45.ජීවිතේ සුන්දරද මෙතරම්.....

2.1K 362 46
                                        

" කටවල් පියන් යන්න බැරිනම් තොපි දෙන්නම බැහැලා බස් එකේ වරෙන්!"

" අපෝ ඩැඩා.......මං ගිහින්ම නෑ බස් එකේ..."

" ඒනම් කට පුක පියන් යමන්!"

" මොකක්ද අප්පා ඔය ජරා කට..මේ ලමයත් ඉස්සරහ !"

" ඌ බබාද.....මේ පාරමී මට වතුර ටිකක් පොවනවා"

" ඉන්නවා රෙද්ද!"

" දැන් තමුසෙට මගෙ වැඩ කරන එක කරදරයක්ද"

" මේ මිනිහගේ පිස්සුව තද වෙලා.........පුතේ අපි ඩැඩාව පිස්සන් කොටු දාන් යමු මෙහෙම්ම"

"හා......එතෝට අංකල්ටයි මටයි චිල් එකේ කැන්ඩි ඉන්න පුලුවන් "

" විභූ මං කිව්වා එකපාරක් හොඳේ! අනවශ්‍ය විහිලු කරලා මගෙන් කන පැලෙන්න කන්න එපා....උබ දන්නවනේ මේ ඩැඩා ගැන"

"අවුරුදු දාහතරක පොඩි එකෙක් මනිත් ඔයාට ඉන්නෙ!"

" ඒනම් ඌ දැනගන්න ඕන උගේ වයසට වැඩ කරන්න.දැන් තමුන්ගෙ උවමනාවට කැන්ඩි ගියා වගේ නෙමේ විභූ ඕලෙවල් වෙනකම් විතරයි කැන්ඩි ඉන්නෙ මං........මට කරදරයි එච්චර දුර ඉන්න එක....අංකල්ටත් කරදරයි.......ඒලෙවල්ස් වලටනම් කලම්බො එන්න වෙනවා...."

" ඔය කිව්වට ඩැඩාට එන්න හිතෙන්නෙ නෑ කැන්ඩි ගියාම....මං දන්නවනේ......ඩැඩා ආසයි එහෙට අංකල්"

" මාත් ආසයි...කාලෙකින් මාලිගාවට ගියෙත් නෑ....."

" යමු යමු....හෙට උදේම යමු......ඩැඩා ඔයාත් එනවද"

"මං එනවද අහන්නෙ යකෝ මං කොහොමත් එනවා තමා"

"අහ්......මං මේ නිකම් ඇහුවේ...."

"හෙට උදේම මාලිගාවේ යන්නෙ මායි පාරමී....ඔයා ස්කූල්"

"අනේ.............අනේහ්....අනේ එහෙනම් හවසට යමු"

" හවසට මැත්ස් ක්ලාස් නේද...."

"ඉවරවෙලා යමු ඉතින්........හෙටට විතරක් කට් එකක් දාන්නම්"

" බලමු බලමු.ගිහින් ඉන්න එපෑ මුලින්....."

මං පාඩුවේ පැත්තකට වෙල තාත්තගෙයි පුතාගෙයි සංවාදයට කන් දීගෙන හිටියා......ඒ දෙන්නා යාලුවෝ වගේ..මනිත්ට උනත් මේ ඉන්නෙ පොඩි එකෙක් කියල ගානක් නෑ සමහර දේවල් කියන්න ගියාම...මං දැනටම විසි තිස් පාරක් මතක් කරලා දුන්නා ඒක.....විභූ හුරතලයක්......මට හිතාගන්න බෑ මේකා ඒලෙවල් කාලෙට එහෙම ආවම කෙල්ලොන්ගෙන් කොහොම බේරෙයිද කියලා.....තාත්තගේ ලස්සන අම්මගෙ ඇස් දෙක කොල්ලව ඉටියෙන් අඹාපු රූපයක් කරලා තිබ්බේ........අම්මා තාත්තගෙ රණ්ඩු සරුවල් මැද්දෙ උනත් ඒ ලමයා හරි ආදරණීයව හැදිලා වැඩිලා තිබ්බා.......මනිත් එයා ලඟ හිටියෙ නෑ අම්මා එයා ලඟ හිටියේ නෑ කියලා කොල්ල ඒගොල්ලොත් එක්ක තරහෙන් හිටියෙ නෑ.........මං මේ කිසි දෙයක් නොදැන ඉන්න කාලෙත් මනිත් කොල්ලව බලන්නනම් යන්න ඇති.........එහෙම හිතද්දි තමා මතක් වෙන්නෙ වීක් ඩේ වල දවස් දෙකක් විතර මනිත් නුවර බ්‍රාන්ච් එකේ ඉන්නෙ කියලා......

හිතාදර / HithadaraWhere stories live. Discover now