මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
නෙතූ අක්ක ගොලු වෙලා...... ඒ ඇස් වලින් කදුළු කඩාගෙන වැටුන. ..... ඒත් ...... මම දැන් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තොත් ජීවිත කාලෙටම මට විතරක් නෙමෙයි ඔයාගෙ මල්ලිටත් විදවන්න වේවි ...... මගෙ ලග තියෙන වටිනම දේ එයාගාව තියල මම ආව....... මම නැතත් ඒදේ හැමදාම උඹට විතරක්ම වෙලා තියේවි රත්තරන්......... ඒ කවදාවත් විදින්න බැරිවුන කියාගන්න බැරි වුන මගෙ ආදරේ........ ගලන්න හදන කදුළු හදවතේම ගල්කරගත්ත මන් වාහනේට නැග්ගෙ ආයෙමත් එක සැරයක්වත් ඒ පැත්ත නොබලමයි..........
*************************************
මෙච්චර වෙලා හිර කරගෙන හිටිය කදුළු එක පෙලට කඩාගෙන වැටෙද්දී මම ෂටර් එකෙන් එලිය බලාගත්ත...... ......ඒ අස්සෙන් ඩ්‍රයිවර් සැරින් සැරේ මන් දිහා බලන් එක එක ඒව ඇහුවා......... මම කොහෙද ඇහුව.....කොහෙටද යන්නේ ඇහුවා. ........ අවසානෙට මගෙම හිතේ ඉතුරු වුනේ එකම එක ප්‍රශ්නයයි....... මම කොහෙද යන්නේ. ......... මහ සාගරයක් වගේ ගෙදරක් තියෙන මම කොහෙ යන්නද කියල මගෙන්ම ඇහුවා. ...... ගෙදර....... මගෙ ජීවිතේ දුක්බර මතකයන්ගෙන් විතරක් පිරැණු තැනක් විතරක් වෙලා........ යන්න පුළුවන්. ...... ඒත් කොහොම ඉන්නද.......... වෙන කොහේ හරි යන්න මට ඕන උනා... .... කවුරැත් නොදන්න මතකයන් නැති තැනකට යන්න මට ඕන උනා. ............ hanthana Holly day resort ....... රත්තරන් පාටට ලොකු අකුරින් ගහල තිබුනු නම හිත යටින් මම ආයෙමත් කියෙව්වා. .......... හන්තාන ........... දවසක ඔයත් එක්කම මට එන්න ඕන උනා.... හැමෝම හරි ආදරණීයයි කියල කියන ඒ හන්තාන ආදරේ විදින ගමන්ම මට බලන්න ඕන උනා...... ඒක එදා මට බලාපොරොත්තුවක්........ ඒත් අද හීනයක් විතරක් වෙලා..... .... රෑම් එකක් බුක් කරගත්ත මම රෑම් එකේ යතුරත් අරගෙන ඇදුම් බෑග්ගයත් අරගෙනම රෑම් එකට ගියා..... . ...... මගෙ සාක්කුවෙ තිබුන පෝන් එක අතට ගත්ත මන් අවසාන වතාවට ලොක් ස්ක්‍රීන් එකේ තිබුන එයාගෙ රෑපෙ දිහා බැලුව. ......
... ....... පෝන් එක ඕෆ් කරල දාල සිම් එකත් ගලවල දැම්ම මම ඇදේ දිගැඇරැන........
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ ....
හිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කරේ......
සද රාජීණී නුඹයි මගේ හද මන්දිරේ.....
සදා වෙනස් නොවේ මගේ ආදරේ......
ඈතින් ඇහෙන සින්දුවේ ඒ පද පේලි ටික මගේ හදවතට කතා කරා වගේ දැනුන. ....... ..... ..... ලස්සන පරිසරයක් තිබුනත් පහලට ගිහින් ඇවිදින්නවත් හිත නොදුන්න තැන මම එහෙමම ඇදටම වෙලා උන්න . ......
මගේ ගෙදර ...... කොහෙගියත් ආයෙමත් නවතින්න වෙන එකම තැන. ........ ඉස්සර මම කොහෙ ගියත් ගෙදරින් පිට දවසක් ඉන්න අකමැති වුන කොට කොහෙ හිටිය උනත් ගෙදරටම දුවන් ආව... ....... ඒත් දැන් හිතක් නෑ....... මන් එනකන් බලන් ඉන්න කෙනෙක් මට දැන් නෑ............ මගෙ අම්ම අප්පච්චිගෙ මතකයන් වගේම ආච්චි අම්මගෙ මතකයන් ගෙනුත් මේ ගෙදර පිරිල ගිහින්. ........ බැලුව බැලුව අත මට මගෙ පරණ මතකයන් විතරක්ම ඇවිස්සෙද්දී මම මගේ කාමරේ හොයන් ආව....... මම නැති කාලෙ උනත් මැගි අම්මා ගේ හරි පරිස්සමට බලාගෙන තිබුන ....... බඩු අස් කරල මම පහලට බැස්සෙ ඇවිදින්න. ..... ... ...... ...... අපේ ගෙදර වත්තෙම කොනකට වෙන්න හදල තිබුන ගෙදරකම ජීවත් උනු මැගිඅම්මවගේම එයාගෙ මහත්තයා උණු පියදාසමාමාත් මම පොඩි කාලෙ ඉදලම වගේ ආචු ගාව උන්න..... හරියට පවුලෙම කෙනෙක්ට වගේ ආචු එයාලට සැලකුවා... මැගි අම්ම සිරිපාල මාමට බත් කවනව....... .... මට නොලැබුන ආදරේ නිසාමද කොහෙද මම හැමතැනම ආදරේ හෙව්වා. .......... ලමයි නැතත් ඒ දෙන්න ආදරෙන් උන්න විදිය දැක්කම මගෙ ඇස් වලට කදුළු ඉනුව. ...... අපිටත් ඉන්න තිබුන. .... හරියට ඒ වගේම. ........
" පොඩි මහත්තයා ......... "
මාව දැකල සිරිපාල මාමගෙ අතට බත් එක දුන්න මැගි අම්ම කලබලෙන් මං ලගට ආව.......
"මැගිඅම්මා.... කොහොමද හොදින් ඉන්නවද...... "
"අනේ ඔව් පොඩි මහත්තයා. ...... . මහත්තයාලගෙ පිහිටෙන් තමා ඉතින්. ........මේන්න මහත්තයෝ මට දීල ගිය ගෙයි යතුර.......මොකුත් අඩුවක් නැතිව ඔක්කොම ගෙදර ඇති මහත්තයෝ.......... "
" මැගි අම්ම එහෙම කෙනෙක් නෙමේ කියන්න මම දන්නවා. ...... "
ඇත්තටම පොහොසත් මිනිස්සු ගාවවත් නැති මනුස්සකමක් සමහර දුප්පත් මිනිස්සු ගාව තිබුන .......... කොච්චර සල්ලි තිබුනත් තව තවත් ගොඩ ගහගන්න හදන මිනිස්සු ඉන්න සමාජෙ තමන් අවංකව හරි හම්බකරන් තියෙන විදියට එදා වේල කාල ජීවත් වෙන මිනිස්සු උන්න. ........ මැගි අම්මත් එයින් කෙනෙක්. ..... .......
"පොඩි මහත්තය දවල්ට කාලද ඉන්නෙ. ...... . මොනාහරි උයල දෙන්න ද... "
" එපා මැගි අම්ම..... දැන් බඩගිනි නෑ ...... රෑටම කමු .... .. "
" හොදයි පොඩි මහත්තයා. ...... ආ.....මේ..... පොඩි මහත්තයා ආවම කියන්නම කියල මම උන්නෙ....."
" මොකද්ද මැගි අම්මෙ..... "
" අපෙ ලොකු නෝනෙ නැතිවෙන්න කලියෙන් මට මේ..... පොඩි පාර්සලයක් දෙන්න කීව පොඩි මහත්තයාට...... "
"පාර්සලයක් .....?"
" අනෙ ඔව් පොඩි මහත්තයා..... මම කිව්වා ඒත් ලොකු නෝනෙටම පොඩි මහත්තයාට දෙන්න තිබුනනෙ කියල...... ඒත් මට කීවෙ පරිස්සමට මේක තියාන පොඩි මහත්තයාගෙ අම්මයිගෙයි තාත්තගෙයි දානෙ දවසට දෙන්න කීව...... පොඩි මහත්තයගෙ අතටම තමයි දෙන්න කියල කීවෙ..... ආයෙමත් පොඩි මහත්තයා යයි කියල සැකේට තමා කෝකටත් කියල මම ඔය වගක් කීවෙ දැන්. ..... "
" කවද විතරද ආච්චි අම්ම....... මැගි අම්මට ඕක දුන්නේ....... "
" ලොකු නෝනෙ නැතිවෙන්න දවස් තුනහතරකට විතර කලියෙන්..... එවෙලෙ පොඩි මහත්තයා ගෙදර හිටියෙ නෑ. ........... එදා ලොකු නෝනෙගෙ හත්දොහේ දානෙ තිබුන දවසට පස්සේ දවසෙ මම ඕක දෙන්න එද්දී පොඩි මහත්තයාල යන්න ගිහින්. ....... "
" මැගි අම්ම ...... කෝ දැන් ඒක... .. "
" ඔහොම පොඩ්ඩක් ඉන්න පොඩි මහත්තයා ..... මම අරන් එන්නම්......."
ඇයි ආච්චි අම්මා ඒක මැගි අම්මට දීල ගියෙ. .... අනික අම්ම අප්පච්චි නැති උන දවසෙම. ....
" ආ ..... මේ.....මේක...තමයි පොඩි මහත්තයෝ..... "
පොඩි පාර්සලයක් මගෙ අතට දුන්න මැගි අම්ම යන්න යද්දි පාර්සලයත් අතට ගත්ත මන් මගෙ රෑම් එකට ආව......ආව නෙමේ ඇත්තටම එවුන..... උඩින්ම තිබුන ඉටි කවරෙ ගවල අයින් කෙරැව මම ඉතිරි කවරෙත් ඉරල දැම්ම. .....
"ඩයරියක්....... තව පෙන්ඩ්‍රයිව් එකක්..... "
කවදාවත් ...කවම කවදාවත් නොදැක්ක ආචුගෙ අකුරින් ලියවිල තිබුන ඩයරිය උඩින්ම නමත් එක්ක දිනයක් ලියවිලා තිබුන... .. ඒ මගෙ ආචු සීයව මැරි කරන්නත් කලියෙන් ලියල තිබුන ඩයරියක්. ........ මම කියෙව්වා. .... ඇස් දෙක පොත් පිටු අතර හරි වේගෙන් දුවල යද්දී එක තැනකදි මගෙ ඇස් දෙක වගේම හිතත් නැවතුන.... ........ ඒක තනිකරම පාපොච්චාරණයක්.......
කවදාවත් හිතල නොකෙරැව වැරැද්දක් නිසා මම හිතුවෙ නෑ අපි තුන්දෙනාගෙම ජීවිත මේ විදියට වෙනස් වෙයි කියලා. ....... එදා හොදටම වැස්ස දවසක් ..... දයේ හොදටම එදා බීල හිටියෙ.... හොද සිහියක් නැති හින්දා වගේම ආපහු ගෙදර යැව්වත් රානි ගෙදර නැති හින්දා මම මගේ ගෙදර දයේට නවතින්න දෙන්න හිතුවා. ....... ඒත් මගේ තුන් හිතකවත් පවුලක් කඩාඉහිරවන්න තිබුනෙ නෑ. ......... දයේ හදිසියේම එයා නිදාගෙ උන්න කාමරෙන් නැගිටල මිදුලෙ බෙන්ච් එක උඩට වෙලා ඉන්නව දැක්ක...... මමත් එලියට බැහැල ගියේ දයෙත් එක්ක ටිකක් කතා කරන්න හිතාන . ............ ඒ වුනත්. ..........
😊 සහසක් ලමායි. ....... හි...හී
😁ඔයාල හිතන්නේ පෙන්ඩ්‍රයිව් එකේ මොනා තීන්න ඇත්ද... ආ..........