Chapter 05 💜️

Start from the beginning
                                    

" හියුගෝ..." මම ඒ වචනය පිට කළේ හිර වුණ කටහඩකින්. මේ මම කිසිසේත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි...
"ඔයා ආවද එහෙනම්.."

" මම හැමදාමත් ඔයා එක්ක ඉන්නවා ටාරා." එයා කිව්වෙ තවමත් මා වෙත මද සිනාවක් පාමින්. " ඔයාගෙ මතකයන් වල, ඔයාගෙ හිතේ මම ඉන්නවා. හදවතේ උඩින්ම නැතත්, ඒකෙ කොනක හරි මං ඉන්නවා.. එහෙම නේද මී බොනීටා?"

" අනේ හියුගෝ.." මම ඇස්වලට කදුළු පිරුණා එයා එහෙම කිව්වම. " ඔයා මගෙ හිතේ කොනක නෙවෙයි. හැම තැනකම ඉන්නවා. එක කොටසක් තියෙනවා. ඒක . ඒක මට ඔයා වෙනුවෙන් හිස් කරගන්න බැරි වුණා. මට ඒකට සමාවෙන්න.. මගෙ පපුව හොදටම රිදෙනව රත්තරන්.. මම ඔයා ළගට එන්නයි හදන්නේ.. ඊට පස්සෙ මම ඔයාට කරපු දේට වන්දි ගෙවන්නම්.. මට සමාවෙන්න.."

කදුළු වැල් පුංව් දිය ඇලි වගේ මගේ කම්මුල් තෙමමින් ගලා ගියා. ඒවා පිසදමන්නවත් මම උත්සහ කළේ නෑ. හියුගෝ එයාගෙ විනිවිද පෙනෙන සුලු අතක් දිගු කළේ මගේ කදුලු පිස දමන්න.. ඒත්. ඇත්තෙන්ම මට එයාගෙ ස්පර්ශය දැනුනෙ නෑ.

" ඔයා ඔහොම අඩනව දකින්න මං කැමති නෑ ටාරා.." හියුගෝ දුක්බර හඩකින් කිව්වා. " මට දැන් ඔයාගෙ කදුලු පිහි දාන්න විදියක් නෑ... ඔයාව සතුටින් තියන්න පුලුවන් එකම කෙනාටයි. එයා ළගට යන්න ටාරා. ඔයා එයාට ආදරේ කළා නේද? දරාගන්න බැරි තරම් ආදරේ කළා. දැන් ඒකට වටිනාකමක් දෙන්න. බලන්න ඔයා ඒ ආදරේ වෙනුවෙන් කරපු දේ"

අකුණු සැරයක් වැදුණාක් මෙන් මගේ සිරුර හිරි වැටී ගියා. දෙනෙත් ඉබේටම යොමු වුණේ මගේ දෙපා අසල වැටී තිබූ නිසල රුව දෙස. කලු පැහැති, මුලු සිරුරම ආවරණය කළ ලෝගුවක් වැනි ඇදුමකින් එය ආවරණය වී තිබුණත්, උඩුකුරුව වැටී තිබීම නිසා මුහුණ දැක ගැනීමට හැකි වුණා. කිරිගරුඩ පිළිමයක් වන් සුදුමැළි මුහුණ, දියෙන් හා ලෙයින් පැල්ලම් වැටී තිබුණා. කලෙක හිරුරැස් සමහ අලංකාර ලෙස මුහු වූ රන්වන් පැහැති කෙස් කළඹ දැන් වැරහැලි මෙන් මුහුණ මතින් ඇදී , ලිහිල් වී තිබුණා. නිල් පැහැති, පැහැදිලි දෑස් වීදුරු බෝල මෙන් හැගීම් විරහිත ව අහස වෙත යොමු වී තිබුණා. වරෙක රොස්ලින්ඩ් හිල් ගේ ආත්මය දැරූ ඒ සුකුමාළ සිරුරයි අද මෙසේ ජීවයක් නොමැති වස්තුවක් බවට පත් වී තිබෙන්නේ.
මම හුස්මක් ඉහළට ඇද ගනිම්න් රිවෝල්වරය තවත් තදින් ග්‍රහණය කර ගනිමින් මගේ හිස වෙත එය ගෙන ගියා. ආරක්ෂක අගුල මත තෙරපුණු මගේ ඇගිල්ල මොහොතකින් වෙඩිල්ල පත්තු කරාවි.. එවිට මගේ හිස සුණු විසුණු වේව්..

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now