24.දෙන්නම ට්‍රැක්

2.3K 311 76
                                        

මගේ බය කේන්තියකට හැරෙන්න මහාලොකු වෙලාවක් ගියේ නෑ.....ඇයි යකෝ...මූ මොන කෙහෙල්මලක්ද මේ කියවන්නෙ.......පිස්ටල්....ඕක පෙන්නලා මාව බ්ලැක්මේල් කරන්නද හදන්නෙ......තෝ දන්නෙ නෑ ඉතින් මං ගැන

"දැන් ඕක පෙන්නුවම මං බය වෙන්න ඕනද......"

" බය කරන්න නෙමේ පෙන්නුවේ......උබට මං තව ඔප්ශන් එකක් තියනවා කියලයි පෙන්නුවේ......"

" ඔප්ශන්?"

ඔව්........!....එක්කො උබට මං එක්ක ඉන්න පුලුවන් නැත්තම් උබට මාව මරන්න පුලුවන්...උබට තියෙන්නෙ ඔය ඔප්ශන් දෙක විතරයි.....අන්න ඒක හොඳට මතක තියාගනින්."

" හහ්......මේක සර්ටම ගිය රට"

" පන්ඩිත කතන්දර කියලා උබට මගෙන් බේරෙන්න බැහැ පාරමී......ආදරේ පලියට කියන ගොන් කතා පන්ඩිත කතා ඔක්කොම අහන් ඉන්න මං පොන්නයෙක් නෙමේ.......ඒක දැනගෙන උබ වැඩ කරපන්.....කෑවද....."

" ඔව් කෑවා.සර්ට ඕන ටික සර් දැන් කිව්වානෙ.....එහෙනම් යන්න දැන්....."

" බැහැ.....මට ලෝභයි උබව දාලා යන්න....තව ටිකක් මෙහෙම ඉමු."

" ..............."

"එකපාරක් මනිත් කියන්න"

" මට බෑ"

" හරි දැන් තමුසෙගෙන් සමාව ඉල්ලන්න මං මොකක්ද කරන්න ඕන......"

" මුකුත් නෑ......"

" නෑ නෑ ඕයි කියනවා....දවස් ගනන් රණ්ඩු ඇද ඇද ඉන්න උබයි මමයි පොඩි උන් නෙමෙයිනෙ.......කියනවා..."

" මං තරහ නෑ......."

" බොරු.....තරහෙන් ඉන්නෙ උබ.....පේන්නැද්ද අටපට්ටම වගේ මූන හදාගෙන.....යාලු වෙනවකො පාරමී.......මට මෙහෙම වද දෙන්නෙපා ඕයි......."

" යාලු වෙන්න මං තරහ නෑ ඉතින්.......මේ මගේ මූනෙ හැටි.....අද වෙන්නැති හරියට දැක්කෙ..."

"මොන පිස්සුද......මං කොයිතරම්නම් ඔය මූන දිහා බලන් ඉන්නවද "

" ඒ මොකටද......"

" නෑ මං සෑහෙන වෙලා ඔය මූන දිහා බලන් කල්පනා කරනවා මං මෙච්චර පිස්සු හැදිලා ඉන්නෙ තමුසෙගෙ මොනවටද කියල........"

" අනේ මේ.........මගුල...........තමුසෙ ඉන්නවනම් ඉන්නවා යනවනම් යනවා........මං යනවා යන්න....."

හිතාදර / HithadaraWhere stories live. Discover now