40.හරිනේ......හරිනේ දැන්

2.3K 351 61
                                        

බලු බල්ලෙක් නෑ මේ පාරවල් වල මේ වෙලාවට........ඒ නිසාම මගේ රෝද හතරෙ වේගෙනම් සෑහෙන්න වැඩි වෙලා තිබ්බේ........එලිය වැටිලා නෑ තාමත්.......ටිකක් හරි වෙලා නිදාගන්න ඇති කියලා හිතුවට මට නින්ද ගිහින් තිබ්බේ හරියටම පැයයි......කොහොමත් මේ දවස් තුනම මං උපරිම නිදාගන්න ඇත්තේ පැය තුන හතරයි.......කෝල් එකක් හරි එයි කියලා ස්ක්‍රීන් එක දිහා බලන් හිටියට මගේ නපුරු මුරණ්ඩු දඩබ්බරයා මට එකම එක කෝල් එකක් මැසේජ් එකක් එව්වේ නෑ......ඒ තරම් මාව එපා උනාද මගේ පාරමීට.......එහෙම හිතද්දිත් මගේ පපුව ඇත්තටම හීනියට රිදෙන්න ගන්නවා.....තමුසෙ හදන්නෙ මාව පපුවේ අමාරුකාරයෙක් කරන්න.......

මට තිබ්බා මේ හැමදේම පටන් ගන්න කලින්ම පාරමීට මගේ ඇත්ත කියන්න.......මට හැමදේම අකුරෙන් අකුර පැහැදිලි කරන්න තිබ්බා එයාට........ඒත් ම‍ං..........කොහෙද ඒකා ගාව ඉද්දි මට ලෝකෙම අමතක වෙනවනේ රෙද්ද.........එක්කො මට තිබ්බේ මගේ අපාට්මන්ට් එක මාරු කරන්න.......එහෙනම් අරකිට හොයන් එන්න වෙන්නෙ නෑනේ කීයටවත්.........ඒ පර බැල්ලි හැමදේම කෑවා......ශික්.........මරන්න තිබ්බනම් ඕකිව මට.....

වෙලාවකට හිතෙනවා මං පාරමීට කරන්නේ අපරාදයක්ද කියලත්....මං එයාගේ හරිම සිම්පල් ජීවිතේ කාබාසිනියා කරනවද කියලත් හිතෙනවා......එයාට පුලුවන් ලස්සන කෙල්ලෙක් සෙට්.........බෑ බෑ බෑ.........බෑ ඕයි මට එයා වෙන කෙනෙක් එක්ක ඉන්න එක ගැන හිතන්නවත්......එහෙම හිතද්දිත් මගෙ ට්‍රැක පනිනවා.....ඔලුවට එන්නෙම මහා ඩිස්ට්‍රක්ටිව් තෝට්ස්.........එහෙම උනොත් මං මොනවා කරයිද.........නෑ නෑ........එහෙම වෙන්නෙ නෑ.......එයාට බැහැ මට හැර වෙන කාටවත් ආදරේ කරන්න.....මගේ වස්තුවනේ එයා.....අවුරුදු තිස් අටක් වෙනකම් හිර වෙලා ඉඳලා නිදහස් උන කුරුල්ලෙක්ට ආයිමත් කූඩුවට යන්න බෑ..........ඊට වඩා හොඳයි ඌ මොනාම හරි දෙයක් වෙලා මැරෙන එක.......

ඒත් මගේ පාරමී මට එහෙම කරන එකක් නෑ........එයා මට ආදරෙයි......එයා මං කියන දේකට පිටින් යන්නෙ නෑ..........මට එයාව මගෙම කරග්න්න ඕන......එයා මගේ දරුවටත් ආදරේ වෙයි....ඒක මං හොඳටම දන්නවා.....විභූ මගේ පාරමීට ආදරේ වෙනවා.....ඒක මං හොඳටම දන්නවා.......එයාගෙ තාත්තා එයාට පෙන්නුවනේ තාත්තගේ ආදරේ.......එයා කැමතී මං සතුටින් ඉන්නවට........එයාගෙ අම්මි එක්ක තාත්තට කවදාවත් සතුටක් තිබ්බෙ නෑ කියලා පුංචි උනත් මගෙ කොල්ලාට දැනිලා තිබුනේ........මගේ දරු පැටියා මං කියන දේකට පිටින් යන්නෙත් නෑ.........මට මතකයි මං එයාට පාරමීගේ ෆොටෝස් පෙන්නුවම එයා කියපු දේ.......

හිතාදර / HithadaraWhere stories live. Discover now