" කාපන් මගෙන් මැරුම් නොකා ඕක........කාපන් කිව්වම....!"
" මට බෑ මට බෑ......මට බඩගිනි නෑ.........."
" තෝ ඉඳුවලගෙ දිහයින් කෑවෙත් නෑ එක පාන් පෙත්තක්......ඒ මදිවට තේ හැදුවම ඒකත් එපා කිව්වා........මාව මාරයා කරගන්න එපා චූටි මහත්තයා මට අම්මපා දැන්නම් හොඳටම මේ සෙල්ලම ඇතිවෙලා තියෙන්නෙ...."
" කෑවෙ බිව්වෙ නැත්තෙ බඩගිනි නැති නිසානේ...ඒක තේරෙන්නැද්ද....."
"මගේ හොඳ පාරමීනේ........කන්නකෝ කටක්......කටක් කන්න මගෙ පැටියා.........එකම එක කටයි.....මං ආයිමත් වද දෙන්නෙ නෑ....."
ඒ.............ඒඒඒඒ............කන්න බැරි නිසාම නෙමේ අම්මපා මං කෑවෙ නැත්තෙ........නාකියගෙන් පලිගන්න......මුගෙ කුනුහරප අහලා අහලා දැන් කොහොමත් මගෙ බඩත් පිරීගෙන එන්නෙ......
"එකම එකයි හොඳේ......එකම එකයි......!"
" හා හා කාපන්.......රෙද්ද......එසේ මෙසේ වදයක් නෙමේ උබ මට දෙන්නෙ...."
" මේ අහන්නකෝ........අර බබා සෝයි නේද...."
" ඉඳුවගෙ පුතාද......හ්ම්......ඇට්ටරටා ඔහොම හිටියට!"
"අනේ මේ.........ඒ අහිංසකයාට කැත කතා කියන්න එපා.ලමයෙක් ඒ..!"
" ඇත්තනේ කිව්වෙ...දැක්කෙ නැද්ද.....අර කඩේදිත්......කොමල දදා කෙල්ලො එක්ක හුරතලේ"
" කෙල්ලො දැක්කම කොල්ලොන්ට හුරතල් වෙන්න හිතෙනවනේ"
" මොකක්ද තමුසෙ කිව්වෙ!!"
" මොකද මොකද ඇයි...ඇයි"
" පලනවා කන තොගෙ.........මට අහුවෙන්නනම් එපා පාරමී හොඳෙ......තොට මැරුම් කන්න වෙන්නෙ"
"අහ්........නෑ නෑ......මංනම් එහෙම නැ......."
" මං දැක්කා......තෝ ඇඹරුන ඇඹරිල්ල....ලැජ්ජාවක් නෑ.........අම්මපා......ඇදන් එන්න හිතිලත් කා එකට බොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ පොඩි එකා අතේ හිටපු නිසා......."
" ඇවිත් කරයි මට....."
" මෙහෙ වරෙන් කරන හැටි පෙන්නන්න...."
අපි මේ හිටියේ ගෙවල් පාරට හැරෙන හරියේ........දැන්නම් රෑ එකොලහත් පහු වෙලා........ලොක්කා මාව දාලා යන්න කියලා ආවට මං එන මගට මුකුත්ම කාපු නැති නිසා කාර් එක අස්සෙ තියාගෙනම සැන්ඩ්විච් එකක් මට කවන්න ඔට්ටු වෙන ගමන් හිටියේ..........කොච්චර ගහමරා ගත්තත් දැන්නම් මට ලෝභයි මේ මිනිහව දාලා යන්න.......දවස් දෙකක් මනිත් එක්කම හිටපු නිසාද මන්දා මට දැන් එයාව නැතුවම බැරිවෙලා වගේ තියෙන්නේ........
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
