HEALER: The One Who Can Heal...

By blueberriemoody

25.2K 5K 1.5K

YiZhan💚❤️ "අපි දෙන්නා ආපහු පාරක් මුණගැහුනොත්, මන් පොරොන්දු වෙනවා ආය කවදාවත්ම ඔයාට කරදරයක් වෙන්න දෙන්නේ නැතු... More

EP00
EP01
EP02
EP03
Discussion 01
EP04
EP05
EP06
EP07
EP08
EP09
EP10
EP11
EP12
EP13
EP14
EP15
EP16
EP17
EP18:Wang Yibo's Dream🔞🫦
EP 19:Xiao Zhan's Dream🔞🫦
EP20
EP21
EP22
EP23
EP24
EP25
EP26
EP27
EP28
EP29
EP30
EP31
EP32
EP34
EP35
EP36
EP37
EP38
EP39
EP40
EP41
EP42
EP43
EP44
EP45
EP46
EP47
EP48

EP33

344 88 20
By blueberriemoody

Xiao Zhan's Pov:

නිවාඩු දුන්න සතිය ඉවර උනේ අපි හිතුවේවත් නැති තරම් ඉක්මනට!!

Ayiaaaaa!!

ආය ස්කෝලේ පලයන්කෝ දැන්!

මන් ලෑස්ති වෙලා බස් හෝල්ට් එකට එද්දී බස් එක එන්න ඔන්න මෙන්න වගේ තිබ්බේ!

මන් දුවගෙන ආපු නිසා බස් එක හෝල්ට් එකට එන්න කලින් මට එතනට එන්න පුලුවන් උනේ හොදවෙලාවට!

එතන තිබ්බ කණුවකට හේත්තු වෙලා මන් හති ඇර ඇර හිටියේ මන් ඉක්මනට දුවගෙන ආපු නිසාම.

මන් පොඩ්ඩක් වට පිට බල බල ඉන්නකොට මන් දැක්කා හෝල්ට් එකේ තිබ්බ සිමෙන්ති බංකුවේ කෙලවරට වෙන්න ඉදගෙන හිටිය චූටී නන්ගී කෙනෙක්!

එයා ඔහේ බලාගෙන එතන ඉදගෙන හිටියේ ඇස් පිල්ලන් වත් ගහන්නේ නැතුව වගේ!!

මන් ටික වෙලාවක් පුදුම වෙලා බලන් හිටියේ, ඒ නන්ගී හරියට පිලිමයක් වගේ! කිසීම හෙල්ලීමක්වත් නෑ!!

යුනිෆෝම් එකේ හැටියටනම් අපේ ස්කෝලේ ලමයෙක්!!

වටපිටාවේ වෙන කිසි දෙයක් ගැන කිසිම සැලකිල්ලක් නැතිව ඔහේ ඉදගෙන මොනා කරනවද මන්දා?

මගේ අවදානේ ඒ නන්ගිගෙන් අයින් උනේ බස් එක ආපු නිසාම.

හෝල්ට් එකේ එච්චර කට්ටිය හිටියේ නැති නිසා වැඩිය බස් එකෙව් උනත් අද කිසිම තදබදයක් නෑ!!

අනිත් අය වගේම මාත් ඉක්මනට බස් එකට නැගලා ගිහින් ශීට් එකක ඉදගෙන ජනේලෙන් එලිය බැලුවට පස්සේ මන් දැක්කා අර නන්ගී තාම අතනම ඉදගෙන ඔහේ බලන් ඉන්නවා කියලා.

අද ස්කෝලේ යන්නැද්ද මේ කෙල්ල??

ලමයි නැග්ගට පස්සෙ බස් එක අද්දන්න යද්දීම මන් ඉක්මනට ඩ්‍රයිවර් අන්කල්ට කියලා බස් එක නවත්තලා, පොඩ්ඩක් ඉන්න කියලා බැහැලා ගියේ අර නන්ගී ගාවට!!

"නන්ගී?? බස් එක යන්න කලින් එන්න ඉක්මනට නගින්න" මන් එහෙම කිව්වත් ඒ නන්ගී හැරිලා මන් දිහා බැලුවේ නෑ.

මන් කියපු දේට කිසි ප්‍රතිචාරක් එයාගේ ආවේ නෑ!!

ඒ නිසාම මන් ආපහු පාරක් කතාකරා!!

"නන්ගී!?? ස්කෝලේ යනවානම් එන්න! මේක පහු උනොත් ඔයාට ස්කෝලෙව් යන්න බැරිවෙයී!!"

එත් කිසි ප්‍රතිචාරක් නෑ!!

මන් තවත් බල බල හිටියොත් නම් මාවත් දාලා බස් එක යයී වගේ. ඒ නිසාම මම අර නන්ගිගේ අතට පොඩි තට්ටුවක් දාලා ආපහු කතා කරා!

"නන්ගී!!!!!"

එ එක්කම වගේ ඒ නන්ගී උඩ ගිහින් මන් දිහා බැලුවා!!

ඒ උන දේට මාත් උඩ ගියා!!

ඒ නන්ගි ටික වෙලාවක් ඇස් දෙකත් ලොකු කරගෙන මන් දිහා බලන් ඉදලා ආපහු වට බලලා එකපාරටම නැගිට්ටා!!

ඊටපස්සෙ මොකුත් කියන්නැතුව ඉක්මනට දුවගෙන ගිහින් බස් එකට නැගලා ශිට් එකකින් ගිහින් ඉදාත්තා.

මන් මේ ඔක්කොම බස් එකෙ එලියේ ඉදන් කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් හිටියා මිසක් උන දේනම් මට හිතාගන්න බැරි උනා.

තවත් පරක්කු වෙන්නෙ නැතුව මාත් ගිහින් බස් එකට නැග්ගට පස්සේ බස් එක ආපහු යන්න පටන් ගත්තා.

මන් හිටියේ හිටගෙන! අර චූටි නන්ගී ශීට් එකක ඉදගෙන එතන තිබ්බ ජනේලෙත් ඇරගෙන ඔලුව හේත්තු කරගෙන එලිය බලාගෙන හිටියේ කිසිම හැගිමක් නැතුව.

ඒ නන්ගිට තිබ්බේ එයාගේ උරහිස ගාවට වගේ වෙන්න කොණ්ඩයක්!! කොට කොන්ඩයක් උනත් ඒ කොන්ඩෙන් භාගයක් විතර එ නන්ගිගේ මූන වහාගෙන තිබ්බේ!!

අනේ දෙයියනේ මේ චුටී කෙල්ලට මොනා වෙලාද??

බස් එක ගිහින් ස්කෝලේ ලග හෝල්ට් එකේ නැවැත්තුවාට පස්සේ මන් හිතුවේ ඉස්සෙලා වගේ බස් එකෙව් ඉදගෙන ඉදියි කියල.

ඒත් නෑ!!

බස් එක නවත්තපු ගමන් එතනින් ඉක්මනට නැගිටලා ඇවිත් බස් එකෙන් බැහැලා ඉක්මනට ඇවිදගෙන ගියේ ස්කොල් පැත්තට!!

මාත් එහෙම්ම බස් එකෙන් බැහැලා ගියෙව් ස්කෝලේ පැත්තට!

මන් අපේ පන්තියට යනකොට යීබෝ ඇවිල්ලා හියියේ!

"ගුඩ් මෝනිම් zhan zhan!!!"

"ගුඩ් මෝනිම් යීබෝ......."

අපිට විභගේ ඉවර නිසා ඊලගට තිබ්බේ එක එක ප්‍රොජෙක් සම්පූර්ණ කරන්න!!

ඒක තමා එපා වෙන්නේම!

හැම අවුරුද්දකම අපිට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙනවාමයී!

මේ පාර මොකක්ද දන්නෑ!!

අනේ විකාරයක් නම් එපා!!

අපිට ගිය අවුරුද්දේ තිබ්බේ ඇන්තූරියම් පැල හදන්න!!

WTH!!!!!!

මන් නම් ආසම නෑ ඇන්තූරියම් වලට!! බොරු මල් වගේ!

ප්ලාස්ටික් කෑලි වගේ!!

සමහර අයනම් පිස්සු වැටිලා ඉන්නේ ඇයිද කියලා හිතාගන්නවත් බෑ මට නම්!

"ලමායී, මේ පාර ප්‍රොජෙක්ට් එකටනම් ඔයාලා ගොඩක් කැමති වෙයී!!!" අපේ පන්තිභාර ටිචර් කිව්වෙ හිනා වෙන ගමන්ම!!

ඒත් පන්තියේ කිසිම ලමයෙක් ඒක දැනගන්න ඕනී කමක් තිබ්බේ නෑ!

මොකද හැම අවුරුද්දෙම ඇවිත් කියන්නේ ඔය වාක්‍යම තමයී!!

ඊටපස්සෙ විකාර ප්‍රොජෙක්ට් එකක් ගැන කියලා යනවා!!

ඒ නිසා අපි වැඩිය ඒක්ට සැලකිල්ලක් පෙන්නුවේ නෑ!

"කො ඉතිම් කාටවත් දැනගන්න ඕනි නැද්ද???" ටිචර්ගේ හිනා මූන ටිකක් නැති වෙලා ගිහින් ටිචර් කතා කරා!!

ඒත් ලමයි මොකුත් කිව්වෙ නා!!

සමහරක් ලමයී ඩෙස් එකේ ඔලුවත් තියාගෙන හිටියේ!!

"ඔයාලා පසුතැවෙයි මන් කිව්වට පස්සේ!!"

ටිචර් ප්‍රොජෙක්ට් එකෙ ෆයිල් එකෙන් ඩෙස් එකට ගහන ගමන් කිව්වා.

"අපිට මේ පාර ප්‍රොජෙක්ට් තමයී.............."

"ට්‍රිප් එකක් යන්න..........."

ටිචර් හයියෙන් කිව්වේ ෆයිල් එකත් උඩට උස්සලා පෙන්නන ගමන්ම!

. . . . . . . . . . . . .

ටික වෙලාවක් මුලු පන්තියම නිශ්ශබ්ද වෙලා ටිචර් දිහා ඔලුව උස්සලා බැලුවේ පුදුමෙන්!!

ඇත්තටමද ???

මේ පාර ට්‍රිප් එකක්ද???

වාව්!!!!

සුපිරිනේ!!!!!

"වාව්ව්ව්ව්ව්ව්!!"

පන්තියේ ලමයි ඔක්කොම එකට්ම වගේ කෑගැහුවේ සතුටටම!!

මේ වගේ චාන්ස් එකක් සෙට් වෙන්නේ අහම්බෙන් ඉතිම්!

"මේ පාර තියෙන්නේ අපිට විනෝද චාරිකාවක්! මේකේ අරමුණ තමයී ඔයාලගේ කායික, මානසික හා ආධ්‍යාත්මික සෞඛ්‍ය ඉහල මට්ටමකට ගන්න එක!!"

නිදන් හිටිය අයත් නැගිටල අහන් හිටියේ ටිචර් කියන දේ!!

"අපිට තියෙන්නේ නම් කන්දක් නගින්න! මට දැනගන්න පුලුවන් උන විදිහට නම් ඒහේ මාරම ලස්සනයි ලූ!! ඔයාලට තව මොනාහරි දැනගන්න ඕනී නම් ස්කෝලේ වෙබ් සයිට් එකට ලොග් වෙලා බලාගන්න පුලුවන්!!"

ටිචර් එහෙම කියපු ගමන් සමහරක් ලමයී ෆෝන් එක ඇරන් එවෙලේම බලන්න පටන් ගත්තත්!!

"හරි දැන් ඒක ගැන ඇති!! ෆෝන් දාගන්න ඇතුල්ට! අපි පාඩම පටන් ගමු!"

ටිචර් එහෙම කියලා පොත පෙල්ලගත්තේ පාඩම පටන් ගන්න!!

ඒ උනත් දැන් ඔහොම දෙයක් කිව්වාට පස්සේ ලමයී ඉගෙනගනියි ඇයී???

කොහොම කොහොමහරී පීරියඩ් ටිකත් ඉවර වෙලා ඉස්කෝලේ අරින වෙලාවත් ආවා!!

"Zhan zhan, මාත් එනවා අද ඔයා එක්ක බස් එකෙ යන්න!!"

අපි දෙන්නම බස් හෝල්ට් එකට ගිහින් ඉදාත්තේ බස් එකක් එනකම්!!

අපි දෙන්නා එතන ඉදන් ඉද්දී අර මන් උදේ දැක්ක නන්ගීත් ඇවිත් යිබෝගේ එහා පැත්තෙන් ඉදගත්තා!!

එයාගේ කිසි වෙනසක් නෑ! උදේ වගේමයී! ඔහේ ඉදන් හිටියා!!

ඇත්තටම මොනා වෙලාද මේ නන්ගීට!

"Zhan zhan???" යිබෝ එකපාරටම මගෙන් ඇහුවේ මන් අර නන්ගී දිහා බලන් හිටපු නිසා වෙන්න ඇතී!

"ඕඕඕඕ??"

"මොනා බලන්නේ??"

"අර නන්ගී දිහා! එයාව මන් අද උදේ දැක්කා. ඇයිද දන්නෑ ඔහොම ඉන්නෙ! ඒකයි බැලුවෙ!"

මන් එහෙම කියපු නිසාම යීබෝත් ලාවට වගේ හැරිලා බැලුවෙ එ නන්ගි දිහා.

"එයා දුකෙන් වගෙ නේ!!"

යිබො මන් දිහා හැරිලා බලන ගමන් කිව්වා!

"හ්ම්ම්ම්....මටත් හිතුනා!"

එ එක්කම වගේ බස් එක ආපු නිසා මායි  යීබෝයි නැගිට්ටා!

මන් ඒත් බැලුවෙ අර නන්ගි දිහා! එයා තාම ඉදගෙන හිටපු තැනම!

මට කලින් යීබෝ ඉස්සර වෙලා ඒ නන්ගිට කතාකරන්න හැදුවත් එයා ඉක්මනට නැගිටලා බස් එකට නැගලා ගිහින් ඉදගෙන උදේ වගේම ඔලුව හේත්තු කරගෙන ජනේලෙන් එලිය බලන් හිටියා.

මායි යිබෝයි දෙන්නමත් නැගලා පිටිපස්සෙ ශීට් එකේන් ඉදගත්තා.

"Zhan zhan, මන් ඔයාව ගෙදර ගිහින් දාන්න එන්නම්!"

"ඒ ඇයී......"

"ඒ ඇයි කියන්නේ? එන්න එපාද?"

"එක්ට කමක් නෑ යිබෝ...මට තනියෙන් යන්න පුලුවන්!!"

මන් එහෙම කිව්වාට පස්සේ යීබෝගේ මූන දෙක උනා!😂

බලන්න වටිනවා‍!

"Zhan zhan, ඔයා වෙනස් වෙලා!! ඔයා කලින් ඔහොම නෑ!" යිබෝ අඩන්න වගේ බොරුවට මූණ හාදාගෙන වගේ!

අඩේ මට බැරියෝ........hahahahahaha!

මූන තමයි බලන්න වටින්නේ! Haha

"ඔයා ඉස්සර කැමතියි මන් ඔයා එක්ක එද්දී! දැන් මොනා උනේ එකපාරටම!! මාව එපා වෙලාද!"

හම්බෝ!! මේ කෝලම!!

දැන් ඇති ඔය කිඹුල් කදුලු!!

අනේ මට බෑ තවත් නම් හිනාව නවත්තන් ඉන්න.

Hahaahahahaha!!!!

"අම්ම්බෝ.....මන් විහිලුවක් කරේ😂 ඔය බොරු ඇඩිල්ලට මන් රැවටෙන්නෑ හරිද😂😂😂"

"හී.........."

යීබෝ හිනවෙලා මගේ අත අල්ලගත්තේ මගේ උරහිසට හේත්තු වෙන ගමන්ම!!

තව විනාඩි පහලවකින් විතර බස් එකේ හෝල්ට් එකේ බස් එක නැවැත්තුවාට පස්සේ මායි යීබෝයි වගේම අර නන්ගිත් බැස්සා.

එ නන්ගි ගියේ අපි යන පැත්ත්ට අනිත් පැත්තට නිසා අපි දෙන්නා ආවා ගෙදර යන්න්!

අපි අපේ ගෙදල් පාරට වැටුනට පස්සෙ යීබෝ එකපාරටම ම්ගේ අතෙන් අල්ලගෙන මන් දිහා බලන් හිනා උනා.

"මෙහෙම යන්කෝ...මන් මාරම ආසයී ඔයාගේ මේ චුටි අතට"

ඇත්තටම කිව්වොත් මාත් ආසයි මෙහෙම අත් අල්ලන් යන්න.

මගේ අත සෑහෙන්න පොඩියි තමයි යීබෝගේ අත එක්ක බලද්දී නම්.

ඒක සෑහෙන විසාල අතක්!💀

"....."

ඒ එක්කම වගේ මට දෙයක් මතක් උනා!

අතේ සයිස් එකෙන් කියන්න පුලුවන් අහවල් එකේ සයිස් එක!!

AHHHHHHRHGRRRHHRGHHRH!!

මොන මගුලක්ද මන් හිතන්නේ!!!

හත්තික්කෙ!!

මට අසහනේද කොහෙද!

මන් කලින් මෙහෙම නෑ!

ඔයා හරි යීබෝ මන් වෙනස් වෙලා තමයි !!

මන් තරම් අසහනකාරයෙක් වෙන කොහෙවත් නැතුව ඇතී.

සැක්කා!!

හොදවෙලාවට මන් හිතන දේවල් වෙන කාටවත් ඇහෙන්නේ නැත්තේ!

අපි දෙන්නා ඒ වෙනකොටත් ගෙදර ලගට ඇවිත් හිටියේ!

"බායී..zhan zhan"

"බායී...පරිස්සමට යන්න යීබෝ..."

"හ්ම්ම්ම්!!"

මන් එතන නැවතිලා බලන් හිටියේ යීබෝ යනකම්.

ඒත් යිබො තාමත් මන් ඉස්සරහා හිටගෙන බලාගෙන ඉන්නවා.

"යන්නැද්දෝ..........."

එ එක්කම වගේ යීබෝ වටපිට බලලා නැමිලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා😚

☺️

"මන් යන්නම්!....."

අනෙ අම්මාපා මේක පාර‍!!

"හ්ම්ම්.......බායී............."

මන් ඉක්මනට හැරිලා ගියේ ගෙ ඇතුල්ට!!

••••••••••••••••••••••••••••••••••>

හැමදාම වගේ කියවන කමෙන්ට් කරන වෝට් කරන හැමෝටම ගොඩාරියක් තැන්ක්‍යු වගේම අලාවියෝ❤️

-blueberriemoody

Continue Reading

You'll Also Like

654 114 11
" මෙහෙම අවසානයක් අපි කොහෙත්ම හිතුවේ නෑ නේද " " ම්ම්.. ඒත් එතන නරක අවසානයක් ගැන කියවුනෙත් නෑ ." " ඒවුනාට ඒ දේවල් කිසිම දෙයක් හොඳ අවසානෙක ඇහෙන දේවල්...
3.5K 402 21
"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයා...
786 86 26
" යසස් මල්ලි අභි කියන නමට ආයෙ පණ දෙන්න බෑ. ආදරේ කියන්නෙ හැගීමක්. හැගීමකට කොහෙද නීති? හැගීමකට කොහෙද සීමා? මන් ආදරේ කරා අභිට. ඒත් එදා රෑ වැස්සෙ මගේ අප්...
4.3M 288K 61
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...