බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන
වඳින්ට යන මේ නඩේට - සුමන සමන් දෙවි පිහිටයි
වැඳල බහින මේ නඩේට - සමන් සුරිඳු කරුණාවයි
තවම රෑ නවයට විතර ඇති......අඩුම තරමේ ඉඳිකටුපානටවත් ඇවිත් හිටියෙ නෑ අපි.........අනේ අපේ නඩේ පොඩි එකානම් එක පැයක් ඕනනම් ඇවිදින්නැති........එයා ඊටපස්සෙ දිගටම හිටියෙ එයාගේ තාත්තගේ අතේ......මුලින් මං වඩාගෙන හිටියේ.......පැයක් දෙකක් විතර එහෙම ගියත් මනිත් වදෙන් පොරෙන් ඊටපස්සෙ කොල්ලව ඉල්ලගත්තා......ඔහොම ඔහොම මාරු වෙවී මේ වෙලාවේ කොල්ලා හිටියේ තාත්තා ගාව.....
" බඩගිනි නැද්ද....."
" උණුම උණු කෝපි එකක් තිබ්බනම්......"
" ම්.....අතන ඉස්සරහ කඩෙන් බොමු......"
පුදුමාකාර සීතලක් දැනෙන්නෙ.......මනිත් උන්නෙ මගෙ අතක් අල්ලන් එයාගෙ අතක් එක්ක පටලවගෙන එයාගෙ ජර්සි එකේ පොකට් එකක් ඇතුලට දාගෙන......ඒ අතෙන් දැනෙන උණුහුම ඇඟ පුරා පැතිරිලා ගියා.......එයාට ගානක් තිබ්බෙ නෑ වටෙන් පිටෙන් අපි දිහාට යොමුවෙන ඇස්......
මනිත්ට මං නාකියා නාකියා කිව්වට මේ වෙලාවට තමා මතක් වෙන්නෙ තාම තිස් අටේ කොල්ලෙක් නේද මේ කියලා.......මාවත් ඇදගෙන එයා තමා ගොඩක්ම පඩි නගින්නෙ.......
" අනේ ටිකක් ඉමුකෝ....."
" තව පඩි දහයක් යමුකො..ම්..."
" ටිකක් ඉන්න..."
" ඉමු ඉමු.....තව පඩි දහයයි.........පඩි දහයක් ගියා.....අර කඩෙන් කෝපි එකක් බිව්වා...."
" හාහ්...හාකෝ........"
" හොඳ ලමයා මගේ......."
"මං ඔයාගේ ලමයායැ........මට ඇත්ත කියන්න සර්.....ඔයාට ඉන්නවා නේද ලමයෙක්...."
" මොන විකාරයක්ද අයිසෙ......මගෙත් වැරැද්ද.....මිනිහගෙ හැටි දැන දැන මායි කට වරද්දගත්තෙ....."
සෑහෙන වෙලාවක් තිස්සේ මගේ ඔලුවේ වැඩ කලේ සර්ට ලමයෙක් ඉන්නවා ඇති කියන හිතුවිල්ල.......සර් දිහා බලන සැරයක් ගානේ ඒ හිතුවිල්ල අලුත් වෙනවා.....
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
