🍂 Mr.JK 🍃 || JJK ||( Comple...

By Sandee_96

75K 13.9K 957

"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට... More

🍂 පෙරවදන 🍃
02 කොටස
03 කොටස
04 කොටස
05 කොටස
06 කොටස
07 කොටස
08 කොටස
09 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 ( අවසන් කොටස )
පසුවදන

01 කොටස

6K 602 24
By Sandee_96

       US වල ඉදන් ආයෙමත් කොරියාවට ආවේ මිආ ගේ මරණේ ගැන ලොකු සැකයක් හිතේ තියාගෙන...මීට අවුරුද්දකට කලින් මම US වලට යනකොට මාව බදාගෙන අඬපු මිආ අද මට ලං වෙන්න බැරි තරම් දුරකට ගිහින්.එයාපෝට් එකට පය තිබ්බ වෙලේ ඉදන් මට මැවි මැවී පෙනුනේ එදා මාව ඇරලවන්න ඇවිත් මිආ මාව බදාගෙන අඬපු විදිහ...

එයාපෝට් එකෙන් එලියට එනකොටම පීටර් මගේ වාහනේ අරගෙන ඇවිත් තිබුනා...

" අන්‍යාන්හසේයෝ පොඩි මහත්තයා."

" කොහොමද පීටර්...මම වාහනේ ගන්නම් බෑග් දෙක ඩිකියට දාලා පීටර් නගින්න.."

මාව දැක්ක ගමන් කට පුරා හිනා වෙලා කතා කරපු පීටර් එක්ක සතුටින් කතා කරන්න තරම් හිතේ සැනසීමක් මට තිබුණෙ නෑ....මම ඒ වචන ටික කිවා සැර වැඩි නිසාමද මන්දා පීටර් පුලුවන් තරම් ඉක්මනට මගේ බෑග් දෙක වාහනේ ඩිකියට දාලා පිටිපස්සෙන් නැග්ගා..ගෙදරට යනකම් පීටර් මා එක්ක වචනයක්වත් කතා කලේ නෑ.මාත් කන පැලෙන්න සින්දු දාගෙන ගෙදරට යනකම් කිසිම කතාවක් නැතුව ආවා..

ගේ ලඟට යනවත් එක්කම ගෙදර ගේට් එක ඇරුණා....ඊයක වේගෙන් වාහනේ ඇතුලට දැම්මේ මේ ගෙදර මම වැඩියෙන්ම ආස තැන පොකුණ ළඟ බංකුව පෙනෙයි කියලා බයටමයි...ඉස්සරනම් මම ආසම තැන එතන උනත් දැන් මට එතන පේන්නේ අමු සොහොනක් වගේ...ගේ ඇතුලට යනකොටම අබොජි රෝදපුටුව අතින් තල්ලු කරගෙන මගෙ ඉස්සරහට ආවා..අබොජිට ඇවිදින්න පුලුවන් උනත් වාරුවක් නැතුව අබොජිට තනියම ඇවිදින්න අමාරුයි.ඒ නිසා එයා නිතරම ඉදියෙ රෝද පුටුවෙ.මිආ නැති උන දවසේ ඉදන් මම කලේ අබොජිට වෛර කරපු එක.ඒත් එයා ඉන්න තත්වේ දැක්කම මට එයාගෙන් තරහා පිට කරන්න හිත දුන්නෙ නෑ....

" මගේ පුතා ඔයා ආවද..? "

" දේ අබොජි...අබොජිට කොහොමද..?"

" මට ඔයා නැතුව ගොඩක් පාලු දැනුණා පුතා...මම තනි උනා.මට කිසිම දෙයක් කරගන්න බැරි උනා."

" මියන්හේ අබොජි..අබොජි දන්නවනේ මම හොදටම හිර වෙලා ඉඳියෙ.අඩුම තරමින් මට මිආ ව බලන්නවත් එන්න බැරි උනා අබොජි...."

මම සෑහෙන වෙලාවක් අබොජිගේ උකුලෙන් ඔලුව තියාගෙන ඇඬුවා...

" දැන් ඇති මගෙ පුතා.... දැන් ඇති....යමු මොනවා හරි කාල ඉමු "

" දේ...මම වොශ් එකක් දාගෙන එන්නම් අබොජි.."

කඳුළු පිහදාගෙන උඩට ආවත් මට කඳුළු පාලනේ කරගෙන ඉන්න පුලුවන් උනේ මගේ කාමරේට එනකම් විතරයි...

" මිආ....වේ මැණික වේ...? මාව දාල ගියේ ඇයි...ඔයාට තිබුනා එක සැරයක් මට කතා කරන්න...ඔයාට ඔයාගේ Mr.JK ව අමතක උනාද...ඔයා දන්නවා ජන්ගුක්ට මුකුත් කරගන්න බැරි උනත් jk ට ඕනිම දෙයක් කරන්න පුලුවන් කියලා...වේ...? මම කොහොමද ඉන්නේ..ඔයාව නොදැක කොහොමද මම ඉන්නේ..?"

හිතේ තියෙන දුක අඬලා ඉවර කරගන්න බැරි තරම් ලොකු උනත් මම ගොඩක් වෙලා ඇඬුවා..ශවර් එක යටට වෙලා පැයක් විතර ඇස් රතු වෙනකම් ඇඬුවා...

මොන දේ උනත් මට අබොජි ඉස්සරහා හිනා වෙලා ඉන්න වෙනවා...අබොජි ගැන තියෙන තරහා හිතේ හිර කරගෙන අබොජි එක්ක හිනා වෙලා ඉන්න හිත හදාගත්තා.ඒත් මම දැනන් ඉදියේ නෑ කොච්චර කාලෙකට ඒක කරන්න පුලුවන්ද කියලා..මොකද මට එයා ගැන තිබ්බේ ලොකූ වෛරයක්..මට නිතරම හිතුනේ මිආ ට මේ දේ උනේ එයා නිසා කියලා..
වොශ් එකක් දාගෙන පහලට යනකොට නැනී ඔම්මා කෑම ලෑස්ති කරල තිබුනා...නැනී ඔම්මා කියන්නේ අපේ ගෙදර උයන පිහන වැඩ කරන කෙනා.ඔම්මා නැති උන දවසේ ඉදන් මට ඔම්මා උනේ එයා.

" නැනී ඔම්මා...කෑම ගොඩක් හදලනේ..වා...හ් හුඟ කාලෙකින් ගෙදරින් කන්නේ..කනකම් ඉවසිල්ලක් නෑ."

" පොඩි මහත්තයා ආසම ඒවා හැදුවේ..."

මම ඉඳගෙන චොප්ස්ටික්ස් අතට ගන්නකොට නැනී හිනා වෙලා කිව්වා..හුඟ කාලෙකින් ගෙදරින් කන නිසා බඩගින්න වැඩි කමට මම කන්න පටන් ගත්තා.කොච්චර වේදනාවෙන් ඉදියත් නැනී ඔම්මාගේ මූන බලාගෙන කන්න බෑ කියන්න මට පුලුවන් උනේ නෑ..අවුරුද්දකට පස්සේ මම ආවම මං වෙනුවෙන්ම හදපු කෑම ටික මම ආසාවෙන් කෑවා..ඒ එක්කම වගේ කෑම මේසෙට අබොජිත් ආවා..

" එහේ වැඩ කොහොමද පුතා ? සර්ටිෆිකේට් එක අරගත්තද..? ඒක ගොඩක් වටිනවා...ලේසියෙන් කෙනෙක්ට ගන්න බැරි එකක් ඕක..ඔයාට ඉක්මනටම වැඩට යන්න වෙයි නේද...?"

" දේ අබොජි...ඒත් ඒ හැමදේටම කලින් මට හොයන්න දෙයක් තියෙනවා.."

" මො..මොකක්ද ඒ ? ජන්ගුක් ඔයා මොකක්ද කරන්ම යන්නේ..?"

" මට මිආ ගේ මරණෙ ගැන හැම දෙයක්ම හොයන්න ඕනි...මට මෙහෙම ඇස් කන් පියාගෙන ඉන්න බෑ..අනික මම මගේ වැඩ ඔක්කොම පිලිවෙලට මැනේජ් කරගෙන ආවේ..."

" ජන්ගුක් මිආ නැති උනා.එයා සූසයිඩ් කරගත්තා.ඒ එයාගේ මානසික ආතතිය නිසා.ඒ නිසා තවත් ඒක පස්සෙ පන්නන්න එපා.."

" ඕ....හ් ඔයාට කිසිම දුකක් නෑ නේද..? මිආ නැති උන එක හරි පොඩි දෙයක් නේද..? මේ හැමදේටම වග කියන්න ඕනි ඔයා...ඒ ඔයා විතරමයි...ඔයාට පුලුවන් හැම වෙලේම ඔයා කලේ එයාට රිදවපු එක...මේ හැමදේටම මුල ඔයා.."

" ජන්ගුක් කට වහනවා...තමුන් කවුරු කියලා හිතාගෙනද කතා කරන්නේ..?.අනික ඔය කතා කරන්නේ ඔයාගේ අබොජිට කියලා අමතක කරන්න එපා...මේ වහල යට ඉන්න ඕනි විදිහ මම කියලා දීලා තියෙනවනේ..ඒ විදිහට ඉන්නවා..."

" අබොජි ? දේ...ඔයාට මේ විදිහට කතා කරන්න බැරි ජන්ගුක්ට..ඒත් මම ජන්ගුක් නෙමෙයි..ජන්ගුක් මිආ එක්කම මැරිලා ගියා..."

අබොජි එක්ක රංඩු වෙලා කෑම එකත් දාලා වාහනේ අරගෙන පුලුවන් තරම් ඉක්මනින් ගෙදරින් ආවේ හිතට ආව කේන්තිය පාලනේ කරගන්න බැරි නිසා.මම වාහනේ අරන් යන වේගේ නිසා කලබල උන පීටර් වාහනේ පිටිපස්සෙන් කෑ ගහ ගහා ආවත් මම නතර නොකරම වාහනේ පාරට දැම්මා....හිතේ කේන්තියට ආවත් මට යන්න තැනක් තිබුනේ නෑ...ඉස්සරනම් මගේ ලඟ ඕනි තරම් යාළුවෝ ඉඳියා.ඒත් US ගියාට පස්සේ ඒ හැමෝගෙන්ම ඈත් උනා..මිආ ගේ මරණෙන් පස්සේ මිආ ගැන පැතිරුණ කට කතා නිසා මට යාළුවෝ හම්බවෙන්න උවමනාවක් තිබුණෙත් නෑ...

විනාඩි 15 කට විතර පස්සේ මම වාහනේ නැවතුවා...යන්නෙ කොහෙද කියලා හිතාගන්න බැරුව ඔහේ ආපු මම අවසානෙට මටත් නොදැනීම ඇවිත් ඉඳියේ මිආ දිවි නසාගත්ත යුනික් බිල්ඩින් එක ලඟට.නිතරම කපල් මුණ ගැහෙන යුනික් බිල්ඩින් එක කපල් වලටම වෙන් උන තැනක් වගේ...ලිෆ්ට් එක තිබුනත් හිතට ආව කේන්තියට මම පඩිපෙළ දිගේම බිල්ඩින් එක උඩට දිව්වා...විනාඩි කීපෙකට පස්සෙ මම බිල්ඩින් එකේ ටෙරස් ආවා..කැඩුන පුටු දෙක තුනක් විතරක් තිබුන ටෙරස් එකේ තිබුනේ පාලු මූසල පෙනුමක්.....ටෙරස් එකේ අයිනට ගිහින් බිමට එබුනම මට දැනුනේ මගේ කකුල් දෙක පන නැතිවෙලා යනවා වගේ...

" මිආ මගෙ මැණික...ඔයා උස තැන්වලට කොච්චර බයද...මෙතනින් බිමට පනින්න තරම් හිත හයිය උනේ කොහොමද මැණික.වේ...වේ....? ඔයාට බැරි උනේ ඇයි දෙයියනේ මට එක කෝල් එකක් දෙන්න..එහෙම උනානම් මම ඔයාව හොයාගෙන එනවා නේද..?"

අන්තිම වතාවටවත් මිආ ගේ මූන බලන්න බැරි උන එක ගැන මට තිබුනේ ලොකු වේදනාවක්.ටෙරස් එකට වෙලා අඬ අඬා ඉන්නකොට  ඉබේම බිම නින්ද ගිහින් තිබුන මට ඇහැරුනේ සිකියුරිටිගේ කටහඬට.

" සර්...සර්....දැන් හොඳටම රෑ වෙලා අපි වහන්නයි හදන්නේ...සර්...සර්..."

"අ..අහ්...අරස්සෝ...අරස්සෝ...මම යන්නම්..."

වෙලාව දහයටත් කිට්ටුයි...කවුරු මම එනකම් බලාගෙන ඉදියේ නැතත් නැනී ඔම්මා මම එනකම් බලාගෙන ඉන්නවා කියලා මම දැනගෙන ඉඳියා..එයා දැන් ටිකක් වයසයි...අපිව බලාගන්නම එයා එයාගේ ජීවිතේ කැපකලා..යුනික් එකෙන් එලියට ඇවිත් පුලුවන් තරම් ඉක්මනට ගෙදර ගියේ ගෙදර කලබලයක් වෙන්න කලින්..

ගෙදර ඇතුලට යනකොටම නැනී ඔම්මා දුවගෙන මගෙ ලඟට ආවා..

" ආයිගෝ....ආ...යිගෝ... මගේ පොඩි මහත්තයෝ කොහෙද වස්තුවේ ගියේ...හවස ගිය ගමන්නේ...කොච්චර කෝල් ගත්තද...?"

" නැනී ඔම්මා බය උනාද...? අරස්සෝ අරස්සෝ මම දැන් ආවනේ..."

නැනී ඔම්මව බදාගෙන එයාව සනසවලා වොශ් එකක් දාගන්න කාමරේට යන්න පඩිපෙළ නගිනකොටම අබොජි කතා කලා..

" ජන්ගුක් කොහෙද ගියෙ..බලනවා දැන් වෙලාව කීයද කියලා...?"

අබොජි කතා කරනවා මට හොඳටම ඇහුනත් ඇහුනෙ නෑ වගේ මම කාමරේට ආවා..ඇවිත් වොශ් එකක් දාගෙන ඇඳට වෙලා කල්පනා කලේ මිආ ගැන.ටික වෙලාවක් ඉන්නකොට නැනී ඔම්මා කාමරේට ආවා..

" පොඩි මහත්තයා කෑම ලෑස්තියි.අපි කන්න යමුද...?"

" අනී...මට බඩගිනි නෑ නැනී ඔම්මා..මට හරි මහන්සියි..මම අද කලින් නිදාගන්නම්...."

එයා කොච්චර කතා කලත් මම කන්න ගියේ නෑ...නැනී ඔම්මා මට එක දිගට කතා කරනවා ඇහිලා වෙන්න ඇති අබොජි එකපාරටම කෑ ගහන්න පටන් ගත්තා..

" නැනී...මම කෑවා..ඔයාලත් කාලා මේ කෑම ඔක්කොම අස් කරලා දාලා නිදාගන්න.කන්න බැරි අයට බලෙන් කවන්න ඕනි නෑ..."

අබොජි කෑ ගහනවත් එක්කම නැනී ඔම්මා පහලට දිව්වා...අබොජිගේ කටට මේ ගෙදර හැමෝම බයයි.හැමෝම අබොජිට ගොඩක් බයෙන් ඉදියේ..බයටත් වඩා අබොජිට එයාලා ගොඩක් ගෞරව කරනවා.මොන දේ උනත් අබොජි සේවකයින්ට ගොඩක් ආදරෙන් සැලකුවා.එයාලගේ පවුල් ගැන නිතරම හොයලා බැලුවා.

රෑ එකොළහා විතර වෙනකම් මම කලේ මිආ ගැන හිතපු එකමයි....මට නින්දයාගෙන වගේ එනකොට එකපාරටම නැනී ඔම්මා දොරට තට්ටු කලා.

" පොඩි මහත්තයා.."

" නැනී ඔම්මා....එන්න මම නිදි නෑ.."

නැනී ඔම්මා දොරත් ඇරගෙන ආවේ කෑම ප්ලේට් එකකුත් අතේ තියාගෙන..

" නින්ද යන්නෙ කොහොමද හිස් බඩ.මම කෑම ගෙනාවා. බෑ නොකියා පොඩ්ඩක් හරි කමු මගෙ මහත්තයෝ.."

මේ ගෙදරින් මා ගැන වැඩියෙන්ම හොයල බලන්නේ නැනී ඔම්මා.මම කන්නෙ නැත්තනම් නැනී ඔම්මා කන්නෙත් නෑ.මම නොකෑව නිසා එයත් කාලා නෑ කියලා දන්න නිසාම මම කෑම කන්න කැමති උනා..

" අරස්සෝ...කමුකො එහෙනම්.."

" ඕ....හ් ඉන්න මම කවන්නම්..."

" නැනී ඔම්මා ඔයත් තාම කාල නෑ නේද..?"

" මම කන්නම්කො...මගෙ මහත්තයා බඩ පිරෙන්න කන්නකො.."

මම නැනී ඔම්මා ගෙනාපු කෑම ටික ඔක්කොම කෑවේ නැනී ඔම්මා බඩගින්නේ ඉන්නවා බලන්න බැරි නිසා..

" ඔය කන්න බෑ කිව්ව කෙනා යසට කෑවේ.."

" මගේ ඔම්මා හදන කෑම දැක්කම නිකම්ම බඩගිනි හැදෙනවා.."

" ආයිගෝ....ආයිගෝ..ඔන්න බොරු වර්ණනාව..."

" අනී....ඇත්තටමයි කිව්වේ..."

මම කියන දේවල් වලට හිනා වෙවී නැනී ඔම්මා ටික වෙලාවක් මා දිහා බලාගෙන ඉදියා..

" වේ ඔම්මා...? ඇයි ඔහොම බලන්නේ..?"

" මගෙ මහත්තයෝ ඔයා දන්නවද මම මේ ලෝකේ දකින්න ආසම දේ මොකක්ද කියලා..?ඒ තමයි මගේ පොඩි මහත්තයගේ හිනාව..ඇයි ඒ හිනාව ලෝකෙන් හංගන්නේ..?"

වේදනාව කඳුළු වෙලා පිටවෙන්න කලින් මම නැනී ඔම්මව බදාගෙන එයාගේ උරිස්සෙන් ඔලුව තිබ්බා..

" නැනී ඔම්මා...කාටවත්ම මගෙ වේදනාව තේරෙන්නෑ..මට නැති උනේ මගේ පණ.මගේ මැණික.මම හුස්ම ගත්තේ එයා නිසා.එයාට කැම්පස් යන්න ඕනි කිව නිසයි නැනී ඔම්මා මම එයාට යන්න දුන්නේ..නැත්නම් මම එයාව US අරගෙන යනවා..ඒත් අන්තිමට එයා මට නොකියම යන්න ගියා..මගේ හිනාවත් අරගෙන එයා යන්නම ගියා.."

" මගේ මහත්තයෝ....ඔයාට වගේම වේදනාවක් මටත් තියෙනවා...ඒත් මම මගේ පොඩි මහත්තයා නිසා හිනා වෙනවා...බැඳීම් කියන්නේ හරි පුදුම දෙයක්...කාලෙන් කාලෙට අපි බැඳීම් නිසා දුක් වෙනවා...එහෙමයි කියලා අපිට අපේ ජීව්තේ මගින් අතාරින්න බෑනේ..අපි මේ ජීවිතේ අමාරුවෙන් හරි ගෙවන්න ඕනි.."

" නැනී ඔම්මා...මගේ මිආ හොඳින් ඇති නේද..? මිආ බිල්ඩින් එකෙන් පැන්නහම එයාට ගොඩක් තුවාල වෙලා තිබුනද ඔම්මා...නෑ නේද..?ඔම්මා එයාව දැක්කද..?"

වේදනාව දරාගන්නම බැරි තැන මම කෑ ගහලා අඬන්න පටන් ගත්තා...

" අ...අනී...අනී...අඬන්න එපා...දැන් ඇති දැන් නිදාගන්න.මම නින්ද යනකම් ඔලුව අතගාන්නම්..."

මට තේරුණා නැනී ඔම්මා ඉන්නෙත් ගොඩක් වේදනාවෙන් කියලා...එයත් ගියාට පස්සේ මේ මූසල ගෙදර මට නින්ද යන්නෑ කියල දන්න නිසාම නැනී ඔම්ම ළඟ ඉන්න වෙලේ මම නිදාගත්තා...

පසුවදා
-------

පාන්දරම ඇහැරිලා පහලට ගියේ කැම්පස් එකට යන්න හිතාගෙන.මම පහලට එනකොට අබොජි සෝෆා එකට වෙලා ඉඳියා..

" චුහ්නාචිම් පුතා.."

" චුහ්නාචිම් අබොජි"

අබොජි කිසිම දෙයක් නොවුනා වගේ කතා කරපු නිසා මාත් කතා කලා

" කොහෙද මේ උදේම ඇදගෙන යන්නේ..?"

" මම යනවා කැම්පස් එකට...?"

" කැම්පස් එකට ? මොන කැම්පස් එකටද..?"

" මිආ ගේ කැම්පස් එකට..."

" වේ...ඒකට යන්නෙ ඇයි..? ඔයා මොකක්ද ජන්ගුක් කරන්න යන්නේ..?"

" මට ඒකට යන්න ඕනි.මට මෙහෙම නිකමෙක් වගේ බලාගෙන ඉන්න බෑ.මගේ මිආ ට මොකද උනේ කියලා මට හරියටම දැනගන්න ඕනි..."

" මිආ.... මිආ.... මිආ....ඉවරයක් නෑ..ඒ කෙල්ල දැන් මැරිලා මාස ගාණක් වෙනවා..තාම මේක ඉවරයක් නෑ..."

මම කියනකොට අබොජි කේන්තියෙන් කෑ ගහන ගමන් මගේ ලඟට ආවා.

"අබොජි ඔයා කොහොමද ඔහොම කතා කරන්නේ..ඔයාට වේදනාවක් නැද්ද..ඔයාට මගේ දුක තේරෙන්නෙ නැද්ද ?ඔයාට කොහොමත් කිසි ගානකුත් නෑනේ...මියාගේ හැමදේම ගෙදරිනුත් අයින් කරලනේ....ඒ මදිවට ඔම්මගේ කාමරේ හැමදාටම වහලා දාලා..ඔයාට කෙනෙක් මැරුනම එච්චර ලේසියෙ අමතක කරන්න පුලුවන්ද...?එහෙනම් මාත් මැරිල යන්නම්.එතකොට ඔයාට සතුටුයිනෙ..?"

" ජන්ගුක් මොනවද ඔය කියවන්නේ..? කට වහගන්නවා...මම දැන් ඉවසුවා හොඳටම ඇති "

ඒ එක්කම වගේ අබොජි මගේ කම්මුලට පාරක් ගැහුවා.යන්න ගිය ගමන අතෑරලා දාලා එහෙම්ම ම පඩිපෙළ දිගේ කාමරේට දිව්වේ තවත් එතන ඉදියොත් මම මොනවා කියවෙයිද කියලා විස්වාස නැති නිසා..

කාමරේට ඇවිත් මිආ ගේ ෆොටෝ එක තුරුලු කරගෙන මම ඇති වෙනකම් ඇඬුවා...ටික වෙලාවක් යනකොට අබොජි මගේ කාමරේට ආවා..හැරමිටියට වාරු වෙලා එන අබොජි දැක්කම මට ලොකු දුකක් දැනුණා..ඒත් මම ඒ බව අබොජිට පෙන්නුවෙ නෑ...

" ජන්ගුක් ටිකක් කතා කරමු.."

එහෙම කියලා අබොජි මගේ ඇඳෙන් ඉඳගත්තා...

" ජන්ගුක්.... පුතා මම දන්නවා ඔයා ගොඩක් වේදනාවෙන් ඉන්නේ.... ඒ වගේම මම දන්නවා ඔයා කැම්පස් එකට යන්න හදන්නේ හොඳකට නෙමෙයි කියලත්.පුතා ඔයා ගැන මට වඩා දන්න කෙනෙක් මේ ලෝකෙ නෑ.."

" අබොජි ඇයි මට එක අවස්ථාවක් නොදෙන්නෙ..? මගේ මිආ ට ඇත්තටම මොකද උනේ කියලා හොයාගන්න ඇයි මට අවස්ථාවක් නොදෙන්නේ..? ඔයාට හදවතක් නැද්ද..? ඔයාට ඇයි බැරි උනේ මිආ ගැන හොයාගන්න ?"

" අරස්සෝ...මම දන්නවා මම කොච්චර කිව්වත් දැන් ඔයා නතරවෙන්නෑ කියලා..මම ඔයාව කැම්පස් එකට දාල දෙන්නම්.ඒත් මට එක පොරොන්දුවක් වෙන්න ඕනි.."

" චින්චා...ඇත්තටම මට කැම්පස් එකට යන්න පුලුවන්ද..?"

" දේ..මම ඩිරෙක්ටර්ව අඳුරනවා..ප්‍රයිවට් එකක් නිසා ඔයාට ඇතුලට යන්න පුලුවන්.ඔයා ඔයාගේ ලයිෆ් එකේ වෙනස්ම පැත්තක තෝරගත්තට, ඔයාගෙ දක්ශකම් දකින කෙනෙක් ඔයාව ප්‍රතික්ශේප කරන්නෑ....හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕනි ඔයාගේ ජීවිතේට කිසිම අනතුරක් කරගන්නෑ කියලා..."

" ප්‍රොමිස් අබොජි ප්‍රොමිස්..."

" ආ.....හ් ඒ වගේම ඔයා යන්න ඕනි ෆයිනල්ස් වලට.ඔයා කලින් කොන්කුක් එකේ 3rd year වෙනකම් ඉඳපු නිසා මේකේ ෆයිනල්ස් වලට තමා ඔයාව ගන්නේ.මම ඒක සුහද මාරුවක් විදිහට හදන්නම්..."

" අරස්සෝ අබොජි..කුමාවෝ..."

සතුට වැඩි කමට මම අබොජිව බදාගන්න ඕනි උනත් මම මාව පාලනේ කරගත්තා...

" අරස්සෝ අරස්සෝ...එහෙනම් සඳුදට යන්න ලෑස්ති වෙන්නකො.මම හැමදේම රෙඩි කරන්නම්...."

එහෙම කියලා අබොජි හැරමිටියට වාරු වෙලා හෙමින් හෙමින් කාමරෙන් එලියට ගියා..

" මගෙ මැණික මම එනවා..ඔයා එක්ක හැංඟුන හැම රහසක්ම හොයාගෙන මම එනවා.මම පොරොන්දු වෙනවා ඔයා වෙනුවෙන් මම මට පුලුවන් හැමදේම කරනවා කියලා.."

මිආගේ ෆොටෝ එක දිහා බලාගෙන මම මිආට පොරොන්දු උනා...

සඳුදා
-----

මම උදේ ඇහැරපු වෙලේ ඉදන් ඉදියේ වෙනදට වඩා හිතේ කලබලේකින් වගේම සතුටකින්.ජීවිතේ හැම ආසාවක්ම මග නතර කරලා මගේ මැණික වෙනුවෙන් ආයෙමත් ආපස්සට යන්න තීරනේ කලේ ඒ උන කිසිම දෙයක් ගැන මම විස්වාස නොකළ නිසා....

" මිආ මගෙ මැණික.මම එනවා...දුකින් ඉන්න එපා.ඔයාගේ JK ඔයාට ගොඩක් ආදරෙයි...මම පොරොන්දු උනා වගේම ඔයා එක්ක යටගිය හැම රහසක්ම මම උඩට අරගන්නවා..මම පොරොන්දු වෙනවා."

මිආ ගේයි මගෙයි ෆොටෝ එක අතට අරගෙන මිආ දිහා බලාගෙන මම එයාට පොරොන්දු උනා.

" ජන්ගුක්....ඔයා රෙඩිද..? 10 වෙනකොට ඔයා එතන ඉන්න ඕනි..."

" දේ අබොජි මම එනවා.."

අබොජිගේ කටහඬට පහලට දිව්වේ දැනටමත් මම පරක්කු නිසා..මම යනකොට අබොජි රෝද පුටුවට වෙලා බලාගෙන ඉදියා..එයා ගැන තිබුන වෛරය එයා කරන උදව් නිසා අමතක කලත් ඒ සුලු වෙලාවකට විතරයි..මිආ ජීවත් වෙලා ඉන්න කාලෙ මිආ ට දීපු වේදනාව , මිආ ට කියපු නපුරු වචන මට කවදාවත් අමතක කරන්න බැරි උනා..ඒත් මිආ වෙනුවෙන්ම මම කේන්තිය පාලනේ කරගත්තා..

" අබොජි මම ගිහින් එන්නම්.."

" අරස්සෝ...ඒත් මතක තියාගන්න ජන්ගුක්...ඔයාගේ ජීවිතේට හානියක් වෙන කිසිම දෙයක් කරන්න ඔයාට බෑ...ඩිරෙක්ටර්ව මීට් වෙලා මගෙ නම කියන්න..මම හැමදේම රෙඩි කරල තියෙන්නේ."

" අරස්සෝ අබොජි "

අබොජි කියපු හැමදේම පිළි අරගෙන වගේ එලියට බැස්සත් මගේ හිතේ තිබුනේ එකම එක දෙයක් විතරයි.ඒ මිආ ගේ මරණේ ගැන හැම දේම දැනගන්න එක විතරයි....බයික් එකෙන් ඉඳගෙන හෙල්මට් එකත් දාගෙන මම ටිකක් වෙලා බලාගෙන ඉදියේ ගාර්ඩ්න් එකේ තිබුන බංකුව දිහා...දරාගන්න බැරි තරම් දුකක් දැනෙන මතකයන් ගොඩක් අස්සේ මාව හිර කරන්න ඒකට පුලුවන් උනා..

" JK අනී...අනී...ඔයට මේ වෙලේ දුර්වල වෙන්න බෑ...අදින් හැමදේම පටන් ගන්නවා.මිආ වෙනුවෙන් ඔයා ශක්තිමත්ව ඉන්න ඕනි..අද ඉදන් ලෝකෙට ඔයා කැම්පස් යන සාමාන්‍ය කොල්ලෙක් "

මම මටම කියාගන්න ගමන් බයික් එකේ ගෙදරින් පිටත් උනා..විනාඩි 20 කට විතර පස්සේ මම කැම්පස් එක ලඟට ආවා... කැම්පස් එක ඇතුලට ගිහින් බයික් එක පාර්ක් කරලා බයික් එකට වෙලාම වටපිට බැලුවේ පිටතින් සුන්දර ලෝකයක් වගේ පේන මූසල කැම්පස් එක දිහා..ටික වෙලාවකට පස්සේ බයික් එකෙන් බැහැලා පිටිපස්ස බැලුවම මාව ගැස්සිලා ගියා..කෙල්ලෝ රොත්තක් මගේ බයික් එක පිටිපස්සට වෙලා ඉදියා..අරස්සෝ....අරස්සෝ ඕක ඉතින් පුදුමයක් නෙමෙයි...බිකෝස් මම JK...

මගේ ලඟටම වෙලා මේකප් නාගෙන මා දිහා කන්න වගේ බලන් ඉදපු කෙල්ලෙක්ට ඇහැකුත් ගහලා මම ඩිරෙක්ටර් ව හම්බවෙන්න ඔෆිස් එකට ආවා.ඩිරෙක්ටර්ගේ රූම් එකට තට්ටු කළාට පස්සේ ඇතුලින් ගොරොසු කටහඬක් ඇහුණා..

" කම් ඉන් "

දොර ඇරගෙන ඇතුලට යනකොට අවුරුදු 50ක් විතර වයස උස මහත පිරිමි කෙනෙක් ඉඳියා..

" දේ....මොකක්ද කාරනේ ?"

" සර් මම ජන්ගුක්...මින් හුක් කියන්නෙ මගේ අබොජි "

" ඕ........මේ අපේ මින් හුක්ගේ පුතාද..? මට පුතාගේ අබොජි කතා කලා.. කොහොමද පුතා දැකීමත් සතුටක්...! මිආට විච්ච දේ ගැන මටත් හරි කණගාටුයි පුතා..මට දැනගන්න ලැබුණා ඔයා සෞන්දර්ය වලට වගේම ස්පෝට්ස් වලටත් ගොඩක් දක්ශයි කියලා..මම හිතනවා ඔයා ලොකු දෙයක් අපේ කැම්පස් එක වෙනුවෙන් කරයි කියලා..අරස්සෝ එහෙනම් ඔයා ලෙක්චර් වලට යන්න.."

ඩිරෙක්ටර් පාර්ක් එක්ක කතා කරලා මම ලෙක්චර්ස් වලට ගියා...ලෙක්චර් හෝල් එක ලඟට ගිහින් ඇතුලට නොයා ටික වෙලාවක් බලාගෙන ඉඳියේ හිතේ චකිතයක් එක්ක.අලුත් පටන්ගැන්මක් එක්ක ජීවිතේ වෙනස්ම අත්දැකීමක් ලැබෙන නිසා හිතට පොඩි බයකුත් දැනුණා..

" අනී අනී...ඔයා මේක කරන්න ඕනි JK ඔයාට පුලුවන්...මිආ වෙනුවෙන් මේක කරන්න...අද ඉදන් ඔයත් කැම්පස් එන සාමාන්‍ය කොල්ලෙක් වගේ ලෝකෙට පෙන්නන්න ඕනි..ඒ නිසා ඔයාගේ දුක, වෙදනාව ඔයාගේ හිත ඇතුලෙම තියාගන්න ඕනි...ෆයිටින් "

මම මටම කියාගෙන්න ගමන් ඇතුලට ගියා...මම ඇතුලට යනකොට හෝල් එක ඇතුලෙ තිබුන ඝෝශාව එකපාරටම නතර උනා...ඒ එක්කම වගේ ෆිට්නස් තියෙන කරාබුවක් දාගත්ත ටිකක් මිටි කොල්ලෙක් මගේ ඉස්සරහට ආවා..

🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Continue Reading

You'll Also Like

80.3K 11.1K 47
Sithara Raghuvaran, a 21 year old girl who is broken, scared and struggling hard to get used to the new world which looks straight opposite to the wo...
732K 37.8K 67
JEON JUNGKOOK X KIM TEAHYUNG មានត្រឹមតែនាមជាប្រពន្ធក្នុងអេតាសុីវិលមួយសន្លឹក ដែលមិនបានរៀបការឲ្យមហាជនបានដឹង តេីចិញ្ចៀនមួយវង់នេះអាចបញ្ជាក់បានរឺទេ?? ...
339K 7K 28
Only one ML နေခန့်မင်းသစ် Age- 24 Height 6' "Sun"ဆောက်လုပ်​ရေး company ရဲ့ တစ်ဦးတည်းသောသားဖြစ်ပြီး မိဘအလိုလိုက်ထား၍ ဆိုးသွမ်းနေသူ မိန်းကလေးတွေကြားရေ...
674K 33K 23
Story Name - Signs Of The Fate (ကံၾကမၼာခ်ည္တဲ့ျကိုး) Own Creation Written by choyee6 Fic cover by - Wang Qiu I own the photo , please do not use Sta...