34.මැර නාකියා

2.3K 349 62
                                        

හවස හතරත් පහු වෙලා......තව විනාඩි කීයද ඔපිස් ඉවරවෙන්න තියෙන්නෙ..........ඇයි තවමත් සර් නැත්තෙ............මගෙ ඔලුවේ එක එක දේවල් ප්ලේ උනා.......හිත හරිම නොසන්සුන්.....සර්ගෙ තරම දැන දැනත් මං කොහොමද කලබල නොවී ඉන්නෙ........ඒක කරන්නෙ කොහොමද කියලා මං දන්නෙ නෑ.......මට බයයි..........සර් ගැන නෙමේ....මට බයයි විකසිත මහත්තයා ගැන..........මට බයයි සර් එයාට මොනාමහරි නරක දෙයක් කරයි කියලා...........මට බයයි........මං අකමැති සර් වෙන කා ඉස්සරහවත් එයාගෙ ඒ නපුරු කම එලියට දානවට..........එයා පුදුමාකාර නපුරු මනුස්සයෙක්.....මං ඒක ඕනතරම් අත් විඳලා තියනවා........එයා කොයිතරම් නපුරුද කියනවනම් එයාට තරහ ගිය වෙලාවට මාවවත් පෙන්න බෑ.........තරහ නිවුනම කලින් වගේම ආදරේ කරන එක වෙනමම කතාවක්........ඒත් තරහ තියනකම් සර් අමු සතෙක්..........

" සමීර....මචං...........සර් විකසිත මහත්තයාවත් ඇදන් ගියෙ කොහෙද දන්නෙ නෑනෙ ඕයි...."

" ඇයි උබයි මමයි ගිහිල්ලා ඌව බේරගන්නද......"

" නෑ එහෙම නෙමේ බං.........මොනාහරි කරදරයක්වත්...."

" ඕන එකක් උනාවේ........කරදරයක්ම තමා වෙන්න ඕන උබලා අපි වගේ අහිංසකයින්ට පද හදනවට....."

මට තව දුරටත් මේ මිනිහාට බොරු කියන්න හිතෙන්නෙ නෑ අප්පා.....කොහොමද මං ඒ හිටියේ මායි සරුයි තමා කියලා දැන දැනත් බොරු කිය කිය විකසිත මහත්තයාට මූ මේ තරම් සාප කරනවා බලන් ඉන්නෙ.....

ඒත් මේ හරි වෙලාව නෙමේ......මට දැන්ම මේක කියන්න බෑ සමීරට........සර්ගෙන් අහන්නැතුව කොහොමත් බැහැ....

" එහෙම කියන්න එපා ඕයි......උබමයි කිව්වේ සර්ට පාතාල සීනුත් තියනවා කියලා.......පවිනේ ඕයි මොනවා උනත්...."

" ඉතින් අපි මොනා කරන්නද බං........කියපන්කෝ.......ඌමනේ ෆොටෝස් අරන් ඒවා ගෲප් වල ශෙයා කරන් හැ*නුනේ........ඕකුන් කාගෙන්හරි ගුටි කාලවත් ඔය ජරා ගති හදාගත්තාවේ........උබයි මමයි පාඩුවේ ඉමු.."

" අනේ මන්දා ඕයි....."

සර්ට මං දැන් කෝල් කීයක් ගත්තද.....ෆෝන් ඕෆ්.....මොන රෙද්දක් කරනවද ෆෝන් ඕෆ් කරන්.......අනේ මං දන්නෙ නෑ......

බොහොම අමාරුවෙන් හිත වෙන වැඩකට යොමු කරන්න ට්‍රයි කලත් හිත යන්නෙම සර් ගාවට..........මටත් ඩිපාට්මන්ට් එකටම ඇහෙන්න සද්දයක් දාලනේ ගියේ.....

හිතාදර / HithadaraWhere stories live. Discover now