28. ආදරේ පිරුනු දවස්

1.9K 276 51
                                        

වෙලාව හතරහාමාරයි.....උදේම පිටත් වෙන්න ඕනයි කිව්වා නාකියට.වෙලාව වැඩී....ඒත් කාගෙදෝ මන්දා ගෙදරක ගිහින් නාලා කාලා යනවයි කියලා තමා කිව්වේ......ඇත්තම කිව්වොත් කවුද යන්නෙ කියලවත් මං දන්නෙ නෑ........කොල්ලොනෙ ඉතින්.......ඕන දිහාක යන්න ඕන වෙලාවක රෙඩී.....සල්ලි තමා ටිකක් කේස් එක..ඒත් ඉතින් නාකි හුචක්කුව එක්ක යද්දි සල්ලි ගැන වද වෙන්න ඕන නෑ.........සුගර් ඩැඩීනේ..

" මොකක්ද ඔය ඇඳන් ඉන්නෙ!"

"ඇයි මොකද......"

" තමුසෙත් අනෙ අම්මපා......ඉන්නවා..."

පිටිපස්සෙ තිබ්බ කළු පාට ජර්සි එකක් අරන් මට අන්දපු නාකි ලොක්කා අයිස් කැප් එකකුත් ඔලුවට දැම්මා......යකෝ.....මූ දන්නවද මට පීනසේ කියලා......

" උදේ පාන්දරට ඉවරයක් නැතුව හචිං යනවා.....ඒ අස්සෙ අත් කොටත් ඇඳන් ත්‍රී ක්වාට එකකුත් ඇඳන්.....පිනි බානවා කියලා තේරෙන්නැද්ද ගොන් වාහෙට...."

" අපෝ ඔන්න ඉතින්....මගට බැස්ස තැන ඉඳන් කච කචේ.......හරි හරි අනේ.......මට ඒක ඒතරම් ගානක් උනේ නෑ....."

" තමුසෙගෙ හැමදේම මං බලලා කරන නිසා හොඳයි......නැත්තම් බලන්න තිබ්බා මෙතන.........හච්චුස් ගගා.......නහයෙන් ලේ එනකම් කිවිසුම් යන්න ගත්තම...."

" අයියෝ........සොරි අප්පා....."

" ම්.........අම්මා මොකෝ.....අවුලක් නෑනේ......."

"නෑ......ඔපිස් එකේ ට්‍රිප් එකක් කියලනේ කිව්වේ............"

" අම්මා දන්නවනම් කොල්ලා නාකි ලොක්කෙක්ගෙ කරේ එල්ලිලා කියලා,"

" ඔයා යන්න යන දිහාවක.....මං යනවා ගෙදර..."

" චූටි මහත්තයාට වචනයක් එහෙ මෙහෙ වෙන්න බැහැ....හුරතල් කරනවා වැඩී මං තමුසෙව...ඒක තමා මේ සේරටම මුල..!"

" හරි හුරතලේ.......මාව ඔඩොක්කුවේ තියන් නලවනවානේ මෙතන"

" ඇයි තමුසෙ නැලෙව්වෙ නැද්ද කියනවකෝ මං පෙරේදා රෑත්.....තමුසෙ මගෙ ඔඩොක්කු..."

" ඇති ඇති ඇති.......බොරු පුරාජේරුවනම් තියනවා........යමුද..මෙතනම වෙලාව යනවා......"

.
.
.
.
.
.
.
"බබා.......!"

" චූටි මහත්තයා !"

" ම්..."

හිතාදර / HithadaraWhere stories live. Discover now