39.එනවා සොයා.....එනවා සොයා.......ආදරේ

2.6K 357 92
                                        

" මට ඔය කුලී වැඩක් හරි කමක් නෑ බං..........හොයලා දියන්කෝ..."

" මට ඔක්කොටම කලින් කියපන් මොකක්ද උනේ කියලා.........උබට මට හංගන්න දෙයක් නෑ බං......උබ දන්නවනෙ මාව..."

"ඒක දිග කතාවක් බං..........හිතද්දිත් හිත පෑරෙන කතාවක්......මට හිත හදාගන්න අමාරුයි ඒක ගැන කියන්නවත්...."

" හා හා............හිත රිදුනට කමක් නෑ........රිදෙන හිත හදන්න තමා යාලුවෝ ඉන්නෙ.....කියපන් මට..."

" ඒ දේ කිව්වොත් උබ මාව අප්පිරිය කරයිද....."

" නෑ නෑ ඕයි...........ගමේ හිටියට හැදුනේ කොලඹ.ඒක අමතක කරන්න එපා"

"හ්ම්...................උබට මං කිව්වොත් මං ආදරේ කරේ පිරිමියෙක්ට කියලා..."

"ඉතින්........දැන් මොකක්ද අවුල..."

" ඌ කසාද බැඳලා ඩිවෝස් එක්කෙනෙක් කිව්වොත්..."

"හරි බං.......ඩිවෝස්නේ....අවුලක් නෑනෙ....."

" උට ඒකිගෙන් ලමයෙක් ඉන්නවා කියලා මට හැංගුවා කියලා මං උබට කිව්වොත් "

" ඒ මොන කුනුහරප වැඩක්ද......"

" හ්ම්.........මට ඌට ලමයෙක් ඉන්න එක ප්‍රශ්නයක් නෑ.....ඒත් ඇයි බං ඒක මගෙන් හැංගුවේ ඌ..........ඇයි බං එයා එහෙම කලේ මට...."

" උබ ඒක උගෙන් ඇහුවේ නැද්ද..........කියපන්කෝ ඒක...."

" නෑ.........මං ඒක දැනගත්තු දවසෙ එක වචනයක්වත් එයාට නොකියා ආවා........"

" උබ කරපු වැඩේත් වැරදි........උබට එයාගේ පැත්තෙන් හිතලා එයා ඒ දේ නොකිව්ව හේතුව අහන්න තිබ්බා.......එහෙනම් මේ ප්‍රශ්නය මේ තරම් දිග් ගැස්සෙන්නෙ නැතිවෙන්නත් තිබ්බා............උබට එහෙම හිතෙන්නැද්ද........"

" හහ්.........!.......එයා හරිම දක්ෂයි මාව නම්මගන්න ඕනම දේකට...........එයාට ඕන විදිහට වැඩේ කරගන්නකම් එයාට නින්ද යන්නෙ නෑ............එයා ඕකත් සාධාරණීකරණය කරයි..........මං දන්නැද්ද....."

" උබ ඔය කියන විදිහට ඌ ආත්මාර්ථකාමී මනුස්සයෙක්නේ......."

" ඔව්........ආත්මාර්ථකාමී කපටි නපුරු යකෙක්....!!"

" උබ ආදරේ ඇයි එහෙනම්........."

" ඌ ආත්මාර්ථකාමී කපටි නපුරු යකෙක් බව ඇත්ත......ඒත් ඌ මට පැලෙන්න ආදරෙයි...........මට ඒකමයි ඕයි ඌව අතාරින්න බැරි...."

හිතාදර / HithadaraWhere stories live. Discover now