ නැතුව ඇතුලට යනවා."
එකපාරටම විශ්ව විද්‍යාලය මැද්දෙ යුංගි මහ හයියෙන් කෑගහන කොට නායුන් ගැස්සිලා පිටිපස්සට ගියා. වටපිටාවෙ ඉන්න ළමයිනුත් ඇයට හිනාවෙනවා දැක්ක නිසා නායුන්ට වගේම මින්යූට හිතුනෙ මෙතනම වලක් කපාගෙන වැලලෙන්න.
"හරි හරි ඔච්චර පුප්පන්න ඕනෙ නෑනෙ. මං යන්නම් ඉතින්. මං ගිහාම අර අලි බබාව තනියෙන් නලවගන්නැතැයි. මට මොකෝ...."
නායුන් ඇතුලට ගියාට පස්සෙ යුංගි හැරුණෙ මින්යූ දිහාවට. ඇයගේ නලල සියුම්ව සිපගත්ත යුංගි ආදරණීය ඇස් වලින් ඇය දිහා බලාගෙන හිටියෙ මින්යූ කට ඇර ගනිද්දි. නායුන්ගෙ ඇඟට යකෙක් වගේ කඩාපනින මේ කොල්ලා තමන් දැක්ක ගමන් වෙනස් වෙන්න හේතුව ඇයට තාම තේරුණේ නැහැ.
"පරිස්සමෙන් ගිහින් එන්න. මොකක් හරි වුවමනාවක් වුනොත් මට කෝල් කරන්න ම්ම්... අර පිස්සු නායුනාටත් කියන්න ඕන වුනොත් මට කෝල් එකක් දෙන්න කියලා. මං හවසට එන්නම්."
මින්යූ යන දිහා ලස්සන හිනාවකින් මූණ පුරවගෙන බලන් හිටපු යුංගි එකපාරටම පියවි සිහියට ආවෙ ඔහුගේ දුරකථනය නාද වෙන්න පටන් ගත්ත නිසා. ඒත් ඉතින් ගෙදර ෆෝන් එකෙන් ඔහුට කවුරු හරි කතා කරනවා දැක්කම යුංගි ටිකක් කලබල වුනා.
"හෙලෝ ජිමින්.... ඇයි මේ ලෑන්ඩ් ලයින් එකෙන් ගත්තෙ?"
"එලෝව්.... එලෝව්... මේ යුගී බූඌඌඌද? බූඌඌඌ... කතා කලල්ලකො අලේ... උයා කෝද ඉල්ලෙ? උයාගෙ ලූම් එක පූල් එකක් අගේ... ඉක්කන්ට එල්ලකො අපිට ස්විම් කරල්ල පුළුවන්."
"මොකාආආආ? ජිමිනාආආ.... තමුන් ඒ පාර මොකක්ද කලේ?"
එකපාරටම දුරකථනය විසන්ධි කරපු යුංගි කලබලෙන් වගේ කාර් එකට නැග්ගෙ මේ වෙනකොටත් ජිමින් ගෙදර දෙවනත් කරලා ඇති කියලා හිතන ගමන්. එක වෙලාවකට නායුන්ව යවපු එක ගැන පසුතැවිල්ලක් ඔහුට නොතිබුණාම නෙවෙයි. තමන් ගෙදරින් එනකොට හොඳට හිටපු ජිමින් එකපාරටම අසනීප වුණාම එහෙම හිතෙන එක හරිම සාධාරණයි.
මේ වෙලාවෙ නායුන් හිටියෙ ඇයට නියමිත පන්ති කාමරයට යන ගමන්. මින්යූගෙන් වෙන් වෙලා තමන්ගෙ පන්තියට ගිහාම ගුරුතුමිය ඇයව හොඳින් පිළිගත්තා. හැබැයි ඉතින් ඇයට නම් මෙතන දැණුනෙ තනිකමක්. ඇය අඳුරන කිසිම කෙනෙක් නැති තැනක මෙහෙම ඉගෙන ගන්න එක ලේසි දෙයක් වුනේ නැහැ. මොකද ඉගෙන ගන්න වැඩ වලදි යාලුවෙක් ඉන්න එක ප්‍රයෝජනවත්.
"ඔන්න ලමයි ඔයාලට අලුත් යාලුවෙක් ඉන්නවා.... මෙයා නායුන්.... නායුන් ඔයා එහෙනම් කැමති තැනකින් ඉඳගන්නකො. මං වැඩක් දීලා තියෙන්නේ ඒක යාලුවන්ගෙන් අහගෙන කරන්න."
ගුරුතුමිය කියද්දි හිස ඉහළ පහළ කරපු නායුන් පන්තිය දිහාවට ඇවිදගෙන ගියා. හැමෝම තම තමන්ගේ වැඩ කරන අතරෙ ඇය ගැන අවධානය යොමු කරන්න කාටවත් ඕන වුණේ නැහැ.
'මෙයාලා නම් ලේසි පහසු අය නෙවෙයි වගේ. පිකාසෝලා වගේනෙ චිත්‍ර අඳින්නෙ.' එහෙම හිතන ගමන්ම නායුන් හෙව්වෙ ඉඳගන්න තැනක්. හැමතැනම යාලුවො කණ්ඩායම් විදිහට එකතු වෙලා හිටපු නිසා ඇයව තමන්ට සම්බන්ධ කරගන්න කවුරුත් කැමතියි වගේ පෙනුණෙ නැහැ. නායුන් ටිකක් ඔවුන් දිහා බලාගෙන ඉඳලා පන්තියේ කොනකින් ඉඳගත්තෙ කොල්ලෙක් එකදිගටම කොඩියක් වන වන ඉන්නවා දකිද්දි.
"අර කොල්ලා දැන් කීයෙ ඉඳලා කොඩි වනනවද මන්දා? මං ආපු වෙලාවෙ ඉඳන්... මෙතන ඒ වගේ වැඩත් කරනවද?"
කොල්ලා දිහාත් ඇස් කොනින් බලලා ආයෙත් නායුන් තමන්ගෙ වැඩ පටන් ගන්න ලෑස්ති වුණත් ඇයට ඒ විදිහට ඉන්න නම් බැරි වුණා. එකපාරටම කෙල්ලට ඇහුනෙ පුටුවක් පෙරළෙන සද්දයක් එක්ක කාගෙ හරි ගැඹුරු කටහඬක්.
"ආආආආ.... මං කීයෙ ඉඳන්ද ඔයාට කතා කරන්නෙ ආආආ? ඔයාට වර්ණ අන්ධතාවෙද? මං මෙච්චර වෙලා අත වනනවා දැක දැක වෙන තැනකින් ඉදගත්තෙ?"
කොල්ලා ටිකක් තදින් අහද්දි නායුන් ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ බයවෙලා වගේ. ඇය ඔහුගේ හිසේ සිට පාදාන්තය දක්වාම නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. ඔහුගේ මූණ පුරාම දිලිසෙන කුඩු, ස්ටිකර් පිරිලා තිබුණා, ඔහුගේ ඇඳුම් වල රෙදි කෑලි තැනින් තැන එල්ලලා තිබුණා. හොඳම වැඩේ කියන්නෙ ඔහුගේ අතේ මෙච්චර වෙලා තිබිලා තියෙන්නේ කොඩියක් නෙවෙයි. ඒක ඔහුගේ ඇඳුමට සම්බන්ධ කරපු ලේන්සුවක්.
"ඒයි ඔයාට කටක් නැද්ද ආආ? නැත්තං මෙතනට එන්න කැමති නැද්ද ආආ?"
"ආහ්.... සොරි... ඔයා මටද කතා කලේ. මට සමාවෙන්න මම දැක්කෙ නෑ."
නායුන් තමන්ගෙ බෑග් එකත් අරගෙන ඔහු ලඟින් ඉඳගන්න ගමන් බැලුවෙ අනිත් ළමයි දිහා. ඔවුන් නම් මෙතන මොකුත් වුනේ නැහැ වගේ තමන්ගෙ පාඩුවෙ හිටියෙ හරියට මේ වගේ දේවල් සාමාන්‍යයයි කියන්න වගේ. නායුන් ඔහු ලඟින් ඉඳගත්තෙ ටිකක් බයෙන්. කෙල්ල තමන්ගෙ බෙන්ච් එකේ එහා කොනින් ඉඳගන්න යනවා දැක්ක ඔහු ඇයව අතින් ඇදලා ලඟට ගත්තා.
"මට මොකුත් බෝවෙන ලෙඩක් එහෙම නෑ. ඒ හින්දා ලඟින් ඉඳගන්න. ඒක නෙවෙයි ඔයාගෙ නම මොකක්ද? මම කිම් ටේහ්යොන්ග්... ටේ කියලා කියන්න."
"ආහ්.... මම නායුන්.... මට නා....."
"නායු කියලා කියන්නම්. එන්න වැඩ පටන් ගමු."
ටේහ්යොන්ග් කිව්වෙ තමන්ගෙ වැඩ වලට ඇයවත් සම්බන්ධ කරගන්න ගමන්.
මේ වෙලාවෙ මින්යූ හිටියෙ තමන්ගෙ කණ්ඩායම එක්ක වැඩ කරන ගමන්. නායුන්ට එක පිස්සු යාලුවෙක් හම්බුනා වගේ ඇයට නම් දැන් යාලුවො කිහිපදෙනෙක්ම හම්බෙලයි තිබුණෙ.
"මින්යූ...... ඔයා මොකද කරන්නෙ?"
"ආහ්.... වර්නන් මම මේ ඩිසයින් එක හදන ගමන්. අලුත් එසයිමන්ට් එකට."
"හ්ම්... මම ඔයාගෙන් අහන්නමයි හිටියෙ නෙක්ස්ට් වීක් මගේ බර්ත්ඩේ එක. ඔයත් පාර්ටි එකට එන්න ඕනෙ. මම බලන් ඉන්නවා."
"ඒත් වර්නර් මට එන්න බැරි වෙයි මං හිතන්නේ."
මින්යූ කිව්වෙ ටිකක් කලබලෙන් වගේ. ඇයට හිටපු යාලුවන් අතරින් වර්නන් (Vernon) කියන්නෙ යුංගිගෙ වයසෙම කෙනෙක් වෙච්ච එක ගැන ඇය පුදුම වුණා. ඒත් ඔහුට ඔප්පා කියලා කතා කරන කිසිකෙනෙක් නොහිටපු නිසා මින්යූත් නම කියලම කතා කරන්න පටන් ගත්තා.
"ඇයි ඒ? අර ඔයාව ඇරලවන්න එන බෝයි ෆ්‍රෙන්ඩ් නිසාද ආආ?"
"ආශ් වර්නන් එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි. මං එයාගෙ ගෙදර නැවතිලා ඉන්නවා විතරයි."
"එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නෑනෙ? එයා ඔයාගෙ කවුරුත් නෙවෙයිනෙ ඔයාව නවත්තන්න. ඔය කාලෙට තමයි ජීවිතේ විඳින්න ඕන. එහෙනම් එන්න ඕන කෙල්ලෙ."
වර්නන් එතනින් යනකොට මින්යූ හිටියෙ ලෝක දෙකක් අතර හිරවෙලා. ඇත්තටම යුංගි ඇයි ඇයට දේවල් ගැන සීමා දාන්නෙ? යුංගි කියන්නෙ නායුන්ගෙ සර් විතරයි කියලයි ඇයට හිතුනෙ. ඉතින් ඇය යුංගිගෙ හැසිරීම් ප්‍රශ්න කරන්න පටන් ගනියිද?
______________________________________________
1976 සැප්තැම්බර් 20
මමත් මගේ ජීවිතේ මේ අදියර අවසන් කරන්න තීරණය කළා. මම මගේ අවසන් හෝරාව ගත කලේ මගේ ප්‍රියයන් වෙනුවෙන් වෙන් කල සොහොන දිහා බලාගෙන. ඔයාව මගෙන් උදුරගත්ත අයට වන්දි ගෙවන්න වෙයි මැණික. මගේ හැමදේම නැති කරපු කාල පක්ෂීන්ට හැමදේටම වන්දි ගෙවන්න වෙයි.
- Diary of someone who born with fire -
______________________________________________
අප්ඩේට් ලඟ වැඩියිද මන්දා?
දැන් මොනවා හරි තේරුණා ද?