|| THE SEARCH FOR ANOTHER EAR...

By itz_MAYAzz

339 47 16

" ඔවුහු මිනිසාගේ වීරයන් වන්නෝය... " [ GAIA mission for save humans ] Status:- On hold Category:- Fanfiction ... More

DISCLAIMER
Prologue
Chapter 1
Main Characters Introduction
Death of sun

Chapter 2

34 7 1
By itz_MAYAzz


KARI යන ලොකු අකුරු සටහන් වෙලා තිබ්බ ගොඩනැගිලි දිහා නම්ජූන් බැලුවේ ලොකු ප්‍රශ්නාර්ථ බැල්මකින්.. සතියකට කලින් කෙනෙක් ඇවිත් දීපු ලියුමත් අද දවසේ තියෙන හමුවත් නිසා නම්ජූන් හිටියේ තරමක් නොසන්සුන් වෙලා..

නම්ජූන් දන්නවා තමන් දක්ෂ යාන්ත්‍රික ඉංජිනේරුවෙක් බව.. ඒත් මේ වෙලාවේ ඔහු ඔහුව ම නැවත නැවත පරීක්ෂාවට ලක් කරා..

" ඔහ්.. හෙලෝ මම නම්ජූන් කිම්.."

" සර් නම්ජූන්.. සර්ට ගිය සතියේ මෙතනින් ලියුමක් ලැබෙන්න ඇති.. එන්න අපි ඇතුලට යමු.. "

KARI ආයතනයට ඇතුළුවන ස්ථානයේ හිටපු පිලිගැනීමේ නිලධාරිනිය හිනා වෙලා නම්ජූන් ට කිව්වා.. යාන්ත්‍රික ඉංජිනේරුවෙක් වෙන නම්ජූන් ට මේ නිලධාරිනිය කියන්නේ තවත් එක් රොබෝ යන්ත්‍රයක් විතරයි කියලා අදුරගන්න ගත වුණේ සුළු කාලයක් විතරයි..

" සර් මේ පැත්තෙන්.. "

විදුලි සෝපානය වෙතට ගියපු නම්ජූන් ඒ නිලධාරිනියත් එක්ක ටෙලිපති තාක්ෂණය හරහා රැස්වීම පවත්වන්න නියමිත විශේෂ කාමරය වෙත ගමන් කරා..

ඒ කාලයේ ටෙලිපති තාක්ෂණය භාවිතා කරේ මේ වගේ තැන්වල විතරයි.. රජය මඟින් අවසර ලැබුනු අයට විතරයි සමහර දේවල් භාවිතා කරන්න පුළුවන්..

" ඔයා මේ ගැන විස්තර දන්නවද.. "

" හරියට ම තව පැය බාගයකින් සර්ල ගේ මීටින් එක පටන් ගනීවි.. සර් තව ටික වෙලාවක් ඉන්න වෙනවා මොකද තවම අනික් අය ඇවිත් නෑ.. "

විශේෂ කාමරයේ දොර තමන්ගේ ඉලෙක්ට්‍රෝනික හැදුනුම්පතින් අරින ගමන් ඒ නිලධාරිනිය කිව්වා..

" මාත් එක්ක මෙතනට එන අනික් අය කවුද.. "

" ඒ ගැන ඔයාට ලොකු උනන්දුවක් තියනවා වගේ.. නේද මිස්ටර් නම්ජූන්.. "

කාමරයේ කෙලවරේ තිබුණු පුටුවක ඉදගෙන හිටපු තවත් කෙනෙක් නම්ජූන් දිහා සෘජු දෑසින් බලන ගමන් කිව්වේ නම්ජූන් ගේ ඇඟම හිරි වැටිලා යනකොට..

මුලින් ම KARI එකට එන්න කියලා ලියුමක් ලැබුණා..

සාමාන්‍යයෙන් මෙහෙම ලියුම් හම්බවෙන්නේ විශේෂ අයට විතරයි..

ඊළඟට විශේෂ කාමරයකට එක්කරගෙන ආවා.. ඉතිං නම්ජූන් බය වෙන එක අහන්නත් දෙයක්ද..

" අදුරගන්න මම දේවූන්.. KARI වල ප්‍රධාන අධ්‍යක්ෂක.. "

පුටුවේ වාඩි වෙලා හිටපු කෙනා නැගිටලා ඇවිත් නම්ජූන් ට තමන්ගේ අත් දුන්නා.. නම්ජූන් ආපිට අත දීලා ඔහුත් එක්ක හිනා වුණා..

" මේ මීටින් එකට  තව තුන්දෙනෙක් එන්න ඉන්නවා.. පොඩ්ඩක් ඔයාට ඉන්න පුළුවන් නේද.. "

" හරි සර් මං ඉන්නම්.. "

දේවූන් කියලා එතනින් අයින් වුණා.. ඒ අතරේ අර නිලධාරිනිය නම්ජූන් ට බොන්න කොකා කෝලා එකක් අරගෙන ආවේ නම්ජූන් ගැන අන්තර්ජාලය ඇසුරෙන් එයා හොයා ගත්ත තොරතුරු වලට අනුවයි..

" තැන්ක් යූ.. "

හිනා වෙලා නම්ජූන් ඒක අතට අරගෙන බිව්වා.. නිලධාරිනිය පිට වෙලා ගියේ නම්ජූන් විතරක් ඇතුලේ තනි වෙනකොට..

ටිකකින් දොර ඇරෙනවත් එක්කම එතනට ආවේ සුදුමැලි තරුණයෙක්..

" හෙලෝ.. ඔයත් මෙතන මීටින් එකට ආව කෙනෙක් ද.. "

ඒ කෙනා අහනකොට නම්ජූන් හිනා වෙලා ඔළුව වැනුවා.. එතකොට මේ තවත් එක් කෙනෙක්..

එයා ඇවිත් නම්ජූන් එක්ක කතා කරන අතරතුරේ තවත් දෙන්නෙක් ඇතුලට ආවා..

" ආහ් මේ ඉන්නේ අනික් දෙන්නා වෙන්න ඕන.. "

කලින් ඇතුලට ආව සුදුමැලි තරුණයා කිව්වා..

පොඩ්ඩක් ඉන්න.. එතන ඉන්න කෙනෙක් නම්ජූන් අදුරනවා..

" ප්‍රොෆෙසර් කිම්.. "

නම්ජූන් ඇස් ලොකු කරගෙන කිව්වේ තමන්ගේ ඉදිරියෙන් ඉන්න මහාචාර්ය සොක්ජින් දිහා බලන් ගමන්..

" අහ්.. ඔයා මාව දන්නවද. "

පුරුදු සීතල හඬින් ජින් අහනකොට නම්ජූන් විතරක් නෙවෙයි අර සියුමැලි තරුණයත් ගැස්සුණා..

" ඔව් ප්‍රොෆෙසර්.. මම ප්‍රොෆෙසර් ගේ ලෙක්චර් එකකට ඇවිත් තියනවා.. "

" එනිවේ.. අම් සොක්ජින්.. මෙයා කියපු විදිහට ප්‍රොෆෙසර් කෙනෙක්.. "

ජින් තමන්ව අදුන්වලා දීලා ගිහින් එතන තිබ්බ පුටුවේ වාඩි වුණා..

ජින් එක්ක ආව වෛද්‍ය ජන්ග් හෝසක් ජින් ව අනුගමනය කරමින් තමන් ව අදුන්වලා දීලා වාඩි වුණා.. ජින් තදින් කතා කරත් හෝසක් නම් ඒ වගේ නෑ කියලා නම්ජූන් ට හිතුනා..

නම්ජූන් අන්තිමට හැරුණේ සුදුමැලි තරුණයා දිහාට..

" අහ් අම් යුන්ගි මින්.. නයිස් ටු මීට් යූ ඕල්.. "

යුන්ගි හිනාවෙලා හැමෝටම අත් වැනුවා.. යුන්ගි නම්ජූන්ටත් තට්ටුවක් දාලා ජින් හෝසක් ඉඳගත්ත තැනට අනික් පැත්තෙන් ඒ අයට මූණලා ඉඳ ගත්තා.. නම්ජූන් වුනත් ගිහින් යුන්ගි ගාවින් වාඩි වුණේ එතනින් යුන්ගි තරමක් මිත්‍රශීලි වුණ නිසා..

තමන්ගේ ඉදිරියේ ඉඳගෙන ඉන්න ජින් දිහා එකපාරක් බලපු නම්ජූන් ආයෙමත් බිම බලාගත්තා..

" ආහ් හතර දෙනාම ඉන්නවා.. එහෙනම් අපි වැඩේ පටන් ගමු.. "

දේවූන් ඇතුලට ආවේ තනියම නම් නෙවෙයි.. එයත් එක්ක තවත් මැදි වියේ පසුවන කාන්තාවක් හිටියා.. බැලූ බැල්මට ම එයා යුරෝපියානු හෝ ඇමරිකානු සම්බවයක් තියෙන කෙනෙක් කියලා පෙනුනා..

හැමෝම ඉක්මනට පුටු වලින් නැගිටලා ඒ දෙන්නට ආචාර කරා.. ඒ කාන්තාව ඒ අයට අතට අත දෙන්නත් අමතක කරේ නෑ..

" එහෙනම් අපි වැඩේ පටන් ගමු.. මේ ඉන්නේ මහාචාර්ය ක්‍රිස්ටින්.. නාසා එකේ විධායක නිලධාරිනියක් වගේ ම පරිපාලන කටයුතු කරනවා.. "

දේවූන් කිව්වා..

" හරි මිස්ටර් දේවූන්, ප්‍රොෆෙසර් ක්‍රිස්ටිනා දැන් වෙලාව හරි.. අපිට මෙතනට එන්න කිව්වේ ඇයි කියලා දැන ගන්න පුළුවන් ද.. "

ජින් එකපාරටම ඇහුවා.. මේසයේ කෙලවර තිබ්බ වීදුරු බිත්තිය ස්පර්ශ කරපු ක්‍රිස්ටිනා ඒ බිත්තියේ තමන්ට ඕන රූපරාමු දර්ශනය වෙන්න සකස් කරා..

" හරි ඉස්සර වෙලා කිව්වා වගේ මම ක්‍රිස්ටිනා.. මං දන්නවා ඔයාලා අද මේ ගැන ගොඩක් කුතුහලයෙන් ඇත්තේ කියලා.. ඉතිං එහෙනම් මං විස්තර කරන්න පටන් ගන්නම්.. "

ක්‍රිස්ටින් වතුර බෝතලයෙන් උගුරක් බිව්වා..

" මෙහෙමයි.. දැන් අපේ පෘථිවියේ තත්වය ගැන ඔයාලා දන්නවනේ.. ඒ ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ.."

වීදුරු බිත්තියෙන් පෙනුනා පෘථිවියේ මෑතකාලීන ව ලබා ගත්ත ඡායාරූප වගයක්. ඇත්තටම ඒ පෘථිවිය ද කියලා හිතෙන තරමට ඒ තැන විනාශ වෙලා තිබ්බා..

" ඔයාලා දන්නවා අපිට පෘථිවියේ ජීවත් වෙන්න බැරි වුනත් මේ වෙනකොට අඟහරු, බ්‍රහස්පති වගේ ග්‍රහයොන් ගෙත් මිනිස් ජනපද පිහිටවලා තියෙනවා කියලා.. ඒත් අපි ඉස්සර ට මීට වඩා දරුණු දෙයකට මුහුණ දෙන්න වෙනවා.. "

ක්‍රිස්ටින් මිනිත්තු කීපයකට කතාව නතර කරා. ආයෙමත් හොඳ හුස්මක් අරන් එයාගේ කතාව පටන් ගත්තා..

" ඉතිං ඒකට මුහුණ දෙන්න නම් අපි සූදානම් වෙන්න ඕන.. මේ විදියට අපිට ඒකට මුහුණ දෙන්න බෑ.. "

" ඉතින් මොකක් ද වෙන්නේ.. "

යුන්ගි අතරමැදින් තමන්ගේ ප්‍රශ්නය යොමු කරා..

" අපි දන්නවා වගේ ම අපිට උගන්වනවා සූර්යයා වුනත් කවදා හරි විනාශ වෙනවා කියලා.. ඉතිං සූර්යයා ඉන්නේ අවධියේ.. ඒ කියන්නේ හරියටම තව ගානකින් සූර්යයා මැරෙනවා.. සූර්යයාගේ මිය යෑම කියන්නේ ජීවයේ අවසානය කියන එක.. "

මහාචාර්ය ක්‍රිස්ටිනා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සූර්යයාගේ සජීවි දර්ශන ඒ අයට පෙන්නුවා..

මේ තරම් කාලයක් තද දීප්තිමත් බවක් තිබුණු සූර්යයා දීප්තිය අඩු වෙලා තිබුණා..

" අපේ ඉර මේ තරම් කාලයක් තිබ්බේ රතු යෝධ අවස්ථාවේ.. ඒත් දැන් ඒ තත්වෙන් මිදිලා සිසිල් වෙන්න පටන් අරන්..

මීට අවුරුදු ගාණකට කලින් සූර්යයා ගේ හරයේ හීලියම් කඩා වැටිලා තිබ්බා.. වර්තමානය වෙනකම් සූර්යයා ගත කරේ ඒ හීලියම් තියෙනකම්.. දැන් සූර්යයා ටික ටික හැකිලෙන්නේ පටන් අරං තියෙන්නේ.. තව අවුරුදු දහසකින් සූර්යයා පෘථිවියේ විෂ්කම්භය ට සමාන විශ්කම්භයකට අනිවාර්යයෙන්ම හැකිලෙයි.. ඊළඟට සුදු වාමන අවස්ථාවට පත් වෙලා වසර බිලියනක් ගත කරලා අවසානයේ කටු වාමන අවස්ථාවට පත් වෙලා අවකාශයේ නොපෙනී යනවා..

අපේ සූර්යයා දැන් සුදු වාමන අවස්ථාවට ලං වෙලා ඉන්නේ.. මේ දවස්වල පරිසර උෂ්ණත්වය වුනත් සෙල්සියස් අංශක සෘණ දෙකකින් අඩු වෙලා.. තව කාලයක් ගියාට පස්සේ පෘථිවිය තියා අඟහරුවල වත් බ්‍රහස්පතිවල වත් ජීවත් වෙන්න අපිට බැරිවෙයි.. "

මහාචාර්ය ක්‍රිස්ටිනා එයාගේ දීර්ඝ කතාව අවසන් කරා.. තවමත් මේක ඉවර නෑ.. මේ සාකච්ඡාවේ ප්‍රවේශය ඉවරයි..

හැමෝම බය වෙලා වගේ බලන් හිටියත් ජින් ගේ මූණේ නම් තිබ්බේ වෙනස් ම හැඟීමක්..

" ඉතින් ප්‍රොෆෙසර් ක්‍රිස්ටිනා, සූර්යයා ගේ අවසානය කියන්නේ ඒක අපෙත් අවසානය.. ඉතින් මේකට අපි මොනවා හරි කරන්න ඕන.. ඉතිං මේ ක්ෂේත්‍රයේ ඉන්න අය විදියට ඔයාලා මේ සම්බන්ධයෙන් ගන්න තීරණය මොකක් ද "

ජින් ඇහුවා..
























" We should do THE SEARCH FOR ANOTHER EARTH "




Continue Reading

You'll Also Like

384K 12.2K 88
"I have a secret, a well-kept secret for the last almost seven years. The real reason why I went into hiding." After years in a complicated relatio...
382K 33.5K 94
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
798K 48.2K 120
Y/N L/N is an enigma. An outgoing, cheerful, smiley teenage boy. Happy, sociable, excitable. A hidden gem in the rough of Japan's younger soccer pl...
63.5K 1.7K 33
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇, Victoria Perez goes to the love island villa to find love.