32.කුනුහබ්බ විදීම

1.8K 272 60
                                        

" මොනවා වෙලාද ඔයාට සර්.......මං පොඩි එකෙක් නෙමේ......මොන විකාරයක්ද කොයිවෙලෙත් බනින්නෙ......"

" තොට ඕන විදිහට නෙමේ මට ඕන විදිහට ඉන්න පුරුදු වෙයන් පාරමී........නැත්තම් තමුසෙට ඉදිරියෙදි සෑහෙන පසුතැවෙන්න වෙයි......"

" එපාවෙලා තියෙන්නෙ දැන්නම්...."

" තමුසෙට එපා උනා කියලා මට පාන්ද අයිසෙ........මරනවා දැනගනින්....මට නැත්තම් කාටවත් නෑ."

" මං දැන් මොකක්ද කලේ ඔයතරම් තරහ යන්න....!"

" මීටපස්සෙවත් මං එක්ක ගමනක් ගියහම මං එක්ක ඉන්න ඉගනගනින්......මින් මනත උබ මාවත් දාලා දුවන්න ලෑස්ති උනොත් අම්මපා මං තැන නොතැන බලන්නෙ නෑ පාරමී හොඳේ......"

මේ මිනිහා කාර් එකට ආපු තැන ඉඳන් මට දෙසනවා......එපාවෙනවා අප්පා.......කකුල් දෙකත් පණ නෑ......දණහිස ගැලවිලා වගේ.....නිදිත් මතයි....ඒ ඔක්කොම අස්සෙ මේ නාකියා බනිනවා අහන් ඉන්නත් එපෑ.....ශික්.....මුට කකුල් රිදෙන්නැද්ද මන්දා.......

" මගේ කකුල් රිදෙනවා....."

" ඉන්නවා ඔහොම...."

ඉන්නවා ඔහොම කියපු මිනිහා මගේ කකුල් දෙක එයාගෙ ඔඩොක්කුවෙන් තියන් මසාජ් කරන්න ගත්තා......අපි ඔක්කොම ලොකූ හෙවනක වාහන නවත්තලා තිබ්බේ........ඇත්තමයි පට්ටම නිදිමතයි.....නිකම් ඇහැ පියාගත්තොත් හෙට ඇහැරෙනකම් නින්ද යයි.....

" තමුසෙ දන්නෙ නෑ අයිසෙ මං කොයිතරම් බය උනාද කියලා......තමුසෙ මගෙ පණ යවන වැඩ කරන්න එපා......බූරුවා!!"

" ම‍ං පොඩි එකෙක් කියලා හිතන් කොයිවෙලෙත් වද වෙන්න එපා....ඔයාටත් වඩා දුක් විඳපු කොල්ලෙක් මං......මධ්‍යම පන්තියෙ පවුලක ඉපදිලා තාත්තත් නැතුව ලොකු උන කොල්ලෙක් මං...."

" තමුසෙට ඕන හැමදාම ඒ හිටපු තාලෙටම ඉන්නද......"

" නෑ එහෙම නෙමෙයි....!"

" කට පියන් ඉන්නවා අයිසෙ..තොගෙ රට පන්ඩිත හු*තවල් අහලා මට ඇතිවෙලා....දුක් විඳපු කොල්ලෙක් නිසා තමයි පරයො තොට මං සැප දෙන්න හදන්නෙ.........කාලකන්නියා.....තොට ආදරෙන් කිව්වම දෙයක් තෝ මගෙ කරේ යන්නෙ....තොට හරියන්නෙ මේ භාශාව.......මදෑ ආදරේ කරන එකා එක්ක ට්‍රිප් එකක් ආවා......ඒ පරයා ආපු තැන ඉඳන් මගේ ලේ පුච්චනවා.......ශිට්...."

හිතාදර / HithadaraWhere stories live. Discover now