37.දුර කතර ගෙවාගෙන.....මං නොකියම ආවට

2K 335 52
                                        

මං දන්නෙ නෑ මං කොහොමද ගෙදර ආවේ කියලවත්.......ෆොන් එකට එන එකම එක කෝල් එකකටවත් මං ආන්ස කලේ නෑ............මං දන්නෙ නෑ ලොක්කා මගේ පස්සෙන් ආවද කියලවත්......මං ගෙදර ආවේ ආයිමත් එයාට මූන නොදෙන්න හිත හදාගෙන නෙමේ.........මට ඒක කරන්න බෑ.........ඒත් එයා ඇයි එහෙම කලේ මට කියන දුක තරහ මගෙ හිතෙන් අයින් වෙන්නෙ නෑ.........මං මොකෙක්ද.............කොහෙවත් හිටපු දුප්පත් අහිංසකයෙක්........අනේ මං මහා ලොකු ලස්සන පට්ට කොල්ලෙක්නම් ඒත් හිත හදාගන්න තිබ්බා සෙල්ලක්කාරකමට අහු උනා කියලා.........ඇයි..........මං අහන්නෙ ඇයි මං වගේ නිකමෙක්ගේ ජීවිතේට ඇවිත් මේ වගේ ගින්දරක් දුන්නෙ..........ඇයි..........අපි වගේ මිනිස්සුන්ට මෙහෙම ගින්දර දෙන්න හොඳ නෑ............අනේ මං කවදාවත් නොලබපු ආදරයක් වින්දෙ බොරුවටද...........ඒ කටින් මට ආදරෙයි කිය කිය බොරුවක්ද මට කලේ..........මගෙන් මොනවා ගන්නද.......

" උබ දැන් හෙට එනවා කියලා නේද ගියේ.........මොකෝ මේ...........හදිස්සියේම.........."

"................."

"කතා කරපන් ලොකූ............මොකක් වෙලාද උබට...........උබ මොකෝ මේ බය වෙලා වගේ..........."

"......................"

"මොකද උනේ කියපන්........මගේ ලේ රත් නොකර........."

" ............................"

" ලොකු පුතේ...............උබ ඔය මොකද කරන්නෙ.........උබ කොහෙ යන්නද ඔය........"

"කෝ මල්ලිලා......"

" එකෙක් ලයිබ්‍රි යනවැයි කියලා ගියා.........අනිකා ක්ලාස් එකක් කියලා ගියා.........."

" මේ කාඩ් එක තියාගන්න.........ඕකේ ලක්ශයක් වගේ ඇති දැනට.......මං ගිහින් එවන්නම්කෝ තව......."

"මොකක්!!"

" මං යනවා !!"

"කොහෙ යන්නද උබ..........අනිද්දා වැඩට යන්නැද්ද........."

" නෑ...........මට වෙන රස්සාවක් සෙට් උනා......ඒක බලන්න යන්නෙ........උන්ට හදිස්සිලු......ගිහින්ම බලනවා........"

" එහෙම කොහොමද එකපාර රස්සාවල් අහුවෙන්නෙ.....!....මට ඇත්ත කියපන්.........මොකද උනේ......!!"

" මං ගිහින් කෝල් එකක් දෙන්නම්...මගෙ යාලුවට හදිස්සියක් නිසා.......මං යනවා.....ගිහින් කියන්නම්...."

හිතාදර / HithadaraWhere stories live. Discover now