මිතුරනි මං කිව්වා නේද.....මං කිව්වා නේද........ඔයාලට මතකනේ......මං කිව්වා....මූ මා එක්ක රණ්ඩු වෙන අන්තිම දවස අද නෙමේ කියලා......ඕන් පටන් අරන් අදත්....අද මාතෘකාව මං උදේම එයාගෙ කැබින් එකට ඇවිත් ගුඩ් මෝනින් නොකියපු එක.මටනම් තේරෙන්නෙ නෑ අම්මපා මේ මනුස්සයා එක්ක කොහොම,ඉහගහන් ඉන්නද කියලා......රෙද්දක් මහ.අම්මපා මට දැන් රස්සාවත් තිත්ත වේගෙන යන්නෙ.ආදරෙයි කියලා මෙහෙමත් චාටර් කන්න පුලුවන්ද හැමදාම.
" අහගෙනද තමුසෙ ඉන්නෙ මං කියන එක"
" ඔව් ඔව් සර් කියන්න"
" තමුසෙ මං කියන එක අහන් නෙමේ හිටියෙ"
"නෑ නෑ අනේ.....අහන් හිටියෙ"
" එහෙනම් මං කිව්වෙ මොකක්ද කියනවා"
" කිව්වේ.....ඇයි "
" අර අර...තමුසෙ අහන් නෙමේ හිටියෙ"
" සර් කිව්වේ අර සම්පත් කියලා ලොක්කෙක් අද එනව කියලනෙ"
" නෑ නෑ අයිසෙ මං දැන් කිව්වේ ඒක නෙමේ....තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ....මං කියන එක ඇහෙන්නෙත් නෑ.....තමුසෙ මොනද ඒ කල්පනා කර කර හිටියෙ...තමුසෙට මං කතා කරන අස්සෙ මොනවා ගැනද ඔයතරම් කල්පනා කරන්න තියෙන්නෙ!"
" අයියෝ........පොඩි එකෙක් වගේ අප්පා!!!"
" ම්..මො..මොකක්ද කිව්වේ........."
" මුකුත් නෑ මුකුත් නෑ......හරි සොරි.මං මේ දවල්ට කන්නෙ මොනවද කියලා කල්පනා කලා....දැන් සර් කියන්නකො මොකක්ද සර් කිව්වේ කලින් කියලා...."
"මට බෑ...තමුසෙට උනත් එක දෙයක් මං එකපාරයි කියන්නෙ..නැත්තම් ඔව්වා පුරුද්දට යනවා"
" හා.මොනවා කරන්නද එහෙනම් ඉතින්.මං යන්නම් සර්"
" දවල් හරියටම දොලහාමාර වෙද්දි කා පාර්ක් එකට ඇවිත් ඉන්නවා"
" ඇයි සර්"
" කන්න යන්න"
" ඕන නෑ සර්.මං කැන්ට්.."
" අයිසෙ කියපු දේ කරන්න පුරුදු වෙනවා මාව යකා අවුස්සගන්නැතුව "
", හා සර්.මං යන්නම්."
"හ්ම්..යනගමන් අද තියන චෙක් ටික සයින් කරන්න අරන් එන්න කියනවා අරකිට....."
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
