" දකුණු ඇත තැන් තුනකින් ෆ්‍රැක්චඩ් වෙලා.....සෑහෙන කාලයක් යයි රිකව වෙන්න..පේශන්ට් ඇල්කොහොල් යූස් කරලත් තියනවා වගේ ටිකක්....."
" හොස්පිටල් එකේ පොලිසියට කට උත්තර ගන්න තියනවා ලෙඩාගෙන්......බෙහෙත් වලට නින්ද යයි තව පැය තුන හතරක්.......අපි බලමුකො......ම්."
" හරි ඩොක්ට....තැන්ක් යු..!"
මගෙ මනිත්ව වෝඩ් එකට දැම්මා.....ඊයේ ඔෆිස් ගිය ඇඳුම පිටින්මද කොහෙද තාමත්.....දැකපු නැති දවස් දෙක තුනට මෙච්චර ඇදිලා යන්න පුලුවන්ද......දකුණු අතම ගල් ප්ලාස්ටර් දාලා තිබ්බේ......අනේ මටනම් තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.......මේ මිනිහා ඇයි මට මෙහෙම දුක් දෙන්නෙ....මුට වෙන දෙන්න දෙයක් නැද්ද.....මං කෝකටත් කියලා එයාගේ ෆෝන් එකෙන් එයාගේ යාලුවෝ තුන් දෙනෙක්ටම කෝල් කලා.......මට බැහැ එයාගේ තාත්තට කතා කරන්න.....එයාගෙයි තාත්තගෙයි අතරෙ තියෙන්නෙ තනිකරම බිස්නස් විතරයි.......
.
.
.
.
.
දැන්නම් වෙලාව හතට විතර...........ඉඳුවර අයියා ඇවිත් තිබ්බා........එයා එන්න කලින් ඇක්සිඩන්ට් වෙච්ච තැනට ගිහින් ඇවිත් තිබ්බේ......දකුණු පැත්ත ගන්න දෙයක් නෑලු......මට මනිත්ගෙන් එහා මෙලෝ සිහියක් තිබ්බෙ නෑ......නදීකයි ඉඳුවර අයියයි තමා හැම දේම හොයලා බලලා කලේ.......මට මනිත්ගෙ ඇඳ ගාවින් හෙලවෙන්නවත් ඕනකමක් තිබ්බෙ නෑ........මගෙ මහත්තයා සැපට නිදි........බෙහෙත් වලට........සිහිය ආපු ගමන් වේදනාවට ඇඹරෙයි.........පව් මගෙ අහිංසකයා........මගෙයි වැරැද්ද........අහන්නෙ බලන්නෙ නැතුව මුරණ්ඩුකමට මං එයාගෙන් ඈතට ආවා...........මං ආයිනම් මොන රණ්ඩුව උනත් එයාගෙන් ඈතට යන්නෙ නෑ........ගහ මරාගෙන හරි එයා ගාවම ඉන්න එක සැපයි එයා මෙහෙම කරගන්නවට වඩානම්.........මගේ මනිත්.......මං හීනියට එයාගෙ ඇහිපිල්ලම් අතගෑවා........වෙනදටනම් මගෙ අත වැදුනත් ඇති මිනිහට ඇහැරෙනවා........ඒත් අද...........කිසි දැනීමක් නෑ........මං දැනෙන නොදැනෙන ගානට එයාගේ කොන්ඩේ මගේ ඇඟිලි වලින් පීරුවා.......පිස්සා වගේ.........මූනත් කොහෙහරි ටිකක් වැදිලා තියනවා......වම් පැත්තෙ කම්මුලේ පොඩී කැපුම් පාරක් තියනවා.......වම් අතටනම් ලොකු අවුලක් නෑ........ඒත් ඉතින් මගේ මහත්තයා දකුණත්නේ.........බලන්නකෝ දැන් ඉතින් වහක් කන්න එපෑ මේ අතත් බැන්ඩේජ් කරන්.........මං ඔයාව බලාගන්නවා බබෙක් වගේ..........මගේ වස්තුව..........අනේ මට මූනට පාත්වෙලා ඔයාගේ කම්මුල් වලට හාද්දක් තියන්න තිබ්බනම්...........
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
