අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)

بواسطة ParkAuchi3

607 109 130

වාහනයට සම්බන්ධ ටේලරයේ පිටුපස දොර බාගෙට විවර වී තිබිණ. එය මදක් ඈත් මෑත් කළ ජිමින් ඇතුළට හිස පොවා බැලුවේය. එහි... المزيد

Chapter 1
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
chapter 10

Chapter 2

49 14 16
بواسطة ParkAuchi3

ජිමින් කෑ ගසමින් දුම නැගෙමින් තිබුණු දෙසට දිව ගියේය. ඒ සමගම තේහියුන්ද ජිමින්ව අනුගමනය කළේය. වැඩි වෙලාවක් ගත වීමට පෙර දුම නැගෙන තැන අසලට ළං වීමට ඔවුහු සමත් වූහ.

දුම නැගෙමින් තිබුණේ අශ්වයෙකු රඳවා සිටින කාමරයකිනි. වහා ඒ කරා දිව ගිය ජිමින් අගුල ගලවා එහි දොර විවෘත කළේය. ඒ සමගම දුමට මැදිව හුන් අශ්වයා පිටතට ගැනීමටද ඔහු සමත් වූවේය. ගිනි රස්නය මෙන්ම දුම නිසාද කලබලයට පත්ව හුන් අශ්වයා කාමරයෙන් පිටතට ගත් වහාම කොරිඩෝව දිගේ දිව යන්නට පටන් ගත්තේය.

ඒ සමගම මෙන් ජින් හියුන් ගිනි නිවන උපකරණයක් ද රැගෙන එතැනට දිව ආවේ ය. ඔහු සමඟ එකතු වූ ජිමින් පිදුරු ගොඩට ඇවිලි ඇති ගින්න තව දුරටත් පැතිර යාම වළක්වමින්, නිවා දමමින් සිටි අතර තේහියුන් වහාම දිව ගොස් අශ්ව ගොවිපළෙහි ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ඩෙන්සිල් මහතා කැටුව එතැනට ආවේය.

වැඩි වෙලාවක් යෑමට මත්තෙන් සියලු දෙනාම එක්වී ගින්න නිවා දැමීමට සමත් වූහ. නැම්ජුන්ගේ උදව්වට යාමට දැනටමත් පමා වූවා වැඩි යැයි සැල කළ ජින් හියුන් එතැනින් නික්ම ගියේ කඩිසර ගමනිනි.

"මේක නිකම්ම ඇවිලුණු ගින්නක් නෙමෙයි. එක්කෝ මේක හිතාමතාම ඇති කළ ගින්නක්... එහෙම නැතිනම් වැරදීමකින් ඇවිලුණු ගින්නක්. ''

නිවී ඇති අළු ගොඩ දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙළමින් පැවසූ ඩෙන්සිල් මහතා ගින්න නිවා දැමීමට උදව් කිරීම ගැන මොවුන් දෙදෙනාට ස්තුති කර තම කාර්යාලය කරා පිටත්ව ගියේය.

මේ අවස්ථාවේ ඉක්මනින් එතැනට දිව ආ තරුණ කාන්තාවක් අශ්වයා කාමරය තුළ නොමැති බව දැක කලබලයට පත් වූවාය.

"කෝ මේ කාමරයේ හිටි අශ්වයා.... කවුද එයා පිටට ගත්තේ...? ඇයි එහෙම දෙයක් කළේ අවසර නැතිව...?"

ඇය ජිමින් සහ තේහියුන් දෙස බලමින් ප්‍රශ්න වැලක් එක දිගට ඇසුවාය.

ගින්න ගැන කියන්නටත් ප්‍රථම ජිමින් අත දිගු කරමින් අශ්වයා ගිය දෙස පෙන්නුම් කළේය.

" අන්න අර පැත්තට ගියා. "

වැඩි විස්තර කිසිවක් නොඇසු තරුණ කාන්තාව ජිමින් පෙන්වූ දෙසට දිව යන්නට වූවාය.

ජිමින් කලබලයකින් තොරව ගිනි ගත් පිදුරු ගොඩ සහ ඒ අවටත් පරීක්ෂා කරන්නට වූවේය. ටික වෙලාවකට පසු ඔහුට පිදුරු අතර තිබී නොදැල්වුණු ගිනිතුරු දෙකක් සොයා ගත හැකි විය.

"මේ බලන්න තේහියුන් මම සොයාගත්ත දේ.... කවුරු හරි මේ ගිනි කූරු දෙක පත්තු නොවුණ නිසා විසි කරලා යන්න ඇති. ඒ නිසා මට හිතන විදිහට මේ ගින්න හිතාමතා හරි නොසැලකිල්ල නිසා හරි ඇති වුණු එකක් කියන එක ඔප්පු වෙනවා. "

සොයා ගත් ගිනිකුරු දෙක තම තේහියුන්ට පෙන්වමින් ජිමින් කීවේය.

එම ගිනිකුරු දෙකත් රැගෙන එතැනින් නික්ම එන ඔවුන්ට අතරමගදී අශ්වයෙක් කැටුව එන අශ්වාරෝහක තරුණියක් හමුවිය. අශ්වයා ගැන විමසා කලබලයෙන් දිව ගිය තරුණිය ඇය බව දුටු සැණින් තෝරා වටහා ගත්තේය.

" මේ අශ්වයා මගේ.."

ජිමින් සහ තේහියුන් සමග හිතවත්ව සිනාසී එසේ පැවසූ ඇය තමාගේ නම රෝස් බව ද කීවාය. ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් තමාට ගින්න ගැන පැවසූ බවත්, එම ගින්නෙන් තම අශ්වයා ආරක්ෂා කරදීම ගැන ජිමින්ට සහ තේහියුන්ට තමා බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

සුහද පිළිසඳරකට පසු ඇයගෙන් සමුගත් ජිමින් ඊළඟට ගියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් මහතා හමුවීමටය. ගිනි ගත් තැන තිබී සොයා ගත් නොදැල්වුණු ගිනිකුරු දෙක ජිමින් ඔහුට පෙන්වුව ද ඔහු ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්වීය. ඒ නිසාම ඔහු සමග වැඩි කතාබහකට නොගිය ජිමින් සහ තේහියුන් එතැනින් නික්ම මිදුලට පැමිණියහ.

ඒ වන විට ඔවුන් සමග නිවාඩුව ගත කරන්නට පැමිණීමට පොරොන්දු වූ ජියොන් ජන්කුක් පැමිණ සිටින බව සේවකයෙකු ඔවුනට පැවසීය. ඔවුහු ඔහු හමුවීමට ගියහ.

ජන්ග්කුක් අමුත්තන්ගේ ශාලාවෙහි අසුන්ගෙන සිටියේය. සතුටින් ඔහුව පිළිගත් ජිමින් ආ ගිය කතා බහ අවසානයේදී ශාලාව තුළ ඇති වූ ගින්න පිළිබඳ විස්තරයද ඔහු සමග පැවසූහ. අනතුරුව තිදෙනාම එක්ව ගමන් කළේ අංක එක දරණ පුහුණුවීම් පිටිය කරාය.

එම පිටියේ විවිධාකාර ජවාධික අශ්වයෝ රැසක් තරග පුහුණු වීම් සඳහා මූලික අභ්‍යාසයන්හි යෙදෙමින් හුන්හ. ඒ අතර එම පිටිය මැද ඇති ධාවන පථයෙහි නැම්ජුන් හියුන් අශ්වයෙකු පිට නැගී පුහුණු තරගයකට ලක ලෑස්ති වී සිටියේය. එතැනට මඳක් මෙපිටින් සිටගෙන ජින් හියුන් උද්යෝගිමත්ව ඔහු දෙස බලා සිටින අයුරු ජිමින්ට දක්නට ලැබිණ.

ජිමින් තේහියුන් සහ ජන්කුක් කැටුව ජින් හියුන් අසලට ගියේය. අනතුරුව සිව් දෙනාම එක්ව දැඩි උනන්දුවකින් බලා සිටියේ ධාවන පිටියට අවතීර්ණ වූ නැම්ජුන් පුහුණුවීම් තරගයට සහභාගිවන අයුරු දෙසය. ඉතාම දක්ෂ ලෙස නාගන් නැමති අශ්වයාව මෙහෙයවමින් තරග වැදුණු නැම්ජුන් අවසානයේදී අපහසුවකින් තොරව ජය ගත්තේය.

ජයග්‍රහණයෙන් අනතුරුව සැදෑලයෙන් බිමට බැස ගත් නැම්ජුන් හියුන් හති හලන අශ්වයාගේ රේන්ස් පටියෙන් අල්ලාගෙන ජින් හියුන් අසලට පැමිණියේය. ඔහුගේ ජයග්‍රහණය ගැන සුබ පැතූ ජින් හියුන් ඔහුට ජන්කුක්ව හඳුන්වා දෙත්ම එතැනට මාක් ලුඩ්වික් ද ආවේය. නැම්ජුන් හියුන් තරග වැදුණු නාගන් නැමැති අශ්වයාගේ අයිතිකරු ඔහුය. පුහුණු වීම් තරගයේ වංගු ගැනීමේ දී නැම්ජුන් අශ්වයා හැසිරූ ආකාරය රළු වැඩි යැයි ඔහු ලෙස්ලිට දොස් පැවරිය. ඒ ගැන නිදහසට කරුණු දක්වමින් නැම්ජුන් හියුන් පැවසුවේ උදෑසන නිසි පරිදි අශ්වයා තරගයට සූදානම් කර තිබුණේ නැති බවය.

මෙවන් තරග සඳහා ගැළපෙන පරිදි අශ්වයින් සූදානම් කිරීම අශ්ව නඩත්තු කාර්යයේ වගකීමකි. නාගන් අශ්වයාගේ නඩත්තුකාරයා ජින් හියුන්ය. ඒ නිසාම නැම්ජුන් ඉදිරිපත් කළ කරුණට හේතු දක්වන්නට සිදු වූයේ ඔහුට ය. උදෑසන ගින්න නිසා හැම කටයුත්තක්ම පමා වූ බව ජින් හියුන් නිදහසට කරුණු ලෙසින් කියු විට මාක් ලුඩ්වික් අතිශයින් කලබලයට පත් විය. ඔහු ක්ෂණිකව ප්‍රශ්න කළේ එම ගින්නෙන් තමාට අයත් අශ්වයින් සිටින කාමර වලට කිසියම් හානියක් වුවාද යන්නය.

" නැහැ .... තරමක හරි හානියක් වුණේ ඩන්කන් රැ පල්ගේ අශ්වයා ඉන්න කාමරයට විතරයි. ඒ හේතුවෙන් එයාගේ අශ්වයා හොදටම කලබල වෙලා හිටියේ.'

ජින් හියුන් පිළිතුරු දුන්නේය.

ඩන්කන් රැපල්ට සිදු වූ එම අහඹු කරදරය ගැන මාක් කනගාටුට පත් වූ අතර නැම්ජුන් හියුන් කතා කළේ සතුටට පත් වූ අයුරිනි.

" එයාගේ අශ්වයා කලබල වෙලා වගේ නම් පර්ලොම් දොළහ තරගයේ දිනුම කිසි කරදරයක් නැතිව මට අයිති වෙයි. "ඔහු පැවසීය.

"ඩන්කන් වෙන අශ්වයෙක් හොයාගෙන හරි ඇවිත් ඔබ පරද්දවයි.''

නැම්ජුන් දෙස බලමින් එසේ පැවසූ මාක් ලුඩ්වික්, ජිමින් ඇතුළු පිරිස හමු වීම ගැන සතුට පළකර එතැනින් නික්ම ගියේය.

''මමත් යනවා."

මාක්ගේ කීමෙන් සිත රිදවාගත් නැම්ජුන් ද නොරිස්සුම් අයුරින් පවසා නික්මිණ. ඒ සමගම ජින් හියුන් ද ඔහු පසු පස ගමන් කරන්නට වූයේ අශ්වයාට වෙහෙස නිවා ගැනීමට සලස්වා ඉක්මණින් ආපසු එන බව පවසමිනි.

" ඔහු ඉන්නේ මානසික ආතතියකින් වෙන්න ඕන.. ඒකයි ඔය විදිහට නොරිස්සුම් සහගතව කතා කරනවා ඇත්තේ."නැම්ජුන් ටික දුරක් යන තුරු ඒ දෙස බලා හුන් ජන්කුක් පැවසීය.

ජන්කුක් පැවසූ දෙයට වඩා ජිමින් උනන්දුවක් දැක්වූයේ කුලප්පු වූ අයුරින් තමන් ඉදිරියට එන අශ්වයෙකු දැකීමෙනි.

" තේහියුන්.....අයින් වෙන්න."

එසේ කෑ ගසමින් ජිමින් තේහියුන්ගේ අතකින් ඇදගෙන අශ්වයා එන මාවතින් ඉවතට පැන ගත් අතර ජන්කුක් වහාම ඉදිරියට පැන අශ්වයාගේ රේන්ස් පටියෙන් අල්ලා ඌ නවතා ගත්තේය.

අශ්වයා මෙල්ල කර ගැනීමට ජන්කුක් උත්සාහ කරන අතර හති දමමින් දුවගෙන ආ කඩවසම් තරුණයෙකු සමාව ඉල්ලන බැල්මක් හෙලමින් හැරිගේ අතින් රේන්ස් පටිය සියතට ගෙන අශ්වයා මෙල්ල කර ගත්තේය.


"ඔයාලට කරදරයක් වුණා නම් සමාවෙන්න. මේ අශ්වයා මට අලුත්. ඒ නිසා මෙයා හිටි හැටියේ දඟ වැඩ කරනවා."

මෙල්ල කර ගත් අසුගේ රේන්ස් පටියෙන් අල්ලාගෙනම එම තරුණයා ජිමින් සහ තේහියුන් දෙස බලමින් කීවේය.

"ඒක ඔයා හිතා මතා කළ දෙයක් නෙවෙයිනේ. "

ජන්කුක් පැවසුවේ මිත්‍රශීලී සිනහවකින් සැරසීගෙනය.

ආගන්තුක අශ්වාරෝහක තරුණයා වැඩි වෙලාවක් ගත වෙන්නට පෙර ජිමින්, තේහියුන් සහ ජන්කුක් සමග සුහදශීලී මිත්‍රත්වයක් ඇති කර ගැනීමට සමත් විය. ජර්මන් ජාතිකයෙකු වූ ඔහු තමාගේ නම මින් යුන්ගි බවත්, තුරග තරගවලට සහභාගී වීමට දක්වන දැඩි ප්‍රියතාව නිසා ම මෙම තරගාවලිය සඳහා පැමිණි බවත් ඔහු ජිමින් ඇතුළු පිරිස සමග පැවසීය. "මෙයා .....පාර්ක් ජිමින් මේ එයාගේ පෙම්වතා ජියොන් ජන්ග්කුක් මම කිම් තේහියුන්... අපි ආවෙත් නිවාඩුවක් ගත කරන්න වගේම මේ තරගාවලියත් නරඹන්නයි. "

තේහියුන් පැවසුවේ තම කණ්ඩායම යුන්ගිට හඳුන්වා දෙමිනි.

යුන්ගි ප්‍රියමනාප මෙන්ම සුහදශීලී අයෙකු විය. (නමුත් එතැන සිටි එක් අයෙකුට ඔහුව පෙනුනේ පූසෙකු ලෙසය) එනිසාම ඔහුට ඉක්මනින්ම ජිමින් ඇතුළු පිරිසගේ සිත් දිනා ගැනීමට හැකි විය.විශේෂයෙන්ම තේහියුන්ගේ.එදින රාත්‍රී භෝජනය සඳහා තමා සමග එකතු වන සේ ඔහු කළ ආරාධනය ද ජිමින් ඇතුළු පිරිස සතුටින් පිළිගත්හ.

අනතුරුව ඔවුන්ගෙන් සමුගත් යුන්ගි තම අසු කැටුව පුහුණු තරග සඳහා තරග පිටියට පිටත්ව ගියේය.

"බලන්න එයාත් නැම්ජුන් හියුන් වගේම තරගාවලියට ඉදිරිපත් වුණු අශ්වාරෝහකයෙක්. ඒත් නැම්ජුන්ට තියෙන කඩි කුලප්පුව යුන්ගිට නැහැ."

සමුගෙන ගිය ඔහු ගැන තේහියුන් එසේ කී විට ජිමින් තේහියුන් දෙස බැලිය. නමුත් එයට විරුද්ධ වීමට ජිමින්ට නොහැකි වූයේ නැම්ජුන් හියුන් හමු වූ මුල් අවස්ථාවේදීම සිදු වූ අත්දැකීම ඔහුගේ මතකයේද තිබුණු බැවිණි.

ටික වේලාවක් පුහුණු වීම් තරග නරඹමින් හුන් තිදෙනා ඊළඟට ගියේ සාප්පු සවාරියකටය. ඒ සවාරිය අතරතුර කෑම ගැනීමෙන් අනතුරුව තේහියුන්, පොත් සාප්පුවකට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් ජිමින්ගෙන් සහ ජන්කුක්ගෙන් සමුගත්තේය.

'' අපිත් පුංචි රවුමක් දාගෙන සි ගාලාව අසලට එන්නම්... එතැනදී හමුවෙමු." ඇයට සමු දෙමින් ජන්කුක් කිව්වේය.

තේහියුන් නික්ම ගිය පසු ජිමින් සහ ජන්කුක් ආරක්ෂක කාර්යාලය කරා ගොස් ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් මහතා මුණ ගැසුණහ. ගින්න ගැන ඔහුගෙන් අලුත් තොරතුරු විමසුවද ඒ වන විට කිසිදු වැඩි විස්තරයක් ඔහු සොයාගෙන හෝ ඔහුට ලැබී හෝ නොතිබිණ.

ඒ නිසා ඔහු සමග ඒ ගැන දිගින් දිගටම ඒ ගැන සාකච්ඡා කිරීම තේරුමක් නොමැති බව තේරුම් ගත් ජිමින් සහ ජන්කුක් අශ්වයින් රඳවා සිටින 'සී' ශාලාව කරා පැමිණියහ.

"මේ අශ්ව ගොවිපළේ ආරක්ෂක සේවාව හරිම දුර්වලයි. පොඩ්ඩක් හිතලා බලන්න....මෙහෙ ඉන්නේ ලෝකයේ සිටින වටිනාම ජවාධික අශ්වයෝ. ඒත් කිසිම තැනකවත් ආරක්ෂක නිලධාරියෙක් පෙනෙන්නට නැහැ.''

ශාලාවට ඇතුළු වී කොරිඩෝව දිගේ පිය නගන අතර ජිමින් ජන්කුක් සමග පැවසුවේ කොරිඩෝව දෙපස කාමර වල රඳවා සිටින පෘෂ්ඨිමත් අශ්වයින් දෙස් බලමිනි.

ඔවුන්ට වැඩි දුරක් ගමන් කිරීමට නොලැබිණ. එක්වරම ඇසුණු විශාල කෑ ගැසීමත් සමගම ඔවුන්ගේ ඉදිරි ගමන නතර විය.

" මොකක්ද ඒ...?"

ජන්කුක් කලබලයට පත් අයුරින් ජිමින්ගෙන් ඇසුවේය.

ජිමින් හුස්ම ගැනීමේ හඬ පාලනය කර ගනිමින් කෑ ගැසීම ඇසුණු කොරිඩෝව දෙසට නෙත් යොමු කළේය. කොරිඩෝවෙහි ඈත කෙළවර ඇති පසු පස දොරටුවෙන් තද දුඹුරු පැහැති කමිසයක් ඇඳගත් අයෙකු පිටතට දුවනු ඔහු දුටුවේය.

"ඔහු අල්ලා ගන්න..! ඔහු අල්ලා ගන්න. ඔහු මගේ අශ්වයා හොරකම් කරන්න හැදුවා. "

ඒ පසු පස කොරිඩෝව දිගේ කාන්තාවක් ද කෑ ගසමින් දුවගෙන එනු ජිමින්ට සහ ජන්කුක්ට දක්නට ලැබිණ. කොරිඩෝව දිගේ දුවගෙන විත් දොරටුවෙන් පිටතට ගිය තැනැත්තා හොරෙක් විය හැකි යැයි ඔවුනට සිතිණ.

To be continue.....

واصل القراءة

ستعجبك أيضاً

282K 9.5K 107
She was a capitol elite. He was the youngest victor in history. Their friendship was frowned upon, but their love was forbidden. Extended Summary Ins...
470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
147K 4.9K 100
'How I obsessively adore you' ˏˋ°•*⁀➷ started➛30/03/2024 finished➛ ˏˋ°•*⁀➷ cover by me x
671K 33.8K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...