44.ඉතින් එබැවින්....

2.4K 375 83
                                        

" උබ මට විහිලු කරනවද..........අහ්..........කියපන්!!"

" විහිලුවක් වගේනම් තමයි......ඒත්"

" පිස්සු විකාර කියවන්න එපා පාරමී.....යකෝ....ඔහොම විහිලු කරන්න තොට පිස්සුද"

" ඇත්ත ඕයි කියන්නෙ....මං කොයිතරම් දවස් මේක උබට කියන්න හිත හිත හිටියද.......උබ අහපු වෙලේ ඉඳන් මෙතන මැරෙන්න යනවා විහිලුවක් කිය කිය"

" අම්මපා කියහන්"

" මං පල්ලා යකෝ!!"

" ඒ....ඒඒඒඒ......ඒ බං....බොරු ඕයි"

" යකෝ!"

" කොහ්...කොහොමද..මං කියන්නෙ...නෑ නෑ......ඕයි....වෙන්නෙ කොහොමද ඕයි එහෙම.....අඩෝ......අඩෝඕඕ.........මාරයිනේ ඕයි"

" උබට අවුලක් නැද්ද බං..."

" ඒ මොකෝ"

" නෑ ඉතින්.......මං කියන්නෙ........මං එහෙමයි කියලා....දන්නැද්ද "

" පිස්සු ප*යෙක් වෙන්න එපා ඉතින්.........යකෝ දැන් කාලේ ඔව්වා හෙන නෝමල් බං......ඕවා ගානක් නෑ"

" ඒත් උබලයේ අපේ බොස් එක්ක"

" ඌ නාකියනම් තමා......කමක් නෑ බ‍ං...උට සල්ලිත් තියනවනේ"

" අනේ *කෝ......උගේ සල්ලි වලට මං ඌ එක්ක යාලු උනේ නෑ"

" අනේ මේ!....දැන් මං එහෙම කිව්වද...යකෝ කොහොමත් හොඳයි කියාලනේ කිව්වෙ!"

" උබ හිතන්නේ උගෙ සල්ලි නිසා මං උට *ක දුන්නා කියලද...."

"අනේ *ත්තො මේ...!...තෝ ආදරේ කරන එකෙක්ට තෝ ආදරේ කරපන්....සල්ලි නිසාද සෙක්ස් නිසාද.....වෙන මොකක් හරි ලබ්බක් නිසාද.......එව්වා උටයි උබටයි මිසක් වෙන වෙන උන්ට අදාල නෑනෙ....අනික උගෙ සල්ලි නිසා උබ යාලුවෙන එකේ වැරැද්ද මොකක්ද........අපි හිඟන්නු......ඇත්ත....එතකොට අපි ආදරේ කරන්න ඕනත් අපේ මට්ටමේ උන්ටමද.....අනේ නිකම් හිටපන්.....සල්ලි බලලා තමා යකෝ අද කාලේ යාලු වෙන්න ඕන.....අපිත් මේ යන්න අතක් නැතිව ඉන්නවා...එතකොට අපිට ඕන අපිට හයියක් වෙන්න පුලුවන් මිනිස්සු මිසක්කා අපෙන් කන්න බොන්න බලන් ඉන්න නිකම්මු නෙමේ......."

"උබ කියන දේත් ඇත්ත"

" එතකොට අර ෆොටෝ එකේ හිටියෙ ඇත්තටම උබ?"

හිතාදර / HithadaraWhere stories live. Discover now