Without me

By crazyarmygirls

8.8K 1.5K 1.4K

ලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණී... More

Broken 01
Broken 02
Broken 03
Broken 04
Broken 05
Broken 06
Broken 07
Boken 08
Broken 09
Broken 10
Broken 11
Broken 12
Broken 13
Broken 14
Broken 15
Broken 16
Broken 17
Broken 18
Broken 19
Broken 20
Broken 22
Broken 23
Broken 24
Broken 25
Broken 26
Broken 27
Broken 28
Broken 29
Broken 30
Broken 31
Broken 32
Broken 33
Broken 34
Broken 35
Broken 36
Broken 37
Broken 38
Broken 39
Broken 40

Broken 21

201 35 21
By crazyarmygirls

"නූනා...."

"ම්ම්ම්"

"නූනා වැඩ කරද්දි ගොඩක් මහන්සි වෙන්න එපා..."

"හ්ම්ම්"

"ඒ පර මොකද ඔයා ම්ම්...ම්ම්ම්... ගාන්නෙ"

කුකී දගකාර හිනාවක් මූනට අරන් ඇයි කතා කරන්නෙ නැත්තෙ අහනවා....

මන් මොනාද කියන්නෙ කුකී....මට දෙන්න උත්තරයක් නැත්තන් මන් මොනා කරන්නද...ඒකද ඔයත් හ්ම්ම් ගෑවෙ...මන් අහන දේවල් වලට් ඔයාටත් දෙන්න උත්තර නැද්ද මගෙ හා පැටියෝ. ..

"මට දොයිමතයි කුකී..."

"හ්ම්ම්...නූනා ගිහින් ෆ්‍රෙශ් වෙලා එන්නකො ඊට පස්සෙ අපි දොයිය ගමු...හරිද"

කුකී මට කියද්දි මන් ඔලුව වනලා රෙදි ටිකත් අරන් bathroom එකට රින්ගුවා...

.

.

.

Next day morning...

අදත් වෙනදා වගේම උදේ පාන්දර යුද්ධෙ ඉවර කරලා කුකීව ස්කූල් දාගෙන මාත් චේන්ජ් කරගෙන ගියේ වැඩට යන්න පරක්කු වෙන හින්දා....trouser එකට උඩින් ඇගට ලොකු ටීශර්ට් එකක් ඇදලා ඊට උඩින් හූඩි එකත් දාලා ඉස්සරහට නෙරලා තියන පපුව හන්ගගෙන කොණ්ඩෙත් ඔලුවට තද කරන් බෝයි විග් එකකුත් දාලා ඊට උඩින් කැප් එහෙකුත් දාගෙන මන් ටේහො විදිහට මගෙ වැඩ කරන්න පටන් ගත්තා...

"ටේහො උබ අදත් පරක්කුයි මිනිහෝ..."

"දන්නෙ නැද්ද ලොක්කා පොඩ්ඩක් ඉතින් පරක්කු උනා..."

කට හඩත් ගොරෝසු කරන් මන් ගොන් හිනාවක් දාන් හිනාවෙලා ලොක්කට බව් කලා..

"හ්ම්ම් හ්ම්ම්.. ඉක්මනට වැඩ පටන් ගනිං....අද වැඩ වැඩී.."

මුලදි මේ කතා විලාසෙට බය උනත් මන් ටික ටික ඒකට පුරුදු වෙලා...

"කෝ අනිත් එකා..."

ලොක්කා මන් දිහා බලන් අහනවා...ඔය අහන්නෙ කවුරු ගැනද කියලා මන් දන්න නිසා මන් ඇහුනෙ නෑ වගේ හිටියා...

"ආයිශ් මදෑ මාත් කොරගත්ත ගොන් කමක්...තරුණ උන් දෙන්නෙක් අනේ ලොක්කා ගගා පස්සෙන් ආවම තරුණ ජවය කියලා මාත් වැඩට ගත්තනේ.. මදෑ....මුන් ඔක්කොම ඉපදිලා ඉන්නෙ මාව කන්න..."

ලොක්කා අම්බානකට දෙහි කපද්දි ඈතින් එකෙක් පන කඩාගෙන දුවගෙන එනවා...දුරටම එන්නෙ කවුද කියලා දැක්කම හිනා යන්න ආවත් දැනටමත් අහගත්ත හරිය ඇති හින්දා දත කාගෙන හිනාව පාලනේ කරන් හිටියා...

"චෙසොආම්නිදා ලොක්කා..."

ආපු ගමන් හතරට පහට නැවිලා මේකා සමාව ඉල්ලනවා...

"සමාව...මන් දුන්නා කියලා හිතා ගනින් සමාව.."

මූ ආයි බොරුවට නැවි නැවි සමාව ඉල්ලනවා..ඔහොම හිටියට රට කපටියා ඕකා...

"දුවන්නයි කිව්වෙ තොපි දෙන්නටම දැන් වැඩ කරන්න"

ලොක්කා කෑ ගහද්දි අපි දෙන්නම එක පිම්මට වැඩ කරන්න දිව්වා..

"අදත් උදෙම්ම අහගත්තා මදැයි මොකද මනුස්සයො පරක්කු උනේ..."

මාත් හිනා වෙවී මේකට බයින්න පටන් ගත්තා...කොහෙද ඉතින් තාම දෙකට් නැවීගෙන හති අරිනවා...

"ඕයි ජිමිනෝ....

මන් තෞසෙට කතා කරන්නෙ...."

"හරි හරි ඕයි මට කන් ඇහෙනවා...පරක්කු උනේ නින්ද ගිය හින්දා මල වදේ..."

ජිමින් තමයි මාත් එක්ක වැඩට ගත්ත අනිත් එක්කෙනා...කොට උනාට මොකද කොල්ලගෙ වැඩ නම් සුපර්බ්...ජිමින් යුනිවසිටි ස්ටුඩන්ට් කෙනෙක්..අප්පාත් නැතුව අම්මා තමයි ජිමින්ගෙ මුළු ලෝකෙම...ඔම්මා තනියම එයාට ඉගැන්නුවට යුනි යන්න වියදම් කරන්න තරම් ඔම්මට පුළුවන් කමක් නැති හින්දා තමයි ජිමින් ජොබ් එකක් හොයන් මෙහෙ ඇවිල්ලා තියන්නෙ...එයා මේ ජොබ් එක කරන්නෙ පාට් ටයිම්....යුනි එකේ වැඩ වලට , අම්මට , කන්න බොන්න ඒ හැමදේකටම වියදන් කරන්නෙ ජිමින්....එයා වැඩ කරන්නෙ වරුවයි....උදේට වැඩ කරලා හවසට යුනි යනවා...මට එයත් එක්ක ඉද්දි ලොකු ආරක්ෂාවක් දැනෙනවා....එයා තමයි මගෙ නැත්තන් ටේහොගෙ හොදම යාළුවා...

"ඒයි ටේහෝ... ඉක්මනට ඔය ටික පටවමු...."

"හ්ම්ම්"

මායි ජිමිනයි පන යනකන් වැඩ කරලා දාඩිය පෙරාගෙන ආවේ වතුර ටිකක් බොන්න හිතන්...ළග තිබ්බ පඩියක් උඩ වාඩිවෙලා මායි ජිමිනයි තරගෙට වතුර බිව්වා....

"අදත් මල්ලිව හයි ස්කූල් දාලාද ආවෙ"

එයා මන් ගැන දන්නවා....මන් කෙල්ලෙක් කියලා නැතුව මාමාත් එක්ක හිටපු කාලෙ වෙච්ච දේවල් නැතුව අනිත් ගොඩක් දේවල් ජිමින් දන්නවා...මාත් ඉතින් එහෙමම තමයි...එයාගෙ දේවල් ගැන මාත් ටිකක් දන්නවා....

"හ්ම්ම්...හැමදාම මන් එයාව ස්කූල් එක්කන් යනවනේ.."

"අනේ මන්දා චූටි ඔයත් වෙලාවකට කෙල්ලෙක් වගේ..."

කෙල්ලෙක් වගේ...මෙයා වෙලාවකට කියන ඒවට මට හිනා යන්නත් එනවා අප්පා...එයා ඇස් හීනි කරලා හිනාවෙවී මට කියනවා මන් කෙල්ලෙක් වගේලු...චුටි... චූටි කියන්නෙ එයා මට කියන නික් නේම් එක....මන් එයාට වඩා කොට හින්දා එයා හිතන් ඉන්නෙ එයා තමයි ලෝකෙ උසම කොල්ලා කියලා..පව් ඉතින් කොට ජීවිත කියලා මැරෙන්න යෑ..

"මේ කොට පාත්තයා...ඔහේ කවුද මට කෙල්ලෙක් කියන්න ආ...දෙන්නෙ එකක් උඩින් යන්න"

"කොට මොකක්...මේ මේ මෙහෙම හිටියට මන් සෙන්ටිමීටර් 174ක් උසයි හරිද..."

"මාත් 172ක් උසයි තමයි"

"ඒක නෙමෙයි ටේහෝ , ඔයා කොච්චර දුරට ඉගෙනගෙන තියනවද..."

අනේ මන්දා බන්...මන් හයි ස්කූල් එකේ ලාස්ට් එක්සෑම් එක ලිව්වෙ නෑ..ලිව්වෙ නෑ නෙමෙයි මට ලියන්න දුන්නෙ නෑ ශිට්"

මන් දත්මිටි කකා කිව්වෙ අර ජරා මිනිහව මතක් වෙලා...

"ආ කොල්ලනේ,අන්න ලන්ච් බ්‍රේක් එක දීලා ගිහින් කන්නලා...."

"අපි යමුද චූටි"

එයා මන් දිහාට අත දික් කරන් කියනවා

"හා යමු"

.

.

.

~By crazyarmygirls~

____________________________

nethu_chimmyකන රත් වෙන්න ගුටි කන්න බැරි නිසා ඕන් දුන්නා හොදේ😌🙂❤️

Vote & comment pls~

To be continued~

Continue Reading

You'll Also Like

32.9K 3.1K 21
Omegaverseဖြစ်ပြီးMarried lifeလေးပါ Start date -2.8.2024 End date -??
305K 20.6K 60
ដើម្បីកូន អូនព្រមទទួលយកគ្រប់យ៉ាង សូម្បីតែនាមជា«ប្រពន្ធចុង» Jeon Jungkook x Kim Taehyung (Top) (Btt)
80.3K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...