⭐ 1st Part ⭐

1K 105 55
                                    

The Reason Why ♡

• Short fan fic •

#To_our_Sunshine♥
• 1st Episode •

Hobi's P.O.V.

බැදීම්... බැදීම් කියන්නෙ හරි අපූරු දෙයක්. මේ ලෝකෙ තමන් තනිවෙලා නැහැ කියලා දැනෙන්නෙ අපිට තියෙන බැදීම් නිසා. බැදීමක් පටන් ගන්නෙ අපි මේ ලෝකෙ එලිය දකිනකොටමයි. අපිට ඇතිවෙන පළවෙනි බැදීම තමයි අපේ අම්මා තාත්තා එක්ක ඇතිවෙන බැදීම. ඒත් ඇත්තටම මේ බැදීම් කියන්නෙ මොනවද? බැදීමක් ආත්ම ගානක් තිස්සෙ ඇතිවුණු එකක් වෙන්න බැරිද? ඔව්, මම නම් විශ්වාස කරන්නෙ ඒ විදියට. බැදීම් ඇති වෙන්නෙ අපි මේ ලෝකෙ එළිය දකින්නත් කලින් ඉදන්. ඒත් කල්ප ගානක් තිස්සෙ එක එක ආත්ම වලදි අපි ඇති කරගන්න බැදීම් හැමදාටම අපි එක්ක තියෙන්නෙ නැහැ. ඒ වුණත් මම තදින්ම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි එකිනෙකා සමග හදවත් වලින් ඇති වුණු බැදීම් කවදාවත්ම අපිට අමතක වෙන්නෙ නැහැ කියන එක. ආත්ම ගානක් තිස්සෙ එකට බැදිලා තියෙන බැදීම් කවමදාවත් අපේ ජීවිත වලින් ඈත් වෙන්නෙ නැහැ කියන එක මම තදින්ම විශ්වාස කරන දෙයක්. එක එක ආත්මයන් වල අපි මොනතරම් සැරිසැරුවත්, ඒ බැදීම් හැමදාමත් අපි එක්කම තියෙනවා. අපේ Bangtan සහෝදරයො අතර තියෙන බැදීමත් අන්න ඒ වගේ. මේ ආත්මෙදි විතරක් නෙවෙයි, මීට ආත්ම ගාණකට කලිනුත් අපි මේ විදියටම එකට ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ තරමටම අපි අතරෙ තියෙන බැදීම ශක්තිමත්. එක කුස උපන් සහෝදරයො නොවුණත්, අපි අතරෙ තියෙන්නෙ සහෝදරයන්ටත් වඩා ශක්තිමත් බැදීමක්. එකිනෙකාගෙන් ඈත් වෙලා මොහොතක්වත් ගත කරන්න බැරි තරමටම අපේ බැදීම බලගතුයි. ඒ වගේම ඒ බැදීම තමයි මගේ ජීවිතේ ශක්තිය. ජීවිතේ මොන අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ උනත් අපි අතරෙ තියෙන ඒ බැදීම හැමදාමත් මාව ශක්තිමත් කරනවා. ඒ බැදීම දැන් මගේ ජීවිතේම කොටසක් වෙලා ඉවරයි.

...................................................

කාලය කියන්නෙ ජීවිතේ මොනතරම් වැදගත් දෙයක්ද? හැමදාමත් කාලයත් එක්ක හරි හරියට ඔට්ටු වෙන අපිට කාලය කියන්නෙ මොනතරම් වැදගත් දෙයක්ද කියලා තේරෙන්නෙ ගොඩක් කාර්‍යබහුලව ගෙවුණු සති කීපයකට පස්සෙ ටිකක් නිදහසේ ඉන්න නිවාඩුවක් ලැබුණම. ඉතින් අදත් ඒ වගේ දවසක්. පහුගිය සති තුන පුරාම එක තත්පරයක්වත් අපතේ යවන්නෙ නැතුව එක දිගටම අපි මහන්සි වුණේ අත ලගම එන අපේ comeback එකට වගේම අලුතෙන් launch කරන්න ලෑස්ති වෙන අපේ අලුත්ම album එකේ වැඩ වලට. සති තුනක්ම එක දිගට මහන්සි වුණ නිසා company එකෙන් අපිට දවස් දෙකක නිවාඩුවක් ලැබුණා. අද තමයි ඒ පුන්චි නිවාඩුවේ පළවෙනි දවස. ලැබුණු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ නිසා ඒ දවස් දෙක නිදහසේ ගත කරන්න ඕනෙ උනත් අපිට එකිනෙකාගෙන් වෙන් වෙලා නම් කවදාවත් ඒ නිදහස උපරිම විදින්න බැහැ. නිවාඩුවක් උනත් හත්දෙනාම එකට ගත කරන එක තමයි අපේ සිරිත. මීට මාස තුනකට විතර කලින් අපිට මාසයක vacation එකක් ලැබුණු නිසා අපි හත්දෙනාටම එකිනෙකාගෙන් ටික දවසකට ඈත්වෙලා ඉන්න සිද්ධ වුණා. ඒත් ඒ ගෙවුණු මාසෙ ඇතුළත එක දවසක්වත් අපි එකිනෙකාට කතා නොකර හිටියෙ නැහැ. ඒ vacation එක ඉවර වෙලා ආයෙත් අපි හත්දෙනා එකට එකතු වුණාමයි අපිට දැනුනෙ අපිට අපි හත්දෙනා නැතුව එක දවසක්වත් ගත කරන්න අමාරුයි නේද කියලා. ඒ තමයි අපි අතරෙ තියෙන බැදීම.

💜️ The Reason Why 💜️ [Completed]Where stories live. Discover now