The Misplaced Teddy || TK

By AVIBNLeogirl

23.2K 4.3K 2.7K

From the day you disappeared from my life....I lost myself my love More

✨Teaser✨
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29
CHAPTER 30
CHAPTER 31
CHAPTER 32
CHAPTER 33
CHAPTER 34
CHAPTER 35
CHAPTER 36
CHAPTER 38
CHAPTER 39
CHAPTER 40
CHAPTER 41
CHAPTER 42
CHAPTER 43(Final Chapter)

CHAPTER 37

377 85 65
By AVIBNLeogirl

ජිමින් අහමඩ් එක්ක ආව ඩිෆෙන්ඩර් එකත් ඒ පසුපස ආව අනෙක් ජිමින්ගෙ ආරක්ෂකයින්වත් වට කරගෙන නතර කරපු වාහන වලින් DK ගෙ කොල්ලො පනහක් විතර එළියට බහිද්දී කොල්ලො එක්ක ම ජිමිනුත් ගන් එක ලෝඩ් කරගෙන වාහනෙන් බැස්සා....

තුවක්කු භාවිතා නොවුණත් සටන ටික ටික දරුණු වෙද්දි මෙතන තමන්ට පාලනය කර ගන්න බෑ කියලා අහමඩ් ට තේරුම් ගන්න ගියේ සුළු වෙලාවයි....

"ජිමින් බොස්.....මෙතනින් යන්න.... බොඩිගාඩ්ස්ලට මුන් එක්ක හැප්පෙන්න අමාරුයි.....මම හිතන්නෑ මෙතන අපෙ කවුරුත් ඉත්රි වෙයි කියලා....බොස් ටේහ්‍යුන් සර්ව බලන්න....අපි පුළුවන් තරම් මෙතන පරක්කු කරන්න බලන්නම්...."
අහමඩ් ජිමින්ගෙ උරහිසට අත තියලා කියද්දී ජිමින් බය වෙලා අහමඩ් දිහා බැලුවා....

"එතකොට උඹ? උඹ ගැන මොකද?"
ජිමින් අහද්දි අහමඩ් හිනාවුණා....

"මේවා දැනගෙනයි තෝරගත්තෙ ජිමිනා....උඹ හොඳ යාළුවෙක්.... සතුටුයි උඹ එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන.... පරිස්සමින් පලයන්...."

ජිමින්ගෙ පිටට තට්ටුවක් දාලා ජිමින්ව තමන්ගෙන් ඈතට තල්ලු කරලා අහමඩ් ආයෙමත් කොල්ලො ඉන්න පැත්තට හැරුණේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා ජිමින් ටේහ්‍යුන් ඉන්නවා කිව්ව පාළු ගොඩනැඟිල්ල පැත්තට දිව්වා....

.
.
.
.

ජිමින්ට දුවලා ම මහන්සි වුණත් ජිමින් දොර ළඟ ඉඳලා තමන්ව නතර කරන්න උත්සාහ කරපු ආරක්ෂකයින් දෙදෙනාටත් අත මිට මොළවලා පහර දීලා දොර තල්ලු කරගෙන ඇතුළට ගියේ ගොඩක් කලබලෙන්.....

පඩිපෙළ පාමුලට පුටුවක ගැට ගහලා සිහිනැති ව ඉන්න ටේහ්‍යුන් ව දැක්කා ම ජිමින්ගෙ අත් දෙක මිටමෙළවුණා...

"ඔහ්....World Famous Solo Idol Park Jimin ට කේන්ති ගිහින් නේ....මම හිතුවෙ ඔයාගෙ පරණ පෙම්වතා විදවනවා බලන්න ඔයා කැමති වෙයි කියලා ජිමින්ශී....ඒත් එහෙම නෑ වගේ..."

ජේයුන් ඉහළ මාලයෙ සඳළුතලයේ වැටට වැලමිටි දෙක තියාගෙන පහළට එබිලා අත්ල දෙක එකට අතුල්ලන ගමන් කට කොනින් හිනාවෙවී කිව්වා ම ජිමින් උඩ බැලුවා...

ජේයුන්ට තිබුණෙත් ටේහ්‍යුන්ට තරමකට සමාන හැඩරුවක්... ටේහ්‍යුන්ගෙ මෘදු,සියුමැලි ලස්සන වෙනුවට ජේයුන්ට තිබුණෙ රළු,හැඩිදැඩි කඩවසම් බවක්.... ටේහ්‍යුන්ගෙ ඇස්වල ලියවිලා තියෙන ආදරය, කරුණාව,අහිංසකකම වෙනුවට ජේයුන්ගෙ ඇස්වල තිබුණෙ කෑදරකම, ආත්මාර්ථකාමී කම, වියරුවැටුණ තණ්හාවක් වගේ දේවල් විතරමයි....

"මොනවද මිනිහෝ මේ කරන විකාර වැඩ? තමුසෙ අද මීට්න් එක අවුල් කරන්න ද මෙහෙම පිස්සු නටන්නෙ ආආ!? මේවා කළා කියලා තමුසෙට ජේකේගෙ තැන ගන්න බෑ මිනිහෝ....ඊට වඩා-"

ජිමින් කියමින් හිටිය දේ මඟ නතර වුණේ ජිමින්ව වට කරගෙන හිටිය බෙල්ලෙ දඟර ගැහුණු කළු පාට නයෙක්ගෙ ටැටූ එකක් ගහලා හිටිය ජේයුන්ගෙ කොල්ලො පස්දෙනාගෙන් එක්කෙනෙක් ජිමින්ට එල්ල කරපු පහරක් වළක්වන්න උත්සාහ කළ නිසා...

" ඔය ඉන්නෙ තමුසෙට තමුසෙගෙ කියලා ඉතිරි වෙලා ඉන්න එකම පවුල නෙවෙයිද? ඇයි මෙහෙම කරන්නේ ජේයුන්!?"

ජිමින්ට ආයෙ කතා කරන්න බැරි වුණේ ජේයුන්ගෙ කොල්ලො ජිමින්ට පහර දෙන්න ගත්ත නිසා....විනාඩි පහළවක් විතර යද්දි කොල්ලො පස්දෙනාගෙන් තුන්දෙනෙක් ම හිටියෙ නැඟිටගන්න බැරි වෙන්න ගුටිකාලා....ජිමින්ටත් පෙනීම පවා බොඳ වෙලා තිබුණත් ජිමින් තවම කෙළින් හිටගෙන හිටියා...අනෙක් කොල්ලො දෙන්නා ම තමන්ගෙ ඉස්සරහ නිසා ජිමින්ට පිටිපස්සෙන් තමන්ට ළංවෙන වොන්හො ගැන අදහසක් තිබුණෙ නෑ....ජිමින් ඉස්සරහ ඉන්න කොල්ලො දෙන්නා පහර දෙන ඒවා අතේ තිබුණ ලීය හරස් කරලා වැළැක්වුවත් වොන්හො බෙල්ල පිටුපසට එල්ල කරපු පහර නිසා ජිමින් දණින් වැටුණා...ටිකින් ටික ජිමින්ගෙ පෙනීම අඳුරු වෙලා යද්දි ජිමින් සිහි නැතිව ඉන්න ටේහ්‍යුන් ළඟට දණගාගෙන හරි යන්න උත්සාහ කළත් බොහොම ඉක්මනට ජිමින් සිහිනැතිව බිම ඇදගෙන වැටුණා...

.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක්,යුංගි,කවින් තුන්දෙනා කැලෑ පාරට ඩිෆෙන්ඩර් එක ඇතුළු කරද්දි ම වාගෙ සෝල්වල ඉඳලා ආව ජේකේගෙ කොල්ලො පිරිලා හිටිය කළු පාට ඩිෆෙන්ඩර් හතරක් එක්ක වෑන් දෙකක් ඒ පස්සෙන් ම කැලෑවට ඇතුල් වුණේ හෙසෝක්ගෙ උදව්වක් විදිහට....

වාහන ටික ඉස්සරහට ඇදුණත් මඟක් දුර යද්දි කොටන් දාලා හිතාමතා ම පාර අවහිර කරලා තිබුණ නිසා ජන්කුක්ලට සිද්ධ වුණා ඉතිරි දුර පයින් යන්න....

ජේයුන් ජන්කුක්ට කීව වෙලාවට තව විනාඩි පහළවක් වාගෙ සුළු වෙලාවක් විතරයි ඉතිරි වෙලා තිබුණෙ....

"ජන්කුකා....උඹ දුවපන්....මම මෙතන බලා ගන්නම්...තව ටිකකින් හෙසෝකා එයි....කොල්ලො ටික ඉන්නවානෙ.... උඹ කවිනුයි තව හතර පස්දෙනෙක් එක්ක මාරුවෙයන්....වෙලාව පහුවුණොත් අරුන් ටේහ්‍යුන්,ජිමින් දෙන්නට තුවාල කරයි....පලයන්!"

යුංගි ජන්කුක්ව තල්ලු කරන ගමන් ශූට් කරන්න පටන් ගත්තෙ දැනට ම සටන දරුණුවට යන නිසා.... දෙපැත්තෙම හිටියෙ මිනී මරන්න පුහුණු කරවපු හැඟීම් දැනීම් අමතක වුණ අමනුශ්‍යයො නිසා විනාශ වෙන තරුණ ජීවිත ගැන ඔවුන්ට අදහසක් තිබුණෙ නෑ....

වෙලාව බලලා කරන්න දෙයක් නැති නිසා ජන්කුක් එතනින් පැනලා යන්න තීරණය කළා....මොනවා නැතත් එයාගෙ ඩෝල්ටවත් ජිමින් හ්‍යුන්ටවත් හීරීමක්වත් වෙන්න දෙන්න එයාට බෑ....
.
.
.
.
.
.
.

හොස්පිට්ල් එකට ආව හෙසෝක්ට නම්ජුන් විස්තරේ කිවව නිසා මුලින් කොල්ලො ටික යවලා ජින්ට හයියක් වෙන්න යුකීට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කල් ඉඳලා හෙසෝක් හොස්පිට්ල් එකෙන් ආවෙ ජින්ට වඩා ජන්කුක්ලට එයාව ඕනෙ නිසා....

.
.
.
.
.
.
.
.
.
.
.

ජිමින් අමාරුවෙන් ඇස් ඇර ගනිද්දී ජිමින් දැක්කෙ තමන්ගෙ මූණට උඩින් තියෙන එයාගෙ වීනස්ගෙ කඳුළු පිරුණ ඇස් දෙක.....

"ව්-වීනස්?"
ජිමින් හෙමිහිට ටේහ්‍යුන්ගෙ කම්මුලක් අතගාලා කියද්දී ජිමින්ට දැනුණා ටේහ්‍යුන් තමන්ගෙ ඔලුව එයාගෙ උකුළෙ තියාගෙන ඔලුව අතගාන බව.....

"ඔ-ඔයා හොඳින් ද ව්-වීනස්?"
ජිමින් ඔලුව අල්ලගෙන වාඩිවෙන ගමන් අහද්දී ටේහ්‍යුන් හිනා වුණා...

"ඇයි ඔයා මාව බේරගන්න ආවෙ ඒන්ජල්?"
ටේහ්‍යුන් කිසිම හැඟීමක් නැති කටහඬකින් අහද්දි ජිමින් ටේහ්‍යුන්ව තුරුල් කර ගත්තා.....

"අර පිස්සා කියන දේවල් ඔයා ඔලුවට ගන්න එපා....අපි මෙතනින් යනවා වීනස්....ටිකක් ඉන්න...."

ජිමින්ට කලබලේට අමතක වෙලා එයා ටේහ්‍යුන්ට වීනස් කියන එක නතර කළා කියලත්....ජිමින්ගෙ හිතේ තිබුණ එකම දේ වුණේ ටේහ්‍යුන්ව පරිස්සම් තැනකට අරගෙන යන එක.....

වහලා තිබුණ දොර එක පාර කැඩිලා විසි වෙද්දි ජේයුන්ගෙ වගේම ජිමින්ගෙ මූණෙත් හිනාවක් ඇදුණත් ඒ හිනාවන් දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වුණා.... ජිමින් එයාලව බේරගන්න ජන්කුක් ආවා කියලා හිනා වුණත් ජේයුන් හිනා වුණේ අද එයාගෙ පාරෙ තියෙන ලොකුම බාධාව අයින් වෙනවා කියලා හිතාගෙන.....

ජන්කුක් කලබලයක් නැතිව වාගෙ ඇතුළට ඇවිදගෙන එද්දි ජේයුන් හිනාවෙලා ජිමින් ළඟ බිම වාඩිවෙලා හිටිය ටේහ්‍යුන්ගෙ අතින් ඇද්දාම ටේහ්‍යුන් පරඬැලක් වාගෙ ඇදිලා ගියා...

"ඉතින්....ඔයාගෙ ආදරණීය සැමියාව බේර ගන්න ද ආවෙ ජේකේ?දැනගෙන හිටිය ද තමුන් කසාද බැන්දෙ තමුන්ගෙ ලොකුම හතුරගෙ මල්ලි කියලා? ටේහ්‍යුන්ගෙ ඇඟේ දුවන්නෙත් කිම්ලගෙ ලේ.....හැමදාම ජියෝන්ලව විනාශ වෙන්න හේතුව වුණෙත් ඒකමයි....තමුසෙ මෝඩ වුණා ජියෝන් ජන්කුක්!"

ජේයුන් ටේහ්‍යුන්ව ජන්කුක්ගෙ කකුල් දෙක ළඟට තල්ලු කරද්දි ජන්කුක්ට ටේහ්‍යුන්ව නැඟිට්ටවන්න ඕනා වුණත් ජන්කුක්ට තවම ටේහ්‍යුන් ගැන හරි විශ්වාසයක් තිබුණෙ නෑ....මේකත් රඟපෑමක් වුණොත්....එයා විතරක් නෙවෙයි ජිමිනුත් අනතුරේ වැටෙනවා...ජන්කුක්ට ඕනා වුණේ මුලින්ම ජිමින්ව එයාගෙ අතේ දුරට ගන්න වුණත් ජිමින් හිටියෙ පඩිපෙළේ උඩ කෙළවරේ....ජිමින් පහළට එන්න දැඟළුවත් ජේයුන්ගෙ කොල්ලො දෙන්නෙක් ජිමින්ව හිර කරලා අල්ලගෙන හිටියා...

"උඹ හිතන්නෙ මං එච්චර මෝඩයෙක් කියලද DK? මම මුල ඉඳලම දැනගෙන හිටියා මූ මාව පාවලා දෙන බව....ඒ නිසයි මගෙ ඩීල් අවුල් කරලත් තමුන්ලට මහ ලොකු දෙයක් නොලැබුණේ වගේම මට ලොකු පාඩුවක් නොවුණෙ..."
ජන්කුක් කට කොනින් හිනාවෙලා කියද්දී ජේයුන් පරණ ගොඩනැඟිල්ල ඇතුලෙ දෝංකාර දෙන්න අත්පුඩි ගැහුවෙ උමතු මනුස්සයෙක් වාගෙ හිනාවෙවී.....

"එතනත් උඹ වැරදියි ජියෝන් ජන්කුක්! උඹ මුල ඉඳලම වැරදියි....මේ අපායට  ආව තැන ඉඳලම උඹ රැවටුණා.... කතාවක් කියන්න...අහන් ඉන්නවද?"

ජන්කුක්ගෙ වටේ කැරකෙන ගමන් ජේයුන් අහද්දි ජන්කුක් ඇස් රෝල් කළා...

" අවුරුදු විස්සකට විතර කලින් මාෆියා ලෝකෙ උඹෙ අප්පා රජ වෙලා ඉද්දී ඒ ළඟම ඉඳන් උදව් කළෙ අපෙ අප්පා....ජියෝන්...කිම් කියන්නෙ ගොඩක් හොඳ යාළුවො.... ඒ යාළුකම ටිකක් පළුදු වුණේ අපේ ලොකු අප්පච්චි උඹෙ ඔම්මා නිසා නටපු පිස්සුවෙන් පස්සෙ...ඒ්ත් කිම්,ජියෝන් දෙන්නා තරහ වුණෙ නැහැ....වුණ දේවල් නොතේරෙන්න තරම් පුංචි ළමයෙක් නෙවෙයි මම ඒ කාලෙ.... අවුරුදු පහළොවක් කියන්නෙ දේවල් තරමකට තේරෙනවා....

උඹෙ අප්පා පවුලෙ මට වැඩියෙන් ආදරේ කරපු ලොකු අප්පච්චි ව මැරුවා....සතෙක්ට වාගෙ වද දීලා....මගෙ අප්පා තමන්ගෙ සහෝදරයගෙ පැත්ත වෙනුවට යාළුවගෙ පැත්ත ගත්තා....මගෙ ඔම්මා එයාගෙ යාළුවා නැති වුණ දුකට එයාට තමන්ගෙ ම නංගිට වාගෙ සැලකුව මගෙ ලොකු අප්පච්චි ව අමතක කළා....එයා අන්තිම මොහොතේ මගෙ අතේ ගුළි කළේ එයාගෙ සියලුම දේලළවල අයිතිය මගෙ නමට පවරපු ලියකියවිලි ටික...ඒ ටික දීලා එයා ඉල්ලුවෙ එයාට සාධාරණයක් කරන්න කියලා....

මම ඇඬුවා ....ජීවිතේ පළවෙනි වතාවට මල්ලි එපා කියලා ඇඬුව මම අවසාන වතාවට ඇඬුවෙ ලේ වලින් අප්පා නොවුණත් මගෙ අප්පට වඩා මට ආදරේ කරපු ඒ මනුස්සයව උඹෙ අප්පා මරලා දැම්ම දවසෙ....

සතියකට විතර පස්සේ..... කවදාවත් රණ්ඩු වෙලා නැති මගෙ ඔම්මයි අප්පයි රණ්ඩු වුණා....ඔම්මා දිගින් දිගටම කිව්වෙ අප්පා කියන ද කරන දේවල් නිසා ළමයි දෙන්නා අනතුරේ වැටෙනවා කියලා....ඔම්මා අප්පා එක්ක රණ්ඩු වුණා ඒවා අතාරින්න කියලා....බැරි නම් ඔමිමා එයාගෙ ළමයව අරගෙන ගෙදරින් යනවා කියලත් කිව්වා අප්පට හොයාගන්න බැරි තැනකට....

එක දවසක් ඒ හැමදේම කණපිට හැරුණා.... මම කොලේජ් ගිහින් එද්දී ඔම්මා අප්පා එක්ක රණ්ඩු වෙලා මල්ලිව අරගෙන ගෙදරින් ගිහින් තිබුණා....ඔම්මාගෙ රූම් එකෙන් මට හම්බවුණේ කෑලිවලට ඉරලා දාලා තිබුණ ලියුමක්....ඒකෙ තිබුණෙ තර්ජනයක්...අප්පට කියලා තිබුණෙ එයාගෙ ඉස්සරහ ම ළමයි දෙන්නාවම මරලා දානවා කියලා....ඔම්මා ඒක දැකලා රණ්ඩු වෙලා මූව විතරක් අරගෙන ගිහින් තිබුණා....

ඉපදුණ දවසෙ ඉදලම මම මූට කැමති නැහැ...."

ජේයුන් ටේහ්‍යුන්ගෙ බඩට පයින් ගහද්දී ටේහ්‍යුන් බඩට අත් දෙක තද කරගෙන ඇඹරුණා....

"මූ ලස්සන අහිංසක හුරතලෙක් වෙද්දි හැමෝගෙම ඇස් වලට මම නරක ළමයෙක් වුණා....අපි දෙන්නගෙ වයස් පරතරේ නිසා යාළුවො මට හිනා වුණා.....මට මූව ඉපදුණ වෙලාවෙ ඉඳලා ම මරලා දාන්න ඕනෙ වුණා....
දවසක් මම මුගේ කිරි එකට බෙහෙත් පෙති කවලම් කරන්න ගිහින් ලොකු අප්පච්චි ඒක දැක්කා....එයා එදා ඒක අප්පාට කිව්ව නම් සමහරවිට මම මැරිලා ඇති.... එයා කිව්වෙ හැමදේකට ම හරිම වෙලාව එනකල් ඉවසන්න කියලා...

ඉතින් මං ඉවසුවා.....ඒ වෙද්දී මමත් ඩ්‍රග් බිස්නස් කළා.... අවුරුදු පහළොවක් කියන්නෙ මාෆියා ෆැමිලි එකක කොල්ලෙක්ට ලොකු වයසක්....මම මගෙ යටතෙ ඉන්න කොල්ලො ලවා හොයලා අවසානෙ අවුරුද්දකට පස්සෙ මගෙ ඔම්මායි මූයි ඉන්න තැන හොයා ගත්තා....ඒත් ඒ වෙද්දිත් අප්පා දන්නෙ නෑ ඔම්මා හිටිය තැනක්....

ඔම්මට මම වෛර කළා....අපි දෙන්නම අනතුරක වෙද්දි මූව විතරක් අරගෙන පැනලා ගිය එකට....මම මූට ඉස්සරටත් වැඩිය වෛර කළා... හැමදාම මගෙ පැත්තට හිටිය ඔම්මාව  මගෙන් උදුරගත්-"

"කට! කට වහනවා කිම් ජේයුන්! මට හොඳට ම මතකයි යූනා ඔම්මා එදා ඇවිත් අපෙ අප්පට කිව්ව දේවල්! තමුන්ව අප්පා පරිස්සම් තැනකට යැව්වා කියලයි අප්පා ගෙදරින් ගිහින් තිබුණේ....අප්පා කියල තිබුණා ප්‍රශ්නයක් නෑ ජේයුන් කියනදේ අහන්නෙ නැති නිසයි ටිකක් ඈත් කරලා තිබ්බෙ අනිත් දේවල් අප්පා බලාගන්නම් කියලා....ඇත්තටම තමුනුත් ඔම්මාව ඕනෙ කිව්වට කළේ යූනා ඔම්මව බය කරලා හිර කළ එක විතරනෙ! තමුසෙ හැමදේමබ්ව්ජ්-"

ජිමින් කෑ ගහන්න පටන් ගත්තත් ජේයුන්ගෙ කොල්ලෙක් ජිමින්ගෙ කට ගැට ගැහුව නිසා ජිමින්ට තවත් කතා කරන්න ලැබුණෙ නෑ...

"කොහොමහරි.....මම අන්තිමේ තීරණේකට ආවා....ආයෙ මැන්ශන් එකට ගේන්නෙ ඔම්මාව විතරයි කියලා....ඉතින් මම ඇක්සිඩන්ට් එකක් ප්ලෑන් කරලා ඒක වැරදීමකින් සිද්ධ වුණ සාමාන්‍යය දෙයක් විදියට පෙන්නුවත් එතනදි මූ වෙනුවට මගෙ ඔම්මා මැරුණා....මම මූව මැරෙන්න අතෑරලා දැම්මත් ඇස් දෙක අන්ධ වෙලා මූ ඉතිරි වුණා....මම ඒ ගැන අප්පගෙන් හංගලා අනාථ නිවාසවල ගුටි කකා බැනුම් අහ අහා මූ දුක් විදින දිහා බලන් අවුරුදු පහළවක් විතර තිස්සේ සතුටු වුණා.....ඒත් ඔම්මා මැරුණ ඇක්සිඩන්ට් එක කළේ මම කියලා දැන ගත්තාම අප්පා පිස්සු වැටුණා....ඒ නාකි මිනිහා හැදුවෙ මාව මරන්න....ඒත් මම ඊට වඩා ඉක්මන් වුණා....උගෙ බෙහෙත් එක්ක ඩ්‍රග්ස් කලවම් කරලා උඹේ අප්පා එද්දි ඉස්සරහට හම්බවෙන විදිහට අපෙ අප්පාගෙ ඩිෆෙන්ඩර් එක යැව්වා... ඩ්‍රග්ස් යූස් කළා කියන්නෙ අපෙ අප්පා වාහන වල ගොඩක් වේගෙන් යනවා...ඉතින් ලෝකෙ ම ඒක දැක්කෙ කිම් හිතාමතා බල තණ්හාවට තමන්ගෙ යාළුවාව රිය අනතුරක් බව පෙන්වලා මැරුව බව....ඒකට පළි ගන්න උඹ කිම්ව මැරුවා!

අවසානෙ....කිම් ෆැමිලි එකේ අයිතිය ගන්න The great JK පාර කපලා දුන්නා...මම අප්පාව මැරුවා නම්....කවදාවත් අප්පගෙ උන් මාව පිළිගන්නෙ නෑ! ඒත් දැන් මම වැරැද්දක් කරලා නෑ....මම කාලයක් තිස්සෙ ස්ක්‍රිප්ට් එකක් ලිව්වා...උඹලා ඒකට රඟපෑවා....

එදා උඹ එද්දි මූ පාරෙ තනියම වාඩි වෙලා ඉඳලා ඇහැ ගැටුණ එකත් මගෙ වැඩක්....මට ඕන වුණේ උඹ මුගෙ රූපෙට වහ වැටිලා ජිමින් එක්ක රණ්ඩු වෙන්නයි මූ විඳවන්නයි....ඒත් උඹලා තරහ වුණෙ නෑ...

මූ උඹව ආයෙ ඉස්සර හිටපු එකා කරන්න හිතන් උඹව බැන්දාම මම වොන්හො ලවා විස්තර අරගෙන උඹවයි මූවයි රණ්ඩු කළා....මට ඕනෙ වුණේ එදා ඔම්මා වෙනුවට මූ මැරුණෙ නැති එකට මූ විඳවන්න....මුගෙ ජීවිතේ අපායක් කරන්න....අද....අද අපි මේක ඉවර කරමු...හෙට වෙද්දි ජේකේ කෙනෙක් හුස්ම ගන්න එකක් නෑ....

අන්ඩර්වල්ඩ් කින්ග් වෙන්නෙ Death King විතරයි....කිම්ලා රජ කරද්දි ජියෝන් නම අතුරුදහන් වෙලා යාවි!!"

ජේයුන් අත් දෙක උස්සලා හිනාවෙද්දි වටේ හිටිය කොල්ලො ඇටෑක් කළ නිසා ජන්කුක් ,කවින්  එක්ක අනිත් කොල්ලො ටිකත් ගහ ගන්න පටන් ගත්තා.... ජන්කුක් පහුවෙලයි දැක්කෙ ජේයුන් ටේහ්‍යුන්ව ඇදගෙන පඩිපෙළ නැඟගෙන උඩට ගිය බව...ජන්කුක් ජේයුන්ගෙ පස්සෙන් දුවද්දි තමන්ගෙ සහෝදරයා කරපු දේවල් ගැන දුකට අඬලම හතිවැටිලා හිටිය ටේහ්‍යුන් තමන්ගෙ අත මුදා ගන්න උත්සාහ කළත් ජේයුන්ගෙ ශක්තියත් එක්ක ටේහ්‍යුන්ට හැරෙන්න බැරි වුණා....

"උඹ මගෙ ජීවිතේ ගොඩක් අවුල් කළා...මගෙන් හැමදේම උදුර ගත්තා...මාව අමනුස්සයෙක් කළා!"
ජේයුන් වාක්‍යයෙන් වාක්‍යයට ටේහ්‍යුන්ගෙ කම්මුලට ගහද්දි ජිමින් තමන්ව අල්ලගෙන හිටිය කොල්ලො දින්නා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තෙ ටේහ්‍යුන්ට රිද්දනවා බලාගෙන ඉන්න බැරි වුණ නිසා....

ජේයුන්ව ඇදලා අරගෙන කම්මුලට ගැහුව ජන්කුක්ට ආපිට මිටමොලවලා ගැහුව ජේයුන් බූට් එකේ රඳවලා තිබුණ කිණිස්සෙන් ටේහ්‍යුන්ට අනිද්දි ටේහ්‍යුන් බයට ම ඇස් පියාගත්තත් ටිකකින් තමන්ගෙ උරහිස තෙත් වෙනවා දැනුණ නිසා ඇස් ඇරියාම දැක්ක දේ නිසා ටේහ්‍යුන්ගෙ ඇස් දෙක ලොකු වෙලා පිරිලා තිබුණ කඳුළු කම්මුල් දිගේ බේරිලා ගියා....

ටේහ්‍යුන්ගෙත් ජේයුන්ගෙත් මැද්දෙ ටේහ්‍යුන්ව ආවරණය කරගෙන හිටියෙ ජිමින්....ජිමින්ගෙ සුදුපාට කමිසෙ  එකේ බඩේ වම් පැත්තෙ උඩට වෙන්න පළාතක් රතු පාට වෙලා තියෙද්දී බඩට තද වෙලා තිබුණ ජිමින්ගෙ අතේ ඇඟිලි අතරින් රතු පාටට ලේ බේරිලා ගිහින් තිබුණා.... ජිමින් ටේහ්‍යුන්ගෙ උරහිසින් නළල තියා ගනිද්දී ජිමින්ගෙ කටින් බේරුණ ලේ ටේහ්‍යුන්ගෙ උරහිස තෙත් කරද්දි ටේහ්‍යුන්ගෙ කඳුළු ජිමින්ගෙ කමිසෙට ඇතුළෙන් රස්නෙට ගලාගෙන යනවා ජිමින්ට දැනුණා ම ජිමින්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා...

"එ-ඒන්ජ්-ජල් එක්-කහ්....ත්-තරහ ව්-වෙන්න එප්-පාහ් ව්-වීනස්.... එ-ඒන්ජ්-ජල්...."
ජිමින් ටේහ්‍යුන්ගෙ කනට කරලා හෙමිහිට කියෙව්වත් ජිමින් කතා කරන එක නතර කරලා එකපාරටම තමන්ගෙන් ඈත් වෙද්දි ටේහ්‍යුන් බැලුවෙ මොකද වුණේ කියලා වුණත් කන ළඟම ඇහුණ වෙඩි සද්දෙට ටේහ්‍යුන්ගෙ ඇස් පියවුණා....

"අන්ද්වේ!!"
ජන්කුක් කෑ ගහගෙන අත් වැටෙන් පහළට එබුණත් ඒ වෙද්දිත් ජේයුන් තමන්ට වෙඩි තියද්දි ඒක ආවරණය කරන්න ගිහින් උරහිසට වෙඩි වැදුණ නිසා සමබරතාවය ගිලිහුණ ජිමින් අතවැටට උඩින් පහළට වැටිලා ඉවරයි....

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි👀😊

මම ටිකක් පරක්කුයි ද මන්දා.... අප්ඩේට් දෙන්න හිතක් තිබුණෙ නෑ පහුගිය ටිකේ....

අහමඩ් පව් අනේ💔😪

මොනවාහරි කියාගෙන යන්න ඉතිම් 👉👈🙄

ආආආ කතාවට අදාළ නැති වෙන දෙයක් කියන්න තියේ....

ඔයාලා වටේ ඉන්න අය එක්ක එදිනෙදා වැඩ කරද්දි පරස්සම් වෙන්න බබාලා....ඔයාලා වැඩිය නොහිතා තත්පර ගානකින් කියන,කරන දේවල් නිසා ඔයාට ගොඩක් සමීප කෙනෙක්ගෙ හිත ගොඩක් රිදෙන්න පුළුවන්....එහෙම නොසැලකිලිමත් වෙන්න එපා බබාලා😊🥺❤️❤️

Bye🌹
Sunshine 💖

Continue Reading

You'll Also Like

192K 8.7K 107
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
7.7K 267 18
A mafia queen falling in love let's see the love story together i have admired this story by another person so the credit goes to them and yeah I di...
798K 48.2K 120
Y/N L/N is an enigma. An outgoing, cheerful, smiley teenage boy. Happy, sociable, excitable. A hidden gem in the rough of Japan's younger soccer pl...