පළවන පරිච්ඡේදය.
මම ගෙදරින් එළියට බැස්සේ කේන්තියකින්වත් , දුකකින්වත් නෙවෙයි තනිකර කළකිරිමකින්. ඇයි එයාලට මට නිදහස දෙන්න බැරි මාත් ආසයි පියාඹන්න. මොකක් ද මේකෙ
තෙරුම ? මන් දන්නවා එයාලා මට ආදරේට එහෙම කියන්නේ කියලා ඒත් ආදරේ කියන්නේ මාව හිර කරන එකද? ඇයි ගෙදරට පයගහපු ගමන් දේශනයක් දෙන්න ග්න්නේ?
මන් හොදින් ද? මහන්සි ද? කියලා බලන්න හිතෙන්නෙ නැද්ද එයාලට. මම මෙහෙම කල්පනා කර කර ම කොහොම හරි බස් හෝල්ඩ් එකටත් ඇවිල්ලා.
මම එවෙලෙම එතන නවත්තපු 122 ක නැග්ගා. සෙනග කට කපලා. එහෙම ම footboard එකට රිංගගත්තු මම එළිය දිහා බලාගෙන ආවේ හරි ම හිස් හැගීමකින්.
මගේ දැහැන බිදුණේ කොන්දොස්තරගේ කටහඩින් . "ඒ නංගී ටිකට ගන්න. මේ ඇතුළට එන්න නංගී කොල්ලෙක් වගේ footboard එකේ නැගලා යන්නේ?" ඔන්න මගේ සීමාව පැන්නා. "ඇයි කොල්ලොන්ට විතර ද අයියේ footboard එකේ යන්න පුලුවන්?" මම ඇහුවේ උපහාසත්මක කටහඩකින්.
"අනික අයියේ ඔය ඇතුළේ ඉඩ තියෙනව ද? මම මගේ පරිස්සම ගැන බලාගන්නම්. ඔයත් ඔයාගේ වැඩේ කරගෙන යන්න අයියේ. සෙනග අඩු උනණහ ම මංම ඇතුළට එන්නම්."
මන් එහෙම කිව්වහම පොර අයෙත් ඇතුළට ගියේ කුටු කුටු ගගා. "යකෝ මුන් ගේ ගෑස් කෙල්ලෙක් නිසා කිව්වේ. අනික කෙල්ලො ඔහොම footboardවල යන සිරිතක් තියෙනව ද?"
ඇයි කෙල්ලෝ වුණහ ම ඕන දේ කරන්න බැරි ද? මොකක් ද මේ? හරි මම කියන්නේ නෑ footboard එකේ යන එක ආරක්ෂිතයි කියලත් මම පිළිගන්නවා ඒ මනුස්සයා ඒක කිව්වේ මගෙ ම හොදට කියලා . ඒත් මොකක් ද හැම මගුලට ම කෙල්ලෝ නිසා ඕක කරන්න එපා . කෙල්ලෝ නිසා මේක කරන්න එපා ගන්නේ? යකෝ කවුරු footboard එකේ ගියත් ඉතින් අනාරක්ෂිතයි තමා.
කොහොමෙන් කොහොම හරි මම බහින තැනටම ආවේ footboard එකේ. මොක ද lakehouse එකට එනකන් ම සෙනග නම් අඩු වුනේ නැහැ. මම lakehouse එක ගාවින් බැහැලා ඉතුරු ටික පයින් ම ගියේ මේ වගේ වෙලාවට හිතට මතක් වෙන මේ කොළොම්පුරේ මට සැනසීමක් දැනෙන ගෝල් ෆේස් එකට.
මන් දන්නවා ගෝල් ෆේස් එකට වඩා මිනිස්සුන්ට සැනසීම දැනෙන තැන් මේ කොළඹ තියෙනවා ඒ වගේම ගොඩක් මිනිස්සු මේ ගාලු මුවදොරට එන්නේ විනෝදයට මිස හිතේ සැනසීම වෙනුවෙන් නෙවෙයි කියලා.
