" අලුත් ලොක්කා හෙන හැන්ඩියා නේද ඕයි....!"
" එහෙම විශේෂ ලස්සනක් කියලා එකක් නෑ ඉතින්....."
" අනේ නටපන්.මහා කලු සිංහලයා වගේ....බලපන්කෝ උස මහත"
" කෙල පෙරන්න එපා යකෝ..ඒ පිරිමියෙක්....."
මෙහෙමයි...මට මේ දේ උනාට මං කීයටවත් මගෙ යාලුවට මට අත් උන ඉරණමට මුහුන දෙන්න දෙන්නෙ නෑ......මං සමීරයාට දැන්ම මෙව්වා කියලා හදාගන්නෙ ඒකයි....නැත්තම් උටත් සිද්ද වෙන්නෙ මං වගේ ලොක්කෙක්ට *ක දෙන්න තමයි......හා නැද්ද.......සුද්ධ සිංහලෙන් කිව්වොත් ඒකනේ වෙන්නෙ........ආදරේ හරි මොන ලබ්බ හරි මං එපෑ ඒ යකඩ ඇඟට තැලෙන්න......
අද ආවා අලුත් ලොක්කා.....හෙන කෑල්ල හොඳේ....ඊයේ එනවා එනවා කිව්වට මං හිතන්නේ ඌ ආවේ එලියට.මං දැක්කා අපේ නාකියා තුනහමාරට වගේ ආයිත් එලියට යනවා....මාව දැක්කෙත් නෑ.....ෆෝන් එකෙන් හෙන මලක් කඩ කඩ ගියා එලියට...ශුවර් යන්න ඇත්තෙ ඒ ලොක්කව හම්බෙන්න තමා....
" මං මේ නිකම් යකෝ ලස්සනයි කිව්වෙ ඉතින්....කෙල පෙරන්න ඌ ගෑණියෙක් යැ...චි..."
" පාරමී අන්න ලෝක්කා කතා කරනවා උබට..."
" මොන ලොක්කද නුවන් බොස්!"
" අයිසෙ මනිත් ලොක්කා බං.....උබලත්"
" ඉතින් දැන් ලොක්කො දෙන්නෙක් ඉන්නවනේ.....ඒකයි මං මේ ඇහුවේ.......ඉන්නකෝ මං ගිහින් බලන්නම්....."
මොකටද දන්නෙ නෑ නාකියා උදේම කතා කරන්නෙ....අද උදේම මං ගුඩ් මෝනින් කිව්වනේ....
" සර්!"
" මෙහෙ එනවා......කට්ටියටම කියනවා දහය වෙද්දි කම්ෆරන්ස් රූම් එකට එන්න කියලා..."
"හරි සර්."
" ඉන්නවා ඔහොම....තමුසෙට අද පුදුම කඩිගායක්නේ තියෙන්නෙ..එක විනාඩියක් එක තැන ඉන්න බෑ........."
" මොකක්...."
" නටන්න හදන්න එපා පාරමී හොඳේ........මං බලන් ඉන්නෙ"
"මොකක්ද ඒ පාර කියන්නෙ....."
"නෑ මුකුත් නෑ..."
" නෑ නෑ කියන්න කියන්න.මොකක්ද කියන්නෙ දැන්.මට නටන්න එපා කිව්වේ....මං කොයි වෙලේද දැන් නැටුවේ...."
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
