ඒ ඇස්.......
මදටියා ඇට වගේ රතුම රතු ඇස්.....නහය.....ජම්බු ගෙඩියක් වගේ රතුම රතු වෙලා.........කිරි සුදු නිසා පේනවත් වැඩී.........මූ මොකෝ මේ......අඬලවත්ද......අඬන්න මොකක්ද උනේ............අඬන්න දෙයක් උනාද දැන්......ඒ මදිවට මේ මහ රෑ මගේ ගෙදර ආවාම අම්මා මොකද හිතන්නෙ.....මූ මාව විනාස කරන්න ආපු පර සතුරෙක්.....
"අනේ බලන්නකෝ ලොකූ...මහත්තයාට හොඳටම අසනීපයිනෙ...මේ ලඟට ආවලූ බෙහෙත් ගන්න.එහෙම්මම මෙහෙටත් යමින් ගමන ගොඩ වෙලා....."
" මොකක්ද අසනීපෙ!"
" ලොකූ!!"
" නෑ මං නිකම් ඇහුවෙ...නොදන්න කමට...."
" පොඩ්ඩක් පපුව රිදෙන්න වගේ ඇල්ලුවා පාරමී.....මේ ලඟ මං දන්න හොඳ ස්පෙශලිස්ට් කෙනෙක් ඉන්නවා......නිකම් චෙක් කරන් යන්න ආවා.."
" චෙක් කරගත්තද..."
" මොකද උබ ඔය කතා කරන හැටි.....ගහන්න වගේ......."
අම්මා උන්නෙ මාව මරන් කන්න වගේ......බැනගන්න බැරුව ලොක්කා ඉස්සරහ.....මගෙ කනට කරල ඇහෙන්න නෑහෙන්න වගේ මට දෙස් තියන්න ගත්තා....
" කමක් නෑ ආන්ටි........පාරමී.............ඔහොම්මම පොඩ්ඩක් මේ ලඟට යමුද.......වෙන වැඩක් නැත්තම්......"
" නෑ මට ලොකු වැඩ වගයක් තියනවා කරන්න....සර් දැන් ගෙදර යන්න."
"උබට මොන යකෙක් වැහිලද මේ.....මේ උබේ ඔෆිස් එකේ බොස්.ගරු සරු කරලා කතා කරපන්.!!"
මූන කොරහක් වගෙ කරන් ලොක්කා මං දිහා බලන් ඉන්නෙ.....ඒ නිසාමද මන්දා අම්මාටත් අසූ හාරදාහට නැගලා උන්නෙ....
" කමක් නෑ කමක් නෑ පාරමී එහෙනම්........මං ගිහින් එන්නම්."
" යමු.."
" නෑ කමක් නෑ ඔයා ඔයාගෙ වැඩක් කරගන්න."
"නෑ යමු..."
"නෑ කම්...
" නෑ නෑ මහත්තයා මෙයාට මොන වැඩද දැන්.....ගිහින් වරෙන් බොස් එක්ක......උබව මං හම ගහනවා මෙතන ජරා තාලෙට හැදෙනවා කිසි ගරු සරුවක් නැතිව ලොකු මිනිස්සුන්ට...!"
" යමු ඉතින්.."
" මං ඉක්මනින් ඇරලවන්නම් පාරමීව....!"
YOU ARE READING
හිතාදර / Hithadara
Non-Fictionහිතාදර මනිත්, ඔයා දන්නවද....ජීවිතේම දුක් විඳපු මනුස්සයෙක්ට සතුට එන්නේ හරි හෙමීට.........ඉතින් මං හැමදාම හිතුවේ කමක් නෑ හිමීට හරි පුංචිම පුංචි සතුටක් හරි එනවනේ කියලා........ඒත්........ඒ විශ්වාසෙත් හැම තප්පරේම හිතින් ඈතට ඈතට යනවා.......මොකද කරන්නේ මං...
