" මෙහෙ එනවා පාරමී........"
"මෙහෙ එනවා කිව්වම.........යන්න එපා ඔච්චර ඈත!"
" මං දැන් ඔතනට එන්නද තමුන් මෙතනට එනවද......"
" හරි හරි අනේ මෙතන එහෙම ගැඹුරක් නෑ....."
" මෙහෙ එනවා කියන එක අහලා.....!!"
කිසි කික් එකක් නෑ මේ නාකි හුචක්කු එක්ක ට්‍රිප් ගියාම.....අපි දැන් මේ ඉන්නෙ ගිනිගත් හේන....ලොක්කගේ යාලුවෙක්ගේ දිහා...මෙහෙන් තමා දවල් කෑම....ඒ යාලුවත් එනවලු සිරීපාදේ යන්න.....අපි ආවා ඒ පහල ගඟට නාන්න....මේ නාකි පරට්ටයා මට හිතේ හැටියට පීනන්නවත් දෙන්නෙ නෑ.......මහ කරුමයක් මේකනම්...ඌ පීනන හරියෙ මාත් ඉන්න ඕන.....අර ලමයටවත් උන්ගෙ අම්මා තාත්තා ඔච්චර නීති දාන්නෙ නෑ......මූ මේ ඔක්කොම ඉස්සරහ මට කෑගහනවා.....ඒ....එපා වෙනවා....මං දන්නවා දැන් මං නොගියොත් මූ එනවා මෙතනට....රෙද්ද....ඉන්න හැටි විතරක් කන්න වෆේ බලන්.....යකෙක් වගේ.........ට්‍රිප් එකක් ආවා කියලවත් මේ මිනිහගේ තාඩන පීඩන වලින් ගැලවිල්ලක් නෑ.........ඇත්තමයි මට යස්සාරූඩ වෙනවා.......මං කාගෙන ගියා ලොක්කා ගාවට.......
" මොන මගුලක්ද වෙලා තියෙන්නෙ....ආපු තැන ඉඳන් කෑගගහා නහින්න හදනවා.......ප්‍රෙශර් හදාගන්නැතුව පොඩ්ඩක් ඉන්නවා......මං මෙතන මැරෙන්න යනවා වගේ කෑ නොගහා ඉන්නවා....අර පොඩි එකත් බලනවා......"
මං ලොක්කට විතරක් ඇහෙන්න බැන්නා ලඟට ගිහින්.....ඇයි අනේ......මේක කරන්න පුලුවන් වැඩක්ද.....කෑගහනවා කොයි වෙලෙත්...
" ඒකට කමක් නෑ.........මෙතන ඉන්නවා මට අතේ දුරින්.....මෙතන හෙන කෙරුමා වගේ යනවා ගඟවල් වල පීනන්න......"
" මං ඕන්නෑ.......නාගෙන එනවා....මං යනවා යන්න "
" නෑ නෑ ඉන්නවා ඉතින්.......මෙතන නානවා......චූටි!!"
" කෑගහන්න එපා මනුස්සයෝ....මට ලැජ්ජයි රෙද්ද!!"
මේ මිනිහා දැන් එකක් කරගන්නවා මෙතන කෑගහලා....ඉවරයක් නෑනෙ ඉතින්.....මං නාකියා ගාවින්ම නාගන්න ගත්තා.......මේ නාකි හුචක්කු එක්ක කිසිම කික් එකක් නෑ...හරියට අම්මා තාත්තා එක්ක ට්‍රිප් ආවා වගේ.....
" තමුසෙව දැක්කම මෙතන තව මිනිස්සු ඉන්නවා කියලා මට අමතක වෙනවනේ ඕයි....!"
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
