43.අප්පට පුතේ

3K 381 81
                                        

"මේ බීම එක පොඩ්ඩක්වත් රහ නෑ"

පෙනේද.........පෙනේද......පොඩි පගයගෙ පඩ ටෝක්ස්.......තාත්තා වගේම නැතෑ පුතන්ඩියත්.....යස අප්පයි පුතයි.....මුන් දෙන්නා එක්ක හිටියොත් මට අඩු වයසින් ප්‍රෙසර් හැදෙයි......ඒකනම් සුවර්.......

" බොන්න බැරිනම් දෙන්න මෙන්න මෙහෙට......දැන් කාලෙ ලමයි හැදෙන තාලෙනම්.....කමකට නෑ."

"ඩැඩා බලන්නකෝ අනේ...."

"අනේ ඔයාගෙ ඩැඩාට මං බයවෙයි......අන්ඩකුත් කඩන්....."

" තොපි දෙන්නා කලින් අඳුරනවද....."

"නෑ ඇයි මොකෝ......"

"නෑ නිකම්......ආපු තැන ඉඳන් පොර කුකුල්ලු වගේ කොටාගන්න නිසා ඇහුවේ....."

මායි පොඩි එකයි මූනට මූන බලාගත්තා.......කොල්ලා ඇවිත් තියෙන්නෙ ස්කූල් ඇඳුම පිටින්.......තඩි ඇඳුම් බෑග් එකකුත් අරන් ඇවිත්.......හොස්ටල් ඉඳන් එන ගමන් වෙන්න ඇති.......දැන් මූ සතියකට විතර කලින් නේද හොස්ටල් ගියේ.......ඒ කොහොමද ආ පයින් ආයි ගෙදර එන්නෙ.....

" ඔයාට ඉස්කෝලේ නැද්ද ඉතින් හෙට ඉඳන්....."

"මොකෝ නැත්තෙ......ඉස්කෝලේ තියනවා"

" යන්නැද්ද ඉතින්......"

"යනවා......"

" මෙහෙ ඉඳන්...."

" ඇයි බැරිද.......ඩැඩාආආආආඅ.........බලන්නකෝ අනේ අංකල් අහන කතා.........."

" හැබැයි ඉතින් ඔයාට උදේම ඇහැරෙන්න වෙයි.."

"කමක් නෑ!"

" මං ඔයාව හතරට ඇහැරවන්නම්...."

" උදේ වැඩී අනේ.......පහට!"

" පහට ඇහැරිලා වෙලා මදි.....පැය තුනක් විතර යනවත්නේ......"

"අනේ අංකල් මට බෑ අනේ එහෙනම් "

"ඩැඩා අපි නුවර ගෙදර යමු...."

" බැහැ බැහැ පුතා මෙහෙ වැඩ ගොඩ ගැහිලා.......එහෙ ගිහින් කොහොමද......."

" අනේ එහෙනම් මං ස්කූල් යන්නෙ නෑ "

" පොඩි බබෙක් වෙන්න ලෑස්ති වෙන්න එපා විභූ........කන්න තමා මගෙන් ඔය!"

" අනේ අංකල්......කියන්නකෝ!"

" මං මොනවා කියන්නද.......තාත්තලා පුතාලා ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ.."

හිතාදර / HithadaraWhere stories live. Discover now