මනිත්ගේ මානයෙන්,
" තමුසෙට මගේ මලකඳ කොහෙහරි ගඟකින් මුහුදකින් හොයාගන්න ඕන නැත්තම් පාඩුවේ ඉන්න දීපන් මට.......මං තව දුරටත් තමුන්ගේ සේවකයත් නෙමේ කොල්ලත් නෙමේ........මට බොරුකාරයෙක් එපා එපා එපාමයි.........මගේ ගෙදර මිනිස්සුන්ට කරදර කරන්න එපා උන් දන්නෙත් නෑ මං ඉන්න තැන..........පාඩුවේ ඉන්න......මට ඕන උනොත්......මගෙ හිත හදාගන්න මට පුලුවන් උනොත් මමම තමුසෙ ඉස්සරහට එන්නම්.......එතකම්.............මට පාඩුවේ ඉන්න දීපන්........නාකියා......."
මගෙ පන මට බැනලා බැනලා මැසේජ් එකක් දාලා තිබ්බා.......මුළු දවසම පපුවේ ගින්දරෙන් පිච්චි පිච්චි හිටපු මට දිය දෝතක් වගේ ඒ වචන ටික......වෙලාව දොලහටත් ලඟයි......මං තාමත් එයාලගේ ගෙවල් ගාව පාක් එකට වෙලා........මගේ අහිංසකයා ගෙදරින් ගිහින් තිබ්බා.........මොනවා කියලා මං ඒ ගෙදර උන් එක්ක රණ්ඩු උනත් මං දන්නවා උන් මුකුත් දන්නෙ නෑ.........එයා කොයිවෙලෙත් ෆෝන් ඕෆ් කරනවා.......මං කොහොමද එයා ඉන්න තැන දැනගන්නෙ එතකොට....මගෙ මෝඩකම....අරන් දෙන්න ඕන ෆෝන් එක ඕෆ් කලත් ඉන්න තැන හොයාගන්න පුලුවන් විදිහෙ මගුලක්........
එයා මගෙන් සෑහෙන ඈතට ගිහින්......මං හැමදාටම හංගන්න හිතුවේ නෑ...........ඇත්තමයි...........මට ඕන උනා එයාට ඒක කියන්න.....හෙමීට.....කලබල නොකර........අර පර බැල්ලි.......ඒකි ඇවිත් ඔක්කොම කෑවා.........මං මෙලහටත් ඕකිව මරලා මගෙ දරුවා නොහිටින්න.........උට උගෙ අම්මා නමට හරි ඉන්න ඕන......කොහොමත් කස්ටඩි එක මට ලැබෙනවා තව මාසයක් යන්නත් කලින්........ඒක මං මගේ විදිහට ප්ලෑන් කරලා ඉවරයි.........පුතා මං එක්ක ඉන්න එන්න කලින් මට ඕන උනේ මේ දේ පාරමීට කියන්න.........ඒත් මගෙ කරුමෙට අරකි ඉස්සර උනා......ශිට්.......
මං හෙට උදේම යනවද නැද්ද කියල කල්පනා කරන්නේ.........අතපය බැඳලා අරන් ආවොත් මිසක් මං දන්නවා පාරමී දැන් ඉන්නෙ මගේ මූන්වත් බලන්න බැරි තරම් තරහින්.......ඒත් මං මොනවා කියලා කරන්නද........මට බැහැ දැන් එයා නැතුව ජීවත් වෙන්න..........
සමහරු හිතයි විහිලු කියලා.........ඒත් ඇත්තම කතාව දන්නෙ මං විතරයි..........මං පිරිමි ලමයින්ටයි කැමති කියලා මට තේරුම් යද්දි මගේ වයස අවුරුදු දහසයක් විතර ඇති........ඒත් මං වගේ කෙනෙක්ට ඒ හැඟීම ලස්සන උනේ නෑ...........මං ඒ දේ මගේ හිතේ හිර කරන් ජීවත් උනා අවුරුදු ගානක්........අන්තිමට තාත්ති සල්ලිකාර පවුලකින් ගෑනියෙක් හොයල මගේ කරේ ගහනකම්මත් මං ඒ හැඟීම් මගේ හිතේ හංගන් හිටියා......
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
