𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮...

By dillthv

1.5K 335 31

" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්න... More

Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
chapter 09

Chapter 01

322 51 10
By dillthv

වාහනේ තිරිංග තදකරන හඩ එක්ක ගෙදර ජනේල හරහා ආපු එලිය මැකිලා යනවත් එක්කම ඔහු ගෙදර ආපු බව හායූන් දැන ගත්තා.

" දෝ මින්.. අප්පා ආවා.. ඔයාට පුලුවන් ද දොර අරින්න."
හායූන් කුස්සියේ ඉදලා කෑගහද්දී සාලේ සොෆා එකේ හිටිය දෝ මින් ඉක්මනට දොර දිහාවට දිව්වේ තේහ්‍යුන් දොරට තට්ටු කරන්න කලින් දොර අරින්නයි.

" අප්පා..."
පුංචි දෝ මින් ඔහුගේ පුංචි අත් තේහ්‍යුන් දිහාවට දික් කරන ගමන් සතුටින් කෑ ගහද්දී තේහ්‍යුන්ගේ මූනේ ඇදුනේ උනුසුම් සතුටු හිනාවක්.
" මගේ පැටියා.."
ඔහු දෝ මින්ම අත් අතරට අරගෙන ඔහුගේ කම්මුල් වලින් උනුසුම් හාදු තවරව්වා.

"අප්පට මහන්සි ද.. මම වතුර එකක් ගේන්නද.."
තේහ්‍යුන් හිනා වෙලා ඔලුව වනද්දී දෝ මින් ඔහුගේ අත් වලින් බිමට පැනලා කුස්සියට දුවගෙන ගියා.
ඔහුගේ පුංචි ශරීරය නොපෙනකන් ඉදලා තේහ්‍යුන් හොද හුස්මක් පහත හෙලලා ගේ ඇතුලට ඇවිදන් ආවා.

තමන්ගේ දරුවා දකිද්දී තිබුන මූනේ හිනාව තේහ්‍යුන්ගේන් මැකිලා ගියා. ඒ වෙනුවට ඔහුගේ මූන සීතල ඉරියව් වලින් පිරුනේ තේහ්‍යුන් ඉස්සරහට ආපූ හායුන් නිසා.

" ඔයා වොශ් එකක් දාගෙන එන්න මම.."
හායූන් කියන්න ගිය දේවත් සම්පූර්ණ වන තුරුවත් බලාගෙන හිටපු නැති තේහ්‍යුන් ඔහුගේ කාමරය දිහාවට ගියේ හායූන් බර හුස්මක් පහල දාද්දියි.
තේහ්‍යුන්ගේ ඇස් වල හායුන් ව දකිද්දී තියෙන වෛරය සහ පිළිකුල් සහගත බව හැම වෙලාවේදීම ඇයට මතක් කරලා දෙනවා ඇය තේහ්‍යුන්ට කරන වැරුද්දේ බරපතලකම සහ ඇය ඔහුට කොයි තරම් වේදනාවක් දෙනවද කියන එක. තේහ්‍යුන් එක්ක හායුන් ගෙවන හැම මොහොතකදිම ඇය ඔහුගන් ටිකෙන් ටික ඈත් වෙනවා.

" එයා ගැනද කල්පනා කරන්නේ.."
හායුන් ගේ උරහිස් වලට තේහ්‍යුන්ගේ උනුසුම් හුස්ම වදිද්දී ඇය ඔලුව හරවලා ඔහු දිහා බැලුවා. ඔහුගේ තොල් වල රැදිලා තිබ්බේ විනෝදජනක නමුත් උපහාසාත්මක හිනාවක්.හායුන් ඔහුගේ ඇස් ඇතුලට කිදාබහිමින් හෙව්වේ නැති උන ආදරේ.. ඒත් ඒක පේනමානෙකවත් තිබුනේ නෑ.

"හ්ම්ම්ම්"
ඇය ඔහු දිහා බලලා මුමුනව්වා. තේහ්‍යුන් තවමත් ඇය දිහා සීතල බැල්මකින් බලාගෙන හිටියා. ඔහුගේ අත් හායුන් ගේ ඉන දෙපැත්තෙන් තද වෙද්දී ඇගේ සිනිදු හමට දැනුනා ඔහුගේ නියපොතු හම ඇතුලට තෙරපන බව.
" චරිතයක් නැති ගෑනී.."
තේහ්‍යුන් එහෙම මුමුනව්වත් ඒක ඇයට ඇහුනා. ඔහුගේ හිත වේදනාවෙන් පිරුනේ තමන් ලග ඉද්දී ඇය වෙනත් පිරිමියෙක් ගැන හිතන බව දැනෙද්දී.

" සූසාන් ඔයාට වඩා ගොඩක් හොදයි."
ඔහු ඇස් අඩවන් කරන ගමන් ඇය දිහා බලන ගමන් කිව්වා.

" මම දන්නේ නැති දෙයක් කියන්න."
හායුන් හිනාවක් දාන ගමන් වැලමිටෙන් තේහ්‍යුන්ව පස්සට තල්ලුකරා.ඇය තේහ්‍යුන්ගේ ඇස් වලින් මිදිලා අහක බලා ගද්දී ඔහු තරහින් දත්මිටි කන ගමන් අත මිට මොලව ගත්තා.

ඒත් තේහ්‍යුන්ට ඕනි උනේ නෑ ඇගේ බැල්ම ඔහුගෙන් මිදෙනවට. තේහ්‍යුන් ඇගේ අතින් අල්ලලා ඇයව ඔහු දිහාවට හරව ගනිමින් ඇයට ලං උනේ දෙන්නගෙම හුස්ම එකිනෙකාට දැනෙද්දී.
" ඔයාව කසාදබැන්ද එකට මම පසුතැවෙනවා කියලා ඔයා දන්නවද."
තේහ්‍යුන් ගැඹුරු කඩහඩකින් ඇහුවා.

" ඔයා දන්නවද මට සමහර වෙලාවට ඔයාව මරන්න හිතෙනවා."
හායුන් කට කොනෙන් හිනා උනා.

" මට උබව අප්පිරියයි.."
තේහ්‍යුන් , ඇය ව පිටිපස්සට තල්ලු කරද්දී ඇගේ පිටිපස්ස වැදුනේ පැන්ට්‍රි එකෙයි.

" එහෙනම් මාව ඔයාගේ ජිවිතෙන් අයින් කරන්න.."
හායුන් අහක බලා ගන්න ගමන් කිව්වා.

" ඇයි.. ඇයි මම එහෙම කරන්නේ. එතකොට ඔයාට ඔයාගේ බෝයිෆෙන්ඩ් එක්ක ගිහින් සතුටින් ඉන්න පුලුවන් නේ.. නෑ.. නෑ බබා.. මම ඒකට ඉඩ දෙන්නේ නෑ.. මම ඔයට සතුටින් ඉන්න දෙන්නේ නෑ.."
තේහ්‍යුන් ඇගේ නිකටෙන් තදින් අල්ලගත්තා.
" මම ඔයා මැරෙන හැටි බලාගෙන ඉන්නවා. මගේ සතුටු උදුරගෙන වෙන මිනිහෙක් එක්ක සතුටින් ඉන්න මම උබට ඉඩ දෙන්නේ නෑ.."
ඔහුගේ ඇස් තරහින් රතු වෙලයි තිබුනේ. හායුන් ට ඒ ඇස් දිහා කෙලින් බලන්න තරම් ශක්තියක් තිබුනේ නෑ. ඇගේ ඇග පන නැති වෙනවා වගෙයි ඇයට දැනුනේ. ඇය ඇස් වහගත්තේ ඔහුගේ බැල්ම මග අරින්නයි.

මාස තුනක්.. හායුන්ගෙයි තේහ්‍යුන්ගෙයි ජිවිත වෙනස් වෙලා දැනට මාස තුනක්...
ඔවුන් දරුවා එක්ක ගත කරපු සතුටු ජිවිතේ දැන් සීතක යුද්ධයක් වෙලා. වෙනදා ආදරණීය උනුසුම් රැයවල් අද එකිනෙකා සීතලෙන් වෙන වෙනම ගෙවලා දානවා. ඔහුන් දෙන්නගේ ඇස් අතර හුවමාරු උන ආදරේ වෙනුවට දැන් හුවමාරු වෙන්නේ වෛරය.

Flashback

" මට ඇත්තටම මේ ගැන බලාපොරොත්තුවක් දෙන්න බෑ හායුන්."
වෛද්‍යවරයාගේ බලාපොරොත්තු සුන් උන වචන වලට ඇගේ හදවත ව්දනාවෙන් බර උනා.
" ම..මට ජීවත් වෙන්න ඕනි."
ඇගේ කට හඩේ තිබුනේ වේදනාවයි.

" අපිට සමාවෙන්න හායුන් .."

හායුම් ඇගේ මොලයේ ගෙඩියක් තියෙනවා කියලා දැන ගෙන දැන් මාස තුනක් වෙනවා. ඒත් ඒකදැන ගන්න කොටත් ඇය ගොඩක් පරක්කුයි.

ඇගේ කම්මුල දිගේ ගලාගෙන ගිය කදුලු පිහදාන ගමන් ගෙදර දොර ඇරගෙන ඇතුලට ගියා.

" ඔයා කොහෙද ගියේ."
තේහ්‍යුන් තරහින් වගේම කනස්සල්ලෙන් එහෙම ඇහුවේ ඇය රෑ කෑම ගන්නවත් වෙලාවට ගෙදර ආපු නැති නිසයි.

හායුන් , තේහ්‍යුන්ට නොකියා ඇගේ වෛද්‍යවරයා හම්බවෙන්න නිතරම වගේ ගියා. එදත් ඇය ගෙදර යන්න පරක්කු උනේ ඒ නිසයි. ඒත් ඇය ට පරක්කු වෙන්න ඇත්තම හේතුව තේහ්‍යුන්ට කියන්න පුලුවන් කමක් තිබුනේ නෑ.

" මට වැඩ තිබ්බා තේහ්‍යුන්."
ඇගේ කඩහඩේ අමුතුම බයක් රැදිලා තියෙනවා කියලා තේහ්‍යුන්ට තේරුනා.

" මටයි දරුවටයි වඩා ඔයාට මොනවද වටින්නේ..අඩුම ගානේ රෑ කෑමටවත් එන්න බැරි තරම්..?"

" මට සමාවෙන්න "
හායුන් දැනන් හිටියේ නෑ තේහ්‍යුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා.

" බැරිවෙලාවත් ඔයා මට බොරු කරනවද.."
තේහ්‍යුන් වේදනාවෙන් වගෙම දෙගිඩියාවෙනුයි කතා කරේ.

එත් ඇගේ තොල් එකට තදකර ගන්න ගමන් බිම බලන් නිහඩ වෙද්දී තේහ්‍යුන්ගේ හිත වේදනාවෙන් මිරිකුනා. ඔහුගේ හදවතේ වේගය වැසිඋනා. ඔහුගේ හිත කිව්වෙම' මට එහෙම දෙයක් නෑ තේහ්‍යුන් කියලා කියන්න හායුන්' කියලයි. ඒත් තේහ්‍යුන්ට අහන්න ඕනි ඒ වචන ඇගේ කටින් පිට උනේ නෑ..

End of flashback

Y/n ගේ ෆෝන් එක නාදවෙනවත් එක්කම ඇය හරි සිහියට ආවා. ඇගේ ඇස් වල පිරෙමින් තිබුන කදුලු ටික ඉක්මනට හංග ගන්න ගමන් ඇය කෝල් එකට පිලිතුරු දුන්නා. ඇයට අඩන්න කාලේ නාස්ති කරනවට වඩා හුස්ම ගන්නයි කාලේ ඕනි උනේ.
" ඔව් ලීස්.."
ඇගේ කටහඩ මෘදු උනත් ඒකේ විඩාබරගතිය පිරිලා තිබුනා.

ඇය කෝල් එකේ ඉන්න අතර තුර තේහ්‍යුන් තෙත කොන්ඩේ පිහදාන ගමන් බාත්රූම් එකෙන් එලියට ආවා. ඒත් එක්කම ඔහුගේ අවදානේ ගියේ හායුන් ට.

"මම එන්නම්."

ඇය කියන දේ තේහ්‍යුන් හොදින් අහගෙනයි හිටියේ. හායුන් , ජනේලේ ලගට වෙලා තේහ්‍යුන්ට පිටිපස්ස හරවන් හිටපු නිසා ඇය දැක්කේ නෑ තේහ්‍යුන් ඉන්න බව.
තේහ්‍යුන්ගේ හකු එකට තද උනේ ඇගේ එයාගේ පෙම්වතා බලන්න යන බව දැනුන නිසයි.

ඇය කෝල් එක කට් කරලා ආපහු හැරෙද්දී එක පාරට ගැස්සිලා ගියේ තේහ්‍යුන් ඇය දිහා සීතල බැල්මේන් බලාගෙන ඉන්නවා දකිද්දියි.
ඇය ඔහුව ගනන් නොගෙන ඇගේ බෑග් එක අරගෙන කාමරෙන් එලියට යන්න හැදුවා.

"ඔච්චර ආසාවෙන්ද යන්නේ එයාව හම්බවෙන්න? හ්ම්ම්? ඔයා ඔයාගේ මහත්තයා දිහාවත් බැලුවේ නැ?"
තේහ්‍යුන් එහෙම කිය්ද්දී හායුන්ගෙ හදවත් වේගෙන ගැහුනා. ඇයට ඕනි උනේ නෑ තේහ්‍යුන්ගේ වේදනාවෙන් පිරුන කටහඩ අහන්න.. ඇයට ඕනි උනේ නෑ ඔහුට වේදනාවක් දේන්න. ඇයටඕනි උනා කෑ ගහලා කියන්න එයා තාම තේහ්‍යුන්ට ආදරෙයි කියලා. ඒත් ඇගේ දයිවය ඒකට ඉඩ දෙන්නේ නෑ. දැන් ඇයටඕනිකරන්නේ තේහ්‍යුන් තමන්ට වයිර කරනවා දකින්නයි.

" මට නැති එයාට තියෙන දේවල් මොනවද මිසිස් කිම්.."
තේහ්‍යුන් තරහින් ඇගේ අතින් අල්ල ගත්තා. එයා මිසිස් කිම් කියලා කතා කරද්දී ඇගේ හදවත් අඩාවැටුනා.ඒක ඇයට මතක් කරා ඇය තාම තේහ්‍යුන්ගේ බිරිද බව. තේහ්‍යුන්ගේ ග්‍රහනය ඇගේ අත වටේ ටික ටික තද උනේ ඔහුගේ හදවතත් ඒ වගේම වේදනාවෙන් මිරිකෙද්දී.

" ගනන් කරන්න බැරි තරම් දේවල්.."
හායුන් , තේහ්‍යුන්ගේ ඇස් දිහා බැලුවේ ඇගේ වේදනාත්මක ඇස් දෙක හංගගනිමින්.

" ඔයා ලැජ්ජා නැති ගෑනියක් හායුන්"
තේහ්‍යුන් තරහින් කෑ ගැහුවා.

"ඔයත් එහෙමනේ තේහ්‍යුන්.. ඔයාටත් පෙම්වතියක් ඉන්නවා.."
ඇය කට කොනෙක් හිනා උනා. ඒත් ඇගේ හදවත ගොඩක් රිදුනා. තමන්ගේ ස්වාමිපුරුෂයා වෙන කෙනෙක් එක්ක ඉද්දී , ඒ කෙනාගේ සුවද තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඇදුම් වලිම් එද්දී ඇයට ඒක දරා ගන්න අමාරුයි.

" අපේ රිලේශන්ශිප් එක ඔයාගේ වගේ නෙමෙයි. ඒක වෙනස්.. එයා ඔයාට වඩා ගොඩක් ලස්සනයි.. සෙස්සි.. ඔයාට එයාට ලං වෙන්නවත් බෑ."

" මම දන්නේ නැති දෙයක් කියන්න.."
හායුන් , තේහ්‍යුන්ගේ ග්‍රහනයෙන් තමන්ගේ අත ගලව ගන්න ගමන් හිනා උනා. ඇය ආපහු හැරිලා යන්න ගියත් ආපහු වතාවක් තේහ්‍යුන් ඇයව නවත්තව්වා.

ඇගේ කම්මුල් දෙපැත්තෙන් තදින් අල්ල ගත්ත තේහ්‍යුන් ඇයව ලගට ඇදලා ගත්තා. දෙන්නගෙම හුස්ම එකට මිශ්‍ර වෙද්දී දෙන්නම එකිනෙකාගේ ඇස් වල ගැඹුරටම ගියා.
තේහ්‍යුන්ගේ ඇස් ඇගේ මුහුන පුරා දිව්වා. රෑට නිදා ගන්න කලින්, උදේට නැගිට්ට ගමන් ඔහු දකින්න ආසම කරේ හායුන්ගේ මූන. ඔහු ආස කරා ඇය ඔහුට දෙන සරාගී හාදු වලය. ඇගේ ඇගිලි ඔහුගේ ඇග පුරා දුවද්දී දැනෙන ගැහීමට ඔහු ආදරේ කරා. ඔහු ආස කරා ඇගේ උනුසුමට.

එකිනෙකාගේ ඇස් දිහා බලාගෙන ඉන්න වෙලාවේ කාමරේ පුරාම තිබ්බේ ලොකු නිහඩබවක්. දෙන්නගෙම හිත් වේදනාවෙන් පිරුනත් ඒවා ඇතුලේ එකිනෙකා ආදරෙත් පිරිලා තිබ්බා. තේහ්‍යුන්ගේ අත් ඇගේ කම්මුල් වලින් ඈත් වෙලා ඇගේ ඉන වටේ එතුනා.

තේහ්‍යුන්ගේ ඇස් ඇයට කිව්වේ යන්න එපා කියලයි. ඇයට ඒක හොදින් තේරුනා. ඔහු කැමති උනේ නෑ ඇය ඈත් වෙනවට. තේහ්‍යුන්ගේ තරහින් පිරුන ඇස් ටිකෙන් ටික මෘදු වෙද්දී හායුන් බය උනා. ඇයට ඕනි උනේ තේහ්‍යුන් ඇයට වෛර කරනවා දකින්න.

"මම-මට පරක්කු වෙනවා"
ඇගේ කටහඬ වෙව්ලන්නට ගත්තා, හායුන්ට ඕනි උනා තේහ්‍යුන් තරහින් කෑ ගහලා ඇයට යන්න කියනවා අහන්න.

ඒ වෙනුවට සිද්ද උනේ තේහ්‍යුන්ගේ නලල ඇගේ නලල මත ස්පර්ශ උන එකයි.
ඔහුගේ අත ඇගේ කම්මුල මත නතර උනා.
" යන්න එපා.."
හායුන් ගේ හදවත කඩන් වැටුනා. අයට දනුනා හදවතට පිහිතුඩකින් අනිනවා වගේ.

" එයා මම එනකන් බලන් ඉන්නවා."
ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා.
තේහ්‍යුන් ඇගේ ඉන වටේ තිබ්බ ග්‍රහනය තවත් වැඩි කරා.

" මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා හායුන්.."

තේහ්‍යුන්ගේ වචන නිසා ඇය වෙව්ලන්න ගත්තා. ඇයට හිතුනා ඔහුගේ තොල් අල්ලගෙඅ අවසානයක් නැති හාදුවකට යන්න. ඒත් අවාසනාවකට ඇයට ඒක කරන්න බෑ. ඇගේ ඇස් වලට කදුලු උනන්න ගත්තා. ඒ එක්කම ඇය තේහ්‍යුන්ව පස්ස්ට තල්ලු කරලා මොහොතක් වත් රැදෙන්නේ නැතුව කාමරෙන් එලියට ආවා.

•.¸♡ - ♡¸.•

කතව ගැන මොකද හිතෙන්නේ.

Continue Reading

You'll Also Like

407 58 5
Don't copy my work 🚫 This is mainly based with author's imagination.....so there is no relation with real life....hope you'll enjoy!!
5.6M 230K 68
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
124K 2.1K 39
When a young girl is caught doing illegal activities she is brought in for interrogation, but it turns out one thing links to another and she finds h...
236K 2.6K 22
I have found an ideal life. I have a loving husband, no work and no danger. This is exactly what I wanted when I ran away and changed my identity. Bu...