🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

נכתב על ידי Sandee_96

73.7K 13.7K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... עוד

🍂 පෙරවදන 🍃
01 කොටස
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

25 කොටස

1.9K 372 9
נכתב על ידי Sandee_96

ගෙදර ගේට් එකෙන් බයික් එක ඇතුලට දානකොටම මම දැක්කේ දොර ලඟට වෙලා මග බලන් ඉන්න නැනී ඔම්මව.මම බයික් එක ගැරේජ් එකට දැම්මා විතරයි නැනී ඔම්මා කලබලෙන් වගේ මගේ ලඟට දුවගෙන ඇවිත් මට ගහන්න පටන් ගත්තා..

" කෝල් එක ආන්ස්වර් කලේ නැත්තේ ඇයි..."

ඇස්වල කඳුළු පුරවගෙන මට රිදෙන්නේ නැතිවෙන අත් වලට ගහන නැනී ඔම්මා දැක්කම මට පුදුම දුකක් ඇති උනා...ගහන පාරවල් යන්තම්වත් රිදෙන්නෙ නැති උනත් මම බයික් එකෙන් බහින ගමන් බොරුවට කෑ ගැහුවේ ඔම්මව හිනස්සන්න හිතාගෙන..

" ආ....හ්...ඔම්මා රිදෙනවා...ඔම්මා...."

" ආයෙම ආන්ස්වර් නොකර ඉන්නවද..? මම කොච්චර බය උනාද...? "

නැනී ඔම්මා වෙවුලන කටහඬින් කියව කියව මා දිහා නොබලාම මට ගහන්නේ ගොඩක් දුකින් කියලා දන්න නිසා මම ඔම්මාව බදාගත්තා..

" ඔම්මා....."

" ආ....යිගෝ....ආ....යිගෝ....මගේ වස්තුව...අනේ මම බය උනා "

" ආ....යිගෝ....ඔම්මා මම ඔම්මව දාලා කොහෙවත් යන්නෑ..."

" අනේ මීට පස්සේ මම කෝල් කරනකොට ෆෝන් එක ආන්ස්වර් කරන්න වස්තුවේ..."

" අද ෆෝන් එක සයිලන්ස් දාලා තිබිලා ඔම්මා...
මියන්හේ...මීට පස්සේ මම කොහේ ඉදියත් ෆෝන් එක ආන්ස්වර් කරනවා..."

" අරස්සෝ...දැන් යමු ඇතුලට...අද වහින්නත් වගේ..."

නැනී ඔම්මා එහෙම කියනකොට මම ඔම්මගේ කරට අතකුත් දාගෙන ගේ ඇතුලට ආවා...

" වස්තුව....ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්නකො..මම කෑම ලෑස්ති කරන්නම්.."

" දේ....ඔම්මා කවනවද අද...? "

තාමත් නැනී ඔම්මා ඉන්නේ දුකින් නිසා මම එහෙම කීවම නැනී ඔම්මා මා දිහා බලලා හරි ආදරෙන් හිනා උනා..

" අරස්සෝ...මම කවන්නම්..."

නැනී ඔම්මා කෑම රෙඩි කරන්න කිචන් එකට ගියාට පස්සේ මම කාමරේට ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට ආවා...අද දවසේ වුන හැමදේම මට දැනුනේ හීනයක් වගේ....ටික වෙලාවක් ඇඳට වෙලා කල්පනා කර කරා ඉන්නකොට ඇඳේ පැත්තකට වෙන්න තිබුන ෆෝන් එකට මැසේජ් එකක් ආවා...ඒක ජිමින්ගෙන්..

" JK ගෙදර ගියා නේද...? ප්‍රශ්ණයක් නෑනේ..? "

" අනී....ඒත් දෙයක් උනා..."

මගේ මැසේජ් එක ඩිලිවර් වෙනවත් එක්කම ජිමින්ගෙන් කෝල් එකක් ආවා...

" ජිමිනා..."

" JK...? මොකක්ද උනේ..කරදරයක් නෑනේ..? "

" අ...අනී...අනී...කලබල වෙන්න දෙයක් නෙමෙයි..."

" එහෙනම්...? හරියට කියනවකො...බය කරන්නැතුව.."

" මේ.....මේකයි...හනා...."

" හනා...? ඉතිම්...? "

" මේ.....හනා යි මායි "

" ඕ...ඕ....ඕ.......ඔය කියන්න හදන්නේ හනායි ඔයයි කිස් කලා කියලා එහෙම නෙමෙයිනේ...? "

මොකක්...මේකට මොනවට මොලේ නැති උනත් ඒවටනම් හොඳට මොලේ තියෙනවා....හිතින් හිතන ගමන් තවත් ඇද ඇදා ඉන්නැතුව මම ඇත්තම කියලා දැම්මා...

" දේ....ඒක තමා කියන්න ගියේ..."

" මොකක්...? ඕඕඕඕඕ.....JK...."

" යා......හ් ජිමිනා....මම තියනවා...."

" අරස්සෝ අරස්සෝ.....මම දන්නවා විහිලුවෙන් ඉදියට ඔයාගේ ඔළුවේ ලොකු බරක් තියෙනවා කියලා....JK ඔයාට වෙන්න ඕනි දේවල් ඒ විදිහටම වෙනවා..දැන් හැරෙන්න බෑ...හැම දේ ගැනම කල්පනාවෙන් වැඩ කරන්න...මම හැමදාම කියනවා වගේ....ඔයාට ඕනිම වෙලාවක මම ඉන්නවා...."

" දේ....මම දන්නවා ජිමිනා ඒක...කුමාවෝ "

ජිමින් එක්ක කතා කරලා කෝල් එක කට් කළාට පස්සේ මම කල්පනා කලේ ජිමින් කීව දේ ගැන...එයා කිව්වා වගේම වෙන්න ඕනි දේවල් හැමදේම ඒ විදිහටම වෙනවා...ප්ලෑන් එකක් එක්ක කරන්න ඉදපු දේවල් පවා මම හිතුවට වඩා හොඳට උනා...ඒ කියන්නේ මේක වෙන්න ඕනි දෙයක්ද....ඒ හැමදේමත් එක්ක අද වුන දේවල් එකින් එක මතක් කරනකොට මට එක පැත්තකින් ලොකු සතුටක් වගේම අනිත් පැත්තෙන් ලොකූ දුකක් වේදනාවක් දැනුණා..හිතේ තියෙන වේදනාව කිසිම කෙනෙක් එක්ක කීවට වැඩක් නැති නිසා මම ඒ හැමදේම ඩයරි එක ඇතුලේ හිර කරන්න තීරනෙ කලා..

මේස ලාච්චුව ඇරලා ඒකෙ තිබුන ඩයරි එකයි පෑනයි අතට අරගෙන හනාව දැකපු දවසේ ඉදන් මගේ හිතේ හිර වෙලා තිබුන හැම හැඟීමක්ම මම ඩයිරි එකේ ලිව්වා...කවදාම හරි දවසක මේක දැක්කම අඩුම තරමේ හනා මට වෛර නොකර ඉදී කියලා ලොකු විස්වාසෙකින් මම හැම හැඟීමක්ම ඒකේ ලිව්වා...ඒ වගේම ඉස්සරහට වෙන්න යන දේවල් වලදී මට එලියට දෙන්න බැරි හනාට පෙන්නන්න බැරි වේදනාව මේ විදිහට ලියනවා කියලා හිතාගෙන මම ආයෙමත් ඩයරි එක මේස ලාච්චුවටම දාලා කාටවත් නොපෙනෙන්න ඊට උඩින් තව පොත් දෙක තුනක් තියලා කවර් කලා...

නැනී ඔම්මා කෑම රෙඩි කළාට පස්සේ පහලට ගිහින් ඔම්මා ලවාම කෑම කවාගෙන මම ආයෙමත් රූම් එකට ඇවිත් නිදාගත්තා...

පසු දින
--------
උදේම ලෑස්ති වෙලා නැනී ඔම්මටත් කියලා කැම්පස් එකට ගියේ ජිමින්ගේ චාටර් ටික කන්න වෙනවා කියලා දැනගෙනමයි..හිතුවා වගේම බයික් එකෙන් බහිනකොටම ජිමින් මගේ ලඟට දුවගෙන ආවා...

" ඕඕඕඕඔ...... පැණි මූන "

" යා......හ්....ජිමින්..."

" මොනා උනත් මොන හේතුවකට උනත් මම දන්නවා හනා එක්ක යාලු උන එක ගැන ඔයාගේ හිතේ ලොකු සතුටක් තියෙනව කියලා..."

ජිමින් කීව එක ඇත්ත...කොයි තරම් වෛරයකින් ඉදියත් හනා එක්ක යාලු උන එක ගැන මගේ හිතේ ලොකු සතුටක් තිබුනා..
ඒත් මට තිබුන එකම දුක මට සාමාන්‍ය විදිහට එයා එක්ක දවස් ගත කරන්න බැරි එක..මොකද අනාගතේ හනා විඳවන වේදනාව මතක් වෙන සැරයක් ගානෙ මගේ පපුව කෑලි කෑලි වලට කැඩිලා ගියා...

" දේ....ජිමින්...සතුටක් වගේම දරාගන්න බැරි දුකකුත් තියෙනවා...ඒක මට වචනෙන් කියන්න තේරෙන්නෑ..."

" මට තේරෙනවා JK....හැමදේම වෙන්නෙ හොඳට...අපි බලාගෙන ඉමු..."

එදා දවසම ලෙක්චර්ස් එක්කයි රග්බි ප්‍රැක්ටිස් එක්කයි ගත කරලා මම හවස ගෙදර යන ගමන් හනාගේ ඔමොනි බලන්න හොස්පිට්ල් එකට ආවා...ඇත්තටම හැමදාම මම ආවේ ඔමොනි එක්කම හනාවත් බලන්න..ඒත් ඒක මම කවදාවත් හනාට දැනෙන්න ඇරියේ නෑ..වෙනදා වගේම රූම් එක ඇතුලට යනකොට හනාගේ ඔමොනි ආදරණීය හිනාවකින් මාව පිළිගත්තා...

" පුතා...."

" ඔමොනි.....දැන් හොදටම හොඳයි නේද..? "

" දේ....හෙට ගෙදර යනවනේ...ඒකනම් ලොකු සහනයක්.මට මේ ඇඳේම ඉදලා එපා වෙලා තියෙන්නේ..."

" එහෙම කියලනම් බෑ...ගෙදර ගියත් ඔයාට ඇඳේම තමයි ඉන්න වෙන්නේ ඔමොනි.."

" ආ.....යිගෝ....ඔයත් හනා වගේමයි...මම ඕක එයාට කීවම එයා මට කීවෙත් ඕකම තමයි..."

ඔමොනි හිනාවෙලා කියනකොට වෙනදා වගේම මම වටපිට බැලුවේ හනා කෝ කියලා...ඒත් ඒ එක්කම වගේ ඔමොනි අහපු ප්‍රශ්නෙන් මාව ගැස්සිලා ගියා..

" කෝ හනා ආවේ නැද්ද පුතා.....? "

" හනා....? "

" දේ...හනා කැම්පස් එකට ගියානෙ දවල් වෙලා.."

හණ කැම්පස් ආවා..? හනා කැම්පස් ආවනම් මට කතා නොකර ඉන්නේ නෑනේ...අනික ආවනම් මම එයාව නොදැක ඉන්න විදිහකුත් නෑ..හනා කොහෙද...? මගේ හිතේ ප්‍රශ්න ගොඩක් නලියන්න පටන් ගත්තා...ඒත් මේ වෙලාවේ ඔමොනි ඉන්න තත්වෙත් එක්ක මේ ගැන කියලා ඔමොනිව කලබල කරන්න බැරි නිසා මම ඔමොනිට බොරුවක් කිව්වා..

" අ...ආ...ද්...දේ ඔමොනි දේ....හනා ගිය ටිකේම ආවෙ නැති නිසා හනා එයාට මගෑරුනු එසයිමන්ට් එකක් කරනවා...ඒකට ඩීටේල්ස් ගන්න එයා ලයිබ්‍රි එකේ නතර උනා..මම තව ටිකකින් ගිහින් එයාව එක්කගෙන එන්නම් ඔමොනි..."

" අරස්සෝ පුතා...."

" ඔමොනි...මම එහෙනම් යන්නද..මට තව වැඩකුත් තියෙනවා කරන්න.ඊට පස්සෙ හනාව ගන්නත් ඕනිනේ... "

" අරස්සෝ පුතා...චුසිම්හේ "

" දේ...ඔමොනි...."

ඔමොනිට යන්නම් කියලා මම පුලුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකෙන් එලියට ආවේ ආයෙමත් කැම්පස් එකට යන්න හිතාගෙන.ඒත් හනා කැම්පස් ආවානම් මාව හම්බෙන්නෙ නැතුව යන්නෑ කියලා දන්න නිසා මට අමුතු බයක් දැනුනා...පුලුවන් තරම් වේගෙන් පුලුවන් ඉක්මනට ආයෙමත් කැම්පස් එකට ගිහින් බලන්න පුලුවන් හැම තැනම බැලුවත් මට හනාව හම්බවුනේ නෑ....එතකොට මතක් උනේ හනාට කෝල් එකක් දීලා ඉන්නේ කොහෙද බලන්න..ඒත් ෆෝන් එක අතටත් ගත්තට පස්සෙයි මතක් උනේ හැමදේම උනත් හනාගේ ෆෝන් නම්බර් එක මගෙ ළඟ නෑ කියලා...ඒක මතක් උනහම මට මා එක්කම කේන්ති ආවා.

" ආ......යිශ්......JK තමුසෙනම් මහ මෝඩයෙක්....ආ......හ්........"

කේන්තියටයි හනා ගැන ඇතිවුන බයයි නිසා හිතට ආව තරහට මම ළඟ තිබුන බිත්තියට අත මිට මොලවලා ගැහුවම බිත්තියෙ තිබුන දාර වල වැදිලා අත තැනින් තැන සීරිලා ලේ එන්න පටන් ගත්තා..අතේ වේදනාවට වඩා හිතේ වේදනාව , බය  වැඩි නිසා ඒ ගැන හිතන්නෙ නැතුව මම ආයෙම නීරාට කෝල් එකක් ගත්තේ කොහෙන් හරි හනාගේ නම්බර් එක හොයාගන්න කියලා හිතාගෙන...දෙතුන් සැරයක් රින්ග් වෙනකොට නීරා ෆෝන් එක ආන්ස්වර් කලා..

" JK..? "

" නීරා.....ලොකු උදව්වක් ඕනි....හනාගේ මොබයිල් නම්බර් එක මට පුලුවන් ඉක්මනට අරගන්න ඕනි...දැන්ම ඕනි.."

" ආ....හ් ඉන්න JK...එදා වැඩේට මම අරගත්ත දෙන්නා අතේ හනාගේ නම්බර් එක ඇති.."

" චින්චා....? නියමයි...මට පුලුවන් තරම් ඉක්මනට එවන්න..."

" අරස්සෝ..ඒත් JK මොකක් හරි ප්‍රශ්නයක්ද...? "

" දේ....පොඩි අවුලක්..ඒත් බය වෙන්න දෙයක් නෑ..මම හැමදේම කියන්නම්...මට ඉක්මනට හනාගේ නම්බර් එක දෙන්නකො"

" අරස්සෝ මම මැසේජ් එකක් දාන්නම්.."

එහෙම කියලා නීරා කෝල් එක කට් කළාට පස්සේ මම බයික් එකට හේත්තු වෙලා බලාගෙන ඉදියේ නීරාගෙන් මැසේජ් එක එනකම්...විනාඩි දෙක තුනකට පස්සේ මම හිතුවා වගේම නීරාගෙන් මැසේජ් එක ආවා...
මම පුලුවන් තරම් ඉක්මනට නීරාගේ මැසේජ් එකේ තිබුන නම්බර් එක ඩයල් කලේ හනා ඉන්නේ කොහෙද එයා හොදින් ඉන්නවහ කියලා දැනගන්න ලොකු හදිසියකින්....

කාටවත් නොකියා බොරු කියලා ගියහම මොනවා හරි කරදරයක් වෙයි කියන බය ඇරෙන්න වෙන කිසිම දෙයක් මගේ ඔලුවට ආවේ නෑ....දෙපාරක් අරගත්තත් හනා ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ...තවත් බලන් ඉදලා බැරි නිසා, හනා වැරදිලාවත් ආයෙම හොස්පිට්ල් එකට ඇවිත්ද කියලා බලන්න හිතාගෙන මම බයික් එකට නැග්ගේ ආයෙමත් හනාගේ නම්බර් එක ඩයල් කරන ගමන්..

ඒත් මම නොහිතපු ව්දිහට හනා ෆෝන් එක ආන්ස්වර් කලා...

" යොබොසොයෝ "

" යා.......හ් කොහෙද ඉන්නේ...? "

" JK....? "

" දේ....JK තමයි...කොහෙද ඉන්නේ...? "

" ම....මම මේ...බඩු වගයක් ගන්න ආවා.."

" මම ඇහුවේ කොතනද ඉන්නේ කියලා..."

" මම ඉන්නේ සුපර් ප්ලාසා එකේ 3 වෙනි ෆ්ලෝ එකේ "

" ඔතනම ඉන්න.කොහේවත් යන්න එපා..."

මම එහෙම කියලා කෝල් එක කට් කරලා බයික් එක ස්ටාර්ට් කරන්න හැදුවත්...මට බිත්තියට ගහපු අතින් බයික් එක අල්ලන්න බැරි උනා..පොකට් එකේ තිබුන ලේන්සුව අනිත් අතින් ඒ අතේ ඔතාගෙන මම පුලුවන් ඉක්මනට සුපර් ප්ලාසා එකට ඇවිත් ලිෆ්ට් එක එනකම් ඉන්නේ නැතුව පඩිපෙලේම තුන්වෙනි ෆ්ලෝ එකට ආවා....

ෆ්ලෝ එකට එනවත් එක්කම මම දැක්කේ ටිකක් වයසක ගෑනු කෙනෙක් එක්ක ඉන්න හනාව..කවුද ඉන්නේ කියලවත් බලන්නෙ නැතුව මම හනා ලඟට ගිහින් හනාව බදාගත්තා..

" හනා...."

" J...JK...? "

" කියන්න තිබුනා ඔයාට....මම බය උනා..."

" JK මිනිස්සු බලන් ඉන්නවා...අනික අජුම්මත් ඉන්නවා..."

හිතේ කලබලේට බදාගත්තට ඇස් දෙක ඇරලා බැලුවමයි දැක්කේ මෙච්චර වෙලා තම තමන්ගේ වැඩ වල ඉදපු හැමෝම මැජික් එකක් වගේ අපි දිහා බලාගෙන ඉන්නවා...මෙච්චර වෙලා හොයලා හොයලා අමාරුවෙන් හොයාගෙන ලගට ආවම වටේ පිටේ මිනිස්සු හිතන දේවල් කියවනකොට මට හනා එක්ක තරහක් ආවා...එතන ඉදපු කිසිම කෙනෙක් දිහා බලන්නෙත් නැතුව මම හනාගේ අතින් ඇදගෙන පඩිපෙලෙන්ම පාර්ක් එකේ තිබුන බයික් එක ලඟට එක්කගෙන ආවා...

" JK....? "

" JK..? මොලයක් නැද්ද...? යන තැනක කියල යන්න බැරිද...? ඔයා හිතන් ඉන්නේ මම මොකෙක් කියලද...? "

" JK....ඇයි මේ කේන්තියෙන්...? "

" කේන්තියෙන් ? ඔමොනිව බලන්න හොස්පිට්ල් එකට ගියහම ඔමොනි කිව්වා ඔයා කැම්පස් ආව කියලා...උදේ ඉදන් කැම්පස් එකේ ඉදලත් දැක්කෙ නැති නිසා මම ඒ ගමන් ගිහින් කැම්පස් එකේ හැම අස්සකම හෙව්වා..කැම්පස් එකේ කොහේවත් ඉදපු නැති නිසා ඊට පස්සේ නම්බර් එක හොයාගෙන කෝල් කලහම මෙයා ශොපින් ඇවිල්ලා...හනා මට කියනවා...මම මොකෙක් කියලද හිතන් ඉන්නේ...? "

" JK...ඔහොම කේන්ති අරගන්න එපා..."

" කේන්ති....? ඔහේට පේන්නේ මම කේන්‍තියෙන් වගේද...? හනා මාත් මනුස්සයෙක්...මටත් හදවතක් තියෙනවා....මේ වගේ මෝඩ වැඩ කරන්න කලින් මීට පස්සේ හොඳට හිතලා කරනවා...මොකද මටත් රිදෙනවා..."

" මියන්හේ.......JK ප්ලීස් කේන්තිය නිවාගන්නකො...මගේ වැරැද්ද...මම හිතුවේ නෑ ඔයා හොස්පිට්ල් එකට වෙනදට වඩා කලින් එයි කියලා..."

" අරස්සෝ...දැන් මොකටද ඔමොනිට බොරු කිව්වේ...? "

" ඇත්තටම මට ඕනි වුනේ ඔමොනි හෙට ඩිස්චාජ් කරලා ගෙදර එන නිසා සර්ප්‍රයිස් එකක් දෙන්න...ඔමොනි හරි ආසයි එයාගේ කාමරේ හැමදේම සුදු පාටින් තියෙනවට...ඔමොනි ඇක්සිඩන්ට් උනෙත් එදා ඒකට ඕනි බඩු වගයක් ගන්න ඇවිත්...මම හැදුවේ ඔමොනි එනකොට කාමරේ එයාට ඕනි විදිහට හදලා තියන්න...හැමදේම හරි..ඒත් කර්ට්න්ස් මැච් කරලා ගන්න ඕනි නිසා මම අජුම්මට තනියම එන්න නොදී මාත් ආවා..ඔමොනිට කිව්වනම් ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නෙ නැති නිසා මම එහෙම කියලා එලියට ආවෙ..."

හනා අඬන්න ඔන්න මෙන්න මූණ හදාගෙන එහෙම කියනකොට මට ගොඩක් දුක හිතුනා...ඒත් දැන් බැනලා බැනලා ආයෙම කියපු වචන ගන්න බැරි නිසා මම තරහ මූඩ් එකෙන්ම කතා කලා...

" අරස්සෝ....ඒත් ඔයාට තිබුනා මට කියන්න..."

" JK...? කොහොමද කියන්නේ ? මගේ ළඟ නම්බර් එකවත් නෑනෙ..."

ඒක කිව්වහමයි මතක් උනේ මමත් නම්බර් එක හොයාගත්තේ වටේට කතා කරලා කියලා..මොනා උනත් දැන් උස්සපු ගනන් බස්සන්න බැරි නිසා හනා කියන කියන දේවල් වලට මමත් උත්තර දුන්නා...

" මේ මම හොයාගත්තේ....ඒ වගේ හොයාගෙන හරි කතා කරන්න තිබ්බා..."

" JK...ඇත්තටම ඔයා කොහොමද මගෙ නම්බර් හොයාගත්තේ....? "

මෙච්චර වෙලා අහයිදෝ කියලා බයෙන් ඉදපු ප්‍රශ්නෙම හනා ඇහුවෙ මට කට උත්තර නැති කරන ගමන්...ක්ලබ් එකේ වුන දේවල් අහම්බයක් උනත් එයාව එතනට අරන් ආවේ මගේ ඕනිකමින් කියලා එයා දැනගත්තොත් මේ හැමදේම විනාස වෙන නිසා මම ඒ ප්‍රශ්නෙන් මගේ විදිහටම ලිස්සලා ගියා...

" ඒකට කියන්නෙ හැකියාව කියලා...."

මම එහෙම කියනකොට හනා ඇස් දෙක හීනි කරලා යන්තම් හිනා වෙලා මගේ දිහා බැලුවේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා දන්නවා කියන්න වගේ...මෙච්චර වෙලා පිච්චි පිච්චි තිබුන පපුව හනාගේ හිනාව දැක්කා විතරයි එකපාරටම අතුරුදහන් වෙලා ගියා...මොන තරම් වෛර කලත් හනා ළඟදී මම වෙනස්ම විදිහකට නිවුනා...මිආ ළඟදි හිත නිවෙනවට වඩා වෙනස් විදිහකට හනා ලඟදි මට ලොකු සැහැල්ලුවක් දැනුණා..

" අරස්සෝ අරස්සෝ....නපුරු හාවා..."

" යා....හ් කවුද හාවා..."

මම එහෙම අහනවත් එක්කම මෙච්චර වෙලා හිනාවෙන් පිරිලා තිබුන මූන එකපාරටම අඳුරු කරගෙන හනා කලබලෙන් වගේ මගේ ලඟට ඇවිත් මගේ තුවාල වුන අත අල්ලගත්තා...

" J.....JK....මේ මොකද...? මොකක්ද උනේ...? "

" අ...අනී...අනී.....පොඩ්ඩක් තුවාල උනා...එච්චර ලොකුවට නෑ..බයික් එක අල්ලන්න බැරි නිසා ලේන්සුව ගැටගැහුවේ..."

මම එහෙම කීවත් හනා මම කියන දේ අහන්නේ නැතුව ඇස් වල කඳුළු පුරවගෙන මගේ අතේ තිබුන ලේස්සුව ලෙහුවා..

" JK....හැමතැනම සීරිලානේ..ලේත් ඇවිල්ලා..."

හනා ඇස් දෙකේ කඳුළු පුරවගෙන කියනකොට මට තේරුනා හනා අඬන්න හදන්නෙ කියලා...තව වෙලා බලාගෙන ඉදියොත් හනා මෙතනම කෑ ගහලා අඬනවා කියලා දන්න නිසා මම හනාව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා...

" මට රිදෙන්නෙ අත නෙමෙයි...පපුව...මගෙන් ඈත් නොවී ඉන්න...ඒ හොදටම ඇති..."

" JK....මියන්හේ...අනිත් දවසේ මම නොකියා යන්නෑ..."

ඒත් හැඟීම් ගොඩක හිරවෙලා හනාට ලං වෙලා ඉදපු මම එකපාරටම ගැස්සිලා පියවි සිහියට ආවේ හදිසියේම මිආ ගැන මතක් වුන නිසා....දැන් කොයි තරම් ළඟින් ඉදියත් හනාව මගෙන් ඈත් කරන්න වෙන දවසක් එනවා කියලා මතක් වුන නිසා ඒ සැනින්ම මම හනාව මගේ පපුවෙන් ඈත් කලා..ඒ එක්කම වගේ හනාගේ අජුම්මා අපි ඉන්න තැනට ආවා...

" ආ....යිගෝ.....ආ...යිගෝ.... මගේ පපුවත් රිදෙනවා...කොහෙද දරුවෝ ගියේ.."

" අජුම්මා...ඕ....හ් මියන්හේ...මියන්හේ...."

හනා අජුම්මා ලඟට ගිහින් අජුම්මගේ අත අල්ලගත්තා...

" හනා....බඩු ටික අරන් අජුම්මව පිටත් කරන්න...අපි බයික් එකේ හොස්පිට්ල් එකට යමු...ඔමොනි අපි එනකම් බලාගෙන ඇති.."

" එත්... JK තව පොඩි වෙලාවක් ඉන්න වෙනවා..."

" ඒකට කමක්නෑ.... මම ඉන්නම්....ඔයා ඉක්මනට එන්නකො..."

එහෙම කියලා බයික් එකට හේත්තු වෙලා මම හනා එනකම් බලාගෙන ඉදියා...විනාඩි 10 කට විතර පස්සේ ප්ලාසා එකෙන් එලියට ආව හනා අජුම්මව කැබ් එකක ගෙදරට පිටත් කරලා මගේ ලඟට ආවා..

" JK  යමුද...? "

" දේ....."

ප්ලසා එක ළඟින් පිටත් වෙලා අපි කෙලින්ම ආවේ හොස්පිට්ල් එකට...අපි දෙන්නා හොස්පිට්ල් එකට යනකොට ඔමොනිට නින්ද ගිහින් තිබුනා..

" හනා....ඔමොනි නිදිනේ..."

" දේ...බෙහෙත් දෙනවා මේ වෙලාවට..ඒ බෙහෙත් වලට නින්ද යනවා..."

" ඕ..හ්...හනා එහෙනම් මම යන්නම්...මොකක් හරි උවමනාවක් උනොත් කෝල් එකක් දෙන්න....හෙට ඔමොනිව ඩිස්චාජ් කරන ටයිම් එක ඩොක්ටර්ගෙන් අහලා මට කියන්න.මම එන්නම් ඔයාලව අරගන්න.."

" අ....අනී...අනී....අපි ඩ්‍රයිවර්ව ගෙන්න ගන්නම් JK "

" පණ්ඩිත වෙන්නෙ නැතුව මම එකනම් ඉන්න.."

" අරස්සෝ....අරස්සෝ......"

මම සැර කරනකොට බොරු තරහක් මවාගෙන හනා මගේ ළඟ හුරතල් උනේ පොඩි එකෙක් වගේ...හනා එහෙම හුරතල් වෙන හැම වෙලාවකම මම මේ කරන හැමදේම මගේ ප්ලෑන් එකක් කියලා දැනගත්ත දවසට හනාගේ හැසිරීම මොන වගේ වෙයිද කියන එක ගැන මට දැනුනේ ලොකු බයක්...තව වෙලා එතන ඉදියොත් මගේ හිත කොයි විදිහට වෙනස් වෙයිද කියලා හිතාගන්න බැරි නිසා මම ඉක්මනින් හොස්පිට්ල් එකෙන් පිටත් වෙලා ගෙදර ආවා...

ගෙදර ආව ගමන් නැනී ඔම්මා එක්ක ටිකක් වෙලා කතා කරලා වොශ් එකක් දාගෙන ඩයරි එක අතට ගත්තේ අදත් හනා වෙනුවෙන් ඇති වුනු ඒත් හිතේ හිරකරගෙන ඉදපු හැමදේම ලියන්න කියලා හිතාගෙන...අද වුන හැමදේම ඩයරි එකේ ලියලා ඉවර වෙනවත් එක්කම මට හනාගෙන් මැසේජ් එකක් ආවා....

" JK ඔමොනිව හෙට උදේ 8.30 න් පස්සේ එක්කගෙන යන්න පුලුවන් කිව්වා... "

" අරස්සෝ....මම හෙට නමය වෙනකොට එන්නම් මැණික...ඔමොනිව ලෑස්ති කරගෙන තියාගන්න.."

ඒ ගමන්ම හනාට රිප්ලයි එකක් දාලා මම පහලට ගියේ නැනී ඔම්මා කෑම ලෑස්ති කරලා අඬගහපු නිසා..

පසුවදා
-------

උදෙන්ම ඇහැරලා මම එලියට ගියේ පීටර් අංකල්ව හොයාගෙන..මම යනකොටත් පීටර් අංකල් අබොජිගේ කාර් එක සෝදන්න ලෑස්ති වෙනවා...

" පීටර් අංකල්...අනී...අනී....හෝදන්න එපා.."

" පුංචි මහත්තයා...වේ....? ලොකු මහත්තයා නැති උනාට පස්සේ මේක සේදුවෙම නෑ..."

" දේ....මේක සෝදන්න එපා....ඇතුලට අලුත් එයාෆ්‍රෙශ්නර් එකක් දාන්නත් එපා... තියෙන එකම තියෙන්න දෙන්න..."

" ඒත් පුංචි මහත්තයා රෝස මල් සුවඳට ආස නෑනේ..."

" දේ....ඒත් අංකල් අබොජි ආසයිනේ...මම කොච්චර ආස නැති උනත් ඒ සුවඳ දැනෙන හැමදාම මට දැනුනේ අබොජි මගෙ ළඟ ඉන්නවා වගේ....අද ඉදන් මම කියනකම් වෙන එකක් චේන්ජ් කරන්න එපා..."

" අරස්සෝ මහත්තයා...."

" අංකල්....අද මම ගමනක් යනවා..ඒකට මම කාර් එක අරගෙන යනවා....09 වෙනකොට කාර් එක රෙඩි කරලා තියන්න "

පීටර් අංකල්ට එහෙම කියලා මම ආයෙමත් උඩට ඇවිත් ලෑස්ති වෙලා හොස්පිට්ල් එකට යන්න එලියට ආවා...මම පඩිපෙල බැහැගෙන පහලට එනවත් එක්කම කම්පැනි එකෙන් කෝල් එකක් ආවා..

" යොබොසොයෝ "

" යොබොසොයෝ මිස්ටර් ජන්ගුක් "

" ආ....හ් දේ මිස්ටර් මින්..."

" මිස්ටර් ජන්ගුක් ලොකු ප්‍රශ්නයක්... ලොකු සර් නැති නිසා ඉතාලි BM එකත් එක්ක තිබුන කන්ට්‍රැක්ට් එක එයාලා කැන්සල් කරන්න යනවා...අපිට මේක නැති උනොත් ලොකු පාඩුවක් වෙනවා..."

" මොකක්...? එයාලා කොහොමද එහෙම අරන්නේ..අබොජි නැති උනාට අබොජිගේ සීට් එක හිස් උනේ නෑනේ...මම ඉන්නවනේ..."

" දේ...ඒත් මිස්ටර් ජන්ගුක් එයාලට දැන් තියෙන්නේ මිස්ටර් ජන්ගුක් ලොකු සර් වගේම හරියටම මේවා හැන්ඩ්ල් කරයිද කියලා සැකයක්..."

" අරස්සෝ...මිස්ටර් මින්...හෙට උදේ 10 වෙනකොට ඉතාලි වලින් ආව දෙන්නයි අපේ ස්ටාෆ් එකයි එක්ක මට මීටින් එකක් රෙඩි කරන්න...

" අ...අරස්සෝ...අරස්සෝ....මිස්ටර් ජන්ගුක් "

මොන දේ උනත් අබොජි මහන්සියෙන් ගොඩ නගපු බිස්නස් එකට පුංචි අලාභයක්වත් වෙන්න දෙන්න මට ඕනි උනේ නෑ....මිස්ටර් මින් එක්ක කතා කරලා මම ගරාජ් එකට ගිහින් කාර් එකත් අරගෙන හොස්පිට්ල් එකට ආවා...මම එනකොටත් හනා ඔමොනිත් එක්ක හැමදේම ලෑස්ති කරගෙන තිබුනා...මමයි හනයි එකතු වෙලා දෙන්නත් එක්කම ඔමොනිව හොස්පිට්ල් එකෙන් එලියට එක්කගෙන ඇවිත් ඔමොනිට පහසු විදිහට වාහනෙන් ඉන්දවගෙන හනාගේ ගෙදරට යන්න පිටත් උනා...

හනාගේ ගෙදර ඇඩ්‍රස් එක දන්නවා උනත් නොදන්න ගානට හනාගෙන්  ඇඩ්‍රස් එක අරගෙන සිස්ටම් එකට දීලා විනාඩි 20 කට විතර පස්සේ අපි හනාගේ ගෙදරට ආවා.....ඒක තාප්ප වලින් වට වුනු තට්ටු දෙකේ ලොකූ ගෙයක්...තාප්ප විතරම උස ලොකු ගේට් එක අපි එතනට යනවත් එක්කම ඔටෝ ඕපන් උනා...මම මෙච්චර දවස් හැමදේම කලේ මේ ගෙදරට එන්න නිසා හිතේ ලොකු සතුටක් එක්ක මිආ ගේ මරණේ එක්ක මගේ හිතේ ඇතිවුණ හැම තරහක්ම හැම වෛරයක්ම ඒ ගේට් එකෙන් ඇතුලට එනකොට ආයෙමත් අලුත් උනා...

මිආ...මම එන්න ඕනි තැනට ආවා....ඔයා වෙනුවෙන් මේ හැම වේදනාවක් එක්කම...මාව විස්වාස කරන්න....මේ හැමදේම මම බලාගන්නම්...ආයෙමත් මිආට හදවතින් පොරොන්දු වෙන ගමන් මම වාහනේ ගේට් එකෙන් ඇතුලට දැම්මා...ඒත් හනාටවත් ඔමොනිටවත් මම ගැන පුංචි සැකයක්වත් ඇතිවෙන්න බැරි නිසා මම සාමාන්‍ය විදිහටම එයාලා එක්ක කතා කරලා ඉදියා...

හනායි මායි ඔමොනිව රූම් එකට එක්කගෙන ගියහම ඔමොනි ගල් වෙලා වගේ ටික වෙලාවක් රූම් එක දිහා බලාගෙනම ඉදියා...

" ඔමොනි....ඔමොනි හිතපු විදිහටම තියෙනවා නේද..? "

ගල් වෙලා වගේ රූම් එක දිහා බලාගෙන ඉන්න ඔමොනිව බදාගෙන හනා අහනකොට ඔමොනිත් හරි ආදරෙන් හනාව තුරුලට ගත්තා..

" මැණික...ඔයාද මේ හැමදේම කලේ...? "

" දේ....ඔමොනි කැමතියිද...? "

" ඕමෝ....ඕමෝ....මම හිතුවා වගේම ලස්සනට තියෙනවා...කුමාවෝ මැණික..."

ඇත්තටම හනා කිව්වා වගේම ඔමොනිගේ කාමරේ තනි සුදු වලින් හැඩ කරලා තිබුනා...හනා හැමදේම පිලිවෙලට අහුරලා තිබුනා...

ඔමොනිව ඩොක්ටර් කීව විදිහටම ඇඳෙන් හාන්සි කරවලා හොස්පිට්ල් එකේ ඉදන් ගෙනාව බඩු හැමදේමත් ඇතුලින් තියලා මම එන්න ලෑස්ති උනේ ඒ මූසල ගෙදර ඉන්න තරම් සැහැල්ලුවක් මට දැනුනේ නැති නිසා..

" ඔමොනි....මම දැන් යන්න ඕනි...."

" වේ පුතා....? තව ටිකක් ඉදලා යන්න..."

" අනී....මට අද කැම්පස් යන්නම ඕනි ලෙක්චර් එකක් තියෙනවා ඔමොනි..."

මම කටට ආව බොරුවක් කිව්වේ ඒ ගෙදරින් එලියට එන්න තිබුන හදිසිය නිසාමයි..

" ඕ....අරස්සෝ පුතා...ඒවා පාඩු කරගෙන බෑනේ...එහෙනම් ගිහින් එන්න පුතා..."

" දේ...චුසිම්හේ ඔමොනි..හනා උවමනාවක් උනොත් මට කතා කරන්න....ගෙදරත් කවුරුත් නෑනේ..."

" දේ....ගෙදර හැමෝම එකට ඉන්න දවසක්නම් හොයාගන්න හරි අමාරුයි..මම ඕනි උනොත් කියන්නම්කො පුතා....චුසිම්හේ "

ඔමොනිටයි හනාටයි කතා කරලා කාමරෙන් පිටවෙන්න හදනකොටම හනාගේ ඔමොනි ආයෙමත් කතා කරලා මාව නැවැත්තුවා..

" පුතා...."

" ඔමොනි "

" JK කියන්නේ....ඔයාගේ නික් නේම් එක වෙන්න ඇතිනේ...? එතකොට ඔයාගේ ඇත්තම නම මොකක්ද....? "

මිආ නැති උනාට පස්සේ කාටවත් මගේ ඇත්ත නම කියන්න අකමැති උනත් මේ වෙලාවේ ඔමොනීයි හනායි මා ගැන තියන් ඉන්න විස්වාසය මට වටින නිසා මම ඇත්තම නම කිව්වා..

" අ...අහ්....මගේ නම ජන්ගුක්..."

" ඕ...හ් එහෙනම් මම මීට පස්සේ පුතාට ජන්ගුක් කියන්නද...? "

" ඔමොනි කැමති විදිහකට මට කතා කරන්න..."

ඔමොනිට උත්තර දීලා පුලුවන් තරන් ඉක්මනට මම ගෙදරින් එලියට ආවා....මම වාහනේ ලඟට එනකොට හනාත් මගෙ පස්සෙන්ම එලියට ආවත් වැඩි වෙලා හනා ළඟ ඉන්නේ නැතුව මම පුලුවන් ඉක්මනට ඒ මූසල ගෙදරින් එලියට ඇවිත් ගේට් එක පහු කරලා වාහනේ පාරට දානවත් එක්කම මට දැනුනේ ලොකු සැහැල්ලුවක්....

ටික දුරක් ඇවිල්ලා වාහනේ පාර අයිනේ නවතලා මම ශීට් එකට ඔලුව තියාගෙන රිලැක්ස් උනේ හනාගේ ගෙදරදී මට දැනුණ අපහසුව නිසා...ටිකක් වෙලා එහෙම ඉදලා රිලැක්ස් උනාට පස්සේ හෙට කම්පැනි එකේ මීටින් එකට රෙඩි වෙන්නත් ඕනි නිසා මම කෙලින්ම ගෙදර ආවා..

පසුවදා
-------

සැපට නිදාගෙන ඉදපු මාව ගැස්සිලා ඇහැරුන්නේ ජිමින්ගේ කෝල් එකට...

" යොබොසොයෝ ජිමිනා..."

" යොබොසොයෝ නැගිටිනවා...එලි වෙලා..."

" යා....හ් ඕක කියන්නද මේ පාන්දර කොල් කලේ..."

" අනී....නීරා මට කිව්වා ඊයේ කලබලෙන් වගේ ඔයා හනාගේ නම්බර් ක ඉල්ලුවා කියලා..."

ආයිශ්....මේ නීරා....කියන්න එපා කියලා හිතාගෙන ඉදපු මනුස්සයාටම කියලනේ..යාළුවෙලා කිස් එකකුත් දීලා ඒත් නම්බර් එක ළඟ නෑ කියලා දැනගත්තම මම නිකම්ම මැඩවෙනවනේ...ආ....හ්..නීරා.....මදැයි JK දැන් ඉතින් ඔයා ඉවරයි...

" අ.....ආ...හ්  දේ ජිමින්...මම නම්බර් එක ඉල්ලගත්‍තා..."

" JK....දෙයක් අහන්නද....? "

ජිමින් එකපාරටම සීරියස් කටහඬකින් අහපු නිසා මමත් නම්බර් සීන් එක අමතක කරවන්න කියලා හිතාගෙන සීරියස් විදිහට කතා කලා..

" දේ...ජිමිනා..අහන්න..."

🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂

המשך קריאה

You'll Also Like

234K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
95.8K 12.7K 46
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
578K 75.3K 80
Ya Amar = My Moon or My most beautiful (Alpha & Omega)
599K 39.4K 79
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...