31.ඉල්ලන් කන පාරමී

1.7K 269 34
                                        

අහස් ගව්ව පුදුමාකාර හීතලයි.........උහුලගන්න බැරි තරම්.....අපේ නඩේ පොඩි එකා උන්නේ මනිත්ගේ අස්සටම වෙලා ඒ ජර්සි එකටම කවර් වෙලා......මනිත් හරි තදට පොඩි එකාව තුරුල් කරන් උන්නා.........ජර්සිය අස්සෙන් එන්‍ හීතල ඇටකටු හරහා ගිහින් මුලු ඇඟේම පැතිරෙනවා වගේ.......ඒ තරම් සීතලයි......මං දැකපු කපල් තුන හතරක්ම කෙල්ල උන්නෙ කොල්ලගේ ඇඟටම ඇලිලා........අපි කොල්ලො වෙලා මේ තරම් සීතලයිනම් කෙල්ලන්ට කොහොමත් දරාගන්න බැරිව ඇති......

මං ආපස්සට හැරිලා ඈතින් පේන්න ගත්ත වටාපිටාව දිහා බලන් උන්නා........කොල පාටින් පිරුන පරිසරය.......ලා අඳුරත් එක්ක ලයිට් එකින් එක නිවීගෙන යනවා......දැන් පාන්දර පහ පහුවෙලා ඇති........මීදුමත් එක්ක එන සීතල..........උහුලගන්නම බෑ.......

" මචං පොඩි එකාව ගනින් බං.......හොඳට ඇතුලටම කරලා තියාගනින් හොඳේ.......සීතල වැඩී........මගේ බබා ගැහෙනවා හොඳටම......මං එයාව බලන්නම්කෝ......"

මගේ පිටිඅස්සෙ උන්න මනිත් එයාගේ යාලුවට කිව්වේ මාව පෙන්නලා......විලි ලැජ්ජා කරනවා මේ මිනිහා මාව මේ මිනිහගේ යාලුවෝ ඉස්සරහ.......උනුත් මට දැන් පොඩි එකෙක්ට වගේ සලකන්නේ.........කෝමත් ඉතින් මං උන් ඔක්කොටම වඩා අවුරුදු දහය දොලහ බාල එකේ පොඩි එකා තමයි මං........ඒත් ඉතින්.......ලැජ්ජයිනේ අප්පා........ගමේ කොල්ලොනේ........මෙහෙම නෝන්ඩි වෙන්න පුලුවන්ද......

" අනේ මේ මට ඇති ගැහිල්ලක් නෑ......මේ ඉන්නෙ මං හොඳට...."

" ඒකට කමක් නෑ චූටි මහත්තයා මට සීතලයි හොඳටම........මාව බදාගන්නකෝ මගේ සීතල යන්න......"

අහ් ඒකයි මේ...........නාකියාට හීතල අල්ලලා........අනා මගේ සංකොට්ටා.......මගේ නාකි හුචක්කුව......එන්න මයෙ අම්මා මගේ තුරුලට........අප්පේ ඉතින්.....ඔය වයසට දරන්න පුලුවනෑ ඔය සීතල.........

මං දෝතම බදලා මනිත්ව තුරුලු කරගත්තා.......අහස් ගව්වේ ඉන්න සෙනඟ හැටියට එක පඩියක ඉන්න ඕන විනාඩි පහලොවක් විතර.......මගෙ නාකියා කොහොම ඉන්නද මෙහෙම ගැහි ගැහි......

" දැන්නම් හරිම හොට්........ම්........සනීපයි....."

" ඒකනේ........රස්නෙයි නේද මං ගාව........"

" ඔව්නේ....මගේ චූටි මහත්තයා ගාව පුදූම රස්නෙයි..."

" ම්..."

හිතාදර / HithadaraWhere stories live. Discover now