42. සප් ..රායිස්..........

2.1K 361 48
                                        

"මට කියලා ඔය අනිත් අතත් කඩාගන්නැතුව පාඩුවේ ඉන්නවද....."

" මොකද මොකද කටේ සැර චූටි මහත්තයාගේ "

" පාඩුවේ ඉන්නවද ටිකක්.....කරන්න බැරි වැඩ කරන්න යන්නෙ මෙතන"

" මේ......අත ඇතුලෙන් නිකම් කසනවා කසනවා වගේනේ........"

"චුට්ටක් ඉවසන් ඉන්නකෝ මහත්තයා......මොකක්ද අප්පා..........."

" ඉතින් ඕයි කසනවනේ........"

" අහ් ඉන්නකෝ ඉන්නකෝ........"

මේ නාකියා මෙතන හුරතල් වෙන්න එනවා රෙද්ද......ටිකට් කපන් ගෙදර ඇවිල්ලත් දවස් තුනක් විතර ගිහින්......මට එක වැඩක් කරගන්න දෙන්නෙ නෑ.......එයාට ටිකක් නින්ද ගියහම තමා මං ගේ ටිකක් අස් කරගන්නෙ හරි.......දවසම අර හාන්සි පුටුවට වෙලා ටීවී එක ඉස්සරහ මිනිහා........මගේ රස්සා කෙරුවාවටත් අබ සරණයි......මේ ටිකේම සම්පත් ලොක්කා හැමදාම උදේට නාකියව හම්බෙලා තමා යන්නෙ.......නොකිව්වට....මගෙන් කිසි දෙයක් ඇහුවේ නැති උනාට මං හිතන්නේ එයා දන්නවා මගෙයි මනිත්ගෙයි සම්බන්ධය.........

" බබා මේ මට අර මේසේ උඩ තියන බොක්ස් ෆයිල් එක ගේනවා....."

"ඉන්න ටිකක්......."

" ටිකක් මොකද.......එකපාර කිව්වම කරපන්කෝ"

" මං මෙතන මේ වැඩේ ඉවර කරලා ගෙනත් දෙන්නම්......ඕක හදිසිද......."

" උබ උබේ වැඩේ කරගනින්...මං ගන්නම් ගිහින්..."

" තියන මුරණ්ඩුකම.......ඉන්න මං ගේන්නම්.."

" අත කැඩිලා නැත්තම් මට ඔය එක එකාගේ ලොකු කම් බලන්න ඕන නෑ............තමුසෙට මගේ වැඩ කරලා ඇතිවෙලානම් දැනටම ගෙදර යනවා........මම මං ගැන බලාගන්නම්...."

" ඇයි දැන් ඔහෙම නේද මැරෙන්න හැදුවේ දාලා යන්න එපා ගගා........මොන මගුලක්ද ඒ පාර කියන්නෙ...."

" නෑ ඉතින් තමුසෙට මගෙන් වදේනේ....."

" යන්නද මං.."

" කොහෙ යන්නද....."

" ඇයි දැන් යන්න කිව්වෙ........"

" ආඅ...........ඒ ආතල් එකට..........අවුස්සන්න....."

" පිස්සුද මන්දා මේ මිනිහට......"

හිතාදර / HithadaraWhere stories live. Discover now